අටවිසි බුදුරජාණන් වහන්සේලා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මංගල බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අතුරුකපක් ගෙවීමෙන් සියලු ධර්‍මයන් අසම වූ, සියලු සත්වයන්ට උතුම් වූ සුමන නම් ලෝක නායකයන් වහන්සේ ලෝ පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව මේඛල නුවර රජ කුලයෙහි සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමාට දාව සිරිමා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.

    ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු සුමන යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට චන්ද්‍ර, සුචන්ද්‍ර, චටංස නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ හැට තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු නවදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ වටංසකා දේවියට අනූපම නම් නිරූපම කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. පැවිදි වන උන්වහන්සේ අනුව තිස් කෙළක් පැවිදි වූහ. දසමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින අනෝම නියම්ගමෙහි අනූපම සිටුදූ අනූපමා දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි අනූපම නම් ආජීවක දුන් කුස තණ මිටි අට ගෙන නා රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තිස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් සමග පැවිදි වූ තිස් කෙළක් ද සුළුමෑණි පුත් බාල සහෝදර සරණ කුමරුන් ද පුරෝහිත පුත් භාමිත තරුණයා ද හේතු සම්පන්න බැව් දැන මොවුන්ට පළමු බණ දෙසමි සිතා හස්ති රාජයෙකු මෙන් අහසින් ගොස් මේඛලා උයනෙහි බැස ධම්සක් දෙසූහ. එහිදී බොහෝ කෙළ ගණන් සත්වයන්ට දහම් අමා පැන් පෙවූහ.

    ඒ කාලයෙහි ඒ සුමන බුදුරජහු ද මේඛල නම් නුවර දී චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍ම කථා නම් වූ නවාංග ජිනශාසන නමැති අමා බෙරය ගැසීය. ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බෝධියට පැමිණ නිවන් නමැති නුවරක් මැවීය. ඒ දහම් නමැති පුරයෙහි උන්වහන්සේ අතරක් නැති, ඇද නැති, කෙළින් සිටි, ඉතා උතුම් සතර සතිපට්ඨාන නමැති මහා වීථියක් මැවීය. ඒ වීථියෙහි සෝවාන් ආදී සතර පැවිදි ඵලයන් ද, සිව්පිළිසිඹියාවන් ද, ෂට් අභිඥවන් ද, අට සමවත් ද පැතිර වී ය.

    ත්‍රෛතලතිලක සුමන බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.

    අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි මහත් ඍද්ධි ඇති, පිං ඇති, අතුල නම් වූ නාග රාජයෙක් වී නාග භවනයෙන් නික්ම සිය නෑයන් සමග නාගයන්ගේ දිව්‍ය තූර්‍ය්‍යයෙන් සංඝයා සහිත ජිනරාජයන් වහන්සේට උවටැන් කළේ ය. කෝටි ලක්‍ෂයක් භික්‍ෂූන්ට ආහාර පානයෙන් සංග්‍රහ කළේ ය. අතිරේක පිළි සඟල බැගින් පුදා උන්වහන්සේ සරණ ගියේ ය. ශාස්තෲන් වහන්සේ බෝසතුන් මතු බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.

    ඒ සුමන මුනිඳු හට සරණ හා භාවිතත්ත දෙනම අගසවුවෝ ය. උපස්ථායක උදේන නම් භික්‍ෂුව විය. සෝණා හා උපසෝණා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. වරුණ හා සරණ යන දෙදෙන උපස්ථායකයෝ ය. චාලා හා උපචාලා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අනූ රියන් විය. අවුරුදු අනූදහසක් ආයුෂ ගෙවා අංගාරාමයෙහි පිරිනිවියහ. එහි ම උන්වහන්සේගේ ජින සෑය සිව් යොදුනක් ව උස්ව බඳින ලද්දෝ ය.

    මෙ කපින් දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.

