මාලු ටැන්කි උදව්...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට මාලු ටැන්කියක් හදන්න ආසාවක් ආවා මිට අවුරුදු 15 විතර කලින් මගේ ගාව තිබ්බා එක යාලුවෙක්ට දුන්නා

    දැන් අඩි 2-3 වගේ ටැන්කියක් කියක් වගේ වෙයිද බන් කොළඹ කොහොද ගන්න තියෙන්නෙ ඔවා
    තාව කලින්නම් සති දෙකෙන් දෙකට වගේ ටැන්කියේ වතුර අයින් කරා දැන් ඉට වඩා ගැජට් එහෙම ඇවිල්ලා තියද බන් වතුර අයින් නොකර ෆිල්ට වේන්න වගේ

    මාලු ටැන්කි තියෙන එවුන් ගත්ත එවුන් ගනන් / විස්තර එහෙම කියන්න කෝ.. කියක් වගේ යයිද oxygen ෆිල්ටර් ටැන්කියට තව stand and hood එකක් වගේ දාල කරනවනම්
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉස්සෙල්ලම කියපන් අඩි 3 ටැංකියක හදන්න යන්නේ මොක්කුද

    OGg7bQS.gif

    lcVsZCn.gif
     
    Last edited:
    • Like
    Reactions: BadAlucard

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    lankwe malu group walata join welaa poddak balaapan, tanki sell wenna danawa kattiya mee dawas wala... wathura, kema ehema ganan giya nisa tanki sell wena post dala thibba mam dekka..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙන්න මගෙන් ඩොට් ටිකක්. වාක්‍ය ඉවර තැන් වල ඩොට් ටික හැලිලා. ...............................
    අවුරුදු 15 කට කලින් ආසාව ආව වගේ :lol:
     
    • Like
    Reactions: anuklk and kinkon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචන්ලා මට මාලු ටැන්කියක් හදන්න ආසාවක් ආවා මිට අවුරුදු 15 විතර කලින් මගේ ගාව තිබ්බා එක යාලුවෙක්ට දුන්නා

    දැන් අඩි 2-3 වගේ ටැන්කියක් කියක් වගේ වෙයිද බන් කොළඹ කොහොද ගන්න තියෙන්නෙ ඔවා
    තාව කලින්නම් සති දෙකෙන් දෙකට වගේ ටැන්කියේ වතුර අයින් කරා දැන් ඉට වඩා ගැජට් එහෙම ඇවිල්ලා තියද බන් වතුර අයින් නොකර ෆිල්ට වේන්න වගේ

    මාලු ටැන්කි තියෙන එවුන් ගත්ත එවුන් ගනන් / විස්තර එහෙම කියන්න කෝ.. කියක් වගේ යයිද oxygen ෆිල්ටර් ටැන්කියට තව stand and hood එකක් වගේ දාල කරනවනම්
    10000 ක් විතර යාවි කෑලි බෑලි ටිකට. ටැංකියක් 2000-5000 අතර යනවා, ස්ටෑන්ඩ් 1ක් 5000ක් ගියා ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ. 3X1 ටැංකියකට උස අඩි 4ක් අරෙගෙන, ඔක්සිජන් මෝටර් 1ක් 2200ක් විතර වෙනවා ෆිල්ටර් 1කත් එක්ක. ගල් කිලෝ එකක් 200ක් වෙනවා. පාට ගල් කිලෝ එකක් 400-500ක් වෙනවා. ප්ලාන්ට් ගන්වා නම් 200-300ක් වෙනවා. මාලු නම් ඕකට කාෆ්, ගෝල්ඩ් ෆිෂ්, රෙඩ්කොමන් වගේ පුලුවන්. ලොකු මාළු දාන්නේ නැතුව පුලුවන් තරම් පොඩි මාළු දාන්න බාබ් වර්ග වගේ පොඩි මාලු ගොඩක් දාපුවාම ටැංකිය ලස්සනයි, මේන්ටේන් කරන්න ලේසී. ලොකු මාලු දාපුවාම අනිවාර්යෙන් මාස 2-3න් ක්ලීන් කරන්න ඕනි. සොයිල් දාලා ප්ලාන්ටඩ් ටෑන්ක් එකක් විදිහට ලස්සනට හදාගන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: hkiz

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මුලින්ම අඩි 2,3 ක ටැංකියක හදන්ඩ පුලුවන්නෙ පොඩි මාලු. අඩි දෙකක ටැංකියක් ගන්නවනම් planted ටැංකියක් හදන්ඩ. නිකන්ම මාළු දාලා තියෙනවට වඩා එහෙම හොදයි.
    ලොකු ටැංකි මේ දවස් වල නම් ගානත් වැඩී නඩත්තුවත් අමාරුයි. පොඩි ටැංකියක නඩත්තුවත් හරිම ලේසි.
    Fb එකේ aquascaping groups ගොඩක් තියෙනවා.. ඒ වගේ මාළු, වෙනින් ජලජ ජීවීන් , ශාක වර්ග , පස් වර්ග , පොහොර වර්ග, ලයිට් වර්ග, ෆිල්ටරේශන් සිස්ටම්ස් ගැන A-z දන්න අය ඉන්නවා... ඉස්සර ලන්කාවෙ මාළු හැදුවට වඩා දැන් සෑහෙන දියුනු වෙලා තියෙන්නෙ , පොඩ්ඩක් ඔයා කැමති මොන වගේ ටැංකියකටද කියන එක ඒ ගෲප් වල ගිහින් බලලා idea එකක් අරන් වැඩේ පටන් ගන්ඩ.
    FB_IMG_1674145528126.jpg

    Black water tank
    FB_IMG_1674145606743.jpg

    Biotope

    FB_IMG_1674145740074.jpg

    Dutch aquascape
    FB_IMG_1674145819777.jpg

    iwagumi aquascape
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    10ක් වගේ යනවා ටැංකියට.
    වතුර සතියට සැරයක් මාරු කරන්න ඕනෙ 30%. නැත්තන් මාලු මැරෙනවා. ප්ලේටි ගප්පි වගේනම් ඉඳියි, ඒත් හුඟක් මාලු මැරෙනවා. මම මාලු හාදලා ඉගෙන ගත්ත වැදගත්ම පාඩම ඒක. හෝස් එකෙන් කරන එක තමා ලේසිම, වතුර පුරවන්නයි හිස් කරන්නයි දෙකම ඒකෙන් පුලුවන්. වතුර මාරු කරලා ඇක්වේරියම් සෝල්ට් ටිකක් දාන්න, ඇන්ටි ක්ලෝරීන් ටිකකුත් දාන්න.
    ඔක්සිජන් පම්ප් එකක් 800ක් වෙයි.
    නිකන් ස්පොන්ජ් ෆිල්ටරේ 890යි, මම දාලා තියෙන්නේ ටොප් ෆිල්ටරයක්, ඒකටනම් ඔක්කොටම 3500ක් වගේ වුනා, අනිවාර්ය නෑ ඒක.
    ප්ලාන්ට්ස් එක එක ගනන් වලට තියෙනව, ගෝල්ඩ් ෆිශ් දානවනම් අහලා දාන්න, සමහර ඒවා උන් කනවා.
    මගෙ ටැංකිය අඩි 3.
    ඉන්නේ ගෝල්ඩ්ෆිශ්, සීබ්‍රා, ග්ලෝ ටෙට්‍රා.
    හුඟක් පොඩි මාලුවර්ග ගෝල්ඩ් ෆිශ්ලා එක්ක දාන්න බෑ උං ගෝල්ඩ්ෆිශ්ලට කොටනවා. තව නියොන් ටෙට්‍රා දාන්න එපා සීබ්‍රා එක්ක, සීබ්‍රා කොටලා කාලම දාමව නියොන්ලව.

