මාලු හිසේ සැත්කම

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මාලු හිසේ සැත්කම

    ගෝල්ඩ්ෆිෂ් මාලුවෙකුගේ හිසේ තිබ්බ පිලිකා ගෙඩියක් ඉවත් කල විස්මිත සැත්කමක් ගැනයි මේ කියන්න යන්නේ. :eek::eek::eek:

    am8pR3J.jpg

    ඔස්ට්‍රේලියාවේ සිටින ජෝර්ජ්(George) නැමැති ගෝල්ඩ්ෆිෂ් වර්ගයේ මාලුවාගේ හිසේ පිලිකා ගෙඩියක් ඇතිව තිබෙනවා.

    මෙම ගෙඩිය නිසා ජෝර්ජ් ගේ ජිවිතය දැඩි අවධානමකට ලක්ව තිබුනා.
    වෛද්‍ය මතය වූයේ මේ සම්බන්දව සැත්කමක් සිදුකිරිම හෝ ජෝර්ජ් හට වේදනාරහිත මරණයක් ලබාදිමයි.

    නමුත් මත්ස්‍යයකු සම්බන්දව සැත්කමක් සිදුකිරිම ඉතා අසිරු බව ඔබට වුවද වැටහෙනු ඇත.
    නමුත් ජෝර්ජ් මරණයට පත්කිරිමට අකමැති ඇගේ හිමිකරු සැත්කම සිදුකිරිමට තීරණය කලේය.

    ඒ අනුව මෙම අසිරු සැත්කම පශුවෛද්‍ය ට්‍රිස්ටන් රීච් මහතා විසින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ස්මිත් සත්ත්ව රෝහලේදි සිදුවිය.

    62Ln5IW.jpg


    EOSQ2dE.jpg



    වෛද්‍යවරුන් විසින් සැත්කම සදහා මාලුවා දියෙන් ඉවත්කරගත් අතර ස්වසනය සදහා ඔක්සිජනීකෘත ජලය කරමල්තුලින් යවා ඇත.සැත්කම සදහා මිනිත්තු 45ක් පමණ ගතව ඇති අතර සාර්ථකව ගෙඩිය ඉවත්කිරිමට සමත්විය.

    - රොෂින් ප්‍රනාන්දු

    මෙවැනි ලිපි කියවන්න
    ජනේලයෙන් එබෙන්න.

     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මාළුවෙක්ට ඔපරේෂන් කළා කියල ඇහුවෙත් අදමයි, පෝස්ට් එකට ස්තුතියි :)
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    නියමයි මචං. ඔයා ඩොකෙක්ද.
     
    Last edited: