මාලබේ කාන්තාවක සහ ‍පොලීසිය අතර ගැටුම පිළ&#3538

neha_lol

Member
Nov 24, 2014
47
4
0
මාලබේ කාන්තාවක සහ ‍පොලීසිය අතර ගැටුම පිළ&#3538

gossip.jpg

සමාජ වබේඅඩවිවල ගිය සතියේ වැඩිම අවධානයක් දිනාගනු සිද්ධිය වූයේ තරුණ කාන්තාවක් ‍පොලිස් නිලධාරීන් දෙදෙනකුට හතර අතේ බැණ වැදුණු සිද්ධියෙනි. එය තලංගම ‍පොලිස් වසමට අයත් පිට්ටුගල ප්‍රදේශයේ පිහිටි තොරතුරු තාක්ෂණ විද්‍යාතනය ආසන්නයේ පසුගිය 13 වෙනිදා සිදුවීමකි. සමාජ ජාල වබේ අඩවිවල සැරිසරන්නට වූ එම වීඩියෝවේ ඇත්තේ රථවාහන ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බි.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් ගත් කාන්තාවක් බැණ වදින දර්ශනයකි. ඇය බැණ වදින විට විශාල පිරිසක් ඒ තැනට රැස්වී සිටින අතර ඇය ඇතැම් විට තම සීමාව ඉක්මවා ‍පොලිස් නිලධාරීන්ට බැණ වදින ආකාරයක් දිස්වේ. ඒ කාන්තාවකට නුසුදුසු ආකාරයකිනි.
වීඩියෝ දර්ශනයේ මුළුමනින්ම ඇත්තේ ‍පොලිස් නිලධාරීන්ට ඇය බැණ වදිමින් ඔවුන් සමග ගැටුමකට අරඅදින කාන්තාව සහ රැස්ව ඒ දෙස බලා සිටින පිරිස්ය. ඇය එසේ දැඩි කෝපයකින් එසේ හැසිරෙන්නේ ඇයි දැයි හේතු වීඩියෝ දර්ශනයේ නැත. ‍පොලිස් නිලධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කරන ඇය අවසානයේදී එතැනින් ඉවත්ව යන්නේ ‍පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂක යතුරුපැදි හිස් ආවරණයද පැහැර ගෙනය. ඒ ඇගේ රියැදුරු බලපත්‍රය ‍පොලිස් නිලධාරීන් ලබාගෙන ඒ වෙනුවට දඩපත්‍රිකාවක් නිකුත් කිරීමට උරණවීය.
ඇගේ ඒ ක්‍රියාව කිසිසේත් අනුමත කිරීමට නොහැකිවූ වත් එය සමාජගත වන්නේ ජංගම දුරකථනයකින් එය වීඩියෝ ගත කළ සමාජජාල වබේ ක්‍රියාකරුවෙක් එය තමන්ගේ මුහුණු ‍පොතෙන් අන් අය සමග බෙදා හදා ගැනීමට පටන් ගැනීමත් සමගිනි. එකී වීඩියෝ දර්ශනය මුහුණු ‍පොතට ඇතුළත් කළාවූ පුද්ගලයා ඒ තුළින් අපේක්ෂා කළේ කුමක්දැයි පැහැදිලි නැතත් අවසානයේදී සිදුවන්නේ එකී කාන්තාව බි.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී වාහනයකින් ගමන් ගත් තැනැත්තියක් වූ බැවින් ඇයට එරෙහිව සමාජ ජාලය තුළ කථිකාවක් ඇතිවීමය. ‍පොලිස් නිලධාරීන් දෙදෙනා ඇය බැණ වදින විට ඊට ‍පොලීසියේ බලය මුදානොහැර ඉතා සංයමයකින් සිටීම හේතුවෙන් ‍පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන්ද ඇතිවන්නේ සමාජ කරුණාවකි.
