මාර බන්ධනය ඉතා සියුම්

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මාර බන්ධනය ඉතා සියුම්

    [FONT=&quot]මාර බන්ධනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉතා සියුම්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මහනුවර කොටුගොඩැල්ල[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]රජ මහා විහාරාධිකාරී[/FONT][FONT=&quot],
    [/FONT][FONT=&quot]මාතලේ ශ්‍රී ගුණරතන පිරිවෙන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නියෝජ්‍ය පරිවේණාධිපති[/FONT][FONT=&quot],
    [/FONT][FONT=&quot]ශාස්ත්‍රවේදී පණ්ඩිත[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කෝන්වැවේ සුනන්ද හිමි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නමෝ තස්ස භගවතෝ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අරහතෝ සම්මා සම්බුද්ධස්ස[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]එවමෙව ඛො භික්ඛවේ තුම්හෙපි මාරො[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පාපිමා සතතං සමිතං පච්චුපට්ඨිතො[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අප්පෙවනාමාහං ඉමෙසං චක්ඛුතො වා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඔතාරං ලභෙය්‍යං[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සොතතොවා පෙ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඝානතොවා - පෙ [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ජිව්හාතොවා - පෙ -[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කායතොවා - පෙ [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]මනතොවා - ඔතාරං[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලභෙය්‍යන්ති[/FONT][FONT=&quot]”
    ([/FONT][FONT=&quot]සංයුත්ත නිකායේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආසිවිසවග්ගයේ කුම්මෝප සූත්‍රය)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පින්වත් ආරිය ශ්‍රාවකයිනි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. සතරවරම්[/FONT] [FONT=&quot]දෙවිවරුන්ගේ පාලකයා වන්නේ ශක්‍ර දෙවියා. නමුත් ශක්‍ර දෙවියත් පාලනය[/FONT] [FONT=&quot]වන්නේ මාරයා යටතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ලෝකයේ[/FONT] [FONT=&quot]අධිපතිභාවය අතරින් මාරයා අග්‍ර වෙනවා කියලා. පුද්ගලයා කෙලෙස්වලින්[/FONT] [FONT=&quot]මිඳෙනවට මාරයා කොහෙත්ම කැමැති නෑ. ඊට හේතුව මාරයාට තැනක් නැතිවන නිසා.[/FONT]
