මාලකට මල් මිටක්…

lasa1106

Member
Apr 26, 2012
626
197
0
මාලකට මල් මිටක්…

කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල්වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම්තුමා ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. ඒවා හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට අයත් බව පසුව වාර්තා විය. මේ සද්කාර්ය එම රියදුරා විසින් කරන ලද්දේ ඔහුගේ හාම්පුතාගේ මඟ පෙන්වීම අනුව බව කිවයුතු නොවේ. එහෙයින් අපි මාලක සිල්වා මහතාට අපේ ප්‍රණාමය පුද කරමු.

වාර්තා වී ඇති අන්දමට එම හෝටලයෙහි රාජකාරී කරමින් සිටි බුද්ධි අංශ නිලධාරීයෙකු හිටි හැටියේ රෝගාතුරුව රෝහල්ගත කර තිබේ. ඊට හේතුව හිමිදිරියේ සීතල දරා ගැනීමට නොහැකි වීමෙ යැයි කලින් වාර්තා වී තිබිණි. මේ දිනවල කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 2-3 බැවින් අපි ද එය විශ්වාස කළෙමු. එහෙත් සිදුව ඇත්තේ අනෙකකි. නැඟෙනහිර මැතිවරණය දිනවීම වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණු මාලක මහතා ඒ කටයුතු අහවර කර ගෙදර යන අතර බෙලිමල් උගුරක් බී පවස නිවා ගැනීමට අදාළ හෝටලයට ගොඩ වී තිබේ.

ඒ අවස්ථාවේ හොඳට ම සූර් වී සිටි හමුදා නිලධාරියා අහිංසක මාලක ඇතුළු පිරිසට හොඳට ම පහර දී තිබේ. එසේ පහර දුන්නා මදිවාට බොරුවට ඔහුම රෝහල්ගත වී දැඩි සත්කාර ඒකකයේ ගිමන් හැර ඔවුන්ගේ කීර්ති නාමයට ද කැළල් කළේය. කිසිදා කිසිවෙකුට හිත රිදෙන්න වචනයක් හෝ කතා නොකරන මාලකට එල්ල වූ චෝදනාව හමුවේ රටේ ජනතාව ප්‍රකෝප විය. කෝපය දරාගත නොහැකිව හැරමිටියෙන් ඇණ රූපවාහිනිය නිමා දැමූ ආතා ‘මුන් වගේ වල් බල්ලෝ මුන්නේශ්වරම් කෝවිලේ උල තියන්න ඕන’ යැයි කියා ගිගිරු ශබ්දයට පාරට පැන විදුලි වේගයෙන් පලා ගිය අපේ ටොමියා තාම ගෙදර ආවේ නැත.

කොටි ත්‍රස්තවාදය පරදා රට එක්සේසත් කළ රණවිරුවෙකුට අයත් එම උපකරණ මෙලෙස නැවත භාරදීම තුළින්ම මාලක සිල්වා මහතා ජාතික වීර සම්මානයක් සඳහා සිය නම නිර්දේශ කර ගැනීමට තරම් වටිනා ක්‍රියාවක් සිදු කොට තිබේ. සූර්වී සිටි හමුදා නිලධාරියා තමාට පහර දුන්න ද ඔහු පෙරළා පහර නොදුන්නේ රට වෙනුවෙන් රණවිරුවන් කළ සේවය සිහිපත් වීම නිසා විය යුතුය. තමන් ද දුටුගැමුණු පරපුරෙන් පැවත එන බව ඔහුට සිහිපත් වූවා නිසැකය.

මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පුතුන් හා සසඳන විට මාලක සිල්වා මහතා බෝධිසත්වයෙකු බව අප කීවේ වරක් දෙවරක් නොවේ. වෙන ඇමතියෙකුගේ පාදඩ පුතෙකුට, කුඩුකාරයෙකුට මේ රිවෝල්වරය බිම වැටී තිබී හමු වී නම් කුමක් කරනු ඇද්ද? එය මෙලෙස නැවත පොලිසියට භාරදේවි ද? අප වැනි කෙලෙස් සහිත එකෙකුට එය අසු වුණා නම් එය පාතාලයට විකුණා කීයක් හෝ සොයා ගනු මිස මෙලෙස තමාට පෑදුණු වාසනාවට පයින් ගසයිද? එසේ සිතන කල මාලක අපේ කාලයේ සැමට ආදර්ශයක් විය යුතු චරිතයකි. කපිල වස්තු ධාතුන් වහන්සේ වුව තැනින් තැනට වැඩම කරවීමට නාමල්ට වඩා මාලක සුදුසු බව අපේ කිරි ආතා කීවේ මාලක තම පියාණන් වහන්සේ සමඟ කැලණි විහාරයට ගොස් කපිල වස්තු ධාතුන් වහන්සේලා වන්දනාමාන කරනු දැක සර්දාවෙන් සාදුකාර දෙන අතරය.

අපේ කිරි ආතා නම් කියන්නේ මෙවන් උතුම් පුතුන් හැදූ මව්පියන් ජනතාව නිරන්තරයෙන් සිහිකළ යුතු බවය. උන්දෑගේ මව්පියන් පමණක් නොව අත්තා, මුත්තා, කිරිකිත්තා දක්වා නෑ පරපුර උදේ සවස සිහිපත් කළ යුතුය. දරුවන් පිළිබඳ සිහින මවන අඹු සැමියන් ද මෙවන් පුතුන් පතා නින්දට යාමම මැනවි. හෙට අනාගතය භාර ගන්නට සිටින කුඩා දරුවන් ද මාලක අයියා ආදර්ශයට ගතයුතුය. උදේ හවස පන්සිල් ගන්නා රටක අදත්තාධානය හෙවත් තමන් සතු නොවන දේ නොගැනීම කෙතරම් අගේ කළ යුතු ක්‍රියාවක් ද?