    ඕවරෝල් ගද්දි වියදම් අඩුම හොබි එකක්. ටිකක් හොඳ බල්ලෙක් හැදුවොත් දවසට 400ක් වගේ වියදමක් යනවා, ඒත් මාලුන්ට මාසෙටවත් එච්චර යන්නේ නෑ.

    උඩ කියලා තියෙනවා වගේ කරන්ට් එකලොකු ඉශූ එකක් නෑ, සමහර දවස් වලට අපේ පැය 10ක් විතර කපනවා ඒත් අවුලක් නෑ. සමහර මාලු වර්ග වලට විතරයි ඔක්සිජන් පම්ප් ඕනෙ.
     
    • Love
    • Like
    Reactions: 222ranga and hkiz

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මචන්ලා මට මාලු ටැන්කියක් හදන්න ආසාවක් ආවා මිට අවුරුදු 15 විතර කලින් මගේ ගාව තිබ්බා එක යාලුවෙක්ට දුන්නා

    දැන් අඩි 2-3 වගේ ටැන්කියක් කියක් වගේ වෙයිද බන් කොළඹ කොහොද ගන්න තියෙන්නෙ ඔවා
    තාව කලින්නම් සති දෙකෙන් දෙකට වගේ ටැන්කියේ වතුර අයින් කරා දැන් ඉට වඩා ගැජට් එහෙම ඇවිල්ලා තියද බන් වතුර අයින් නොකර ෆිල්ට වේන්න වගේ

    මාලු ටැන්කි තියෙන එවුන් ගත්ත එවුන් ගනන් / විස්තර එහෙම කියන්න කෝ.. කියක් වගේ යයිද oxygen ෆිල්ටර් ටැන්කියට තව stand and hood එකක් වගේ දාල කරනවනම්

    අඩි 2 ,3 ගහන් පකේ වැඩනම් කරන්න එපා බන්. 6 x 3 වත් ගහපන් අඩුම මාලු දානවානන්. සුපිරි filter system එකක් හදලා ලයිට් ගියාම දුවන්න ක්‍රමේකුත් හදහන්.

    හොදට වියදම් කරලා , කාලය යොදවලා කැප වෙලා හදනවනම් හදහන්. නැත්නම් නිකන් අහක යන පවු ටිකක් උබේ අකවුන්ට් එකට පුරවගන්නෙ නැතුව හිටහන් මචෝ! පොඩි එකක්ම නම් කරන්න යන්නෙ Planted Tank එකක් හදහන්.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    me thiyenne mage tank eka. 10 wage giya.

    IMG-20230120-201244.jpg
    Shhha lassani lagadi da gatta 10k ?

    අඩි 2 ,3 ගහන් පකේ වැඩනම් කරන්න එපා බන්. 6 x 3 වත් ගහපන් අඩුම මාලු දානවානන්. සුපිරි filter system එකක් හදලා ලයිට් ගියාම දුවන්න ක්‍රමේකුත් හදහන්.

    හොදට වියදම් කරලා , කාලය යොදවලා කැප වෙලා හදනවනම් හදහන්. නැත්නම් නිකන් අහක යන පවු ටිකක් උබේ අකවුන්ට් එකට පුරවගන්නෙ නැතුව හිටහන් මචෝ! පොඩි එකක්ම නම් කරන්න යන්නෙ Planted Tank එකක් හදහන්.
    එහෙම කරන්නෙ නැ බන් උපරිම විදිහට උන්ට සාත්තු කරනවා.
    ------ Post added on Jan 21, 2023 at 8:05 AM
     
    • Love
    Reactions: KalyanaMithra001

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Dannam malu hadanna amarui bro. Powercut seen ekai hoda kama godak ganan. Oyata hodata salli wiyadam karala hariyata puluwannam hadanna. Nathtgan paw saththu. bump.
     
    • Like
    Reactions: kinkon