ජෙප්පට රිදුණා නේද..කියපංකෝ ඉතිං නාමල්ද පොලිසියත් ඵක්ක ගිහින් ඔතන අැවිලුවේ??
නාමල් රාජපක්ෂගේ නොවැම්බර් 21 භෞතීස්මයට පෙර මං තැනීමේ කථා වස්තුව
ත්‍රීකුණාමලය පරිච්ඡේදය
ත්‍රීකුණාමලයේ පන්සලට අතිරේක පර්චස් 40 ක් මහින්ද රාජපක්ෂ විසින් වෙරළ සංරක්ෂණයට අයත් ඉඩම්වලින් පරිත්‍යාග කරන්නේ 2014 දීය.
අද නොවැම්බර් 17 වෙනිදායි. හෙට දිනය (නොවැම්බර් 18) යනු මහින්ද රාජපක්ෂගේ 80 වෙනි ජන්ම දිනය යෙදන දවසයි. ඊට දවස් තුනකට පසුව මහින්ද විසින් නුගේගොඩ දී සිය දෙටු පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය භෞතීස්ම කිරීම යොදාගෙන ඇත.
ඒ අල්ල පනල්ලේ 2014 සිට මේ දක්වා වසර 11 කට පසුව හදිසියේම ඊයේ දිනයේ (ඉරිදා දිනයක) උදේ ඉඩමට ඇවිත් ඉරිදා රාත්‍රී වනවිට පන්සලක් හදලා පිළිමයක් වැඩම්වීමේ හදිසිය කුමක් දැයි දේශපාලන සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතු ය. මේ බව අද දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් ද ප්‍රකාශ කලේය.
නීතිඥ පියල් දර්ශන ගුරුගේ විසින් පළකරන ලද 2014 මහින්ද රාජපක්ෂ විසින් එකී විහාරස්ථානයට වෙරළ සංරක්ෂණ ඉඩමෙන් ලබාදෙන ලද අතිරේක පර්චස් 40 බලපත්‍රය පහතින් දක්වා ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ලබාදුන් අතිරේක ඉඩම් බලපත්‍රයක් හිමි පන්සලක මේ අල්ල පනල්ලේ බුදුපිළිමයක් තැන්පත් කර ප්‍රශ්නයක් ඇති කරගැනීම පිටුපස ඇති දේශපාලන වුවමනාව කුමක් ද? එකී වුවමනාව කාගේ ද? යන්න සවිඥානිකව කියවා ගත යුතුය.
අද මේ සිදුවීම මත ජාතිවාදී දේශපාලනය කරේ තියාගෙන යන්නේ නාමල්ලාගෙ දේශපාලන අනුගාමිකයින් පමණක් නොවන බව පෙනෙන්නට ඇත. සජබ, යූ.එන්.පී මෙන්ම පාඨලී, විමල් සහ දිලිත් හිතවතුන් ද ශ්‍රිලනිප ක්‍රියාකාරීන් ද ඒ මඟම ගමන් කරනු දිස්වෙයි.
ඒ අනුව මෙතෙක් කලක් (2000 න් පසු ඉතිහාසය තුළ) ලිබරල් වටිනාකම් සහ ජාතිවාදයට එරෙහිව දේශපාලනය පොදු වේදිකාවකට ගොනුකරන ලද 'කොළපාට' සමාජය දැන් අහෝසි වී ඇත.
ඒ වෙනුවට මතුවෙමින් ඇත්තේ යූ.එන්.පී ශ්‍රිලනිප සහ නාමල්ලා එක්වූ වාර්ගිකජාතිකවාදය මත පදනම්වූ ජනකාන්තවාදය උත්කර්ෂයට නගන පෙරමුණකි. එයට හෙට අනිද්දා සම්පූර්ණ සජබයම හෝ එහි කොටස් ද දිලිත්, විමල් සහ පාඨලීලාගේ කුඩා කල්ලි ද එකතුවනු ඇත.
අපේ පරම්පරාවේ ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ දේශපාලනයේ මේ මොහොතේ ඇති වැදගත්ම අභියෝගය නම් කුමන තත්ත්වයක් යටතේවත් ජාතිවාදී දේශපාලනයට යට නොවී සිටීමේ අධිෂ්ඨානය ආරක්ෂා කර ගැනීමයි.