FB උපුටා ගැනීමක් එක එක vote base එක පොසිශන් වෙන්නේ කොතනද කියන එක ගැන. තමන්ගේ position එක බලාගන්න.
මාලිමාව ජය කණුව කරා යාවිද? 
මාලිමාවට ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සඳහා ගමන් කළ හැකි මාර්ගයක් දැන් පැහැදිලිව විවෘත වී තිබෙනවා. (මේ කියන්නේ අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා කියලා නෙමෙයි)
මම මෙතන උත්සාහ කරන්නේ මාලිමාවට ජයග්‍රහණයක් කරා යෑමට දරන උත්සාහයේදී ධනාත්මකව බලපාන දේ හා සෘණාත්මකව බලපාන දේ සම්බන්ධයෙන් විස්තරයක් ඉදිරිපත් කරන්නයි. මේකෙදි මම වැඩිපුර බර දාලා තියෙන්නේ මැතිවරණයකදී ඡන්දදායකයන්ගේ හැසිරීම් රටාවන් ගැන සමාජ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක්( social psychological explanation) කරන්න.
අනුර කුමාර ප්රමුඛ මාලිමාව ඇත්තටම මේ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තේ අවුරුදු දෙකක වගේ කාලයක ඉඳලා. ඒ අවුරුදු දෙකක වගේ කාලය තුළ විවිධ කාල පරාස වලදී සිදුවුනු සිදුවීම් එක්ක මාලිමාව සම්බන්ධයෙන් ඇති ජනතා මතවාදය හා කැමැත්තත් විවිධ උච්ඡාවචනයන්ට භාජනය වුණා.
එහෙත් සැබෑ ලෙසම මැතිවරණයක් ආසන්න වන විට තමයි ඡන්දදායකයාගේ සැබෑ අභිලාෂයන් ඉස්මතු වෙන්නේ. ඡන්දයක් ආසන්නවත්ම ඇතිවන මැතිවරණ උණුසුමත් සමඟ ඡන්දදායකයන්ගේ හැසිරීම් රටාවත් වෙනස් වෙනවා. යම් පක්ෂයක ඡන්ද ව්‍යාපාරයේ මූලික අරමුණ විය යුත්තේ ඡන්ද දායකයන්ගේ මේ හැසිරීම් රටාව හඳුනාගෙන ඊට ගැලපෙන පරිදි තම ප්‍රචාරණ යන්ත්‍රණය ක්‍රියාත්මක කරවා එම ඡන්දදායකයින් තමන්ගේ ඡන්ද බවට පත් කරගෙන ඡන්ද පොළට අද්දවා ගැනීමයි.
විවිධ කරුණු කාරණා නිසා අනිකුත් ප්‍රධාන තරගකාරීන් දෙදෙනාට වඩා මාලිමාවේ අනුර කුමාර අපේක්ෂකයා ඉහත කරුණ සම්බන්ධයෙන් වඩාත් ඉදිරියෙන් ඉන්නවා. ඔහුගේ ඡන්ද ව්‍යාපාරය නිවැරදිව ඡන්දදායකයන්ගේ විවිධත්වය වටහාගෙන ඒ විවිධතාවට වෙන වෙනම තම ප්‍රචාරණ යන්ත්‍රණය හරහා ආමන්ත්‍රණය කරමින් සිටිනවා. මේ නිසා පෙර මැතිවරණවලදී ඔහුට නොතිබුණු ආකාරයෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සඳහා මාර්ගයක් විවෘත වී පවතිනවා.
මම මුලින්ම මේ සඳහා ඔහුට ඇති වාසිදායක තත්වයන් හා අවාසිදායක තත්ත්වයන් වෙන වෙනම විශ්ලේෂණය කරන්න කැමතියි. මෙහිදී මම උත්සාහ කරන්නේ ඡන්ද ව්‍යාපාරයක් විශ්ලේෂණය කරන කෙනෙකු(Psephologist) කෙනෙක් ලෙස මේ දෙස බලා විශ්ලේෂණය කිරීමටයි.
මුලින්ම අනුර කුමාර අපේක්ෂකයාට ඇති වාසිදායක තත්ත්වයන් ගැන වෙන වෙනම අරන් බලමු.
1. Angry Youth Votes
අනුර කුමාර දිසානායක අපේක්ෂකයාගෙ ඡන්ද ව්‍යාපාරයට ඇති වාසිදායකම තත්ත්වය තරහින් හා අපේක්ෂා භංගත්වයෙන් පිරුණු තරුණ තරුණයින්ගෙන් අනුර කුමාර වෙත ඇති දැවැන්ත ආකර්ශනයයි. මෙම ඡන්ද කොටස විශාල ඡන්ද පංගුවක් ලෙස මාලිමාවට බර වෙන්න නියමිතයි. සෑම විටම වාගේ දේශපාලන රැලි(political waves) නිර්මාණය කිරීමට ඉවහල් වන්නේ තරුණ ඡන්දයි. අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන තරුණ පරම්පරාව බොහෝවිට සමාජ මාධ්‍ය භාවිතයෙන් නිර්මාණය වන විවිධ ඡන්ද ව්‍යාපාරයන්ට සක්‍රීයව දායක වෙනවා විතරක් නෙමෙයි එම ඡන්ද ව්‍යාපාරයන් තමන්ගේ කාර්යභාරයක් ලෙස සලකා ඒවායේ ප්‍රචාරණ කටයුතු සඳහාද සක්‍රීයව දායක වෙනවා. එවැනි තරුණ ප්රජාවකගෙන් ලැබෙන නොමිලේ ප්‍රචාරණය නිසා අදාළ පක්ෂයට තම ඡන්ද ව්‍යාපාරයට වියදම් කිරීමට අවශ්‍ය මුදල්ද විශාල ප්‍රමාණවලින් ඉතුරු කරගන්න පුළුවන්.
2. Guilty Conscious Votes
2019 වසරේ ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ඡන්දය භාවිතා කළ බොහොමයක් පුද්ගලයින් තමන්ගේ එවර ඡන්දය භාවිතය පිළිබඳ වරද සහගත හැඟීමකින් පෙළෙනවා. එයින් වැඩි දෙනා තම වරද සහගත හැඟීම යටපත් කර ගැනීම සඳහා එකල දැරූ මතයට සහමුලින්ම වෙනත් මතයක් දරන කණ්ඩායමක් වන මාලිමාවට ඡන්දය දීමට සැදී පැහැදී ඉන්නවා. මෙම born again මාලිමා පාක්ෂිකයින් සාමාන්‍ය සාම්ප්‍රදායික Orthodox JVP පාක්ෂිකයින්ට වඩා මෙම මැතිවරණයේදී ඝෝෂාකාරීයි. එසේම ඔවුන් සිතනවා තමන්ගේ ඝෝෂාව වැඩිවන තරමට තමන්ගේ අත්වැරැද්දේ අඩුපාඩුව අනිත් පුද්ගලයන්ට නොපෙනී යයි කියලා .
කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් එම ලක්ෂ 69ක ඡන්ද වලින් එලෙසම අනිත් පාර්ශව දෙකටත් ඡන්ද විතැන් වෙන්න පුළුවන් නේද කියලා. යම් ප්‍රමාණයකට එලෙස හැකි වුවද කිසිදු සැකයකින් තොරව වැඩි ප්‍රමාණයක් එම ඡන්ද විතැන් වන්නේ මාලිමාවටයි. 2019 තිබූ ගෝඨාභයට ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයකුට මාලිමාව වෙත මෙවර තම ඡන්දය දීමට සිත හරවා ගැනීමට අවශ්‍ය වන්නේ තම අභ්‍යන්තරයේ ඇති ජාති(ක)වාදී හැඟීම් තරමක් සඟවා ගැනීමත් , තම හදවතේ කොනක ඇති රාජපක්ෂ ප්‍රේමය සම්පූර්ණයෙන්ම යටපත් කරගැනීමත් පමණයි. ( ත්‍රීවීල් භාෂාවෙන් කියනවා නම් පරණ සිං.හලේ ස්ටිකර් එක උඩින් මාලිමා ස්ටිකර් එක අලෝගන්න එක විතරයි.
3. Bandwagon Effect
රැල්ලට යෑමේ ආචරණය හෙවත් Bandwagon Effect එක යනු යම් පුද්ගලයෙක් තමන්ගේ පුද්ගලික විශ්වාසයන් කුමක් වුවත් තමා ආශ්‍රය කරන සමාජයේ වැඩි දෙනෙක් කරන දේ දැක ඊට අනුගතව එම ක්‍රමයටම තමනුත් ඒ දේ කිරීමට කැමැත්තක් දැක්වීමේ මනෝවිද්‍යාත්මක සංසිද්ධියයි.
මාලිමාවේ දැවැන්ත දේශපාලන රැලි , විශාල පිරිසක් එකවර ගමන් කරන කැන්වසින් , විවිධ වෘත්තිකයන් සමග කරන ජනහමු දුටු විට එවැනි කණ්ඩායම්වලින් තමන් වියුක්ත උවහොත් තමා ජීවත් වන සමාජ කණ්ඩායම් වලින්(social groups) වලින් තමන්ට කොන්වීමට සිදුවේ යැයි බොහෝමයක් මිනිස්සුන්ට හිතෙනවා. එවැනි අවස්ථාවක එම මිනිසුන් ජයග්‍රාහී හැඟීමක් ගැනීමට ඇති කැමැත්ත නිසා අදාළ අවස්ථාවේ රැල්ලට අනුගත වී රැල්ල සමග ගමන් කිරීමට පටන් ගන්නවා.
මාලිමාවේ ඡන්ද ව්‍යාපාරයේ දි "මාලිමාවට කෝටියක්" වැනි උත්කෘෂ්ටයට නැංවූ ස්ලෝගන්ද, දැවැන්ත රැලිවල ඩ්‍රෝන් ඡායාරූපද, විවිධ සමාජ මාධ්‍ය වල කරන මත විමසීම්ද දකින මෙම ආකාරයේ ඡන්දදායකයින් එම රැල්ලටම අනුගත වීමට වැඩි කැමැත්තක් දක්වනවා
( මෙච්චර කල් මාලිමාවට/ජනතා විමුක්ති පෙරමුණට තිබුනේ මෙහි ප්‍රතිවිරුද්ධ තත්ත්වය වන underdog effect එක)
4. Double Hater Votes
ලෝකයේ ඕනෑම ද්වීපාක්ෂික ක්‍රමයක් තියෙන රටක 2% - 3% ක් ප්‍රධාන පක්ෂ දෙකටම අකමැති ඡන්ද දායකයින් ඉන්නවා. ඇමරිකාවේ ලිබරටේරියන් පක්ෂයත් ඉන්දියාවේ ආම් ආද්මී පක්ෂයත් එවැනි ඡන්ද දායකින් ග්‍රහණය කර ගැනීම සඳහා තිබෙන පක්ෂ. වසර ගණනාවක් තිස්සේ ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ මෙම කර්තව්‍ය ඉෂ්ඨ කලා. පසුගිය කාලය ඇති වූ ආර්ථික අර්බුදයත් එක්ක මෙම ඡන්ද දායකයින් කණ්ඩායම දැවැන්ත සේ වැඩි වී තිබෙනවා. මෙම ඡන්දදායකයින් සම්පූර්ණයෙන්ම වාගේ මාලිමාවට ආකර්ෂණය කර ගැනීමට පුළුවන්.
5. Advertising Effect
අනිකුත් සියලුම ප්‍රතිවාදීන්ට වඩා සාර්ථක ඡන්ද ප්රචාරක කටයුත්තක යෙදෙන්නේ මාලිමාව බව ඕනෑම කෙනෙක් පිළිගන්නා කරුණක්.
ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළ කාලයේදී ඔවුන් අනෙකුත් කණ්ඩායම් වල සොරකම් හා දුර්වලතා ගැන negative ad කැම්පේන් එකක් භාවිතා කළා. ඊට පස්සේ එමගින් ස්ථාවර ඡන්ද පදනමක්(solid vote base) සාදා ගත්තට පස්සේ එම කැම්පේන් එක අතහැර පාවෙන ඡන්ද දායකයින්(swing voters) ගෙන් තමන්ට දැනටමත් වැඩි නැඹුරුතාවයක් තිබෙන ඒත් ස්ථිර වශයෙන්ම තීරණය කර නැති ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායක ගැන හා මාලිමාවේ ප්‍රතිපත්ති ගැන positive ad කැම්පේන් එකක් දියත් කළා.
එසේම වර්තමානය වන විට පෙර පැවැති ඡන්ද ව්‍යාපාරයක කිසි දිනක දකින්න නොලැබුණු ආකාරයේ positive vibe කැම්පේන් එකක්ද මාලිමාව විසින් දියත් කර තියෙනවා. කාරයක යන මාලිමා ඡන්දදායකයෙක් පාරේ සිටින බල්ලන්ට කෑම දැමීම, ෆුඩ් සිටියකදී නැතිවන පසුම්බියක් මාලිමා ඡන්දදායකයෙක් විසින් අයිතිකරුට භාරදීම වැනි Commercial Credit පන්නයේ ඇඩ්වටීස්මන්ට් වර්තමානයේ දී මාලිමාව විසින් ප්‍රචාරණය කරමින් තිබෙනවා. මෙහි මූලික අරමුණ මේ වන විටත් පවතින තවමත් තීරණයක් නොමැති පාවෙන ඡන්ද ග්‍රහණය කිරීම. මිනිසුන් බොහෝ දෙනා තමා ගැන සිතා සිටින්නේ තමා සුපිරිසුදු හිත හොඳ අවංක චරිතයක් බවත් තමාගේ අනෙකා අපිරිසිදු නරක වංක චරිතයක් බවත් ය. මෙවැනි ඇඩ් එකක සිටින හිත හොඳ අවංක චරිතයක් දුටු විට තමනුත් එවැනි චරිතයක් යැයි සිතන පුද්ගලයින් තමාවම එම චරිත වලට සමපාත කරගෙන මාලිමාව ගැන පහන් සිතුවිල්ලක් ඇති කරගන්නවා. ( මෙවැනි ඇඩ් වල සාර්ථක අසාර්ථක භාවය කෙසේ වුවත් ඔවුන්ගේ ප්‍රචාරණ කණ්ඩායමේ අරමුණ පාවෙන ඡන්ද අල්ලාගැනීමයි)
6. Intellectual Effect
පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ජනතාව දේශප්‍රේමී හා දේශද්‍රෝහී ලෙස වර්ගීකරණය කල පරිද්දෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් උගත් බුද්ධිමත් හා නූගත් මෝඩ ලෙස වර්ගීකරණය කිරීමට ප්‍රධාන ඡන්ද ව්‍යාපාර සමත්වෙලා තියෙනවා. මෙහි බෙදුම් රේඛාව ගැන විවිධාකාරයේ ගැටලුකාරී තත්ත්වයන් තිබුණත් වර්තමානය වන විට උගත් බුද්ධිමත් ජනතාවගේ (හෝ තමන් උගත් බුද්ධිමත් ජනතාව යැයි සිතන ජනතාවගේ) ප්‍රධානම තෝරා ගැනීමක් බවට මාලිමාව පත් වී තිබෙනවා. එවැනි අවස්ථාවකදී තමන්ගේ උගත් හා බුද්ධිමත් බව පිළිබඳව අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයන් වල සිටින පුද්ගලයින් පවා තමාගේ දේශපාලන දැනුම හා මතිමතාන්තර කුමක් වුවත් උගත් බුද්ධිමත් ප්‍රජාවක් සමඟ සමපාත වීමට දක්වන කැමැත්ත, ඔවුන්ව මාලිමාව දෙසට ආකර්ෂණය කරවීමට වැඩි නැඹුරු තාවයක් තිබෙනවා.