මාලිංගලා මංජුලා සහ චින්තනලා

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මාලිංගලා මංජුලා සහ චින්තනලා

අද කාටවත් නොදැනෙන්න මංජුගේ රන් පදක්කම නැති වී තිබේ.එදා මංජුව කරේ තියාගෙන යන්නට සිටි බොහෝ දෙනක් මංජු සමග නැත.
මා මීට පෙරද මේ ගැන ලිව්වෙමි.මංජුගෙන් ශ්‍රී ලංකාවට ලැබුනු රන් පදක්කම වේල්සයට යද්දි අද මංජු සුසුම් හෙලනවා විය හැක.එදා රන් පදක්කම පිටින් රන් තලියකටත් වඩා වටිනා ක්‍රීඩකයකු අද වන විට මුල්ලකට දමා ඇත්තේ ඔහුගෙන් තවත් ගත යුත්තක් නොමැති බැවිනි.
චින්තන ගීතල් විදානගේ රන් පදක්කම රැගෙන එන විටද තත්වය මෙයම විය.පදක්කම රැගෙන ලංකාවට පා නගන විට ඔහුට කාර් ලැබුනේය,ගෙවල් ලැබුනේය ක්‍රීඩා කරන්නටද අම්බානෙක භාන්ඩ ලැබුනේය.ඒවා සියල්ල කටින් ලැබුන දේවල් බව පසුව හොදාකාරවම වටහා ගත හැකියාව ලැබුනි.එදා චින්තන කාර් ,ගෙවල් ඉල්ලුවේ නැත.චින්තන ඉල්ලුවේ හද්දා පිටිසර පොලොන්නරුවට අංග සම්පූර්න ව්‍යායාම් මධ්‍යස්ථානයක් පමනි.කාර් ගෙවල් කෙසේ වෙතත් චින්තනට එය ලැබුනෙත් නැත.
අපේ කෙල්ලෝ කොල්ලන් මාස ගනන් මහන්සි වී දහඩිය මුගුරු දමාගෙන දිවා රෑ නොබලා පුහුනු වීම් කර ශ්‍රීලංකාවට ගෙන එන රන් රිදී ලෝකඩ හෝ ඕනෑම ජයග්‍රහනයකදී ගොඩ වඩා ගන්නේ දේශපාලුවෙකි.දිනුවාම අම්මා තාත්තටවත් නැති දරු කැක්කුමක් හැදේ.පලමු මල් මාලය දාන්නේද උන්නාන්සේය.ඒක එතනින් එහාට ගෙනියනවා නම් කමක් නැත.ඒ නමුත් සිදුවන්නේ එච්චරය.ආයේ උන්නාන්සේ එන්නේ තවත් කවුරුන් හෝ පදක්කමක් දිනා ගත් විටය.


