මාර සංග්රාමය නොහොත් මාර පරාජය

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    මාර සංග්රාමය නොහොත් මාර පරාජය

    meka kiyawanna.kiyawala hithe shraddawa athi karaganna. hamotama yahapathakma wewa. :):)

    please bump and share.


    අප බෝසත් මහා සෘෂින් වහන්සේ දුෂ්කර
    ක්රියාව නිමවා, සුජාතාවගේ කිරිපිඩු දන
    පිලිගෙන නේරංජරා ගං තිරයට වැඩමවා,
    භද්ර වනයේ දිවා විහරණය කොට ධ්යාන
    අභිඤ්ඤා උපදවා, සවස් භාගයේ
    බොරැක කරා වැඩම වු සේක. අනතුරැව
    අපරාජිත පර්යංකයෙන් වැඩ සිට මෙ
    ශරිරයේ සමි, මස්, ලේ, ඇට, නහර, වියැලී
    සුනු විසුනු වන කල්හිද, පුරැෂස්ථාමයෙන්,
    පුරැෂ විර්යයෙන්, පුරැෂ පරාක්රමයෙන්
    ලැබිය යුතුවු, සම්යක් සමිබෝධිය ලැබ මිස
    මා විර්ය අත් නොහරිමියි චතුරංග විර්ය
    ඉටා පෙරදිග බලා වජරාසනයේ වැඩ උන්
    සේක.
    මහා පුරැෂයානන්වහන්සේට ගෞරව ස්තූති
    පිණිස ගලා එන මහා ජල දහරක් සේ
    අතුරැ සිදුරැ නොමැතිව රැස්වන්නාවු දිව්ය
    භ්රහම සේනා ‍හ්තුයෙන්හාත් පස මිහිබට
    දෙවි පුරක සිරි ඉසිලිය.බෝධි වෘක්ෂය
    හාත්පස පැවති මංගල උත්සව ආදිය
    හදිසියේ නැවතින.

    එතෙක් මහොත්සවයෙන් කල් යැවු දිව්ය
    භ්රහ්ම සමුහයෝ ඈත එන මහා සතුරෙකු
    දැක්මෙන් මෙන් හිස් ලුලු අත
    දිවගත්හ.එටකකුදු එහි සිටින්නට සමත්
    නොවිය.දහස් ගනන් උල්කාවෝ පතිත
    වන්නට විය. භයංකාර වු දිශා දාහයක්
    විය. අහසේ ධුමකේතු දෘශ්යමාන විය.
    සියළු දිශාවන් ඝන අන්ධකාරයෙන් වැසි
    යන්නට විය. මුළු පෘතුවියම සුලගට අසුවු
    වැලක් මෙන් සැලෙන්නට විය.හාත්පස චන්ඩ
    වාතය හැමිය. ගිගුරැමි හඩ මෙන්
    භයංකාර ශබිධයන්ද ඇසෙන්නට විය. වැසි
    නැති මුත් අහසේ දෙවිදුනුද විදුලි කෙටිමිද
    දෘශ්යමාන විය. ගිනි පුපුරැ තැන තැන
    පතිත විය. වන කවුඩු රැල නාද කරන්නට
    විය. තැන තැන බකමුහුණන්ගේ උල
    ලෙහෙණුන්ගේ අමනොඥහඩ ඇසෙන්නට විය.
    සොහොනින් නැගිට ආ ඇටසැකිලි රැසක්
    මෙන් භිය ජනක ප්රේත රැලකගේ
    සංචාරයක්ද දෘශ්යමාන විය. මෙ
    සියල්ලටම වඩා බියජනක වු ලොමු
    දැහැගන්වන සුලු කවන්ද රැපයක් අහසේ
    හැසිරෙන්නට විය.

    මෙසේ අශුභ අනිටු නනා ප්රකාර දුර්නිමිති
    පහල වෙමින් පවත්නා කල්හිම,කඩු,
    පොරෝ,තෝමර ආදිය ගත් අත් ඇතිව,
    විහිදෙන ගිනිදැල් හා විශ දුමි සහිත
    විවෘත මුඛ ඇති, නග්න දුර්වර්ණ
    ප්රේතාදීන් වැනි නොයෙක් අප්රිය දර්ශන
    ඇති, භයංකාර සත්ත්ව සමුහයක්ගේ
    බෝමැඩ දෙසට දිව ඊමක් විය.
    ගනිවි, තලවි,
    මරවි ආදි වදන්ද සැම දෙසින්ම ඇසෙන්නට
    විය.

    බිහිසුනු ලෙසින් එහි රැස් වුයේ බ්රහ්ම
    පර්ශදයටද ආවිශ්ඨව පිඩා කිරිමට සමත්වු
    කාම භුමි අධිපති වසවත් මාරයා සහිත
    මාර සේනාවය. එහෙත් ඔවුන් බො මැඩට
    ඇතුලු විමට නොහැකිව, පිටතම සිටියහ.
    මහා සත්ත්වයානන්වහන්සේ ඔවුන්ගේ
    පැමිණිම සුලගට ගසාගෙන එන්නවු
    පරනලයක් තරමට හෝ නොතකා.අජේය වු
    පාරමිතා බල සහිතව, විශාරදව,
    විතභයව, හුදකලාව වැඩ හුන් සේක.එය
    දුටු මාර තෙම තමා මුළු ලොවට ජේෂ්ඨ
    යැයිද, දෙවි මිනිසුන්ට ශ්රේෂ්ඨ යැයිද සිතා
    මහා සත්ත්වයන් දෙස අඩැසින් බලා
    "මිනිස් ලියක කුස කළලයෙහි කුණු මසක
    පනුවෙකු මෙන් උපන් මෙ මහණ නිර්ලජ්ජිය
    තමාගේ පමණ නොදනියි. මා වැන්නෙකු
    ඉදිරියේ සිටියදීද නොම නැගි සිටියි යැයි
    මහ බෝසතානන්වහන්සේට ගර්ජනා කරන
    ලදි. අනතුරැව මොහු බිය ගන්වා පලවා
    හරිමියි සිතා නව විධ වර්ශාවන් මවා
    ලිය. බෝසතානන්වහන්සේට ඉන් පිඩාවක්
    නොවිය. ඉක්බිති තමා නැගි උන් ගිරිමෙඛලා
    ඇතු මහසතානන්වෙත පමුනුවා "එමිබා
    සිද්දාර්ථ ඔය පළගින් නැගිටුවයි ගර්ජනා
    කලේය."