කෙසේ වුවද මාලක කළ සද්ක්‍රියාව යටපත් කොට එතුමාටත් එතුමාගේ පියතුමාටත් නින්දා අවලාද නැඟීම සඳහා ද ඔවුන්ගේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා ද හෝටලයේ කැමරා පද්ධතියට ව්‍යාජ වීඩියෝ පටයක් ඇතුළු කර තිබේ. ඉරිසියාකාර කුහකයින්ගේ එවැනි ලනු අපේ ජනාධිපතිතුමා නොකනු ඇති බව කාට නැතත් මට නම් විශ්වාසය. කැලණියේ අපේ හාමුදුරුවන් ද මෙවැනි බොරුවලින් රැවටිය නොහැකි බව අපි දනිමු. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන්නේ නිකන් කට කහනවාට නොවේ.

අනෙක් අතට එදා ප්‍රභාකරන් ඉදිරියට බිය නැතිව ගිය රණවිරුවන් මෙවැනි තත්ත්වයට පත්වීම පිළිබඳ අපි කනගාටු වන්නෙමු. බොරුවට වැඩි ආයුෂ නැති බව නැවත වරක් පසක් කරමින් ඔහු දැන් ඇත්ත කියන්නට පටන් ගෙන තිබේ. මාලක ඔහුට ගැහුවේ නැත. එය අමූලික බොරුවකි. එතුමාගේ පියා සමෘර්ධි නිලධාරියා ගස් බැන්දේ නැත. ඇමතිතුමාගේ කරුණු පැහැදිලි කිරීම අසා තමාගේ වරද අවබෝධ කරගත් ඔහු තමන්ම ලනුවක් ගෙන ගසට තබා බැඳගත් අයුරු දුටු අය ද කැලණියේ සිටිති. ඇමතිතුමා ඇවිත් ලනුව ලිහා දමා ඔහු නිදහස් කළා පමණි. මේ එහෙව් ඇමතිතුමාගේ පුතු බව ජනතාවට අමතක නැත.

මේ සිද්ධියෙන් ආණ්ඩුව සහ ඉහළ හමුදා නිලධාරීන් උගත යුතු පාඩමක් තිබේ. සූර්වී හොටෙල්වලට රිංගන හමුදා නිලධාරීන්ට ආයුධ ලබා නොදිය යුතුය. වැරදිලාවත් සිහිවිකල් වූ ඔහු අතින් එදා රිවෝල්වරය පත්තු වී නම් රටට අහිමි වන්නේ කැලණියේ අනාගතය පමණක් නොව රටේ අනාගතය ම නොවෙද? එසේ වී නම් අනේ අපට කාගේ සරණක්ද? එහෙයින් මේ නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා උපරිම දඬුවම් දීම හමුදාපතිතුමාගේ වගකීමය. මොහු 2009 මැතිවරණයේදී ෆොන්සේකාට උදව් කළ ජාතිද්‍රෝහියෙක් දැයි සොයා බැලිය යුතුය. කිසියම් අල්ලස් කොමිස් නඩුවකට මොහුගේ ගෙදර බල්ලාවත් පැටලී ඇත්දැයි සොයා බැලිය යුතුය. ඒවා ජනතාවට හෙලි කිරීම ……… රූපවාහිනියේ වගකීමයි.

දැන් ගිය දේ ගියාවේ. අපේ ඇමතිවරුන්ගේ පුතුන් ඉන්නේ දෙකයි පහේ හමුදාකාරයින්ගෙන් ගුටි කෑමට නොවේ. එහෙයින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ජනාධිපතිතුමාගේ වගකීමයි. නැවත වරක් මාලකගේ සද්ක්‍රියාව අගය කරමින් ඔහුට මල් පිටක් පුදන අතර ඔහුගේ ආදරණීය දෙමාපියන් යළි යළිත් සිහිපත් කරමින් මේ සටහනට මෙලෙස තිත තබමු.

- නාමල් උඩලමත්ත / kasapabbatha.blogspot.com
 

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    malaka-mervin1.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ වගේ ආදර්ශමත් තරුනයන්ව අගය කරන්න ඕන.අපේ කාලයේ එල කොල්ලෙක්....
    බලපන් තුවක්කුව ලග තිය ගන්නේ නැතිව පොලිසියට බාරදීලනේ.කොච්චර හොද ලමයෙක්ද?
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    තම්බියාගේ මල පැන්න.. යු එස් ඒ ෆිල්ම් එක..මෙතනින් බා ගන්න... :yes::yes::yes:

    මේක යූටියුබ් එකක්.. ෆුල් මූවී එක තියෙන්ව... බාගෙන බලපල්ලා.... උබලටම තේරෙයි මුස්ලිම් එවුන් කොච්චර කුරිරු ද ? හින්සාවාදී ද කියල.....


    DOWNLOAD LINK:
    http://www.youtube.com/watch?feature...&v=Lgx1_JVxfZE


    අල්ලා හූ... ෆක්බර‍් !!!!!
     

    Similar threads