ඒ දේවල් කෙසේ වෙතත් බඹරයට ගැසූ ගල්පහරක් මෙන් ‍පොලිස් බලධාරීන් කලබලයට පත්වන්නේ මුහුණු ‍පොතේ සැරිසරමින් තිබුණූ එම වීඩියෝවට ජාතික මාධ්‍ය වැඩි වටිනාකමක් දෙන්නට ගැනීමත් සමගිනි. ‍පොලිස් මූලස්ථානයෙන් තලංගම ‍පොලීසියට ඒ ගැන විමර්ශනයක් පවත්වන්නැයි නියෝගයක් පවා නිකුත් විය. ඒ අනුව විභාගයක් පැවැත්වූ ‍පොලීසිය ඒ සම්බන්ධයෙන් එම කාන්තාව මෙන්ම ඇගේ සැමියාවද අත්අඩංගුවට ගත්තේය. ‍පොලීසියේ නිල ප්‍රකාශයන්ට අනුව ඇයව අත්අඩංගුවට ගන්නේ ‍පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ ‍පොලිස් නිලධාරියාගේ යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම පැහැර ගැනීමේ චෝදනාවන්ටය. යතුරුපැදි හිස්වැසුම යනු රජයේ දේ‍පොළකි. ඒ වරදත් ඇගේ පිට පැටවෙන බවට වූ ඉඟි කිරීම් ‍පොලීසිය පැත්තෙන් කියැවිණි. ඇගේ සැමියාව අත්අඩංගුවට ගන්නේ ඇයට වාහනයක් පැදවීමට ඉඩදීම හේතුවෙනි. ඒ ඇයට රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම නිසා නොව සිය බිරිඳ මානසික රෝගී තැනැත්තියක් බව සැමියා ‍පොලීසියට පැවැසීම හේතුවෙන් මානසික රෝගී කාන්තාවකට වාහනයක් පැදවීමට දීම නිසාය. ඒ මෝටර් රථයේ හිමිකරු වන්නේ සැමියා වූ බැවිණි.
අත්අඩංගුවට ගත් මේ දෙදෙනාව කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී කාන්තාව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන අතර සැමියා මුදාහරින්නේ රුපියල් ලක්ෂයක ඇපයක් මතය.
මේ මතුපිටින් මේ සමස්ත සිදුවීම ගැන ‍පොලීසිය මැවූ චිත්‍රයයි. මෙහි අභ්‍යන්තරයේ සැඟවී ඇති බොහෝ කරුණු ‍පොලීිසිය මාධ්‍යයට වසන් කළේය.
මෙම සිදුවීම් මාලාව ඉතා ගැඹුරින් සොයා බැලීමකදී අනාවරණය වන්නේ මේ කාන්තාව කුකුල් කේන්ති කාරියක් බවය. ‍පොඩි අසාධාරණ දෙයක් දුටුවත් ඇය ඊට එරෙහිව යාම ඇගේ ස්වභාවයයි. එදා සවස ඇය සිය සැමියාගේ මෝටර් රථය රැගෙන කඩුවෙල පැත්තේ පිහිටි නිවසේ සිට යන්නේ මාලඹේ ප්‍රදේශයේ ඇති උපකාරක පන්තියකට ගොස් සිටි වැඩිමහල් දියණිය රැගෙන එන්නටය. ඒ යන්නේ ඇය වයස අවුරුදු දෙකහමාරක් වන බාල දියණියවද කැටුවය. වැඩිමහල් දියණියවද වාහනයට නන්වාගත් ඇය නිවස බලා යමින් සිටියදී මාලඹේදී රථවාහන අංශයේ ‍පොලිස් නිලධාරීන් වාහනය නතර කරන්නේ අපරික්ෂාකාරීව මෝටර් රථයේ ගමන් විලාශය දැකීමෙනි. ‍පොලීසිය පවසන පරිදි ඇය සිට ඇත්තේ රියැදුරු අසුනේ සිට වාහනය පදවමින් බාල දියණියට මව් කිරි දෙමිණි.
ඇය ‍පොලිස් අණට කීකරු වෙමින් වාහනය නතර කරනු ලැබිය. වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඇය ‍පොලීසියට බනින්නේ තමාගෙන් මුදල් ඉල්ලූ බව පවසමිනි.
ඇය ‍පොලිස් නිලධාරීන්ට බැණ වැදීමෙන් පසු යතුරුපැදි හිස් ආවරණයද කොල්ලකාගෙන නිවසට ගොස් ඒ බව මුලින්ම කියන්නේ සැමියාටය. ‍පොලිස් නිලධාරීන් තමාගේ රියැදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගත් බැවින් තමා ඒ අයගේ හිස් ආවරණය රැගෙන ආ බව ඇය කී බව සඳහන්ය. ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක් වන සැමියා දැනුම් තේරුම් ඇත්තෙකි. සිය බිරිඳ කර ඇත්තේ හිරේ විලංගුවේ වැටෙන තරමේ වැරැද්දක් බව දත් ඔහු ඒත් එක්කම යන්නේ තලංගම ‍පොලිස් ස්ථානයටය. ඒ ඇය විසින් පැහැරගෙන ආ හිස් ආවරණයත් රැගෙනය. ඒ යන විට තවත් යමක් රැගෙන යන්නට ඇය අමතක නොකළාය. ඒ ඇය යම් මානසික රෝගී තත්ත්වයකට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ගනු ලබන සායනික පත්‍රිකාවද රැගෙනය.
