මාලිංගගේ නව වාර්තාවක්
මාලිංගගේ ආලිංගන යෝකර් පන්දුවෙන් නව වාර්තාවක්
ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසය අළුත් කරයි
පවනට බඳු වේගයෙන් පිතිකරුවාගේ පාදය දෙසට යෝකර් පන්දු යවන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ නව වාර්තාවක් තබයි.
එනම්, මෙම තරගාවලි ඉතිහාසයේ මෙතෙක් වැඩිම කඩුළු ලබාගත් පන්දු යවන්නා වෙමිනි.
ලසිත් මේ වනවිට, මෙවර තරගාවලියේ තරග 11 ක් තුළ කඩුළු 26 ක් බිඳ දමා තිබෙන අතර 2008 වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වූ දා සිට තරග 37 කදී කඩුළු 59 ක් බිඳ දමා තිබේ.
මෙවර තරගාවලියේ දෙවැනියට වැඩිම කඩුළු ලබාගෙන තිබෙන්නේද මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මුනාෆ් පටෙල් වන අතර ඔහු තරග 11 ක් තුළදී කඩුළු 17 ක් බිඳ දමා ඇත.
Kings XI Punjab කණ්ඩායමේ නායක, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් පවසා තිබෙන්නේ මෙවර තරගාවලියේ මුහුණ දුන් භයානකම පන්දු යවන්නා මාලිංග බවයි.