මහින්ද පිළේ ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක්වීමට හෝ දේශපාලනයෙන් සමුගැනීමට පෙළගැසී සිටින බව මේ වනවිට හෙළි වී තිබේ. රාජපක්ෂවාදීන් කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවන පිරිසක් මේ අතර සිටින බව අනාවරණය වේ.
ජාතික ලයිස්තුවෙන් පත් කළ ජනප්‍රිය නිලි මාලනී ෆොන්සේකා මහත්මියද මේ අතර සිටින බව වැඩිදුරටත් අනාවරණය වේ. මෙයට පෙර අවස්ථාවකදී මාලනී ෆොන්සේකා මහත්මියට ඉල්ලා අස්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇයගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ උතුරුමැද පළාතේ හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් දීම සඳහාය. මුලදී මාලනී ෆොන්සේකා මහත්මි ඉල්ලා අස්වීමට අකමැතිවූවාය.
නමුත් පසුව එම මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිනීම ප්‍රතික්ෂේප කළේය. මේ නිසා ඉල්ලා අස්වීමෙන් පැය 24ක් ගතවීමටත් පෙර ෆොන්සේකා මහත්මිය යලි මන්ත්‍රීවරියක ලෙස දිව්රුම් දුන්නාය. මෙම සිද්ධියට මුල් වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව සිටී.
Code:
lankatruth.com
