මාර වැඩක් උනා ඊයේ...!

Internet Explorer

Active member
  • Sep 22, 2013
    243
    50
    28
    මාර වැඩක් උනා ඊයේ...!

    අපේ ගෙවල් පැත්තට පාන්දර අඳුරු කරලා තිබුනේ වැහින්ඩ වගේ. 11 විතර පෝස්ට් මන් ඇවිල්ලා බෙල් ඒක ගහනවා ඇහුනා. මිනිහා කවදාවත් අතට ලියුම් දෙන්නේ නැහැ පරක්කු උන ටිකට ගේට්ටුවේ ගහලා යනවා. ඒක රන්ඩ එපා කියලා කීපසැරයක් කිව්වත් අහන්නේ නැහැ.‍ මම ඒන ටිකට ඊයෙත් ලියුම ගේට්ටුවේ ගහලා ගිහිල්ලා.
    මම පාරට වෙලා මිනිහා ආපහු ඒයිද කියලා බලාගෙන හිටියේ දෙකක් කතා කරන්ඩ. ඒතකොට අහිගුංටික මිනිහෙක් පාර දිගේ ඇවිල්ලා මම ගාවා නතරවෙලා හාල් ඉල්ලුවා. මිනිහා ගාවා ටිකක් විතර සැර අමුතු සුවදක් එන මොනවා හරි ගාගනෙ හිටියේ. තව මොනර පිහාටු එහෙම තිබුණ බැග් එකක් කරේ දාගෙන හිටියා.
    මම සාක්කුවෙන් අරන් රු50 දුන්නා. සල්ලි එපා හාල් විතරයි ගන්ඩ අවසර තියෙන්නේ කිව්වා.කොහෙද වන්දනා ගමනක් යනවා කිව්වේ.
    මම මිනිහගේ බෑග් ඒක ඇරන් ගෙදරට ගිහිල්ලා හාල් ටිකක් ඇරන් දුන්නා. මොනවද කියලා මට පිං දීලා මිනිහා ගියා. හැබැයි පස්සේ තමයි ලියුමට මොකද උනේ කියලා මතක් උනේ..
    ඇඳන් ඉන්න කලිසම් සාක්කු දෙකේම බැලුවා. බිම බැලුවා නැහැ. මිඳුල පුරාම බැලුවා නැහැ. මට මතකයි ගේට්ටුවේ තහඩුවනේ ඇදලා ගන්නවා. ලියුම සුදුපාට එකක්. ඒක අතේ තියාගනෙ තමයි මම අර අහිගුංටිකයට සල්ලි ‍දෙන්න හැදුවේ.
    ඌට ඒක ගන්න විදිහක් තිබුනේ නැහැ. කුස්සියේ හාල් දාලා තියනෙ බෑග් එකේ හැමතැනම බැලුවා ලියුම නැහැ. අපේ මිදුල ටිකක් ලොකුයි. ගේට්ටුව ගාවා ඉදන් දිගටම බැලුවත් ලියුමක් තියා කොළයක්වත් තිබුනේ නැහැ.

    11.45 වනෙකම් ලියුම හෙවුවත් කිසිම හෝඩුවාවක් නැහැ. පස්සේ එළියේ හාන්සි පුටුවේ ඉදගෙන කල්පනා කරනකොට මට තේරුණා අර හාල් දාන්ඩ දීපු උරයට ලියුමත් දාලා ඒකත් එක්කම අරුට දෙන්ඩ ඇති කියලා. මට දන්නෙම නැතුව නිද්ද ගියා.
    එක පාරට පොස්ට්මන් බෙල් එක ගහන සද්දෙට ආයෙත් මට ඇහැරුනේ. මම දුවලා ගේට්ටුව ගාවට ගියා. එතකොට මිනිහා හිනා වෙලා කිව්වා.
    ගිය සතියේ අම්මා බැන්නා ලියුම ගේට්ටුවේ ගහලා යනවා මෙන්න සර් අතටම කියලා ලියුමක් දුන්නා.
    මම ඇහුවා අද උදේ ආවා නේද ? කියලා මිනිහා හිනාවෙලා කිව්වා ඊයේ රෑ පාවිච්චි කරපුවා තවම වැඩ කරනවද මල්ලී කියලා. මට මොකවත් හිතා ගන්න බැරි උනා. මම ඌට කොච්චර කිව්වත් අද උදේ 11ට විතර අවිල්ලා ලියුම ගේට්ටුවේ ගහලා ගියානේද කියලා මිනිහා පිළිගන්නේ ම නැහැ.
    හැබැයි අර ලියුමේ තිබුණා කලින් අහිගුංටිකයා ඇගේ ගාගෙන ආපු සෙන්ට් සුවද.