සල්ලි ගන්න ATM එකට ගියාම යාළුවෙක් හම්බුණා.
ජනාධිපතිතුමාට බනිනවා හොඳටම.
මං - මචං වැඩිය සද්දෙට බනින්න එපා. රැප් එකක කුණුහර්ප වචන තිබුණා කියලා කොල්ලො ටිකක් ඇරෙස්ට් කරලා. උඹ කියපු ඔක්කොම කුණුහර්ප හින්දා උඹටනං ඇපත් නැතිවෙයි.
යාලුවා - අනේ දාන්න කියහන් බං. හැලප හදං කන්නත් නෑ කුරක්කං වලටත් බද්දක් ගහලා..
මං - බදු ගහන එක වැරදියි තමයි මචං. ඒත් මේක ඔය ගැන කියන්න වෙලාවක් නෙමෙයි නේද ?
යාලුවා - යන්තං බතුයි පරිප්පුයි එක්ක හාල්මැස්සො හොද්දක් කාලා හිටියෙ. දැන් ලුණු කැඳත් නෑ. මොන මගුලක්ද උඹ කියවන්නෙ. ?
මං - ඉතින් උඹලමනෙ ඒ දවස්වල කිව්වෙ බඩ ගැන හිතන උන්ට බඩ යයි. රට ගැන හිතන උන්ට රට යයි කියලා.
යාලුවා - විහිලු කරන්නෙපා @&@& පුතෝ. පොඩි එකාට දෙන්න කිරිපිටිත් නෑ. ගෑස් එකක් උස්සං පැය තුනක් රට වටේ ගියා. ත්රීවිල් එකට එද්දාස් දෙසීයයි.
මං - ඒ වුණාට මචං මටත් ඒ දවස්වල උඹ කිව්වෙ බඩේ බත් නැතත් රටයි ජාතියයි ආගමයි රැකගන්න තද නායකයෙක් ඉන්න ඕනෙ කියලනේ..
යාලුවා - ඔව් ඔව්. උදේට පිළිකා පොල්තෙල් දාලා රට බැදලා කනවා. දවල්ට දර ලිපේ හොදි හදලා ජාතිය කනවා. රෑට පොඩි එකාට ආගම තම්බලා දීලා ගෑණියි මායි සැනිටයිසර් බොනවා. මගෙන් මුකුත් අහගන්නැතුව ඉඳින්. .
කියලා යාලුවා මට බැනලා ගියා. අනේමන්දා මං වැරදි දෙයක් ඇහුවයැ ඔච්චර කේන්ති ගන්න. බැන්දට පස්සෙ අප්සට් වෙලාද මන්දා. හොඳට හිටිය මනුස්සයා.
#අපිතමෛහොඳටමකළේ
#මාරවැඩේලංකාවටවුණේ
#පියුමිටරෙදිජාතිකවියාපාරය
චමල් අකලංක

Last edited: