මාලක සිල්වා පරිප්පු තිඛෙන හෝටලයේ දොරකඩට &#3508

Mar 16, 2012
310
132
0
මාලක සිල්වා පරිප්පු තිඛෙන හෝටලයේ දොරකඩට &#3508

මාලක සිල්වා පරිප්පු තිඛෙන හෝටලයේ දොරකඩට පැමිණ සිටී: ලක්ෂ 3 ක හමුදා සෙබළුන්ගේ ලේ කකියමින් තිබේ

පසුගිය දිනක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරවරයන් පිරිසක් විසින් රාජකාරියේ නියැලී සිටි යුද හමුදා මේජර් වරයෙකුට සහ ඔහුගේ සහයකයාට පහරදී මේජර්වරයාගේ ගිනි අවිය ද සොරකම් කළ බවට වාර්තා විය.මේ අවස්ථාවේදී මාලක සිල්වා සමග නැසීගිය අමාත්‍යවරයකුගේ පුත්‍රයෙකුද සිටි බව රෝහලට ඇතුලත් කළ මේජර්වරයා පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් විය. මේජර්වරයා තුවල ලබා දැනටත් රෝහල්ගතව සිටින මුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනි අවිය මාලක සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනිඅවිය මාලක සිල්වාගේ රියදුරු විසින් පසුදින පොලීසියට භාරදී ඇත්තේ අදාළ සිද්ධිය වු ස්ථානයේදී ඔහු විසින් එය අහුලා ගත් බවට ප්‍රකාශ කරමින්ය.

රජය සතු ගිනිඅවියක් එසේ අහුළාගෙන පසු දින තෙක් ලඟ තබා ගැනීම පවා නීති විරෝධී බව එම රියදුරා සහ මාලක සිල්වා නොදන්නවා විය හැක. ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ තරමය. නමුත් පොලීසිය විසින් ගිනිඅවිය භාරදුන් මැරයා අත්අඩංගුවට නොගැනීම කාටත් ප්‍රහේලිකාවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍යට පවසා ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසිය විසින් නිසි පරීක්ෂණ සිදුකල යුතු බවයි.

මාලිගාවත්තේ කුඩ්ඩෙකු විසින් ජාතික කෞතුකාගාරයේ තිබු කෞතුක වස්තු සොරකම් කරන ලද්දේ ඒවා විකුණා එල්.ටී.ටී.ඊ. ය නැවත පණගැන්වීමට නැවත පණගැන්වීමට මුදල් රැස්කිරීමට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේදී කරන ලද ප්‍රකාශයත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඉහත ප්‍රකාශයත් අතර වැඩි වෙනසක් පෙනෙන්නට නොමැත. මාලක සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට පළමු ඉඟිය පොලීසිය විසින් මෙසේ ප්‍රකාශයට පත් කර ඇත. එක්කෝ පොලීසිය නපුංසකය, නැතහොත් නපුංසකයන් පොලීසියේය. සබරගමුව මැතිවරණ සමයේදී කහවත්තේ සංචාරය කරනවාට වඩා මාලක සිල්වා සහ මැර පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඉන් අනතුව කැමති පරීක්ෂණයක් සිදු කිරීම පොලිස්පතිගේ රාජකාරිය බව ඔහුට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.

මාලක සිල්වා හා මැරයන් පහර දුන් අවස්ථවේදී තමාට නිල බලයෙන් සපයා තිබු ගිනි අවියෙන් මේජර්වරයා ප්‍රයෝජනයක් නොගත්තේ මන්දැයි කිසිවෙකු විසින් ප්‍රශ්න කළ හැක. ඔහුගේ අවියෙන් එක උන්ඩයක් පිටවුයේ නම් මැරයන් අත වු සියළුම ගිනිඅවි පත්තුවන බව මේජර්වරයාට ක්ෂණයකින් ඒත්තු ගියා විය හැක. එබැවින් ඔහු ගුටි කා රෝහල්ගත වීමට හිත හදා ගත් බව පැහැදිළිය. ඔහු විසින් ආත්මාරක්ෂාව සදහා තම ගිනිඅවිය පත්තු කලේ නම්, ඔහු මුළු ශ්‍රී ලාංකීය සමාජයටම කළ හැකිව තිබු උපරිම සේවය ඉටු කළ අයෙකු වශයෙන් ඉතිහාසගත වන්නට තිබුනි. එලෙසම ඔහුද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මෙන් ඉතිහාසයට එක් වන්නටද ඉඩ තිබුණි. හමුදා මේජර්වරයා එදා ගුටි කෑවත් අද ජීවතුන් අතර සිටීම භාග්‍යයකි.

