මමත් දෙන්නම් උබට අයිඩියා එකක්.
උබට පේජ් මැනේජ් කරන්න සහ ඩිවෙලොප් කරන්න එහෙම අමාරුනම් , ග්‍රැෆික් එහෙම බැරිනම් කරන්න තියෙන්නෙ වෙන හොද පේජ් වලටම ග්‍රැෆික් කරන එකෙක් ෆෙස්බුක් එකෙන්ම හොයාගෙන උගෙන් කොටේශන් ගනින් පේජ් එකකට කවර් එකක් ආර්ට්වර්ක් එකක් කරගන්න කීයක් යනවද කියල එහෙම. ඊලගට පේජ් එක ක්‍රියේට් කරන එකට රුපියල් 500 ක් විතර දාල ඉතුරු ග්‍රැෆික්වැඩ වලට අර ග්‍රැෆික් කරන එකා දෙන ගානය තව ගානක් ඕන නම් ඇඩ් කරල හරි නැත්නන්ම් ඌට වැඩ එවන්නම් කියල තව ගාන අඩු කරගෙන හරි උබට කියල පේජ් හදවගන්න හදන එකාට දියන් කොටේශන් එකක්. ඕන නම් අර ග්‍රැෆික් කරන එකාගෙන් ඌ කරපු පරන ආර්ට්වර්ක් කවර්ස් එහෙම සාම්පල් ටිකකුත් මේල් කරල යවපන් අරූට.
සිම්පල් එකේ උගෙ වැඩෙත් කෙරෙනව උබටත් රුපියල් 500 ක් හරි ලැබෙනව. පස්සෙ උබම නම් පෝස්ට් ක්‍රියේට් කරන්නෙ, එක පෝස්ට් එකකට සාධාරණ ගානක් කියපන් . රීච් හදන්න ඕ න පෝස්ට් වලට වෙනම ගානක් කියපන්. පේජ් ලයික් සහ ෆලෝවර්ස්ල අරගෙන දෙන්න තව ගානක් කියපන්. එහෙම මිල දාල පැකේජ් සෙට් එකක් හැදුවත් කමක් නෑ.
එහෙම කරපන්. නිකං කරන්න යන්න එපා පස්සෙ මාර ආතල් වචන අහගන්න වෙනව. ඇඩ්මින් ගන්න එපා ලොවෙත් පෝස්ට් විතරක් දාල දෙන්න ගන්න පේජ් එකක් නම්.
හැම ඇක්ටිවිටි එකක්ම රෙකෝර්ඩ් කරපන් සහ ෆොන් කෝල්ස් එන එව්ව්වත් රෙකෝර්ඩ් කරගනින් මල්ලෙ. එව්ව ෆුල් ප්‍රයිවසි ලෙවල් එකෙන් තියාගනින් මතුවට ඕන උනොත් කියල එහෙම.
අත්දැකීමෙන් කියන්නෙ මෙව්ව ආ.. හොද කටු කාල තියේ ඉස්සර මාත් යාලුවන්ට කරල දෙන්න ගිහිල්ල. දැන් නම් මලාට එකෙකුට නිකං කරල දෙන්නෙ නෑ.