මාලිමාව ජය කණුව කරා යාවිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    FB උපුටා ගැනීමක් එක එක vote base එක පොසිශන් වෙන්නේ කොතනද කියන එක ගැන. තමන්ගේ position එක බලාගන්න.

    🔴 මාලිමාව ජය කණුව කරා යාවිද? 🔴

    මාලිමාවට ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සඳහා ගමන් කළ හැකි මාර්ගයක් දැන් පැහැදිලිව විවෘත වී තිබෙනවා. (මේ කියන්නේ අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා කියලා නෙමෙයි)

    මම මෙතන උත්සාහ කරන්නේ මාලිමාවට ජයග්‍රහණයක් කරා යෑමට දරන උත්සාහයේදී ධනාත්මකව බලපාන දේ හා සෘණාත්මකව බලපාන දේ සම්බන්ධයෙන් විස්තරයක් ඉදිරිපත් කරන්නයි. මේකෙදි මම වැඩිපුර බර දාලා තියෙන්නේ මැතිවරණයකදී ඡන්දදායකයන්ගේ හැසිරීම් රටාවන් ගැන සමාජ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක්( social psychological explanation) කරන්න.

    අනුර කුමාර ප්‍රමුඛ මාලිමාව ඇත්තටම මේ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තේ අවුරුදු දෙකක වගේ කාලයක ඉඳලා. ඒ අවුරුදු දෙකක වගේ කාලය තුළ විවිධ කාල පරාස වලදී සිදුවුනු සිදුවීම් එක්ක මාලිමාව සම්බන්ධයෙන් ඇති ජනතා මතවාදය හා කැමැත්තත් විවිධ උච්ඡාවචනයන්ට භාජනය වුණා.

    එහෙත් සැබෑ ලෙසම මැතිවරණයක් ආසන්න වන විට තමයි ඡන්දදායකයාගේ සැබෑ අභිලාෂයන් ඉස්මතු වෙන්නේ. ඡන්දයක් ආසන්නවත්ම ඇතිවන මැතිවරණ උණුසුමත් සමඟ ඡන්දදායකයන්ගේ හැසිරීම් රටාවත් වෙනස් වෙනවා. යම් පක්ෂයක ඡන්ද ව්‍යාපාරයේ මූලික අරමුණ විය යුත්තේ ඡන්ද දායකයන්ගේ මේ හැසිරීම් රටාව හඳුනාගෙන ඊට ගැලපෙන පරිදි තම ප්‍රචාරණ යන්ත්‍රණය ක්‍රියාත්මක කරවා එම ඡන්දදායකයින් තමන්ගේ ඡන්ද බවට පත් කරගෙන ඡන්ද පොළට අද්දවා ගැනීමයි.

    විවිධ කරුණු කාරණා නිසා අනිකුත් ප්‍රධාන තරගකාරීන් දෙදෙනාට වඩා මාලිමාවේ අනුර කුමාර අපේක්ෂකයා ඉහත කරුණ සම්බන්ධයෙන් වඩාත් ඉදිරියෙන් ඉන්නවා. ඔහුගේ ඡන්ද ව්‍යාපාරය නිවැරදිව ඡන්දදායකයන්ගේ විවිධත්වය වටහාගෙන ඒ විවිධතාවට වෙන වෙනම තම ප්‍රචාරණ යන්ත්‍රණය හරහා ආමන්ත්‍රණය කරමින් සිටිනවා. මේ නිසා පෙර මැතිවරණවලදී ඔහුට නොතිබුණු ආකාරයෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සඳහා මාර්ගයක් විවෘත වී පවතිනවා.

    මම මුලින්ම මේ සඳහා ඔහුට ඇති වාසිදායක තත්වයන් හා අවාසිදායක තත්ත්වයන් වෙන වෙනම විශ්ලේෂණය කරන්න කැමතියි. මෙහිදී මම උත්සාහ කරන්නේ ඡන්ද ව්‍යාපාරයක් විශ්ලේෂණය කරන කෙනෙකු(Psephologist) කෙනෙක් ලෙස මේ දෙස බලා විශ්ලේෂණය කිරීමටයි.

    මුලින්ම අනුර කුමාර අපේක්ෂකයාට ඇති වාසිදායක තත්ත්වයන් ගැන වෙන වෙනම අරන් බලමු.