‍පොලිස් ස්ථානාධිපතිවරයා මුණගැසෙන ඔහු බිරිඳගේ මානසික තත්ත්වය ගැන පැහැදිලි කර දෙමින් බිරිඳ වෙනුවෙන් සමාව අයැද සිටියේ නැවතත් එවැනි වැරැද්දක් වන්නට ඉඩ නොතබන බවට වූ ‍පොරොන්දුවක්ද දෙමිණි.
ඒ වන විට ‍පොලිස් ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන්ට සිදුවූ සියල්ල ‍පොලිස් ‍පොතේ සටහන් තබන්නට උපදෙස් දී තිබුණු බැවින් එය ‍පොතේ ලියැවී තිබුණේ ගොඩින් බේරෙන්නට බැරි විදිහටය. නමුත් ‍පොලිස් ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන් කැඳවා ඒ සම්බන්ධයෙන් බිරිඳ වෙනුවෙන් සැමියා කරනු ලබන ආයාචනය හේතුවෙන් සමථයට පත්විය හැකිදැයි විමසා බලන්නටද අමතක නොකළේය. මානුෂිකත්වයට එහිදී එම නිලධාරීන්ද මුල්තැන දෙමින් ඒ සම්බන්ධයෙන් සටහනක් තබා පැමිණිල්ල එතැනින් හමාර කළේය.
ව්‍යාපාරිකයාට තරමක අස්වැසිල්ලක් ලැබෙන්නේද ඒ සමගය. ඒ නිසාම ඔහු රථවාහන අංශයේ ‍පොලිස් නිලධාරීන් දෙදෙනාට තමා සමග මත්පැන් වීදුරුවක් තොල ගාන්නට ආරාධනාවක්ද කළ බව සඳහන්ය. ඒ ආරාධනාව ඔවුන් පිළිගත්තත් ව්‍යාපාරිකයා සමග ඒ කටයුත්තට යන්නේ එක් නිලධාරියෙක් පමණි.
එකී නිලධාරියා සමග ඇගේ ව්‍යාපාරික සැමියා එදා රාත්‍රියේ මධුවිත තොල ගාන්නට යන්නේ තලවතුගොඩ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකටය. මැති ඇමැතිවරුන්ගේද පහස ලබන ඒ සමාජශාලාවේ පැය කිහිපයක් ගතකරන ඔවුන්ගේ බිල්පත රුපියල් 35000 කි.
‍පොලිස් නිලධාරීන්් දෙදෙනෙක් කාන්තාවක් දරුවට කිරි ‍පොවමින් වාහනයක් පදවාගෙන ගොස් ‍පොලීසියට හසුවීමත් එම කාන්තාව ‍පොලීසිය සමග ගැටීමත් සමග එය සමාජ ජාල වබේ අඩවිවල සැරිසැරීමත් ‍පොලිස් බලධාරීන්ගේ අවධානයට එය යොමුවීමත් ඒ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනයක් නොපවත්වා ‍පොලීසිය තමන්ට සිදුවුණු හානිය ගැන පමණක් සලකා බලා ප්‍රශ්නය මතුපිටින් අතපතගා විසඳීමත් කිරිබොන වයසේ පසුවන දරුවෙක් සිටින මවක් බන්ධනාගාරගත කිරීමට අවැසි පියවර ගැනීමත් සිදුවන්නේ ඒ හා බැඳුණු සැඟවුණු කතා බොහොමයක් තිබියදීය. ‍පොලිස් බලධාරීන් දැන් සූදානම් වන්නේ තලංගම ‍පොලිස් ස්ථානාධිපතිවරයාටත් වැඩේ දෙන්නටය. ඒ ස්ථානමාරුවක්ද නැතිනම් වැඩ තහනම් කිරීමක්ද යන්න තවමත් කියන්නට කල්වැඩිය. නමුත් මේ දෙකෙන් එකක් සිදුවනු ඇත. ඒ දෙය සිදුවන්නේද මේ ප්‍රශ්නය හුදෙක් සරල සමාජ සිද්ධියක් ලෙස සලකා මිස ගැඹුරින් සොයා බැලීමකින් තොරවය.

