මාලිංගගේ නව වාර්තාවක්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මාලිංගගේ නව වාර්තාවක්

    මාලිංගගේ ආලිංගන යෝකර් පන්දුවෙන් නව වාර්තාවක්

    2496Lasith-Malinga.gif


    ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසය අළුත් කරයි

    පවනට බඳු වේගයෙන් පිතිකරුවාගේ පාදය දෙසට යෝකර් පන්දු යවන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ නව වාර්තාවක් තබයි.

    එනම්, මෙම තරගාවලි ඉතිහාසයේ මෙතෙක් වැඩිම කඩුළු ලබාගත් පන්දු යවන්නා වෙමිනි.

    ලසිත් මේ වනවිට, මෙවර තරගාවලියේ තරග 11 ක් තුළ කඩුළු 26 ක් බිඳ දමා තිබෙන අතර 2008 වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වූ දා සිට තරග 37 කදී කඩුළු 59 ක් බිඳ දමා තිබේ.

    මෙවර තරගාවලියේ දෙවැනියට වැඩිම කඩුළු ලබාගෙන තිබෙන්නේද මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මුනාෆ් පටෙල් වන අතර ඔහු තරග 11 ක් තුළදී කඩුළු 17 ක් බිඳ දමා ඇත.

    Kings XI Punjab කණ්ඩායමේ නායක, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් පවසා තිබෙන්නේ මෙවර තරගාවලියේ මුහුණ දුන් භයානකම පන්දු යවන්නා මාලිංග බවයි.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපේ කොල්ලන්ගෙ වටිනාකම මෙහෙ ඉන්න මීහරක් බළධාරීන්ට අගයක් නෑ...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..

    Kings XI Punjab කණ්ඩායමේ නායක, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් පවසා තිබෙන්නේ මෙවර තරගාවලියේ මුහුණ දුන් භයානකම පන්දු යවන්නා මාලිංග බවයි.
    අනිවා මිනිහට එහෙම කියන්න වෙනවා.. ඊයේ වැදුනනේ මාලින්ගේ හොද බෝල් පාරක් ඔලුවට ඇඩේන්න:cool:
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අපේ කොල්ලන්ගෙ වටිනාකම මෙහෙ ඉන්න මීහරක් බළධාරීන්ට අ ගයක් නෑ... Sahathika Atta machooo
     

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    lankawe sinhayo yakada polu dekata kadaiiii.........!!! way 2 MALIIII......!!! do all wel in the rest f da matchz aswl...!!!