    1. Angry Youth Votes

    අනුර කුමාර දිසානායක අපේක්ෂකයාගෙ ඡන්ද ව්‍යාපාරයට ඇති වාසිදායකම තත්ත්වය තරහින් හා අපේක්ෂා භංගත්වයෙන් පිරුණු තරුණ තරුණයින්ගෙන් අනුර කුමාර වෙත ඇති දැවැන්ත ආකර්ශනයයි. මෙම ඡන්ද කොටස විශාල ඡන්ද පංගුවක් ලෙස මාලිමාවට බර වෙන්න නියමිතයි. සෑම විටම වාගේ දේශපාලන රැලි(political waves) නිර්මාණය කිරීමට ඉවහල් වන්නේ තරුණ ඡන්දයි. අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන තරුණ පරම්පරාව බොහෝවිට සමාජ මාධ්‍ය භාවිතයෙන් නිර්මාණය වන විවිධ ඡන්ද ව්‍යාපාරයන්ට සක්‍රීයව දායක වෙනවා විතරක් නෙමෙයි එම ඡන්ද ව්‍යාපාරයන් තමන්ගේ කාර්යභාරයක් ලෙස සලකා ඒවායේ ප්‍රචාරණ කටයුතු සඳහාද සක්‍රීයව දායක වෙනවා. එවැනි තරුණ ප්‍රජාවකගෙන් ලැබෙන නොමිලේ ප්‍රචාරණය නිසා අදාළ පක්ෂයට තම ඡන්ද ව්‍යාපාරයට වියදම් කිරීමට අවශ්‍ය මුදල්ද විශාල ප්‍රමාණවලින් ඉතුරු කරගන්න පුළුවන්.

    2. Guilty Conscious Votes

    2019 වසරේ ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ඡන්දය භාවිතා කළ බොහොමයක් පුද්ගලයින් තමන්ගේ එවර ඡන්දය භාවිතය පිළිබඳ වරද සහගත හැඟීමකින් පෙළෙනවා. එයින් වැඩි දෙනා තම වරද සහගත හැඟීම යටපත් කර ගැනීම සඳහා එකල දැරූ මතයට සහමුලින්ම වෙනත් මතයක් දරන කණ්ඩායමක් වන මාලිමාවට ඡන්දය දීමට සැදී පැහැදී ඉන්නවා. මෙම born again මාලිමා පාක්ෂිකයින් සාමාන්‍ය සාම්ප්‍රදායික Orthodox JVP පාක්ෂිකයින්ට වඩා මෙම මැතිවරණයේදී ඝෝෂාකාරීයි. එසේම ඔවුන් සිතනවා තමන්ගේ ඝෝෂාව වැඩිවන තරමට තමන්ගේ අත්වැරැද්දේ අඩුපාඩුව අනිත් පුද්ගලයන්ට නොපෙනී යයි කියලා .

    කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් එම ලක්ෂ 69ක ඡන්ද වලින් එලෙසම අනිත් පාර්ශව දෙකටත් ඡන්ද විතැන් වෙන්න පුළුවන් නේද කියලා. යම් ප්‍රමාණයකට එලෙස හැකි වුවද කිසිදු සැකයකින් තොරව වැඩි ප්‍රමාණයක් එම ඡන්ද විතැන් වන්නේ මාලිමාවටයි. 2019 තිබූ ගෝඨාභයට ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයකුට මාලිමාව වෙත මෙවර තම ඡන්දය දීමට සිත හරවා ගැනීමට අවශ්‍ය වන්නේ තම අභ්‍යන්තරයේ ඇති ජාති(ක)වාදී හැඟීම් තරමක් සඟවා ගැනීමත් , තම හදවතේ කොනක ඇති රාජපක්ෂ ප්‍රේමය සම්පූර්ණයෙන්ම යටපත් කරගැනීමත් පමණයි. ( ත්‍රීවීල් භාෂාවෙන් කියනවා නම් පරණ සිං.හලේ ස්ටිකර් එක උඩින් මාලිමා ස්ටිකර් එක අලෝගන්න එක විතරයි.

