මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    1657636651240.png
    මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක් නැවත මෙලෙස පළ කරන්නේ
    අද නැවත දේශපාලනය තුල ඒ අතීතයම නැවත වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතී යැයි හැඟෙන බැවිනි.

    මීට වසර දහයකට පමණ පෙර සිදු වූ මේ සංවාදය අපට කියාදෙන පාඩම තේරුම් ගමු...
    මේ 2006 ජනවාරි 29 දින දිවයින පුවත්පත ඒ පුවත වාර්ථා කළ ආකාරයයි...

    ++++++++++++++++++
    අඟහරුවාදා සවස නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් ජනාධිපතිතුමා දැක ගන්නට ගියේය. ඔහූ ගියේ පසූවදා උදේ තමා ඇතුළු නියෝජිත පිරිසක් වන්නියට ගොස් ප්‍රභාකරන් මූණගැසී සාකච්ඡා කරන බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනූම් දීමටය.
    මෙහිදී සිදුවූ විශේෂත්වය වූයේ ජනාධිපතිතුමා ඉතා හැඟුම්බරව හා තදින් කතා කරන්නට වීමයි.

    "මේ රටේ බලයට පත් වූණ හැම නායකයෙකුටම කොටි සංවිධානය කාලයක් දුන්නා. නමූත් මට මේ අය සති දෙකක්වත් දුන්නෙ නැහැ. මම දිවූරුම් දුන්නේ 19 වැනිදා. සතියක් ඇතුළත එල්ටීටීඊ එක හමූදා භටයන් 14 දෙනෙක් මැරුවා. ආයෙත් සතියක් ඇතුළත තව 10 දෙනෙක් මැරුවා. මොනවද මෙයාලා මේ කියන්නෙ.
    පැහැදිලිවම මම කිව්වා ප්‍රභාකරන් එක්ක සාකච්ඡාවට ඕනනම් මම වන්නියට වූණත් එන්නම් කියලා. ඒත් ප්‍රභාකරන් ඒ එකක්වත් පිළිගත්තෙ නැහැ. මට පහරදීල මාව කුපිත කරන්න බැලුවා. ඒ වූණාට එයා දන්නෙ නැහැ මම මගේ දරු පවූලටත් වඩා මේ රටට ආදරය කරන බව.
    ඔයා ගිහින් ප්‍රභාකරන්ට කියන්න ඕනවට වඩා මාව කුපිත කරන්න ඇවිත් මාව බිත්තියට හේත්තු කරන්න එන්න එපා කියලා. මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙන බව විතරක් කියන්න."

    -මහින්ද රාජපක්ෂ
    2006- ජනවාරි 29 දිවයින
    ++++++++++++++++++

    නමුත් මේ අනතුරු ඇඟවීම තේරුම් ගන්නට තරම් නිස්කලංක මනසක් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ච මෘගයාට නොවිණි. එකින් එක පෙළින් පෙළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ මහින්ද භීතියට පත් කර ඒ හරහා බෙදුම්වාදී උවමනාව ඉටු කරගැනීමටය. මීට පෙර නායකයන්ට ප්‍රභාකරන්ගේ ඒ උපාය සාර්ථක වී තිබිණ. නමුත් මෙවර ඔහුට මුණ ගැසුනේ තරමක් වෙනස් මිනිසෙකි.

    එය තේරුම් නොගත් ප්‍රභාකරන්ගේ තිරිසන් ත්‍රස්ත ක්‍රියා නිනැවතී පෙරට ඇදිණ. කැබිතිගොල්ලෑවේ ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයත් මවිලාරු සොරොව්ව වසා අසරණ ගොවීන්ට මරණ වරෙන්තුව ලියා දීමත් ඒ සිදුවීම් පෙළේ තීරණාත්මක අවස්ථාය. නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද?

    දුෂ්ඨත්වයට පරාජයත් මාතෲභූමියට විශ්මිත විජයග්‍රහණයකුත් ලඟා කර දෙමින් එය අවසන් විය.
    අදද වෙනත් වටයකින් මහින්ද බිත්තියට හේත්තු කරමින් සිටී. ඒ දුෂ්ඨත්වයට 'යහපාලනය' යැයි අපූරු නමක් දී තිබේ. පෞද්ගලික එදිරිවාදිකම් උදෙසා මේ එල්ල කරමින් තිබෙන පීඩනය හරහා අද මේ නිර්මාණය වෙන්නේ තවත් දේශපාලන කැබිතිගොල්ලෑවක් ද තවත් දේශපාලන මාවිල්ආරුවක්ද?
    අපි බලා සිටිමු..

    සටහන : යටියන ප්‍රදීප් කුමාර
    යුතුකම සංවාද කවය
    www.yuthukama.com
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    පරණ කතාවක් මතක් උනා
    මේ වෙලාවෙ ගෝතයාව රටෙන් පන්නන එක හොදයි වගේ

    පස්සෙ ගෙන්නගෙන හිරෙ දාගන්න බැරි වෙයිද
    ඇමෙරිකාවට වද්දගන්නෙත් නැති සීන් එකක්නෙ තියෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    mgid:ao:image:mtv.com:13187


    වැටිල ඉන්න එකාට ඇනල මරන්නෙ නැතුව පාපොච්චාරණ ඉල්ලපු ඔබරෝන්ගෙ දත්වහල්ල මතක් උනා
     
    • Like
    Reactions: zid2021

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    හම්මට මයිනයි ගෝට යි තනියෙන් යුද්දේ ඇද්ද කියලද බන් උඹලා හිතන් ඉන්නෙ? ඌව හේත්තු කරාම ප්‍රබා ට හේත්තු වෙන්නම දුන්නෙ සුළු පක්ෂවල සහයෝගෙයි, හමුදාවේ නායකත්වයයි නිසා.. දැන් උට ඒ මොකුත් නෑ.. තියෙන එකම sup එක හීන් බයි කෙඳිරිලි ටිකක් විතරයි..
     
    • Like
    Reactions: zid2021