    මහබෝසතානෝ මරහු පානා
    විකාර දෙස බලා මදකුදු දොමිනස් නොකොට
    දයාබර වු සේක. මෙත් වඩන සේක්,
    මාරයා දෙස බලා,
    මාරය මම මෙයින් නොම නැගිටිමි.
    සදේවලොකයා විසින් යුශ්මතාගේ කාමාදි
    සේනාවට පරාජිතය. එය දනිමි. එහෙත්
    මාරය, ආර්ය මාර්ගය වැඩිමෙන් සියලු
    මිත්යා සංකල්පනා දුරැකොට, සම්යක්
    සංකල්පය පවත්වා කයාදි සතර තැන්හි
    මොනවට පිහිටුවා ලු සිහි ඇතිව, සවිවන්
    හික්මවමින් රටින් රට යන්නෙමි. මාගේ
    අනුශාසනය පරිදි පිළිපදින ඒ සවිවෝ
    නොමුලාව නිවන් කරා යන්නෝය. යැයි
    වදාල සේක.

    එය අසා මාර තෙම මෙබදු රළු යකෙකු වු
    මා දැකද බිය නොවන්නේ දැයි ඇසිය.
    එසේය මාරය බිය නොවෙමියි
    මහබෝසතානන්වහන්සේ පැවසිය. එවිට
    මාරයා, කුමක් නිසා බිය නොවන්නේදැයි
    ඇසිය. මා දානාදි පාරමිතා පිරැ
    හෙයිනැයි බොසතානන්වහන්සේ වදාල
    සේක.

    යුෂමතා පින් කලේදැයි කවරෙක් නමි
    දනියිද?

    මාරය, මෙහිලා විශේෂකොට දැක්විමි
    කුමකටද? අවශ්ය නමි එක් වෙසතුරැ අත්
    බැවිහි පමණක් දුන් දනින් සත්යලක් කමිපිත
    වු මෙ මහ පොළවම සාක්ෂ්ය වෙ යැයි
    පවසා සිවුරැ ගැබින් දක්ෂින ශ්රි හස්තය
    නිකුත් කොට බිමට දුගු කල සේක. එකෙනෙහි
    මහ පොළව බිහිසුනු හඩ දෙමින් කමිපා
    වන්නට විය. එය දුටු මාරතෙම බියට පත්ව
    හෙන පහර ලද්දෙකු මෙන් පලායන ලදි.
    මෙසේ මහබෝසතානන්වහන්සේ හිරැ
    ධරමාන කල්හිම දෙවපුත්තමාර තෙම
    පරදවා විජයශ්රි ලැබු සේක. සාදු!!
    සාදු!! සාදු!!

    ජය පරාජය බලමින් ඈත සිටි දෙවි බඹුහු
    මහබෝසතානන්වහන්සේ ලත් විජය ශ්රිය
    දැක,"එවි නිදුකානනෙනි සිද්ධාර්ථයානන්
    වහන්සේට ජය අත්විය. පාපි මරැ හට
    පරාජය විය. ජය මංගල්යයද,බුද්ධ
    මංගල්යයද, එක්ව කරන්නෙමුයි කියා බෝ
    මැඩ වටා රැස් වෙන ලදි.
    සදෙවි ලොවි බ්රහ්ම ලොවිහි කිසිවෙකුටත්
    ධමනය කල නොහැකි වසවත් මරැ අපගේ
    මහබෝධිසත්වයන්ගේ පාරමිතා බල
    අභියස ධින විය.
    මෙය සත්යයකි ඒ සත්යානු භාවයෙන්
    ඔබටත් මටත් ජය මංගල්යක්ම වෙවා.
    ~තෙරුවන් සරණයි~
     
    • Like
    Reactions: s.a.s

    blue_in_rio

    Well-known member
  • ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
    අහෝසි මාරස්ස පරාජයෝහි
    උද්ඝෝසයුං දේවගණා පසන්නා
    ඒතේන සච්චේන ජයස්සු මහියං / තුහියං

    තේරුම

    ජය වේවා !! බුදුන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී මාරයා ප්‍රමුඛ මාර සේනාව පරාජය කල සේක.පැහැදුණු දේව සමූහයා සතුටින් ඝෝශා කල සේක.මේ සත්‍ය බලයෙන්, මට / ඔබට ජය අත් වේවා !!

    තෙරුවන් සරණයි !! :):)
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    thread ekata udawu karana yaluwo hamotama godak pin. oyala niwan margayata ikmaninma lan wenna labewa. තෙරුවන් සරණයි !!