    නගරය - මේඛල නුවර
    ජාතිය - ක්‍ෂත්‍රීය
    පියා - සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමා
    මව - සිරිමා දේවිය
    ප්‍රාසාදත්‍රය - 1. චන්ද්‍ර .2සුචන්ද්‍ර . චටංස
    අග්‍රමහේෂී - වටංසකා දේවිය
    පුත්‍රයා - අනූපම කුමරු
    අගාරවාස - අවුරුදු නවදහසයි (9,000)
    අභිනිෂ්ක්‍රමණය - ඇත් යානයකින් නික්මුණහ
    ප්‍රධන් වීර්ය - මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
    කිරිපිඩු - අනෝම නියම් ගමෙහි අනූපම සිටුදූ අනූපමා
    කුස තණ - අනූපම ආජීවක
    බෝධිය - නා
    ධම්සක් දෙසීම - මේඛලා උයනෙහි
    ශ්‍රාවක සන්නිපාත - ශ්‍රාවක සන්නිපාත තුනක් විය
    අග්‍රශ්‍රාවක දකුණත්සව් - සරණ තෙරුන්
    අග්‍රශ්‍රාවක වමත්සව් - භාවිතත්ත තෙරුන්
    අග්‍රශ්‍රාවිකා දකුණත්සව් - සෝණා තෙරණිය
    අග්‍රශ්‍රාවිකා වමත්සව් - උපසෝණා තෙරණිය
    අග්‍ර උපස්ථායක - උදේන භික්‍ෂුව
    උපස්ථායකයෝ - වරුණ, සරණ
    උපස්ථායිකාවෝ - චාලා, උපචාලා
    වැඩ විසූ විහාර - අංගාරාරමයෙහි විසූහ
    ආයු ප්‍රමාණය - අවුරුදු අනූදහසයි. (90,000)
    පරිනිර්වානය - අංගාරාමයෙහි
    බෝසතාණෝ - අතුල නම් නාගරාජව විවරණ ලැබීය



    01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ
    සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.
    02.මේධංකර බුදුරජාණන් වහන්සේ
    සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.
    03.සරණංකර බුදුරජාණන් වහන්සේ
    සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්රියා කොට බුදු බවට පත්විය.
    04.දීපංකර බුදුරජාණන් වහන්සේ
    සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.
    05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ
    සුනන්ද රජුත්,රම්යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.
    06.මංගල බුදුරජාණන් වහන්සේ
    මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.
    07.සුමන බුදුරජාණන් වහන්සේ
    සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.
    08.රේවත බුදුරජාණන් වහන්සේ
    විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.
    09.සෝභිත බුදුරජාණන් වහන්සේ
    සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.
    10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
    යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.
    11.පදුම බුදුරජාණන් වහන්සේ
    සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.
    12.නාරද බුදුරජාණන් වහන්සේ
    මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.
    13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
    කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.
    14.සුමේධ බුදුරජාණන් වහන්සේ
    බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.
    15.සුජාත බුදුරජාණන් වහන්සේ
    උද්ගත රජු හා ප්රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.
    16.පියදස්සී බුදුරජාණන් වහන්සේ
    සුදත්ත රජු හා සුවේන්ද්ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.
    17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ
    සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.
    18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ
    සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය.
    19.සිදුහත් බුදුරජාණන් වහන්සේ
    කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය.
    20.තිස්ස බුදුරජාණන් වහන්සේ
    කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය.
    21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ
    ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය.
    22. විපස්සි බුදුරජාණන් වහන්සේ
    මව : බන්ධුමා දේවිය
    පියා : බන්ධුම රජු
    අගසව් දෙනම : ඛණ්ඩ තිස්ස
    වංශය : ක්ෂත්රීය වංශය
    බෝධි වෘක්ෂය: පළොල් රුක
    අග්ර උපස්ථායක:අශෝක
    ආයුෂ : අවු: 80000
    රාජධානිය : බන්ධුමතී
    දුෂ්කර ක්රියා කළ කාලය: මාස 08
    ශ්රාවක සන්නිපාතය : 1 60 000
    23. සිඛී බුදුරජාණන් වහන්සේ
    මව : ප්රභාවතී දේවිය
    පියා : අරුණ රජු
    අගසව් දෙනම : අභීභූ සම්භව
    වංශය : ක්ෂත්රීය වංශය
    බෝධි වෘක්ෂය: හෙළඹ රුක
    අග්ර උපස්ථායක: ඛේමංකර
    ආයුෂ : අවු: 70000
    රාජධානිය : අරුණාවතී
    දුෂ්කර ක්රියා කළ කාලය: මාස 08
    ශ්රාවක සන්නිපාතය : 1 00 000
    24. වෙස්සභු බුදුරජාණන් වහන්සේ
    මව : යසවතී දේවිය
    පියා : සුප්පතීත රජු
    අගසව් දෙනම : සෝණ උත්තර
    වංශය : ක්ෂත්රීය වංශය
    බෝධි වෘක්ෂය: සල් රුක
    අග්ර උපස්ථායක: උපශාන්ත
    ආයුෂ : අවු: 60 000
    රාජධානිය : අනෝම
    දුෂ්කර ක්රියා කළ කාලය: මාස 06
    ශ්රාවක සන්නිපාතය : 80 000
    25. කකුසඳ බුදුරජාණන් වහන්සේ
    මව : විසාකා බැමිණීය
    පියා : අග්ගිදත්ත බ්රාහ්මණ තුමා
    අගසව් දෙනම : විදුර සංජීව
    වංශය : බ්රාහ්මණ වංශය
    බෝධි වෘක්ෂය: මහරී රුක
    අග්ර උපස්ථායක: බුද්ධිජ
    ආයුෂ : අවු: 40 000
    රාජධානිය : ඛේමවතී
    දුෂ්කර ක්රියා කළ කාලය: මාස 08
    ශ්රාවක සන්නිපාතය : 40 000
    26. කෝණාගමණ බුදුරජාණන් වහන්සේ
    මව : උත්තරා බැමිණීය
    පියා : යඤ්ඤාදත්ත බ්රාහ්මණ තුමා
    අගසව් දෙනම : භීයෝස උත්තර
    වංශය : බ්රාහ්මණ වංශය
    බෝධි වෘක්ෂය: දිඹුල් රුක
    අග්ර උපස්ථායක: සෝත්ථිය
    ආයුෂ : අවු: 30 000
    රාජධානිය : සෝභවතී
    දුෂ්කර ක්රියා කළ කාලය: මාස 06
    ශ්රාවක සන්නිපාතය : 30 000
    27. කාශ්යප බුදුරජාණන් වහන්සේ
    මව : ධනවතී බැමිණීය
    පියා : බ්රහ්මදත්ත බ්රාහ්මණ තුමා
    අගසව් දෙනම : තිස්ස භාරද්වාජ
    වංශය : බ්රාහ්මණ වංශය
    බෝධි වෘක්ෂය: නුග රුක
    අග්ර උපස්ථායක: සර්වමිත්ර
    ආයුෂ : අවු: 20 000
    රාජධානිය : කිකී
    දුෂ්කර ක්රියා කළ කාලය: මාස
    ශ්රාවක සන්නිපාතය : 20 000
    28.ගෞතම බුදුරජාණන් වහන්සේ
    මව : මහා මායා දේවිය
    පියා : සුද්ධෝදන රජතුමා
    අගසව් දෙනම : සැරියුත් මුගලන්
    වංශය : ක්ෂත්රීය වංශය
    බෝධි වෘක්ෂය: ඇසතු රුක
    අග්ර උපස්ථායක: ආනන්ද
    ආයුෂ : අවු: 80
    රාජධානිය : කපිලවස්තු
    දුෂ්කර ක්රියා කළ කාලය: අවු:6
    ශ්රාවක සන්නිපාතය : 1250
     

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    පච හුත්තො මේව 😹😹

    ඔක්කොම ගස් යට ඇයි බන්. ගල්ගුහාවක් අස්සටවත් පලයන්කො
    ------ Post added on May 30, 2023 at 7:46 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya