මාර වැඩේ උනේ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,156
    8,153
    113
    M-Town
    සල්ලි ගන්න ATM එකට ගියාම යාළුවෙක් හම්බුණා.

    ජනාධිපතිතුමාට බනිනවා හොඳටම.

    මං - මචං වැඩිය සද්දෙට බනින්න එපා. රැප් එකක කුණුහර්ප වචන තිබුණා කියලා කොල්ලො ටිකක් ඇරෙස්ට් කරලා. උඹ කියපු ඔක්කොම කුණුහර්ප හින්දා උඹටනං ඇපත් නැතිවෙයි.

    යාලුවා - අනේ දාන්න කියහන් බං. හැලප හදං කන්නත් නෑ කුරක්කං වලටත් බද්දක් ගහලා..

    මං - බදු ගහන එක වැරදියි තමයි මචං. ඒත් මේක ඔය ගැන කියන්න වෙලාවක් නෙමෙයි නේද ?

    යාලුවා - යන්තං බතුයි පරිප්පුයි එක්ක හාල්මැස්සො හොද්දක් කාලා හිටියෙ. දැන් ලුණු කැඳත් නෑ. මොන මගුලක්ද උඹ කියවන්නෙ. ?

    මං - ඉතින් උඹලමනෙ ඒ දවස්වල කිව්වෙ බඩ ගැන හිතන උන්ට බඩ යයි. රට ගැන හිතන උන්ට රට යයි කියලා.

    යාලුවා - විහිලු කරන්නෙපා @&@& පුතෝ. පොඩි එකාට දෙන්න කිරිපිටිත් නෑ. ගෑස් එකක් උස්සං පැය තුනක් රට වටේ ගියා. ත්‍රීවිල් එකට එද්දාස් දෙසීයයි.

    මං - ඒ වුණාට මචං මටත් ඒ දවස්වල උඹ කිව්වෙ බඩේ බත් නැතත් රටයි ජාතියයි ආගමයි රැකගන්න තද නායකයෙක් ඉන්න ඕනෙ කියලනේ..

    යාලුවා - ඔව් ඔව්. උදේට පිළිකා පොල්තෙල් දාලා රට බැදලා කනවා. දවල්ට දර ලිපේ හොදි හදලා ජාතිය කනවා. රෑට පොඩි එකාට ආගම තම්බලා දීලා ගෑණියි මායි සැනිටයිසර් බොනවා. මගෙන් මුකුත් අහගන්නැතුව ඉඳින්. .

    කියලා යාලුවා මට බැනලා ගියා. අනේමන්දා මං වැරදි දෙයක් ඇහුවයැ ඔච්චර කේන්ති ගන්න. බැන්දට පස්සෙ අප්සට් වෙලාද මන්දා. හොඳට හිටිය මනුස්සයා. 🤔

    #අපිතමෛහොඳටමකළේ
    #මාරවැඩේලංකාවටවුණේ
    #පියුමිටරෙදිජාතිකවියාපාරය

    චමල් අකලංක
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එහෙම කවුරුත් ජනාධිපතිතුමාට බනින්නේ නැහැ මචං. එතුමා මොනවා කරන්නද මිනිස්සු එකතු වෙලා ලෙඩේ පතුරව ගත්තට රටේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සල්ලි ගන්න ATM එකට ගියාම යාළුවෙක් හම්බුණා.

    ජනාධිපතිතුමාට බනිනවා හොඳටම.

    මං - මචං වැඩිය සද්දෙට බනින්න එපා. රැප් එකක කුණුහර්ප වචන තිබුණා කියලා කොල්ලො ටිකක් ඇරෙස්ට් කරලා. උඹ කියපු ඔක්කොම කුණුහර්ප හින්දා උඹටනං ඇපත් නැතිවෙයි.

    යාලුවා - අනේ දාන්න කියහන් බං. හැලප හදං කන්නත් නෑ කුරක්කං වලටත් බද්දක් ගහලා..

    මං - බදු ගහන එක වැරදියි තමයි මචං. ඒත් මේක ඔය ගැන කියන්න වෙලාවක් නෙමෙයි නේද ?

    යාලුවා - යන්තං බතුයි පරිප්පුයි එක්ක හාල්මැස්සො හොද්දක් කාලා හිටියෙ. දැන් ලුණු කැඳත් නෑ. මොන මගුලක්ද උඹ කියවන්නෙ. ?

    මං - ඉතින් උඹලමනෙ ඒ දවස්වල කිව්වෙ බඩ ගැන හිතන උන්ට බඩ යයි. රට ගැන හිතන උන්ට රට යයි කියලා.

    යාලුවා - විහිලු කරන්නෙපා @&@& පුතෝ. පොඩි එකාට දෙන්න කිරිපිටිත් නෑ. ගෑස් එකක් උස්සං පැය තුනක් රට වටේ ගියා. ත්‍රීවිල් එකට එද්දාස් දෙසීයයි.

    මං - ඒ වුණාට මචං මටත් ඒ දවස්වල උඹ කිව්වෙ බඩේ බත් නැතත් රටයි ජාතියයි ආගමයි රැකගන්න තද නායකයෙක් ඉන්න ඕනෙ කියලනේ..

    යාලුවා - ඔව් ඔව්. උදේට පිළිකා පොල්තෙල් දාලා රට බැදලා කනවා. දවල්ට දර ලිපේ හොදි හදලා ජාතිය කනවා. රෑට පොඩි එකාට ආගම තම්බලා දීලා ගෑණියි මායි සැනිටයිසර් බොනවා. මගෙන් මුකුත් අහගන්නැතුව ඉඳින්. .

    කියලා යාලුවා මට බැනලා ගියා. අනේමන්දා මං වැරදි දෙයක් ඇහුවයැ ඔච්චර කේන්ති ගන්න. බැන්දට පස්සෙ අප්සට් වෙලාද මන්දා. හොඳට හිටිය මනුස්සයා. 🤔

    #අපිතමෛහොඳටමකළේ #මාරවැඩේලංකාවටවුණේ #පියුමිටරෙදිජාතිකවියාපාරය

    චමල් අකලංක
    88F5C653-A774-4611-A669-CDE6F4540241.jpeg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇත්තටම අමාරුවේ වැටුණු මිනිස්සු හරියට ඉන්නවා, :-( ලොක් කළා, නොකළා කියල වෙනසක් නෑ, හික වෙලා ඉන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    ගූඇන්පී වේස මායම් බොරු කතා වලට අපි අහුවෙයි