    3. Bandwagon Effect

    රැල්ලට යෑමේ ආචරණය හෙවත් Bandwagon Effect එක යනු යම් පුද්ගලයෙක් තමන්ගේ පුද්ගලික විශ්වාසයන් කුමක් වුවත් තමා ආශ්‍රය කරන සමාජයේ වැඩි දෙනෙක් කරන දේ දැක ඊට අනුගතව එම ක්‍රමයටම තමනුත් ඒ දේ කිරීමට කැමැත්තක් දැක්වීමේ මනෝවිද්‍යාත්මක සංසිද්ධියයි.
    මාලිමාවේ දැවැන්ත දේශපාලන රැලි , විශාල පිරිසක් එකවර ගමන් කරන කැන්වසින් , විවිධ වෘත්තිකයන් සමග කරන ජනහමු දුටු විට එවැනි කණ්ඩායම්වලින් තමන් වියුක්ත උවහොත් තමා ජීවත් වන සමාජ කණ්ඩායම් වලින්(social groups) වලින් තමන්ට කොන්වීමට සිදුවේ යැයි බොහෝමයක් මිනිස්සුන්ට හිතෙනවා. එවැනි අවස්ථාවක එම මිනිසුන් ජයග්‍රාහී හැඟීමක් ගැනීමට ඇති කැමැත්ත නිසා අදාළ අවස්ථාවේ රැල්ලට අනුගත වී රැල්ල සමග ගමන් කිරීමට පටන් ගන්නවා.
    මාලිමාවේ ඡන්ද ව්‍යාපාරයේ දි "මාලිමාවට කෝටියක්" වැනි උත්කෘෂ්ටයට නැංවූ ස්ලෝගන්ද, දැවැන්ත රැලිවල ඩ්‍රෝන් ඡායාරූපද, විවිධ සමාජ මාධ්‍ය වල කරන මත විමසීම්ද දකින මෙම ආකාරයේ ඡන්දදායකයින් එම රැල්ලටම අනුගත වීමට වැඩි කැමැත්තක් දක්වනවා
    ( මෙච්චර කල් මාලිමාවට/ජනතා විමුක්ති පෙරමුණට තිබුනේ මෙහි ප්‍රතිවිරුද්ධ තත්ත්වය වන underdog effect එක)

    4. Double Hater Votes

    ලෝකයේ ඕනෑම ද්වීපාක්ෂික ක්‍රමයක් තියෙන රටක 2% - 3% ක් ප්‍රධාන පක්ෂ දෙකටම අකමැති ඡන්ද දායකයින් ඉන්නවා. ඇමරිකාවේ ලිබරටේරියන් පක්ෂයත් ඉන්දියාවේ ආම් ආද්මී පක්ෂයත් එවැනි ඡන්ද දායකින් ග්‍රහණය කර ගැනීම සඳහා තිබෙන පක්ෂ. වසර ගණනාවක් තිස්සේ ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ මෙම කර්තව්‍ය ඉෂ්ඨ කලා. පසුගිය කාලය ඇති වූ ආර්ථික අර්බුදයත් එක්ක මෙම ඡන්ද දායකයින් කණ්ඩායම දැවැන්ත සේ වැඩි වී තිබෙනවා. මෙම ඡන්දදායකයින් සම්පූර්ණයෙන්ම වාගේ මාලිමාවට ආකර්ෂණය කර ගැනීමට පුළුවන්.

    5. Advertising Effect

    අනිකුත් සියලුම ප්‍රතිවාදීන්ට වඩා සාර්ථක ඡන්ද ප්‍රචාරක කටයුත්තක යෙදෙන්නේ මාලිමාව බව ඕනෑම කෙනෙක් පිළිගන්නා කරුණක්.
    ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළ කාලයේදී ඔවුන් අනෙකුත් කණ්ඩායම් වල සොරකම් හා දුර්වලතා ගැන negative ad කැම්පේන් එකක් භාවිතා කළා. ඊට පස්සේ එමගින් ස්ථාවර ඡන්ද පදනමක්(solid vote base) සාදා ගත්තට පස්සේ එම කැම්පේන් එක අතහැර පාවෙන ඡන්ද දායකයින්(swing voters) ගෙන් තමන්ට දැනටමත් වැඩි නැඹුරුතාවයක් තිබෙන ඒත් ස්ථිර වශයෙන්ම තීරණය කර නැති ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායක ගැන හා මාලිමාවේ ප්‍රතිපත්ති ගැන positive ad කැම්පේන් එකක් දියත් කළා.
    එසේම වර්තමානය වන විට පෙර පැවැති ඡන්ද ව්‍යාපාරයක කිසි දිනක දකින්න නොලැබුණු ආකාරයේ positive vibe කැම්පේන් එකක්ද මාලිමාව විසින් දියත් කර තියෙනවා. කාරයක යන මාලිමා ඡන්දදායකයෙක් පාරේ සිටින බල්ලන්ට කෑම දැමීම, ෆුඩ් සිටියකදී නැතිවන පසුම්බියක් මාලිමා ඡන්දදායකයෙක් විසින් අයිතිකරුට භාරදීම වැනි Commercial Credit පන්නයේ ඇඩ්වටීස්මන්ට් වර්තමානයේ දී මාලිමාව විසින් ප්‍රචාරණය කරමින් තිබෙනවා. මෙහි මූලික අරමුණ මේ වන විටත් පවතින තවමත් තීරණයක් නොමැති පාවෙන ඡන්ද ග්‍රහණය කිරීම. මිනිසුන් බොහෝ දෙනා තමා ගැන සිතා සිටින්නේ තමා සුපිරිසුදු හිත හොඳ අවංක චරිතයක් බවත් තමාගේ අනෙකා අපිරිසිදු නරක වංක චරිතයක් බවත් ය. මෙවැනි ඇඩ් එකක සිටින හිත හොඳ අවංක චරිතයක් දුටු විට තමනුත් එවැනි චරිතයක් යැයි සිතන පුද්ගලයින් තමාවම එම චරිත වලට සමපාත කරගෙන මාලිමාව ගැන පහන් සිතුවිල්ලක් ඇති කරගන්නවා. ( මෙවැනි ඇඩ් වල සාර්ථක අසාර්ථක භාවය කෙසේ වුවත් ඔවුන්ගේ ප්‍රචාරණ කණ්ඩායමේ අරමුණ පාවෙන ඡන්ද අල්ලාගැනීමයි)

    6. Intellectual Effect

    පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ජනතාව දේශප්‍රේමී හා දේශද්‍රෝහී ලෙස වර්ගීකරණය කල පරිද්දෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් උගත් බුද්ධිමත් හා නූගත් මෝඩ ලෙස වර්ගීකරණය කිරීමට ප්‍රධාන ඡන්ද ව්‍යාපාර සමත්වෙලා තියෙනවා. මෙහි බෙදුම් රේඛාව ගැන විවිධාකාරයේ ගැටලුකාරී තත්ත්වයන් තිබුණත් වර්තමානය වන විට උගත් බුද්ධිමත් ජනතාවගේ (හෝ තමන් උගත් බුද්ධිමත් ජනතාව යැයි සිතන ජනතාවගේ) ප්‍රධානම තෝරා ගැනීමක් බවට මාලිමාව පත් වී තිබෙනවා. එවැනි අවස්ථාවකදී තමන්ගේ උගත් හා බුද්ධිමත් බව පිළිබඳව අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයන් වල සිටින පුද්ගලයින් පවා තමාගේ දේශපාලන දැනුම හා මතිමතාන්තර කුමක් වුවත් උගත් බුද්ධිමත් ප්‍රජාවක් සමඟ සමපාත වීමට දක්වන කැමැත්ත, ඔවුන්ව මාලිමාව දෙසට ආකර්ෂණය කරවීමට වැඩි නැඹුරු තාවයක් තිබෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඊළඟට අපි අනුර කුමාර දිසානායකට ඇති අවාසිදායක තත්ත්වයන් ගැන වෙන වෙනම අරන් කතා කරමු.
    1. Block Votes
    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සෑම එකකදිම එහි ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරන ලද ප්‍රධානම සාධකයක් තමයි ජාතිය හෝ ආගම මත පදනම් වෙච්ච ජන කණ්ඩායම් එක කොට්ඨාසයක් ලෙස යම් පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීම.
    ලංකාවේ පහුගිය මැතිවරණ දිහා බැලුවහම එහෙම හඳුනගන්න පුළුවන් ප්‍රධාන ජන කණ්ඩායම් කිහිපයක්ම තියෙනවා.
    - උතුර නැගෙනහිර ද්‍රවිඩ ජන කොට්ඨාශය
    - නැගෙනහිර මු.ස්.ලි.ම්. ජන කොට්ඨාසය
    - කඳුකරයේ ඉන්ද්‍රිය ද්‍රවිඩ ජන කොට්ඨාශය
    - වත්තල සිට හලාවත දක්වා වූ කතෝලික belt එක
    - කෝට්ටෙ සිට අවිස්සාවේල්ල දක්වා වූ සෝම හාමුදුරුවන්ගේ බෞද්ධ belt එක
    පහුගිය මැතිවරණවල ප්‍රතිඵල බැලූ විට මෙම ජන කණ්ඩායම් වෙන වෙනම එක් අපේක්ෂකයෙක් දිනවීමට පොදුවේ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පෙනී යනවා. මෙම ජන කණ්ඩායම් වලින් සෝම හාමුදුරුවන්ගේ සිංහල බෞද්ධ බෙල්ට් එක මාලිමාවට බෙහෙවින් වාසිදායක වෙනවා වගේම කතෝලික බෙල්ට් එක තරමක් මාලිමාවට වාසිදායක විය හැකියි. එහෙත් වඩා විශාල අනෙකුත් ජන කොට්ඨාශ අයිතිවන කණ්ඩායම් මාලිමාවට අවාසිදායක ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ තිබෙනවා. ( එහෙත් පසුගිය 2019 ජනාධිපතිවරණයේදී එම කණ්ඩායම් වලින් ගෝඨාභයට ප්‍රකාශිත වූ ඡන්ද ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් මාලිමාවට ආකර්ෂණය කර ගැනීමට පුළුවන්. ඊට හේතුව අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වීමෙන් පසු කිසිවිටක රාජපක්ෂ රෙජීමය සහය දක්වන පක්ෂ වලින් දැක්වූ ජාතිවාදී ස්වරූපය, ජනතා විමුක්ති පෙරමුණ වෙතින් එම කණ්ඩායම් වලට විද්‍යාමාන නොවීමයි)
