මුල් පොස්ට් එක එඩිට් කරන්න බැලු. එච්චර් චැරැක්ටර්ස් එක පොස්ට් එකකට දාන්න බැලු. ඒ නිසා ඔන්න අන්තිම හරිය දැම්ම මෙතන.
දැන් එන්නේ අන්තිම කොටසට. කිව්වා මොහොමඩ්ට සල්ලි ටික කාර් එකේම තියලා යතුරත් සීට් එක උඩ තියලා, ගුඩ් ශෙඩ් (ගුඩ් ශෙඩ් කියන්නේ නුවර ලොකු බස් ස්ටැන්ඩ් එක) එකට ගිහින් කඩුගන්නාව බස් එකට නගින්න කියලා. මේ වෙලේ මම ඒ බස් එක ඇතුලේ. මොහොම්ඩ් ටිකකින් බස් එකට් ඇවිත් නැග්ගා, මට ඉස්සරහයින් වාඩි උනා. ටිකට් ගත්තා කඩුගන්නාවටම. දැන් සල්ලියි, කාර් එකයි කාර් එකේ යතුරයි ඔක්කොම ස්ටේශන් එක ලග , කවුරුහරි පිම්පියෙක් සල්ලියි වාහනෙයි අරන් ගියානම් මට හුලන්. වෙලාවට එහෙම වෙලා නැ. මම බස් එකෙන් බැහැලා මොහොමඩ්ට යන්න දිලා කාර් එක ලගට ගිහින් සල්ලි බැග් එකත් බලලා සුරේශ්ට කොල් එකක් දුන්නා ලමයා ගෙදර යවන්න කියලා. මට පුලුවන් උපරිම ශොට්කට් දාලා කාර් එකෙන් අරූගේ බස් එක පේරාදෙනිය හරියට යන්න කලින් උඩ පාරට දාලා (පේරාදෙනියට කඩුගන්නාව බස් එක යන පාර වෙනයි.) බස් එකට කලින් මම මහවැලිගගත් පහු කරලා කොලඹ පැත්තට යනවා. මුලු ටයිම් එකේම මම ග්ලවුස් දාලා හිටියේ. වාහනේ එලෙව්වෙත් ග්ලවුස් එක්ක. පැය කාලකින් විනාඩි විස්සකින් මම කඩුගන්නාව ඩොසන් කුලුන ඉස්සරහ බස් හොල්ට් එකට මෙහාට වෙන්න කාර් එක නවත්තල වටපිට උන්ට මූන මීටර් නොවෙන්න සල්ලි බැග් එකත් අරන් කාර් එකේ සීට් එක යටට යතුර දාලා දොර බාගෙට වහලා ඇතට වෙලා බලන් හිටියා. බස් එක ආවේ ඊට පැය කාලකට විතර පස්සේ. ඒ වෙනකොට මම කොල් එකක් දීලා මොහොමඩ්ට කිව්වා කාරෙක තියන තැනයි යතුරයි. මොහොමඩ් කාර් එකට් ඇවිත් වටපිට බලනකොට මම අන්තිම සැරේට කොල් කරලා කිව්වා, ලමයා ගෙදරට එව්වා, දැන් කොල් කරලා බලන්න කියලා. එතකොට මිනිහා මගෙන් අහපු ප්රශ්නේ මම හීනෙන්වත් හිතපු නැති එකක්. "කො, මගේ ෆොන් එක" ටහිකෙයි. මූට ලක්ශ 25ක් නැති වෙලා මූ අහන්නේ රුපියල් තිදාහක ෆොන් එකක් ගැන. එක දෙන්න වෙන්නේ නැ කියලා ෆොන් එක කට් කරලා ෆොන් එකේ බැට්රිය ගලවන්න බැලුවා, ඒක සීල් ටයිප් ෆොන් එකක්. බැට්රිය ගලවන්න බැ. සිම් එක ගලවන්න පින් එකකුත් මගේ ලග නැනේ ඔබන්න. ඔෆ් කරලා දාලා මම සල්ලිත් අරන් බස් එකේ නගිනකොට මම යාන්තමට දැක්කා මොහොමඩ් අයියා කාර් එකේ නැගලා යනවා.
කසින් මලයත් එක්ක සල්ලි බෙදගත්තු එක කලේ අද. අද වෙජ්නකන්. මැයි මාසේ ඉදන් අද වෙනකන් සල්ලි එක රුපියල් 5000 කොලයක්වත් මාරු කලේ නැ. කවුරුත් නොහිතන පැල පොල් ගහක පොලිතින් එකක් එක්ක හන්ගලා තිබිලා අද ගත්තේ.. සලි බැන්කුවට දාපු විදියක් තියෙනවා, ඒක නම් කියන්න බැ. දැන් ඒ සල්ලි තියෙන්නේ රටේ හැම කොනකම.
(ආදරනීය මොහොමඩ් අයියේ. සල්ලි ගත්තේ ඔයාට සල්ලි තියන නිසා.ලමයා පරිස්සන් කරගන්න. ෆොන් එක මම එනගමන් මහවැලියට විසි කලා..)