ගයාන් කුමාර වීරසිංහ lakbima.lk
 
Last edited:

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පොලිසිය හරිද? ගෑණි හරිද?කියන එක නෙවෙයි මම කියන්නේ.මේ සිද්දියවත් මුල්කරගෙන පොලෝසියට කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරන ප්‍රතිපත්තිය නවත්තන්න ඕන කියන එකයි කතාවේ හරය. ගෑණි හරි හෝ වැරදි දඩුවම් ලැබුණ නේ. හැබැයි එකෙන් පොලිසිය ක්‍රියා කරන විදිය සාදාරණයි කියල කියවෙන්නේ නෑ .
     
    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    ලංකාවේ පොලිසිය යනු තමන් අමරුවේ වැටෙනවිට පමණක් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකි.
     
    Dec 1, 2013
    188
    30
    0
    මචන් මෙයාල drink එකක් දාන්න ගිය club එක මම නිතරම යන එකක්. තියෙන්නෙ තලවතුගොඩ. මෙතන club එකේ නම කියන එක හරි නෑ කියලයි මටනම් හිතෙන්නෙ. කොහොම හරි එදා මේ දෙන්නගෙ bill එක 45,000 කට කිට්ටුයි කියලයි මටනම් දැනගන්න ලැබුනෙ. මේ case එක ඇදුනට පස්සෙ දැන් දවස් 2ක් club එක වහල. :baffled: :confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලොක්කයිය;18682612 said:
    මචන් මෙයාල drink එකක් දාන්න ගිය club එක මම නිතරම යන එකක්. තියෙන්නෙ තලවතුගොඩ. මෙතන club එකේ නම කියන එක හරි නෑ කියලයි මටනම් හිතෙන්නෙ. කොහොම හරි එදා මේ දෙන්නගෙ bill එක 45,000 කට කිට්ටුයි කියලයි මටනම් දැනගන්න ලැබුනෙ. මේ case එක ඇදුනට පස්සෙ දැන් දවස් 2ක් club එක වහල. :baffled: :confused:

