මාරු කාසි@##$$^%$^

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    10-05-2011.gif

    මෙරට පොදු ප්‍රවාහන සේවයේදී පෞද්ගලික බස් රථ ඉටු කරන්නේ, මහඟු සේවයකි.

    ඇති හැකි පිරිස් සිය ගමන් බිමන් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පෞද්ගලික රථවාහන යොදා ගනිද්දී එසේ හැකියාවක් නොමැති පිරිසට
    කිසිදු භේදයකින් තොරව සිය ප්‍රවාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙරට ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවයෙන් ලැබෙන සහය අනගි ය.

    එහිදී පෞද්ගලික බස් සේවය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු දැක ගත හැකි ය.

    මෙහිදී විශේෂයෙන් ම පෞද්ගලික බස් රථවලට ගොඩවන මගීන් සහ බස් සහයක (කොන්දොස්තර) මහත්වරුන් අතර ඇති වන බහින්බස් වීම් නිරන්තරව අසන්නට දකින්නට ලැබේ.

    බොහෝ දුරට මෙලෙස බහින් බස්වීම් ඇති වන්නේ පහත සඳහන් අවස්ථාවන්හිදී ය.

    මගියාට ඉතිරි සල්ලි ලබා නොදීම.

    ටිකට්පත ලබා දීම සඳහා මගියාගෙන් මාරු කාසි ඉල්ලා සිටීම.

    මගියාට ටිකට් පතක් ලබා නොදීම.

    ටිකට් පත ලබා දෙන අවස්ථාවේ ම ඉතිරි සල්ලි ලබා නොදී බහිද්දි ඉල්ල ගන්න / පස්සෙ දෙන්නම් වැනි ප්‍රකාශ කිරීම.

    බස් මගියා පීඩාවට පත් වන මෙවැනි කරුණු සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය කුමක් ද? මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපති අමිල රන්මණ්ඩල මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

    එහිදී සභාපතිවරයා පැවසුවේ, බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ නිරත සෑම පෞද්ගලික බස් රථයක් ම උදෑසන සිය ගමන් වාරය ආරම්භ කිරීමට පෙර කොන්දොස්තර මහතා සන්තකයේ මාරු කාසි රුපියල් 800ක් තිබිය යුතු බව ය.

    පවතින නීතිමය තත්ත්වය එය වූවත් රු. 8 ගමන් ගාස්තුව ඉතා සීරුවෙන් රු.10 ගමන් ගාස්තුවක් කර මගියාගේ ඉතිරි රු. 2 තමාගේ සාක්කුවට දමා ගන්න කොන්දොස්තර මහත්වරුන් බොහෝ විට දක්නට ලැබේ.

    එහෙත් රු. 12 ගමන් ගාස්තුව රු. 10 කිරීමට එවැනි කොන්දොස්තර මහත්වරු කිසිවිටෙකත් ක්‍රියා නොකරති.

    ඉතිරි සල්ලි ලබා නොදීමට තමා ළඟ මාරු කාසි නැති බව පවසන ඇතැම් කොන්දොස්තර මහත්වරු යළි බස් රථයෙන් බැස නිවෙසට ගොස් රු. 2 ගෙනවිත් දෙන තරමට ම මගියා පීඩාවට පත් කරන අවස්ථා දක්නට ලැබේ.

    කොන්දොස්තර මහතා ළඟ රු. 800ක මාරු කාසි තිබිය යුතු නම් මගියාට ඉතිරි සල්ලි ලබා නොදීම, ටිකට් පත සඳහා මාරු කාසි ඉල්ලමින් මගියා පීඩාවට පත් කිරීම වැනි දේ කිසිසේත් සිදු විය නොහැකි ය.

    මේ අතර කිසියම් පුද්ගලයෙකුට බස් රථයකට ගොඩ නැගුණු විට තමන් එම බස් රථයේ මගියෙකු බව ඔප්පු කිරීමට එකම සාක්ෂිය කොන්දොස්තර මහතා විසින් නිකුත් කරනු ලබන ටිකට් පතයි.

    මෙරට ප්‍රවාහන සේවයට අදාළ නීති රීති අනුව බස් රථයක් තුළ ටිකට් පතක් නොමැතිව ගමන් කිරීම මගියා මෙන් ම කොන්දොස්තර මහතාට ද දඬුවම් ලැබිය හැකි වරදකි.

    එවැනි අවස්ථාවකදී මගියා අදාළ ගමන් ගාස්තුව මෙන් දෙගුණයකට ද ඊට අමතරව රු. 250ක දඩයකට ද යටතේ වනු ඇති.

    ඒ අනුව බස් රථයෙන් තමාට ටිකට් පතක් ලබා නොදෙන්නේ නම්, එය ඉල්ලා සිටීමේ අයිතිය මගියාට තිබේ.

    ඉතිරි සල්ලි පස්සෙ ඉල්ල ගන්න, බහින කොට ඉතිරි සල්ලි දෙන්නම් මෙවැනි ප්‍රකාශ ද බස් කොන්දොස්තර මහත්වරුන්ගේ මුවින් නිතර
    දෙවේලේ පිට වනු අසන්නට ලැබේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ, මගියා ඉදිරියේ එවැනි ප්‍රකාශ කිරීමට
    කොන්දොස්තර මහතාට කිසිදු හැකියාවක් නොමැති බව ය.

    එමෙන් ම යම් හෙයකින් එම අවස්ථාවේ ඉතිරි සල්ලි ලබා දීමේ හැකියාවක් නොමැති නම් මගියාට ලබා දෙන ටිකට් පතේ පිටුපස මගියාට ලැබිය යුතු ඉතිරි මුදල සටන් කර තිබිය යුතු බව ද ඔහු පැවසී ය.

    කොන්දොස්තර මහතා ළඟ රු. 800ක මාරු කාසි තිබේ නම්, ඔහුට එවැනි ප්‍රකාශ කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත. එසේ නම් මෙවැනි ප්‍රකාශ මගියා මුලා කිරීමේ අටියෙන් සිදු කරන ඒවා මිස අන් කිසිවක් නොවනු ඇති.

    එමෙන් ම මගියා සහ කොන්දොස්තර මහතා අතර ඇති වන බහින්බස් වීම්වල කෙළවර වන්නේ,

    සල්ලි දෙන්නම්, බැහැල වෙන බස් එකක යන්න
    ,
    මෙයා මෙතනින් දාලා යන්න..

    . වැනි කොන්දොස්තර මහතාගේ ප්‍රකාශයන් ය.
    මේ සම්බන්ධයෙන් ද අමිල රන්මණ්ඩල මහතා අදහස් පළ කළේ ය.

    ඔහු පැවසුවේ, බස් රථයක් තුළදී මගියාට ටිකට් පත නිකුත් කිරීමෙන් පසු කිසිදු හේතුවක් මත ඔහු අතර මග දමා යාමට කොන්දොස්තර මහතාට හෝ රියැදුරුවරයාට අයිතියක් නොමැති බව ය.

    එවැනි අවස්ථාවකදී මගියාට නීතියේ පිහිට පැතිය හැකි බව ත් එවැනි කොන්දොස්තරවරුන්ට සහ රියැදුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර
    ගැනීමේ හැකියාව පවතින බව ත් ඔහු අවධාරණය කළේ ය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ, බස් රථයට ගොඩ වන මගියා අදාළ ගමනාන්තය දක්වා සුරක්ෂිතව ගෙන යෑම බස් රියැදුරුගේ වගකීමක් වන බව ය.

    මේ ආකාරයට බස් රථයක් තුළදී මගීන්ට සිදු වන අපහසුතා සම්බන්ධයෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන් ද අපි විමසුවෙමු.

    කිසියම් මගියෙකුට බස් රථයක් තුළදී අසාධාරණයක් සිදු වන්නේ නම් වහා ම ඒ සම්බන්ධ පැමිණිලි 0115559595 අංකයට යොමු කළ හැකි බව සභාපතිවරයා පැවසී ය.

    මෙහිදී මගියා අදාළ බස් රථයේ අංකය මෙන් ම මාර්ග අංකය දැන සිටීම ද වැදගත් වේ.

    ඊට අමතරව බස් පැමිණිලි යොමු කිරීම සඳහා ළඟදී ම කෙටි පණිවුඩ සේවයක් හඳුන්වා දෙන බව ද ඔහු පැවසී ය.

    මේ අතර බස් රථය තුළදී මගියාට සිදු වන පීඩාවන් හමුවේ, ඔවුන් විකල්ප මගී ප්‍රවාහන සේවා වෙත යොමු වීම තුළ සිදු වන්නේ, පෞද්ගලික බස් කර්මාන්තය බංකොලොත් වීම ය.

    කොන්දොස්ර, රියැදුරු තමන් මෙන් ම තම පවුල් ද සිය ජීවිකාව රැක ගන්නේ, මගීන්ගේ අය කර ගන්නා මුදලින් බව මොහොතකට සිත්න්නේ නම්, මගියා සමග සුහදශීලීව සිය ගනුදෙනුව ඉටු කර ගත යුතු නොවේ ද?
     
    • Like
    Reactions: Utumesh

    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    ticket denne neti ekanam aulak na. eth ithuru salli denne nehe bn. mun 12 ticket ekata 20k dunnama 8 denne ne. ude hawasa dekema.. maseta baluwama sahena gaanak paadui.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙත් රු. 12 ගමන් ගාස්තුව රු. 10 කිරීමට එවැනි කොන්දොස්තර මහත්වරු කිසිවිටෙකත් ක්‍රියා නොකරති.

    මේ කතාව එක්කනම් එකග වෙන්න බෑ මචන්
    මට ඕන තරම් රුපියලක් දෙකක් වැඩියෙන් ඉතුරු හම්බවෙලා තියෙනවා