මාවනැල්ලේ බුදුපිළිම කැඩු 7 ක් අත්අඩංගුවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාවනැල්ලේ බුදුපිළිම කැඩු 7 ක් අත්අඩංගුවට

    මාවනැල්ල හා අවට ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට පහර දී අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    අත්අඩංගුවට ගත් එම සැකකරුවන් හය දෙනෙක් මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 දින දක්වා රිමාන්ඞ් බාරයට පත් කළ බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සිද්ධිය සැලවීමත් සමඟ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කළ බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    මෙම අනර්ථ සිදුකරන අවස්ථාවේ දීම ප‍්‍රදේශ වාසීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි තරුණයාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේ දී හෙළි වු තොරතුරු අනුව සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

    තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
    සිද්ධියෙන් පසු ප‍්‍රදේශ තුළ සාමය පවත්වාගෙන යාම සදහා පොලිස් හා විශේෂ කාර්ය බලකාය යොදා ආරක්ෂාව තරකර ඇත.

    lankadeepa



    අර නාකි මරාගේ වැඩ තමා මේවා.ඌට ඕන දැන් රටේ ප්‍රශ්ණ ඇති කරලා ඌට උන ලැජ්ජාව වහගන්න.:angry::angry::angry:
     
    • Haha
    Reactions: Xi Jinping

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    චන්දයක් ලං වෙනකොටම මාවනැල්ලෙ බුදු පිලිම :-

    my time GIF
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ezgif-3-e2e715f7d0.jpg


    මෙත් මල් පිබිදේවා.. හලාල්.. මෙත් මල් පිබිදේවා.. :ROFLMAO: 🤭
     
    • Haha
    Reactions: Xi Jinping