    2. Baby Boomer Votes
    මැදිවිය ඉක්මවූ හා වයෝවෘද්ධ ඡන්ද දායකයින්ගෙන් වැඩි ප්‍රමාණයක්, රටේ ඇති දේශපාලන සුළං සමග තම ඡන්ද භාවිතය වෙනස් කරගන්නා ඡන්ද දායකයින් නෙමෙයි. සමාජ මාධ්‍යයන් භාවිතා කරන බේබි බූමර්ස්ලා ස්වල්ප දෙනා ඔවුන්ගේ තාක්ෂණික නොදැනුවත්කම නිසා පහසුවෙන් fake news වැනි දෑ වලින් රැවටිය හැකි වුවත් තවමත් බොහෝ දෙනා සමාජ මාධ්‍යයන් ලොකුවට භාවිතා කරන්නේ නෑ. එසේම 88/89 වැනි කාලවල සිදුවූ සිදුවීම් ගැන වැඩි සංවේදීතාවයක් දක්වන්නෙ ඔවුන්. මේ නිසා එම කණ්ඩායම්වල වැඩි වාසි හිමි වී ඇත්තේ අනෙකුත් අපේක්ෂකයන්ටයි.
    3. Shy Tory Factor
    Shy Tory factor කියන්නෙ පසුගිය කාලයේ විවිධ රටවල පැවති මැතිවරණවලදී දකින්න ලැබුණු සුවිශේෂී තත්ත්වයක්. ඒ තමයි සාමාන්‍ය ජනමත සමීක්ෂණවල දි දක්නට ලැබෙන ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් සැබෑ ඡන්දයේදී සාම්ප්‍රදායික දක්ශිනාංශික පක්ෂ වලට ( conservative party) ලැබීම. මේකට හේතුව වෙන්නේ ජන මත සමීක්ෂණවලදී(opinion polls) වලදි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික දක්ෂිනාංශික ඡන්දදායකයෝ තමන් එසේ බව පෙන්වීමට දක්වන අකමැත්ත නිසාත් ලැජ්ජාශීලී ස්වභාවය නිසාත් ඔවුන් වඩා ආකර්ශනීය ලක්ෂණ පෙන්වන අනෙකුත් පාර්ශවය ( වාමාංශික හෝ රැඩිකල්) වෙත කැමැත්ත බොරුවට පෙන්වීමයි. 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදීත් , එංගලන්තයේ පැවති බ්‍රෙක්සිට් මැතිවරණයේදීත් අවසානයේ ජයග්‍රහණය තීරණය කරන්න මෙම ලැජ්ජාශීලී සාම්ප්‍රදායික ඡන්දදායකයා(shy tory voter) තීරණාත්මක ලෙස දායක වුණා කියලා ජන මත සමීක්ෂණ හා සැබෑ ප්‍රතිඵල වල වෙනස ගත්තහම පේන්න තිබුණා.
    වර්තමානයේ ලංකාවේ කරන ජනමත සමීක්ෂණවලදිත් විශාල ජනතාවක් තම කැමැත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අකමැත්තක් දක්වන බව පැහැදිලිව පේන්න තියෙනවා. මෙම ඡන්ද වැඩිපුර වාසිදායක වෙන්නේ මාලිමාවට නොව අනෙකුත් අපේක්ෂකයන් දෙදෙනාටයි.
    4. Exclusive voters
    ඕනෑම ඡන්දයකදී තමන් අනෙකුත් සාමාන්‍ය ජනතාවගෙන් වෙන්වූ සුවිශේෂී පුද්ගලයෙක් බව පෙන්වීමට හෝ එලෙස තමාගේ හිත රවට්ටා ගැනීමට සාමාන්‍ය ජන කණ්ඩායම් ඡන්දය භාවිතා කරන ආකාරයට වෙනස් ආකාරයෙන් ඡන්දය භාවිතා කරන පුද්ගලයින් සිටිනවා. ඔවුන් කුඩා කොටසක්. හැබැයි පසුගිය මැතිවරණ වලදී එම ඡන්දය හිමිවුණේ ඔවුන් ජයග්‍රහණයක් නොලැබේ යයි එකල උපකල්පනය කල මාලිමාව හෝ ජනතා විමුක්ති පෙරමුණට. නමුත් මාලිමාව ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවක් බවට පත්වී ඇති නිසා ඔවුන් තවදුරටත් මාලිමාවට ඡන්දය දීමට කැමැත්තක් දක්වන්නේ නෑ. බොහෝවිට එම ඡන්ද මෙවර බත්තරමුල්ලේ සීලරතන හෝ නුවන් බෝපගේ වැනි අපේක්ෂකයෙක් වෙත යන්න පුළුවන්.
    5. Mood of the Election day
    ගොඩක් කට්ටිය විශ්වාස නොකළට සාමාන්‍යයෙන් ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්දදායකයාට දැනෙන හැඟීම් දැනිම් මතද , අහන්න ලැබෙන ධනාත්මක හෝ සෘණාත්මක ප්‍රවෘත්ති මත පමණක් නෙමේ ඡන්ද දිනයේ පවතින කාලගුණික තත්වය මත පවා ඡන්දදායකයා ඡන්ද ප්‍රකාශ කරන ආකාරය රඳා පවතිනවා කියලා පරීක්ෂණාත්මක සාධක වලින් ඔප්පු වෙලා තියෙනවා.
    බලයේ සිටින්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් නිසාත් මාලිමාව අලුතින්ම බලය ලබා ගැනීම සඳහා උත්සාහ දරන කණ්ඩායමක් නිසාත් ඡන්ද දිනයේදි හෝ ඊට පෙර දින‍යකදී සිදුවන යම් සිදුවීමක් මත වෙනත් පක්ෂයකින් මාලිමාව වෙත විතැන් වූ ඡන්ද නැවතත් ආපසු පෙර තැනටම ගමන් කරන්න පුළුවන්. මෙය ලොකු බලපෑමක් නොවුවත් කරට කර යන ඡන්දයක පවතින එහා මෙහා නොපෙනෙන මීදුමෙන් (election fog) කිසියම් බලපෑමක් වෙන්න පුළුවන්.
    මේ විස්තරය දැකලා අනෙකුත් පක්ෂ හිතවාදීන් කලබල වීමේ අවශ්‍යතාවයක් හෝ මා සමග වෛරයක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නෑ.😊
    මම මේ විශ්ලේෂණයෙන් පෙන්වාදීමට උත්සාහ කරලා තියෙන්නේ මාලිමාවට හා අනුර කුමාර දිසානායකයට අනිවාර්යෙන් ජයග්‍රහණයක් ලැබෙන බව නොවේ. ඔවුන්ට ජයග්‍රහණය වෙත යෑමට පැහැදිලි මාවතක් දැන් විවෘත වී පවතින බවයි. අනෙකුත් ප්‍රධාන තරගකාරයන්ටද එම ප්‍රමාණයෙන්ම නොවූවත් ජයග්‍රහණයක් වෙත යාමට මාවත් විවර වී තිබෙනවා. මට වෙලාව තිබෙන විදිහට ඒ ගැනත් විශ්ලේෂණ දාන්නම්.
    උපුටා ගැනීම - Dinuth Wijayapala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    හෑලි නැතුව ඕක ඔව්ද නැද්ද කියලා කියන්න එකෙක් නැද්ද බන්? අන්න පාටලි කියලා රනිල්ට ගහපන් කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    සීයා පප්පා ගැන විග්‍රහය මොකක්ද?
    තාම දාලා නෑ. පොර ගැන තියෙන්නේ හිතා ගන්න බැරි ලයින් එකක්. මේ පාර ඡන්දෙ ආතල් එකක් තියෙන්නේ එක්කෝ මේ වෙනකං prediction කරපු උන් ඔක්කොම 22 වෙනකොට ළිඳේ නැත්තං හදේ.