මේ ලිපිය මංජුගෙන් ඇරඹුවද ගමේ මනුස්සයා ගැන නොලිව්වොත් එයද අඩුපාඩුවක් වනු ඇත..
ඉතින් ලසිත් මාලිංග දෙසට හැරෙමු.,
රත්ගම එක්ස්ප්‍රස් එහෙමත් නැති නම් සුද්දාට අනුව ස්ලින්ගා මලින්ගා යනුවෙන් හදුන්වන මාලින්ගටද වන්නේ කාගේවත් බයිටට් එකක් වන්නටය.සහතිකවම මාලිංගට පාදයේ ආබාධයක් තිබුනි.ජනාධිපතිතුමාගේ ඩොක්ටර් අංකල්ගෙන් බෙහෙත් ගත් පසු නැවත ක්‍රීඩා කිරීමට හැකි ලෙසට සනීප වූවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තරම් සනීපයක් නැති බව ඔහු එක් වරක් දෙවරක් නොව කීප වරක්ම මාධ්‍යට ප්‍රකාෂ නිකුත් කලා හොදට මතකය.අදාල බලධාරීන්ට මාලින්ග සමග මුල සිටම ප්‍රශ්න තිබූ බව කියවේ.මාලිංගගේ කොන්ඩය ගැන විනය පරීක්ෂන කරන්නට ගිය හැටිද අමතක නොවේ.ක්‍රීඩකයන් අදින පලදින විදිහෙන් රටක කීරිතිනාමයට හානියක් වන බව සැබැවි.නමුත් ඒසේ හානියක් වන්නේ නොගැලපෙන විලාසිතා හෝ පරුශ හැසීරීම් නිසා බව අදාල බලධාරීන්ට චූටි මොල වලට නොවැටහීම දුකට කාරනයකි.
පිටිය මැදදී නිතරම සිනහවෙන් සිටිනා (හතරේ එකක් ගැහුවත් හිනා වෙන ක්‍රීඩකයකි) ක්‍රිකට් විචාරකයන්ගේ පවා පැසසුමට ලක් වූ මාලිගේ කොන්ඩය අපේ එවුන්ට ප්‍රශ්නයක් ය.හර්බුජාන්ලා ,රිකී පොන්ටින්ග්ලා , ශෝන් ටේට් ලා එක්ක තැබූ විට මාලිගේ හැසිරීම අංක 1 ට පවතී.රත්ගම සිටින්නේ මැරයන්ම පමනක් නොව වැඩකරුවන්ය යන්නට මාලිංග හොද උදාහරණයකි.ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන විවිධ ප්‍රශ්න තිබුනත් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සුවිශේෂය.
ටෙස්ට් ක්‍රිකට් වලින් සමු ගැනීමට තීරනය කිරීම ඔහු දේශද්‍රෝහියෙකු කිරීමට මූලික හේතුව කර ගත් පාලක මන්ඩලය රටට ආතල් දෙන ප්‍රකාශ නිකුත් කරේ කිසිදු වගක් නොදැනය.පාදයේ ආබාධය නිසා ශ්‍රීලංකා ක්‍රිකට් සමග තිබූ ගිවිසුමද අවලංගු කර දැමූ පුද්ගලයින්ම අද කියන්නේ මාලිංගට පාදයේ ආබාධයක් නොමැති බවය.IPL සල්ලි නිසා ටෙස්ට් ක්‍රිකට් අත අරින්නට තරම් මාලිංග ගුනමකුවකු නොවන්නේ එබැවිනි.අනෙක් අතට මාලිංගගේ රස්සාව ක්‍රිකට් ගැසීමයි.සල්ලි හොයන්නේ ක්‍රිකට් වලින් නම් තවත් ටෙස්ට් ක්‍රීඩාකර ආබාධ නිසා බන්කුවට වී තරුන ක්‍රීඩකයෙකුගේ අවස්තාව කා දමනවාට වඩා මාලිංග ක්‍රියා කල ආකාරය අගනේය.පාලක මන්ඩලයට දුක ඇත්තේ මාලිංග යෑම ගැන නොවන බව සැබෑව. සියලුම ක්‍රීඩකයන් කලින් ගෙන්නා ගැනීමට පොර ටෝක් දුන්නාට සිංහ නාදය හකුලව ගන්නට ඔවුන්ට සිදු වුනේ පෙර කල වැරදි බැවින් බව අද සියලු දෙනාම දනී.අන්තිමට රත්ගම මාලිංග ,පොලොන්නරුවේ චින්තන සමග පමනක් නොව කන්ද උඩරට මංජු සමගද අපේ රටේ ජනතාව එකතු වී සිටින්නේ ඔවුන්ට ඇති සැබෑ ආදරය නිසාය..එය දේශපාලුවන්ගේ සල්ලි මලු වලට යට නොවන ආදරයක් බව පුන පුනා කීමටද උවමනා වන්නේ නැත.
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    images
     

    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    few questions bro

    1. meka UPFA anduwak ina nisad siduwene?
    2. UNP awanam mewa nowenawad?
    3. poduwe desapalanyayantad kiyane nattan hamoma ekaid?
    4. last question uba UNPd? :P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කතාවනම් සහතික ඇත්ත මචන්.
    එත් උඹල ලියයි අපි කියවයි.
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |

    ඊට පස්සේ???????????????
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    "එදා මංජුව කරේ තියාගෙන යන්නට සිටි බොහෝ දෙනක් මංජු සමග නැත."

    එහෙම වෙන්න හේතු ඇත..