මාලක සිල්වා විසින් රඟපානු ලැබු පලවෙනි දඩබ්බර රඟපෑම මෙය නොවේ. නමුත් ඔහු දැන් රඟපෑවා ඇතිය. රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරියෙකුට පහරදී ඔහුගේ ගිනිඅවිය සොරා ගැනීමට තරම් මාලක සිල්වා මෝඩයෙක් නම්, මින් ඉදිරියේදී ඔහු කුමකින් කුමක් කරාවිදැයි සිතා ගැනීමටත් අපහසුය. මාලක සිල්වා මෙතෙක් පරිප්පු තිඛෙන හෝටලයකින් කා නොමැත. නමුත් දැන් ඔහු හෝටලයේ දොරකඩට පැමිණ සිටී. නුදුරේ දී ඔහු බඩ පුරා පරිප්පු කනු ඒකාන්තය.

හමුදා නිලධාරියෙකුට පහර දීමෙන් ඔහු කර ඇත්තේ ඔහුට ජන්මයෙන්ම උරුම වු මුග්ධ භාවය උපරිමයෙන් ප්‍රදර්ශනය කිරීමය. අද කකියන්නේ ගුටි කෑ නිලධාරියාගේ ලේ පමණක් නොව එම නිල ඇඳුමම අඳින ලක්ෂ තුනක් පමණ වු සමස්ථ සෙබළුන්ගේ ලේ ය. එම ලක්ෂ තුන අතරේ භාවනා යෝගීන් නැත. එනිසාම මාලක සිල්වා නුදුරේදීම පරිප්පු තිඛෙන හෝටලයකින් කෑම වළකා ලිය නොහැක. හමුදා ඉතිහාසයේ මේවාට නිදර්ශණ ඕනෑතරම් ඇත.

මාලක සිල්වා මෙන් මැරයන් පිරිවරාගෙන සමාජයේ සැරිසරන කුඩු මුදලාලිලා සහ අනිකුත් දාමරිකයන් එමටය. අවාසනාවකට මෙන් ඔවුන්ගේ මෙම මැර කල්ලි වල විශ්‍රාමික හමුදා සෙබලූන්ද වෙති. එය ඔවුන්ගේ රැකියාවය. දරු පවුල් නඩත්තු කිරීම සදහා එවැනි පාදඩයන් හට පක්කලිකම් නොකර හිඟාකෑම වඩාත් නම්බුකාර බව එම විශ්‍රාමික සෙබළුන් හට අවධාරනය කළ යුතුව ඇත. මන්ද යත් අවසානයේදී පෝරකයට යන්නේ හාම්පුතා නොව තම ආත්මය විකුණන මෙම අහිංසකයන් නිසාය.

උඩතලවින්න සමූහ මිනිස් ඝාතනයේ සැකකාර අප්පොලා නිදහස් වූ නමුත් ලුතිනන් විෙජ්රත්න ඇතුළු සෙබල කණ්ඩායම බෝගම්බරට ගාල් කෙරුනි. දුමින්ද සිල්වාගේ ගෝලබාල රංචුව අධිකරණයට ගෙනෙද්දී ඉදිරියෙන්ම පැමිණෙන්නේ උතුරු නැගෙනහිර යුද්ධයේදී අති විශිෂ්ඨ සේවාවක් කළ බණ්ඩාර නම් විශ්‍රාමික සෙබලෙකි. දුමින්ද සිල්වා රාජ්‍ය අනුග්‍රහය ඇතුව සිංගප්පුරුවේ වසයි. එම නිසා සමාජයේ පාදඩයන් හට ආරක්ෂාව සපයන සියලුම විශ්‍රාමික සෙබළුන් ඔවුන් පැලැඳි නිල ඇඳුමට නිග්‍රහ නොකොට එම රැකියා වලින් වහා ඉවත්විය යුතුය. නැතහොත් කවදා හෝ පෝරකයට යෑමට සුදානම්න් සිටිය යුතුය.

මාලක සිල්වා විසින් උගත යුතු විශේෂ වු පාඩමක් ඇත. එනම් 88-89 වකවානුවේ මුළු රටම බය කරගෙන තුන්ඩු කෑල්ලෙන් රට කරවූ දේශප්‍රේමීන්ටද වැරදුනේ හමුදාවට අත තැබු විටය. රෝහණ විෙජ්වීරගේ මුළු සංවිධානයම කුඩුපට්ටම් වීම ඇරඹුනේ එතැන් සිටය. සෝමවංශ අමරසිංහ පමණක් අද ජීවතුන් අතර සිටින්නේ හමුදා නිළධාරියෙකු විසින්ම ඔහුව රටින් පිට කළ නිසා ය.