    [FONT=&quot]කෙලෙස්වලින් සිත පිරී තිබෙන තරමට මාරයාගේ බැම්මට හසු වෙනවා පින්වතුනි.[/FONT] [FONT=&quot]මෙයට කදිම නිදසුනක් වන්නේ සුර අසුර යුද්ධයයි. සුර දිව්‍ය කණ්ඩායමේ[/FONT] [FONT=&quot]නායකයා ශක්‍ර දෙවියා. අසුර කණ්ඩායමේ නායකයා වේපචිත්ති. අසුර නායකයා[/FONT] [FONT=&quot]කියනවා සුර යුද්ධයේදී සුරයන් පැරදුණොත් එහි නායකයා වන ශක්‍රයාගේ[/FONT] [FONT=&quot]බෙල්ලයි අත් දෙකයි[/FONT], [FONT=&quot]පාද දෙකයි බැඳලා අසුර පුරයට ගේන්න කියලා. සුර[/FONT] [FONT=&quot]නායකයා වන ශක්‍ර දේවේන්ද්‍රයන් කියනවා සුරයන්ට අසුරයන් පැරදුණොත්[/FONT] [FONT=&quot]වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳලා සුධර්මා දිව්‍ය සභාවට[/FONT] [FONT=&quot]ගේන්න කියලා. අන්තිමේදී අසුරයන් පැරදී වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි[/FONT] [FONT=&quot]කකුල් දෙකයි බැඳගෙන දේව සභාවට ගෙනාවා. මෙහිදී බැන්දේ ලණුවලින් හෝ[/FONT] [FONT=&quot]දම්වැල්වලින් නොවේ. සිතිවිලි රැහැනකින්ය. වේපචිත්ති අසුරයා විසින්[/FONT] [FONT=&quot]සුරයන් හරිම ධාර්මිකයි. අසුරයන් අධාර්මිකයි කියලා හිතන කොට බැඳීම්වලින්[/FONT] [FONT=&quot]නිදහස් වෙනවා. හැබැයි අසුරයන් ධාර්මිකයි සුරයන් අධාර්මිකයි කියලා[/FONT] [FONT=&quot]හිතනකොට බැඳීම් තව තවත් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා[/FONT] [FONT=&quot]අසුර බන්ධනය මේ තරම් සියුම් දෙයක්. ඊට වැඩිය මාර බන්ධනය සියුම් කියලා.[/FONT] [FONT=&quot]මාර බැම්මට හසුවන්නේ [/FONT]‘[FONT=&quot]මම[/FONT]’ [FONT=&quot]යන හැඟීමෙනි. මාරයා බුදුරජාණන් වහන්සේට හා[/FONT] [FONT=&quot]බුදු සව්වන්ට නිතරම කරදර කරන්නමයි බලන්නේ. ම.නි. මාරතඡජනීය සූත්‍රයේ[/FONT] [FONT=&quot]සඳහන් වෙනවා.[/FONT]
    [FONT=&quot]මුගලන් මහරහතන් වහන්සේ සක්මනේ යෙදී සිටියදී කුස තෙරපන්න පටන්ගන්නවා.[/FONT] [FONT=&quot]ධාන්‍ය පිරූ මල්ලක් වගේ විශාල වෙනවා. විශාල වේදනාවක් ඇති වෙනවා. මීට[/FONT] [FONT=&quot]හේතුව කුමක්දැයි දිවැසින් බලන විට වසවත්තී මාරයා කුස තුළ සැඟවී[/FONT] [FONT=&quot]සිටිනවා. පසුව මුගලන් රහතන් වහන්සේ තම කටහඬ අවදි කරනවා. [/FONT]‘[FONT=&quot]එම්බා මාරය[/FONT], [FONT=&quot]නුඹ සිටිනා තැන මට හොඳින් පේනවා[/FONT]’ [FONT=&quot]යනුවෙන් කියනවාත් සමග පවිටු මාරයා කුස[/FONT] [FONT=&quot]තුළින් නික්මී ආවාස කුටියේ දොර කවුළුවේ සැඟවී සිටියා. මුගලන්[/FONT] [FONT=&quot]හාමුදුරුවෝ උඹ දන්නවාද මමත් මේ භද්‍ර කල්පයේ පහළ වූ ප්‍රථම බුදුරජාණන්[/FONT] [FONT=&quot]වහන්සේ වන [/FONT]‘[FONT=&quot]කකුසඳ[/FONT]’ [FONT=&quot]බුදුරජාණන් වහන්සේගේ කාලයේ [/FONT]‘[FONT=&quot]දුසී[/FONT]’ [FONT=&quot]මාරයා වෙලා[/FONT] [FONT=&quot]හිටියා. ඒ කාලේ මාත් බුදුරජාණන් වහන්සේට හා බුදු සව්වන්ට නිතරම හිරිහැර[/FONT] [FONT=&quot]කළා. කොහොමද කළේ. සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින[/FONT] [FONT=&quot]කොට භාවනා කරන කොට බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වී පහත් වචනයෙන් බැන[/FONT] [FONT=&quot]වැදුණා. එවිට කකුසඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෛත්‍රීය කරුණාව[/FONT] [FONT=&quot]ප්‍රගුණ කරන ලෙසටයි. එතැනදීත් මට භික්‍ෂූන්ගේ දෝෂයක් සොයා ගන්න බැරි[/FONT] [FONT=&quot]වුණා. පසුව බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වන්නේ වෙනස් ස්වරූපයෙනි. එනම්[/FONT] [FONT=&quot]ලාභ සත්කාර කිරීමට පොළඹවීමෙනි. නමුත් බුදුරජාණන් වහන්සේ එවිට දේශනා[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT], ‘[FONT=&quot]මහණෙනි කයෙහි අශුභය නුවණින් වඩන්න. ආහාර පටික්කූ[/FONT]®[FONT=&quot]ල සංඥාව[/FONT] [FONT=&quot]මෙනෙහි කරන්න. සියලු ලෝකයෙහි නොඇලීමෙන්ද සියලු සංස්කාරවල අනිත්‍යතාවය[/FONT] [FONT=&quot]මෙනෙහි කරමින්ද වාසය කරන්න යනුවෙනි. එමගින්ද [/FONT]‘[FONT=&quot]දුසී[/FONT]’ [FONT=&quot]මාරයාට කිසිදු ඉඩක්[/FONT] [FONT=&quot]නොලැබුණි.[/FONT]
    [FONT=&quot]එක් දවසක් [/FONT]‘[FONT=&quot]කකුසඳ[/FONT]’ [FONT=&quot]බුදුරජාණන් වහන්සේ [/FONT]‘[FONT=&quot]විධුර[/FONT]’, ‘[FONT=&quot]සංජීව[/FONT]‘ [FONT=&quot]යන අග්‍රශ්‍රාවක[/FONT] [FONT=&quot]දෙනම සමඟ පිණ්ඩපාතයේ වඩින කොට දුසී මාරයාට ඊර්ෂ්‍යාවක් හිතුණා. එතැන[/FONT] [FONT=&quot]සිටි කොලුවෙකුට ආවේශ වුණා. කොලුවා ගල් කැටයක් අරගෙන බුදුරජාණන් වහන්සේට[/FONT] [FONT=&quot]ගැහුවා. ඒ ගල වැදුණේ [/FONT]‘[FONT=&quot]විධුර[/FONT]’ [FONT=&quot]කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේටයි. ඔළුව[/FONT] [FONT=&quot]පැලී ලේ ගලන්නට වුණා. ඒ වෙලාවේ [/FONT]‘[FONT=&quot]කකුසඳ[/FONT]’ [FONT=&quot]බුදුරජාණන් වහන්සේ ඇතෙකු[/FONT] [FONT=&quot]සම්පූර්ණ ශරීරය හරවා බලනවා වගේ හැරී කියනවා. පාපී මාරය නුඹ මගේ තරම[/FONT] [FONT=&quot]නොදන්නේද[/FONT]?’ [FONT=&quot]කියලා. ඒ කියනවත් සමගම මාරයාගේ සෘද්ධි බලය නැති වී එවෙලේම[/FONT] [FONT=&quot]නිරයට ඇඳ වැටුණා. මේ අතීත කතාව විස්තර කර දී පවිටු මාරයා පලවා හැරියා.[/FONT] [FONT=&quot]එපමණක් නොව [/FONT]‘[FONT=&quot]වසවත්ති[/FONT]’ [FONT=&quot]මාරයා එවක [/FONT]‘[FONT=&quot]දුසී[/FONT]’ [FONT=&quot]මාරයාගේ කනිටු සොහොයුරිය වන[/FONT] ‘[FONT=&quot]කාළිගේ[/FONT]’ [FONT=&quot]පුතා වූ අතර [/FONT]‘[FONT=&quot]වසවත්තී දුසී[/FONT]’ [FONT=&quot]මාරයාගේ බෑණා වූ බවත් සඳහන් කළා.[/FONT]
    [FONT=&quot]බලන්න පින්වතුනි[/FONT], ‘[FONT=&quot]කකුසඳ[/FONT]’ [FONT=&quot]බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ [/FONT]‘[FONT=&quot]දුසී[/FONT]’ [FONT=&quot]මාරයා[/FONT] [FONT=&quot]වෙලා ඉපදිලා පව් කොට නිරයේ ඉපදිලා මේ භද්‍රකල්පයේම ගෞතම බුදුරජාණන්[/FONT] [FONT=&quot]වහන්සේගේ ශාසනයේ අග්‍රශ්‍රාවකයෙකු වෙලා ඉපදිලා පින්වත්නි[/FONT], [FONT=&quot]කර්ම බලවේග