    හෑලි නැතුව ඕක ඔව්ද නැද්ද කියලා කියන්න එකෙක් නැද්ද බන්? අන්න පාටලි කියලා රනිල්ට ගහපන් කියලා.
    මේක analysis එකක් ඒ නිසා ඕක හෑල්ලක් තමා.
    ------ Post added on Sep 16, 2024 at 6:53 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Summary:

    මෙම විශ්ලේෂණයේදී, අනුර කුමාර දිසානායකගේ (AKD) ජනාධිපතිවරණය සඳහා ඇති අවස්ථා සහ ඡන්ද දායකයින්ගේ සමාජ මනෝවිද්‍යාත්මක හැසිරීම් පිළිබඳව අවධානය යොමු කරමින් ඡන්ද ව්‍යාපාරය ජයග්‍රහණයක් කරා යෑම සඳහා මාලිමාවට ඇති ධනාත්මක කරුණු සදහන් කරයි.

    අනුර කුමාර දිසානායකගේ (AKD) ඡන්ද ව්‍යාපාරය සඳහා ඇති වාසිදායක තත්ත්වයන්:

    1. තරහින් පිරුණු තරුණ ඡන්ද: තරුණ තරුණියන් අතර ඇති දැවැන්ත අපේක්ෂාව සහ තරහ නිසා, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ සක්‍රීයව දායකවන මේ පිරිස, අනුර කුමාරගේ ඡන්ද ව්‍යාපාරයට නොමිලේ ප්‍රචාරයක් ලබා දෙයි.
    2. වරද සහගත හැඟීමෙන් උපත ලද ඡන්ද: 2019 ගෝඨාභයට ඡන්දය භාවිතා කළ අය අතර, තවත් විකල්පයක් ලෙස මාලිමාවට ඡන්දය භාවිතා කරමින්, තමන්ගේ කලපු බර නිවැරදි කර ගැනීමට උත්සාහ කරන පිරිසක් ඇත.
    3. Bandwagon ප්‍රතිඵලය: විශාල ජනරැලි, ජනපද ව්‍යාපාර හී දර්ශන දුටු විට, රැල්ලට සමානව, සමාජයේ වැඩි පිරිසක් සමඟ ඒකරාශී වීමට කැමති වන්නෙ ඡන්ද දායකයින්.
    4. Double Hater Votes: ප්‍රධාන පක්ෂ දෙකටම විරුද්ධව සිටින, නමුත් තවත් විකල්පයක් ලෙස මාලිමාවට දැන් පක්‍ෂය වන ඡන්දදායකයින් ගණනාවක් ඇත.
    5. ප්‍රචාරණ ඵල: පළමුව නෙගටීව් ප්‍රචාරණය භාවිත කළත්, එහි පසු අනුමත ප්‍රචාරණය භාවිතයෙන් පාවෙන ඡන්ද ග්‍රහණය කිරීම සාර්ථක කරගත් ආකාරය.
    6. අධ්‍යාපනමය ප්‍රතිඵලය: බුද්ධිමත් සහ උගත් ජනතාවගේ තෝරාගැනීමක් ලෙසම මාලිමාව පිළිගැනීම. ඒ සඳහා සියලුම ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට ඉවහල් වීම.

    මෙම සියළු වාසිදායක කරුණු, අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරණ ජයග්‍රහණය කරා යෑමට මඟක් විවෘත කරයි.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    අනුරට කොහොම බැලුවත් බෑ. එහෙම රැල්ලක් නෑ. රැල්ලක් පෙන්නන්න බලනව. ඒක ඕවර් ගිහින් මිනිස්සු දැන් ඒක විහිලුවකට අරන් ඉන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    Summary:

    මෙම විශ්ලේෂණයේදී, අනුර කුමාර දිසානායකගේ (AKD) ජනාධිපතිවරණය සඳහා ඇති අවස්ථා සහ ඡන්ද දායකයින්ගේ සමාජ මනෝවිද්‍යාත්මක හැසිරීම් පිළිබඳව අවධානය යොමු කරමින් ඡන්ද ව්‍යාපාරය ජයග්‍රහණයක් කරා යෑම සඳහා මාලිමාවට ඇති ධනාත්මක කරුණු සදහන් කරයි.