අවසාන වශයෙන් හමුදාවට සහ හමුදාපතිටද මතක් කළ යුතු කරුණක් ද ඇත. පොළවල් ගානේ බණ්ඩක්කා විකිණීමෙන් සහ හන්දි ගානේ ගඩොල් බැඳීමෙන් සෙබලාගේ තත්ත්වය රැකගත නොහැක. පසුගියදා විශේෂ කාර්ය සෙබළුන් 4 කට දිවි පිදීමට සිදුවූයේ ගෙපල් කැපීමට දැමීමෙනි. විශේෂ කාර්ය බලකා සෙබලෙක් යනු සාමාන්‍ය සෙබලූන් 10 දෙනෙක් ලෙස ගණන් ගැනෙන බව නොදන්නවා විය යුතුය. සෙබලා අයිති හමුදාවට ය. හමුදාව අයිති මුළු රටටම ය. මෙය මහා රාවණාගේ හමුදාව ය. දුටුගැමුණුගේ, පරාක්‍රමබාහුගේ, විජයබාහුගේ හමුදාවය. ලොව බිහිසුනුම ත්‍රස්තවාදියා වූ ප්‍රභාකරන්ට අමුඩය ඇන්ද වූ හමුදාවය. මෙම කීර්තිමත් හමුදාවේ මෙන්ම සෙබළාගේ තත්ත්වය රැකගැනීම හමුදාපතිගේ වගකීමය. 'අපි වෙනුවෙන් අපි මිස අන් කිසිවකු නැති' බව හමුදාපති මෙන්ම සියලුම සෙබලුන් ද දැනගත යුතු
ය.

කර්නල් (විශ්‍රාමික) ජයවි ප්‍රනාන්දු
(ඩබ්.ඩබ්.වී., ආර්.ඩබ්.පී., ආර්.එස්.පී., යු.එස්.පී.)
හිටපු විශේෂ බලකා බලසේනාධිපති
 

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ලොව බිහිසුනුම ත්‍රස්තවාදියා වූ ප්‍රභාකරන්ට අමුඩය ඇන්ද වූ හමුදාවය.

    :yes: :yes: :yes: :yes:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කොහොම උනත් ළඟදීම මාලක සිල්වා නාඳුනන මැර ප්‍රහාරයකට ලක් වෙයි මං හිතන්නේ. දැන් ඉතින් මර්වින් ට තියෙන්නේ කුඩු ලාල් වගේ පුතාවත් එයාපෝට් එකටම ගිහින් බස්සල එන්න විතරයි.
     
    Mar 16, 2012
    310
    132
    0
    28357737.jpg
    තම මව මාලක සිල්වාට වෙන්දේසි කල අයෙක් බව පැහැදිලි වෙයි
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක්කෝ පොලීසිය නපුංසකය, නැතහොත් නපුංසකයන් පොලීසියේය.
    මෙම කීර්තිමත් හමුදාවේ මෙන්ම සෙබළාගේ තත්ත්වය රැකගැනීම හමුදාපතිගේ වගකීමය. 'අපි වෙනුවෙන් අපි මිස අන් කිසිවකු නැති' බව හමුදාපති මෙන්ම සියලුම සෙබලුන් ද දැනගත යුතුය.
    balamu issarahata kawda napunsaka kiyala
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රාජකාරියේ නියැලී සිටි යුද හමුදා මේජර් වරයෙකුට සහ ඔහුගේ සහයකයාට පහරදී මේජර්වරයාගේ ගිනි අවිය ද සොරකම් කළ බවට වාර්තා විය.
    බාර් එකේ මොන රාජකාරිද දන්නෙ නෑ කරේ නේද
    හෙ හෙ ලොල්

    reputation_neg.gif
    මාලක සිල්වා පරිප්පු... 09-14-2012 04:40 PM බාර් එකේ මොන රාජකාරිද දන්නෙ නෑ කරේ නේද
    reputation_neg.gif
    මාලක සිල්වා පරිප්පු... 09-14-2012 04:02 PM aththatama umbata thiyenne henama napunsaka part.
    reputation_neg.gif
    මාලක සිල්වා පරිප්පු... 09-14-2012 03:56 PM palayan yanna

    Anduwata Baninakota Kattiyata Ridila Wage
    Gotabayata Puka Deela Purudu Kattiyak Wage

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොළවල් ගානේ බණ්ඩක්කා විකිණීමෙන් සහ හන්දි ගානේ ගඩොල් බැඳීමෙන් සෙබලාගේ තත්ත්වය රැකගත නොහැක.

    Lol Eka Itin Oya Hamudapathi Hari Arakshaka Lekam Hari Nodannehida:P