මාලක සුද්දිව සිපගෙනලු
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවකදී විදේශ යුවළකට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත දැනට බන්ධනාගාරගතව සිටින අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගෙන් ඊයේ (03) කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මාලක සිල්වා මහතා දැනට ප්‍රතිකාර ලබන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ගොස් දීර්ඝ ලෙස ප්‍රකාශය සටහන් කරගෙන ඇත. එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකළ පොලිසියට මෙම ගැටුම ඇතිවීමට ප්‍රධාන සිද්ධි දාමය හෙළිකර ගැනීමට හැකිවී ඇත.
එනම් මාලක සිල්වා විසින් විදේශීය කාන්තාව සිපගෙන ඇති අතර එහි දී එම කාන්තාව සිය පාදයෙන් මාලක සිල්වාගේ යටිබඩට ප්‍රහාරයක් එල්ල කර ඇත. එම පහරත් සමග අඩපණ වූ මාලක සිය අතින් වෙර යොදා එම විදේශීය කතගේ මුහුණට පහරදී ඇත. එම පහරදීමෙන් ඇගේ තොල පැළී ලේ වැගිරීමට පටන්ගෙන ඇති අතර පසුව එය දුටු විදේශික කතගේ පෙම්වතා මාලක සිල්වාගේ නාසයට ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් මාලක සිල්වා ඇද වැටී ඇති අතර ඉන් අනතුරුව මාලකගේ සහචරයන් පිරිස එම යුවළට පහරදී ඇත. මෙම සම්පූර්ණ සිද්ධිය සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
එසේම ඊයේ (03) දිනයේ එම රාත්‍රී සමාජශාලවේ ආරක්ෂකයන් පස්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන්වා ප්‍රකාශ ලබාගෙන ඇති අතර එහි දී සඳහන් කර ඇත්තේ එම සමාජශාලාවට ඇතුළු වන විට අවශ්‍ය අවසරපත්‍ර ලබාගත යුතු වුවත් ඔවුන් කිසි දිනෙක එම ශාලාවට ඇතුළු වන විට අවසරපත්‍ර නොගෙන බලහත්කාරයෙන් ඇතුළු වන බවයි. කෙසේ වෙතත් ඊයේ (03) දිනය වන විටත් මාලක සමග සිටි සහචරයන් පිරිස අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා විය.
මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින මාලක සිල්වා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අද (04) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
විදෙස් ජාතිකයා රාත්‍රී සමාජ ශාලාවේදී තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.