මාරි කියන්නේ රාජකීය විස්කෝත්තක්...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රුසියාවේ 2 වන ඇලෙක්සැන්ඩර් සාර් තුමාගෙ දියනිය වු මාරියා අලෙක්ස්සන්ඩ්‍රොව්නා කුමරිය සහ එංගලන්තයේ රැජින වු වික්ටෝරියා රැජිනගේ දෙවන පුත් ඇල්ෆ්‍රඩ් කුමරු සමග ඇතිවු සරණ බන්ධනය නිසා, බලවත් රටවල් දෙකක් එකට එකතුවුණා. එය සැමරීම සදහා ඉතා විශාල අලංකාර විවාහ මංගල්‍යයක් සංවිධානය කරනු ලැබුවා.. මෙම මංගල්‍යය උත්සවය තිබු විවිධාකාර දේ අතර තවත් එක් අපුරැ දෙයක් සිදුවුණා. ඒ තමා මෙම මාරියා අලෙක්ස්සන්ඩ්‍රොව්නා ආදිපාදවරිය ගේ නමින් නිල විස්කෝතු වර්ගයක් නිකුත් කිරීම. එදා මාරියා විස්කෝතු නමින් බිහිවුයේ අද අප කවුරැත් රසකර කන මාරි විස්කෝතුයි.
    එසේම එම විස්කෝතු රාජකීය ආහාරයක් ලෙස නිකුත් වුවත් හැමදෙනාටම රසවිඳීීීීමට හැකි වන ලෙස සරල අමුද්‍රව්‍යයන් සහ අඩු මිලකට මිලදී ගත හැකි ලෙස නිකුත් කරන ලෙස වික්ටෝරියා රැජින කියා සිටියා...
    ඉන්පසු යුරෝපය තුළත් මෙම මාරියා විස්කෝතු ප්‍රසිද්ධ වුණේ එහි තිබු ප්‍රනීත රසයටයි..එසේම එය තේ සමග හොදින් ගැලපුනා. මාරි විස්කෝතු අප අතරට ආවේ එලෙසයි.

    (උපුටා ගැනීමකි)
    ලිපියේ හිමිකරුට ස්තූතියි
     
    • Like
    Reactions: DemonAkalanka

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    AWQKwCW.png