මාලිංග රට හැරයාමට සැරසෙයි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මාලිංග රට හැරයාමට සැරසෙයි

    මාලිංග රට හැරයාමට සැරසෙයි



    image_ff8f67ff9f.jpg

    ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ඕස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය සඳහා යාමට අවශ්‍ය ලියකියවිලි මේ වන විටත් සකස්කරගෙන අවසන් බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. සිය පවුලේ අයත් සමගින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමෙන් පසුව වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවකු වශයෙන් කටයුතු කිරීමට ද මාලිංග බලාපොරොත්තු වන බවද දැනගන්නට තිබේ.
    බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 26 වැනිදා සිට පැවැත්වෙන එක්දින තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ලසිත් මාලිංග සූදානම් වන බව දැනගන්නට තිබේ. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ස්ථිර වචනයක් සිය සමීපතමයින්ට හෝ පැවසීමා මාලිංග ඉදිරිපත් ව නැත.
    මාලිංග සමුගන්නේ බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙන කිනම් තරගයේදීද යන්න මාලිංගගේ සමීපතම අයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ස්ථිර දිනයක් කිව නොහැකි බවයි.
    “මීට ඉස්සරවෙලාත් එයා කිය කියා හිටියා මට නම් දැන් ඇති වෙලා...මම සමුගන්නවා කියලා...ඒත් එයා ආයෙමත් ගිහින් සෙල්ලම් කළා”
    “මේ වෙලාවේ එයා කොයි එක්දින තරගයෙන් සමුගන්නවාද කියලා ස්ථිරවම කියන්න පුළුවන් කමක් නෑ....කොහොම වුණත් එයා මේ තරගාවලියේදී නම් අන්තරජාතික තරග බිමෙන් සමුගනීවි” යයි එම තැනැත්තා පැවසීය.
    මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ සිටින ලසිත් මාලිංග එහි සිට දුරකතනයෙන් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා අමතා ප්‍රකාශ කර ඇත්තේ තමන් පළමු එක්දින තරගයෙන් පසුව සමුගන්නා බවයි. එහෙත් තේරීම් කමිටු සභාපතිවරයාගේ ඉල්ලීම වී ඇත්තේ තරග තුනම ක්‍රීඩා කිරීමෙන් පසුව සමුගන්නා ලෙසයි.
    “අපට මේ වෙලාවේ මේ තරගාවලිය හෝ දිනාගන්න පුළුවන් වුණොත් අපේ කණ්ඩායම හදාගන්න ඒක ලොකු සහයෝගයක් වේවි. ඒ නිසා තරග තුනම ක්‍රීඩා කරන්න කියලා මම එයාගෙන් ඉල්ලීමක් කළා” යයි තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.
     
    • Like
    Reactions: Mohowk

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    Malinga kee weni match ekenain weida danne ne neda bn? match eka balanna yanna inne koi ekata yannada kiyala hitha ganna be.