මාවදාලායන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දෙතුන් පාරක්ම ආපු ප්‍රශ්ණ නිසා
    මාව දාලා යන්න හදපු ඔයාව
    මම දහසක් දේවල් කියලා
    බලාපොරොත්තු දහසක් දීලා
    මගෙ ලඟින්ම තියාගත්තෙ ඔයාට තියෙන අසීමිත ආදරේ නිසා

    අද මන් ඔයාගෙන් ඇහුවා
    පණ , ඔයාට ඇත්තටම මාව දාල යන්න ඕනෙද කියලා
    මන් කොහොම ඇහුවත් එක හිතින්ම උත්තරයක් හිතේ තියන් හිටියා
    ඒ "අනේ මට ඔයාව දාලා යන්න බෑ සුදූ, මන් ඔයාට ආදරෙයි" කියලා කියයි කියන එක

    ඒත් අවාසනාවකට ඔයාගෙ උත්තරේ ඒක නෙමෙයි
    "මාව නිදහස් කරන්න"

    කොහෙන්දෝ ආපු හෙණ පාරක් මගෙ පපුව මැද්දටම වැදුනා
    හීනෙකින්වත් මෙහෙම දෙයක් හිතුවෙ නෑ දෙවියනේ
    මට ඔයාව නිදහස් කරන්න බෑ
    ඔයා මගෙ ජීවිතෙ වැදගත් කෙනෙක් නෙමෙයි
    ඔයා මගෙ ජීවිතේ වැදගත්ම කොටසක් වෙලා
    මගෙ මුලු ජීවිතේම වෙලා

    යනවා නම් ජීවිතේම අරන් යන්න පණ
    මොකද ඔයා ගියාම ජීවිතයක් ඉතුරු වෙන එකක් නැහැ


    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: chandimalin