ඒ[/FONT] [FONT=&quot]තරමට සියුම් දෙයක්. මාරයාට නොයෙක් වෙස් ගැනීමට පුළුවන්. භාවනා කරමින්[/FONT] [FONT=&quot]සිටි තරුණ භික්‍ෂූන් වහන්සේ පිරිසක් සමීපයට බමුණෙක් අවුත් කියන්නේ[/FONT], [FONT=&quot]තරුණ වයසේ සිටින අය කුමකටද භාවනා කරන්නේ කම් සැප විඳීම ඊට වැඩිය[/FONT] [FONT=&quot]හොඳයිනේ කියලා අවවාද දුන්නා. භික්‍ෂූන් වහන්සේ එය පිළිගත්තේ නැති නිසා[/FONT] [FONT=&quot]එම බමුණා දිව ඇඳකොට ඔච්චම් කර යන්න ගියා. ඒ අන්කිසිවෙකු නොව පාපී මාරයා[/FONT] [FONT=&quot]බව සම්බහුල සූත්‍රයේ සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ[/FONT] [FONT=&quot]ඉදිරියේ [/FONT]‘[FONT=&quot]මාරයා[/FONT]’ [FONT=&quot]ගොපල්ලෙකුගේ වේශයක් මවාගෙන පෙනී සිට සංවාදයක් ඇති[/FONT] [FONT=&quot]කරගත්තා. [/FONT]‘[FONT=&quot]මාරයා[/FONT]’ [FONT=&quot]කියන්නේ පංච ඉන්ද්‍රියන් මාරයා සතු වන බවය. ඒ විතරක්[/FONT] [FONT=&quot]නොව ආයතන හය හා සතු ලෝකයම මාගේ මාගේ ආත්මය ලෙස සලකනවා නම් ඒ සියල්ලමත්[/FONT] [FONT=&quot]තමා සතු වන බවයි. එවිට බුදුරජාණන් වහන්සේ විමසනවා. [/FONT]‘[FONT=&quot]මාරයා[/FONT]’ [FONT=&quot]යම් කිසි[/FONT] [FONT=&quot]කෙනෙකුට මමය[/FONT], [FONT=&quot]මාගේය. මාගේ ආත්මය කියලා හැඟීමක් නැත්නම් ඒ කෙනා ගැන මොකද[/FONT] [FONT=&quot]හිතන්නේ කියලා. එවිට මාරයා කියනවා ඒ කෙනා මගෙන් නිදහස් කියලා. ඉහතින්[/FONT] [FONT=&quot]මාතෘකා කළ සූත්‍ර පාඨයෙන්ද අදහස් වන්නේ ඇස[/FONT], [FONT=&quot]කණ[/FONT], [FONT=&quot]නාසය[/FONT], [FONT=&quot]දිව[/FONT], [FONT=&quot]ශරීරය[/FONT], [FONT=&quot]මනස[/FONT] [FONT=&quot]නොදියුණු පුද්ගලයා ඕනෑම වේලාවක පාපී මාරයාට ගොදුරු වන බවයි. මේ සඳහා[/FONT] [FONT=&quot]එහිම උපමා කතාවක් දක්වා ඇත.[/FONT]
    [FONT=&quot]නරියා ඉබ්බෙකු දැක කෑදරකමින් ඉබ්බා සමීපයට යනවා. කල්ගියාම ඉබ්බා නරියා[/FONT] [FONT=&quot]දැක ඔළුව හා පාද හතර යන පස් තැන කට්ට ඇතුළට දාගන්නවා. නරියා ඉබ්බා ළඟට[/FONT] [FONT=&quot]ඇවිත් ඌව අල්ලා ගැනීමට ආශාවෙන් ඉන්නවා. නමුත් තම ශරීරාංග කිසිවක් එළියට[/FONT] [FONT=&quot]දාන්නේ නෑ. නරියා තම බලාපොරොත්තුව අතහැර දමා යන්න යනවා. මෙතැනදී නරියා[/FONT] [FONT=&quot]මාරයා ලෙසටත්[/FONT], [FONT=&quot]ඉබ්බා ආර්ය ශ්‍රාවකයා ලෙසටත් දක්වනවා. බලන්න[/FONT] [FONT=&quot]පංචේන්ද්‍රියන් රැක ගන්න කෙනා මාරයාට හසුවන්නේ නැති ආකාරය කුමිමෝප[/FONT] [FONT=&quot]සූත්‍රයේ පැහැදිලි කරන අයුරු. මාරයා හත් අවුරුද්දක් බුදුරජාණන්[/FONT] [FONT=&quot]වහන්සේගේ දෝෂයක් හෙව්වා.[/FONT]
    [FONT=&quot]නමුත් සොයාගන්න බැරිවුණා. පසුව මාරයා දුකින් සිටින විට මාරයාගේ[/FONT] [FONT=&quot]දියණියන් තිදෙනා වන තණ්හා[/FONT], [FONT=&quot]අරති[/FONT], [FONT=&quot]රඟා පැමිණ විමසූ විට මාරයාට සිදුවූ[/FONT] [FONT=&quot]විස්තරය කියනවා. එය ඇසූ මාරදූවරු කියන්නේ[/FONT], [FONT=&quot]ගෞතම බුදුරජාණන් වහන්සේ වල්[/FONT] [FONT=&quot]අලියෙකු මෙන් අල්ලා ගෙන එන්න හැකි බවයි. මාර දූවරු රූමත් ලෙස සැරසී[/FONT] [FONT=&quot]බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. නමුත් ගණනකටවත් ගත්තේ නෑ. පසුව[/FONT] [FONT=&quot]ඔවුන් දරුවන් වැදූ ස්ත්‍රීන්ගේ වෙස් ගත්තා. තලතුනා ස්ත්‍රීන්ගේ වෙස්[/FONT] [FONT=&quot]ගත්තා. එහෙත් බුදුරජාණන් වහන්සේගේ සිත වෙනස් වුණේ නෑ. මාර දියණියන්[/FONT] [FONT=&quot]තිදෙනා පුදුමයට පත් වුණා. වෙන කෙනෙක් නම් රාගයෙන් මැලවිලා ගිහිල්ලා.[/FONT] [FONT=&quot]නමුත් එහෙම වුණේ නෑ. තණ්හා මාර දියණිය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ[/FONT] ‘[FONT=&quot]මොකද[/FONT]? [FONT=&quot]මේ කැලේට වෙලා හැංගිලා අපරාධයක්වත් කළාද යනුවෙනි.[/FONT]
    [FONT=&quot]ගෞතමයන් වහන්සේ උත්තර දෙන්නේ මා කිසිවෙකු සමග බැඳීමක් ඇති කරගන්නේ නෑ[/FONT] [FONT=&quot]යනුවෙනි. පසුව අරති මාර දියණිය විමසන්නේ[/FONT], [FONT=&quot]කිනම් ධ්‍යාන බලයකින්ද මෙවැනි[/FONT] [FONT=&quot]දස්කමක් කළේ ද යන්නයි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ[/FONT], [FONT=&quot]අවිතර්ක[/FONT] [FONT=&quot]සමාධිය වැඩූ නිසා කාම විතර්කයකින් නොපෙළී සිටීමට හැකි බවයි. රඟා මාර[/FONT] [FONT=&quot]දියණිය කියන්නේ මේ උත්තමයා ඇත්තටම තෘෂ්ණාව ප්‍රහාණය කළ කෙනෙකි. බොහෝ[/FONT] [FONT=&quot]දෙනෙකුට මරු පැරදවීමට උපකාරක කරන උතුමෙකි යනුවෙනි. පින්වතුනි තෘෂ්ණාව[/FONT] [FONT=&quot]ප්‍රහාණය කළ උතුමෙක් ඉදිරියේ මාරයා අසරණ වෙනවා. පරාජයට පත් වෙනවා.[/FONT] [FONT=&quot]තෘෂ්ණාව තැනි කරන්න යන ගමනේ මාරයාට බැඳෙන ක්‍රම [/FONT]10[FONT=&quot] ක් තිබෙන බවද අමතක[/FONT] [FONT=&quot]නොකළ යුත්තකි. එනම් [/FONT]1. [FONT=&quot]ක්ලේශ කාම [/FONT]2. [FONT=&quot]අරතිය (කුසල් කිරීමට කැමැති නෑ) [/FONT]3. [FONT=&quot]කුසගින්න හා පිපාසය [/FONT]4. [FONT=&quot]තෘෂ්ණාව[/FONT], 5. [FONT=&quot]නිදිමත හා අලසකම[/FONT], 6. [FONT=&quot]මනෝවිකාර[/FONT], 7. [FONT=&quot]තුනුරුවන් කෙරෙහි සැකය[/FONT], 8. [FONT=&quot]ගුණමකු බව හා සිතෙහි තද ගතිය[/FONT],9. [FONT=&quot]ලාභ සත්කාර[/FONT] [FONT=&quot]හා ප්‍රසිද්ධිය[/FONT], 10. [FONT=&quot]තමා උසස් කොට අන් අය පහත් කොට සැලකීම මෙම කරුණු[/FONT] [FONT=&quot]දහය පාපයට මුල් වෙනවා. සසරෙහි ගමන් කරනවා මාරයාට හසු වෙනවා. එබැවින්[/FONT] [FONT=&quot]සීල සමාධි ප්‍රඥා යන ත්‍රි ශික්‍ෂා වඩා නිවන කරාම ගමන් කළ යුතු ය. එවිට[/FONT] [FONT=&quot]වසවත්ති මාරයා පරාජයට පත් වෙනවා[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]බුදුසරණ පුවත්පත[/FONT]
     
    • Like
    Reactions: T h u s h