"වත්මන් ක්රිකට් පිටියේ සිටින
දක්ෂතම වේග පන්දු යවන්නා මාලිංග"
එහම කිව්වේ ක්ලාර්ක්. ඔස්ටේ්රලියා ක්රිකට් කණ්ඩායමේ නායකයා.
එදා ක්ලාර්ක් කියපු දෙය ඇත්ත බව මාලිංග යළිත් වරක් ඔප්පු කරා. ඒ අයිසීඑල් තරගාවලියේදී. එම තරගාවලියේදී මාලිංග වීරයෙක් වුණා. මුම්බායි පිලේ වීරයාගේ චරිතයට පණ පෙවූ මාලිංග ඒ කණ්ඩායමේ විතරක් නොවේ තරගාවලියේත් වීරයා බවට පත්වුණා. ඒ පන්දු යෑවීමේ දක්ෂතාවලින් විතරක් නොවේ. පිතිහරඹයේ දක්ෂතාවලිනුත් ඉහළට ඇවිත්.
මුම්බායි පිල අයිසීඑල් තරගාවලියට පිවිසුණේ එහි නායක සචින් ටෙන්ඩුල්කාර් ද නැතුව. ඒ විතරක් නොවේ රෝහිත් ෂර්මා සහ මුනාµaa පටෙල් ද මෙවර කණ්ඩායමේ සිටියේ නැහැ. ඒ නිසා නායකයා වුණේ හර්බජාන්. පොලාර්ඩ්, සයිමන්ස්, බිෂාර්ඩ් යන විදෙස් ක්රීඩකයන් ඔවුන් සතුව සිටියා. ඒත් ශ්රී ලංකාවේ මාලිංගට මුම්බායි කණ්ඩායමේ සුවිශේෂී තැනක් හිමිවෙලා තිබුණා.
ඔවුන්ගේ පන්දු යෑවීමේ තුරුම්පුව වෙලා තිබුණේ මාලිංග. ටෙන්ඩුල්කාර් ෂර්මා නැති මුම්බායි පිලේ ජවය වෙලා තිබුණේත් පන්දු යෑවීමේ අංශය.
ඒ නිසා මාලිංග නම් තුරුම්පුවේ අගය මුම්බායි පිලට වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තා.
ඒ වටිනාකම නිසි ලෙස මුම්බායි පිලට ලබාදෙන්න මාලිංග සමත් වුණා. අවසන් පූර්ව තරගයේ වීරයා බවටත් මාලිංග පත්වුණා. මාලිංගගේ ඒ දක්ෂතා නිසා මුම්බායි කණ්ඩායමට අවසන් තරගයට ඒමට පුළුවන්කම ලැබුණා. එම තරගයේදී මාලිංග කඩුලු 4 ක් දවා ගත්තා. ඒ සියලුම කඩුලු මාලිංග නමින් ලියවුණේ කෙලින්ම පන්දුව කඩුල්ලේ දැවී ගිය අවස්ථාවන් ලෙසින්. තීරණාත්මක අවසන් මහා තරගය පසුගිය ඉරිදා පැවැත්වුණා. ඒ චෙන්නායිහිදී. මාලිංගලාගේ ප්රතිවාදීන් වුණේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම.
ක්රිස් ගේල්, විරාත් කෝලි, තිලකරත්න ඩිල්ෂාන් යන ප්රබල පිතිකරුවන් ඒ කණ්ඩායම සතුව සිටියා. ඔවුන් අවසන් මහා තරගය කරා පැමිණ තිබුණේ ඒ පිතිකරුවන්ගේ දක්ෂතාවලින්. ක්රිස් ගේල්ගේ කස පහර වැනි පිති ප්රහාරයන් තරගාවලිය පුරා රැව් පිළිරැව් දී තිබුණා. කෝලි අවසන් පූර්ව තරගයේ සහ අවසන් පූර්ව තරගය කරා රෝයල් පිල පැමිණි ගමන් මගේ වීරයා බවට පත්වෙලා තිබුණේ. ලකුණු 214 ක් සහ ලකුණු 203 ක් හඹා ගොස් ඔවුන් ජයග්රහණයන් ලබාගෙන තිබුණා. ඒ නිසා රෝයල් කණ්ඩායමේ පිතිකරු බළඇණිය ශක්තිමත්ව සිටියා. අවසන් තරගයේදී මුම්බායි කණ්ඩායම රෝයල් පිලට එරෙහිව රැස් කළේ ලකුණු 139 ක් විතරයි. එහිදීත් මාලිංග හයේ පහරක් සහ හතරේ පහරක් ද ඇතිව ලකුණු 16 ක් රැස්කර තිබුණා. ලකුණු දෙසීය ඉක්මවා ගොස් ජයග්රහණ වාර්තා කර තිබූ රෝයල් පිලට බැලූ බැල්මට එය ඉතා පහසු ඉලක්කයක් ලෙසිනුයි පෙනුණේ. ආරම්භක පිතිකරුවන් ලෙස ක්රිස් ගේල් සහ තිලකරත්න ඩිල්ෂාන් පිටියට පැමිණියේ රෝයල් ජයග්රහණය අත පොවන මානයක තිබියදීයි. ඒ දෙය තවත් සනාථ කරමින් ඔවුන් දෙදෙනා පළමු පන්දු වාර 4 තුළ ලකුණු 38 ක් වාර්තා කර ගත්තා. විශේෂයෙන් ඩිල්ෂාන් එහිදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 27 ක් ලබාගෙන තිබුණා. ඒත් පස්වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ පටන් මාලිංග වැඩ පටන් ගත්තා. මාලිංගගේ යෝකර් පන්දුවක් හමුවේ ඩිල්ෂාන් දැවී ගියා. එතැන් පටන් රෝයල් ඉනිමේ කඩාවැටීම ආරම්භ වුණා. ක්රිස් ගේල්, විරාත් කෝලි හර්බජාන් හමුවේ දැවී ගියා.
මුම්බායි කණ්ඩායම තරගය ජය ගත්තා. මාලිංග තවත් කඩුල්ලක් දවාගත්තා. ඒ සමඟම තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවට ද පත්වුණා. තරගාවලියේ වීරයා බවට ද පත්වුණා. දෝණිගේ චෙන්නායි කණ්ඩායමට එරෙහිව ද මාලිංග තරගයේ වීරයා බවට පත්වී තිබුණා. ඒ පන්දු 18 ක් තුළ නොදැවී ලකුණු 37 ක් රැස් කරමින් ජයග්රහණය කරා ගෙනයැම නිසා. අවසානයේ මාලිංග අයි සී එල් වීරයා ලෙස සම්මාන ලැබුවා.