    අනුර කුමාර දිසානායකගේ (AKD) ඡන්ද ව්‍යාපාරය සඳහා ඇති වාසිදායක තත්ත්වයන්:

    1. තරහින් පිරුණු තරුණ ඡන්ද: තරුණ තරුණියන් අතර ඇති දැවැන්ත අපේක්ෂාව සහ තරහ නිසා, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ සක්‍රීයව දායකවන මේ පිරිස, අනුර කුමාරගේ ඡන්ද ව්‍යාපාරයට නොමිලේ ප්‍රචාරයක් ලබා දෙයි.
    2. වරද සහගත හැඟීමෙන් උපත ලද ඡන්ද: 2019 ගෝඨාභයට ඡන්දය භාවිතා කළ අය අතර, තවත් විකල්පයක් ලෙස මාලිමාවට ඡන්දය භාවිතා කරමින්, තමන්ගේ කලපු බර නිවැරදි කර ගැනීමට උත්සාහ කරන පිරිසක් ඇත.
    3. Bandwagon ප්‍රතිඵලය: විශාල ජනරැලි, ජනපද ව්‍යාපාර හී දර්ශන දුටු විට, රැල්ලට සමානව, සමාජයේ වැඩි පිරිසක් සමඟ ඒකරාශී වීමට කැමති වන්නෙ ඡන්ද දායකයින්.
    4. Double Hater Votes: ප්‍රධාන පක්ෂ දෙකටම විරුද්ධව සිටින, නමුත් තවත් විකල්පයක් ලෙස මාලිමාවට දැන් පක්‍ෂය වන ඡන්දදායකයින් ගණනාවක් ඇත.
    5. ප්‍රචාරණ ඵල: පළමුව නෙගටීව් ප්‍රචාරණය භාවිත කළත්, එහි පසු අනුමත ප්‍රචාරණය භාවිතයෙන් පාවෙන ඡන්ද ග්‍රහණය කිරීම සාර්ථක කරගත් ආකාරය.
    6. අධ්‍යාපනමය ප්‍රතිඵලය: බුද්ධිමත් සහ උගත් ජනතාවගේ තෝරාගැනීමක් ලෙසම මාලිමාව පිළිගැනීම. ඒ සඳහා සියලුම ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට ඉවහල් වීම.

    මෙම සියළු වාසිදායක කරුණු, අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරණ ජයග්‍රහණය කරා යෑමට මඟක් විවෘත කරයි.
    Thanks 🙏
    දෙවැනි කොටසත් ඔහොම්ම සමාරීයක් දාපන්කෝ.
     
    • Like
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    this is me
    දැනට දෙන්නේ අනුරයියට
    21 උදේට එහා ගෙදර කෙනා සෙරෙප්පුවක් පුච්චලා ගදක් ආවොත් රනිල්ට දෙනවා
    Original post එකේ තිබ්බ ඕකට මරු උදාහරණ ටිකක් ඇත්තට උන
     
    • Haha
    Reactions: SLK_sri

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    හෑලි නැතුව ඕක ඔව්ද නැද්ද කියලා කියන්න එකෙක් නැද්ද බන්? අන්න පාටලි කියලා රනිල්ට ගහපන් කියලා.
    සුදු මල්ලි චන්දෙට වැඩ කරන්න මඩ ගහන්න කලින් අනිත් එකා කියන එක විස්තර ඇතුව අහගන්න. එතකොට මඩ ගහන්නත් ලේසී. චොර වෙනවත් අඩුයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුදු මල්ලි චන්දෙට වැඩ කරන්න මඩ ගහන්න කලින් අනිත් එකා කියන එක විස්තර ඇතුව අහගන්න. එතකොට මඩ ගහන්නත් ලේසී. චොර වෙනවත් අඩුයි

    චොර wennama kiriye inna ekekta owa therenne naha,
    anika okawa godak ewun ignore dala inne
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හෑලි නැතුව ඕක ඔව්ද නැද්ද කියලා කියන්න එකෙක් නැද්ද බන්? අන්න පාටලි කියලා රනිල්ට ගහපන් කියලා.
    කොහෙද එහෙම කියලා තියෙන්නේ පච රණවකයා.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය ඔක්කොම විශ්ලේෂණ, සමීක්ෂණ බල බල ඉඳලා 23 වෙද්දි පුතාණෝ වැඩි ඡන්ද අරන් තිබුණාම

    Fox Tv Popcorn GIF by The Four