    දෙන්නා කිවුවෙ මහින්දයි රනිලුයි නේද? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොක්කයිය;18682612 said:
    මචන් මෙයාල drink එකක් දාන්න ගිය club එක මම නිතරම යන එකක්. තියෙන්නෙ තලවතුගොඩ. මෙතන club එකේ නම කියන එක හරි නෑ කියලයි මටනම් හිතෙන්නෙ. කොහොම හරි එදා මේ දෙන්නගෙ bill එක 45,000 කට කිට්ටුයි කියලයි මටනම් දැනගන්න ලැබුනෙ. මේ case එක ඇදුනට පස්සෙ දැන් දවස් 2ක් club එක වහල. :baffled: :confused:

    profilepic495311_2.gif

    ඔයා ක්ලබ් එකට යන්නෙ ඔය විදියට නේද.?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පොලිසිය හරිද? ගෑණි හරිද?කියන එක නෙවෙයි මම කියන්නේ.මේ සිද්දියවත් මුල්කරගෙන පොලෝසියට කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරන ප්‍රතිපත්තිය නවත්තන්න ඕන කියන එකයි කතාවේ හරය. ගෑණි හරි හෝ වැරදි දඩුවම් ලැබුණ නේ. හැබැයි එකෙන් පොලිසිය ක්‍රියා කරන විදිය සාදාරණයි කියල කියවෙන්නේ නෑ .

    ඔව් ඒ කතාව හරි. තලගොයා තලගොයාමයි.

    මේ කාන්තාව 1. රාජකාරියේ යෙදුන රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට බැන වැදිලා (රාජ්‍ය නිලධාරීන් අයිති පොලීසියටද, සෞඛ්‍ය සේවයටද, ප්‍රවාහන සේවයටද කියන එක වැදගත් නෑ.) 2. ඔවුන්ගේ රාජකාරියට බාධා කරල (දඩ කොලය ඉරා දැමීම ) 3. රාජ්‍ය දේපල (ලියකියවිලි හා හෙල්මට් එක ) පැහැරගෙන ගියා.

    ඊළඟට අදාළ ආයතන ප්‍රධානියා (නැවතත් වරක් අවධාරණය කල යුත්තේ ඔහු අයිති පොලීසියටද, සෞඛ්‍ය සේවයටද, ප්‍රවාහන සේවයටද කියන එක වැදගත් නැති බවයි.) ඒක පෞද්ගලිකව "සමථයකට පත් කරලා".

    මේ ක්‍රියාව 100% ම වැරදියි. රාජ්‍ය දේපල පැහැරගෙන යාම "සමථයකට පත් කරන්න" බෑ. අනිවාර්යයෙන්ම උසාවි යන්න ඕන. අනික ඇප දෙන්න බෑ (ගෑනිට ඇප නැත්තේ ඒකයි.). මේ වැරදි සම්බන්ධයෙන් සාක්ෂි දැන් පොදු දේපලක් වෙලා (youtube) නිසා අනිවා දඩුවම් දෙන්න වෙනවා. නැත්නම් මුදල් බලය අනුව නීතිය ක්‍රියාත්මක වීම වෙනස් වන බව නිල වශයෙන් පිළිගන්න වෙනවා. මානසික රෝගයේ බලපෑම තීරණය කළ හැක්කේ උසාවියට විතරයි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මචන්, ෆිට් එකට කියන්නේ, දැන් අරූ මොකක් හරි පත උත්තරයක් දැම්මොත් උබ ගනන් ගන්න එපා.. දැක්කෙ නෑ වගේ හිටපන්..:dull:
     
    Dec 1, 2013
    188
    30
    0
    පැටියා;18682633 said:
    දෙන්නා කිවුවෙ මහින්දයි රනිලුයි නේද? :eek:

    "එකී නිලධාරියා සමග ඇගේ ව්‍යාපාරික සැමියා එදා රාත්‍රියේ මධුවිත තොල ගාන්නට යන්නේ තලවතුගොඩ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකටය. මැති ඇමැතිවරුන්ගේද පහස ලබන ඒ සමාජශාලාවේ පැය කිහිපයක් ගතකරන ඔවුන්ගේ බිල්පත රුපියල් 35000 කි."

    ඔය රතු පාට කරල තියෙන උන් දෙන්න බොල :D :yes: