මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න.
ඉන්පසු යේසුස් රොටියක් ගෙන දෙවිට ස්තූති කර, එය කඩා ඔවුන්ට දෙමින් මෙසේ කීවේය."මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන්න යන මාගේ ශරීරයයි. මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න." ඊළඟට භෝජනය ගත අවස්ථාවේදී කළ ආකාරයටම ඔහු කුසලානයක් ගෙන ඔවුන් අතට දෙමින් මෙසේ කීවේය."මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරවනුලබන මාගේ රුධිරයයි. අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි. (ලූක් 22:19,20 - ශුද්ධ බයිබලය නව ලොව පරිවර්ථනය)(මතෙව් 26:26-28)
මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න. (ලූක් 22:19)
මෙම ප්‍රකාශය කලේ - යේසුස් ක්‍රිස්තුස්
දිනය - ක්‍රි.ව. 33 පාස්කු දින රාත්‍රියේ.
යුදෙව් ජාතිකයන්ගේ උත්සවයක් වන පාස්කු උත්සවය අතරතුර යේසුස් ක්‍රිස්තුස් විසින් හඳුන්වාදුන් මෙම අලුත් සැමරීම කුමක්ද?
බයිබලයේ මෙය "ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය" ලෙස හඳුන්වා ඇත. (1 කොරින්ති 11:20)
මෙම සැමරීම කරන්න කීමේ අරමුණ -
යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහිකිරීම සිහිකිරීම සඳහා.
(යේසුස් විසින් තමාව සිහිකිරීමක් ලෙස කරන්න කී එකම සැමරීම මෙය පමණයි.)
* ඔහු මරණයෙන් නැවත නැගිටීම හෝ ඔහුගේ උපන්දිනය හෝ එවැනි කිසිවක් සමරන්න කියා බයිබලයේ කිසිම තැනක සඳහකර නැත. එමෙන්ම ඔහුගේ මුල් අනුගාමිකයන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හැර යේසුස් සම්බන්ධ විශ්වාසවන්ත කිසිම වාර්තාවක සඳහන්ව නැත.
මෙම උත්සවය සැමරිය යුත්තේ යුදෙව් කැලැන්ඩරයට අනුව කවදාද?
යුදෙව්වන් පාස්කු උත්සවය සෑම වසරකම නීසාන් (අබීබ්) මස 14 වෙනිදා පැවැත්වුවා. (නික්මයාම 12:1-27, එස් රා 6:19)
වසන්ත සමයේ එක් දිනක දවාල පවතින කාලයත් රාත්‍රිය පවතින කාලයත් එක හා සමාන වෙනවා. ඒ දිනය "විෂුවය" ලෙස හඳුන්වනවා. එම දවසට පසු මුලින්ම නව සඳ පායන දවස ඔවුන් සැලකුවේ නීසාන් (අබීබ්) මස 01 වෙනිදා ලෙසයි.(නව සඳ පායන දවස යනු අමාවක දවසින් පසු මුලින්ම සඳ දකින දිනයයි. පාස්කු උත්සවය පැවැත්වූයේ එතැන් සිට දින 13ක් ගණන් කිරීමෙන් පසුවයි.
නීසාන් 14, නවීන දින කැලැන්ඩරයට අනුව 2016 වසරේ කවදාද?
මෙම වසරේ එනම් 2016 වසරේ - මාර්තු 23 වන දින ඉර බැස යාමෙන් පසු
මාර්තු 23 කියන්නෙ සිකුරාදා දවසක් නෙවෙයිනෙ බදාද නෙ?
ඔබගේ Anniversary එක හෝ එවන් දිනක ආරම්භක වර්ෂයේ සිකුරාදා දිනක යෙදුනා යයි උපකල්පනය කරමු. එය එසේ යයි කියා ඊළඟ වසරේත් එම දිනය සිකුරාදා දිනකටම යෙදෙයිද? ආරම්භය ඇති වුනේ සිකුරාදා දිනක කියා අනෙක් වසර වල සැමරීම කළ යුත්තේත් එම සතියට අදාල සිකුරාදා දිනයේද?
ඕක ඉතින් ක්‍රිස්තියානි අයගෙ උත්සවයක්නෙ, ඕක කවදා කොහොම තිබුනම අපිට මොකද කියල ක්‍රිස්තියානි නොවන කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් ඒක එහෙමද..??
ඒක ගැන දැනගන්න කලින් යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුනේ ඇයි කියා සොයාබැලීම වැදගත්.
බයිබලයේ ඇති ලෙසට, දෙවියන් මුල්ම මිනිස් යුවලව මැව්වේ පරිපූර්ණ යුවලක් ලෙසයි. එනම් කිසිම ලෙඩක් දුකක් නැති මරණයක් නැති සදහටම ජීවත් වන පිරිසක්. දෙවියන් ඒ ආකාරයෙන් මුල් මිනිස් යුවලව මැවීමෙන් අරමුණු කළේ - මිනිසුන්ව පසුකලෙක ස්වර්ගයට හෝ වෙනින් තැනකට ගෙනගොස් පදින්චි කරවීමට නොව, මේ පොළොවම පරිපූර්ණ මිනිස් සමාජයකින් පුරවන්න වගේම මේ පොළොව මිනිසුන් මාර්ගයෙන් පාරාදීසයක් බවට පත් කරවීමටත් සියලූම සතුන් කෙරෙහි අධිපතිකම් කරවීමටත්ය.(උත්පත්ති 1:28)
දෙවියන් අපගෙ මුල්ම දෙමව්පියන් යුවලව පරිපූර්ණ යුවලක් හැටියට මැව්වනම් ඇයි අපි ලෙඩ වෙන්නෙ, මැරෙන්නෙ. ඒකට හේතුව තමයි, දෙවි මිනිසුන්ව මැව්වෙ නිකම්ම පරිපූර්ණ මිනිස් රොබෝල හැටියට නෙවෙ. තනිව තීරණ ගැනීමේ හැකියාවත් ඇතුවයි. ආදම් සහ ඒව ලෙස හඳුන්වන මේ යුවලව එක් අවස්ථාවක ස්වර්ගයේ බලවත් දේවදූතයෙක්ව සිටි පසු කලෙක සාතන් කියා හඳුන්වන භූතයා විසින් පාපයට පොළඹවනවා. (උත්පත්ති 3:1-6) ඉතින් එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා පාපය කිරීමට පෙළබීම නිසා එහි දඬුවම ලෙස මරණය උරුම කරගත්තා. එම නිසා ඔවුන්ගෙන් පැවතෙන අපි හැමෝමත් පරිපූර්ණ කමක් නැති පාපය ලෙස මරණය උරුම කරගත් අය ලෙසයි උපදින්නේත් ලෙඩවී වයසට ගොස් මැරෙන්නෙත්. ජීවත්වීමේ අශාව නැතිකරගත් අය suicide කරගත්තත් සමස්තයක් හැටියට අපි හැමෝම කැමති මැරෙන්න නෙවෙයි තව එක දවසක් හරි පුලුවන්නම් සදහටම හරි ජීවත් වන්නයි. ඒ ගැන බයිබලයේ දේශනාකාරයා (ධර්මදේශකයා) පොතේ 3:11 හි සඳහන් කර තිබෙන්නේ "සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත" කියාත්, "එක් මිනිසෙක පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලු දෙනාටම උරුම විය" කියා රෝම පොතේ 5:12 ත් සඳහන් වෙනවා.
අද දින අප අතින් වන වැරදි වලට අපි අදාල පාර්ශවයට හෝ රජයට වන්දි ගෙවීම තුළින් වැරදි වලින් නිදහස් වෙනවා වගේ දෙවියන් ඉදිරියේ පරිපූර්ණ මිනිසා විසි කළ වරදටත් වන්දි ගෙවීමක් කිරීමට තිබේනම් සාධාරණයි නේද. නමුත් ගැටළුව තිබෙන්නේ පරිපූර්ණ යුවලකගේ වරදක් සඳහා ලේ උරුමයෙන් පාපය සහ මරණය උරුම කරගත් අසම්පූර්ණ මනුෂ්‍යයෝ වන අපට අපේ ජීවිතය තුළින් වන්දි ගෙවීමට නොහැකි වීමයි. ඒ ගැන බයිබලයේ ගීතාවලිය පොතේ 49:7,8 හි සඳහන් වන්නේ "නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට තම සහෝදරයෙකුව මුදාගැනීමටවත් ඒ වෙනුවෙන් දෙවිට යම් වන්දියක් ගෙවීමටවත් හැකියාවක් නැත. මන්ද මනුෂ්‍ය ජීවිතයක් සඳහා දිය යුතු වන්දිය කිසිදා ගෙවා නිම කළ නොහැකි තරම් ඉතා ඉහළය." කියාය. දෙවියන්ගේ නීතිය නම් "ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක්, යන ප්‍රතිපත්තියට අනුව..."_ද්වීතීය කතාව (ද්වීතීය නීති සංග්‍රහය) 19:21.
වන්දි ගෙවීම මගින් වරදින් නිදහස් වෙන්න අවස්ථාව සැලසිලා තියෙනව ඒත් ගෙවන්න තරම් සුදුසු වන්දියක් මෙ පොළෙවේ නෑ. ඒකට මොකද කරන්නේ...??
බයිබලයේ රෝම කියන පොතේ 6:23 සඳහන් වන්නෙ "පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි." කියාය. මේ පොළොවේ පරිපූර්ණ කවුරුත් නෑ පරිපූර්ණ ජීවිතයක් වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න. කෙනෙක් හිතන්න පුලුවන් දෙවියන් කොච්චරනම් කෲර ද කියල. නමුත් බයිබලයේ යොහන් (ජොහන්) පොතේ 3:16 "දෙවි මුලු ලෝකයට කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත්වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි." කියාය.
ඉතින් මේකට යේසුස් මැරෙන්නම ඕනෙද?
දෙවියන්ට ඕනෙනම් අපි මේ පාපය උරුමකරන් ඉද්දිම වුනත් සදාකල් ජීවත් වීමෙ ප්‍රස්ථාව ලබල දීල අපිව පරිපූර්ණ පුද්ගලයන් බවට පත්කරන්න තිබුණා. එහෙම කලානම් 'පාපයේ කුලිය මරණයයි' කියල දෙවියන්ම දීපු නීතිය දෙවියන්ටම නොසලකාහරින්න සිද්ධ වෙනවා. නමුත් එම නීතිය නොසලකා හරින්න පුලුවන් සුලුපටු නීතියක් නෙවෙයි. යුක්තිය ඉටුවෙන්න නම් එම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. මන්දයත් බයිබලයෙ ගීතාවලිය පොතේ 37:28 කියන්නෙ "යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කරන්නෙක්" කියායි.
මේ සිද්ධියේදි දෙවියන් යුක්තිය ඉටු නොකලානම් අනික් කාරණාවලදිත් ඔහු එසේ කරයිද කියා මිනිසුන් හිතන්න පුලුවන්. අපට ගැලවීම ලබාදෙන්න දෙවියන් යුක්තිය ක්‍රියාත්මක කරපු එකෙන් ඔහු හැම වෙලාවෙම හරි දේ කරනවා කියන සහතිකය දුන්නා.
ඉතින් මේ කරුණු නිසා ආදම් සහ ඒවගෙන් පැවත එන්නෙ නැති පාපය උරුමකර නොගත් පරිපූර්ණ කෙනෙක් මේ පොළොවේ ඉපදෙන්න සැලසෙව්වා. එය කළේ පාපය උරුම කරගත් යුවලයකගේ එකතු වීමකින් තොරව කන්‍යාවියකගේ ගර්භාශයේ මිනිස් කළලයක් වැඩීමට සැලැස්වීමෙන්. හරියට නිකන්, නළදරු උපතක් කරනව වගේ. ඒ ගැන බයිබලයේ ලූක් පොතේ 1: 27,31,35 හි සඳහන් වන්නේ "27-ඔහු ගියේ මරියා නම් කන්‍යාව හමු වීමටය... 31-දැන් මා කියන දේට සවන් දෙන්න. ඔබේ කුසේ දරුවෙක් පිළිසිඳගනියි.ඔබට බිහිවන්නේ පුතෙක්.ඔහුට යේසුස් යන නම තබන්න. 35-දේවදූතයා ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. 'ඔබට ම්හෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි." කියාය. දෙවියන්ට කීකරු වීම නිසා මේ ආකාරයෙන් යේසුස්, ඔහු කලින් සිටි උසස් තත්වයේ සිට මනුෂ්‍යයෙක් ලෙස මේ පොළොවට පැමිණීම නිසා බයිබලයේ රෝම 5:19 හි "එක මිනිසෙකු අකීකරු වූ නිසා බොහෝදෙනෙකුව වරදකරුවන් ලෙස ගණන්ගනු ලැබීය. එලෙසම එක් කෙනෙකුගේ කීකරුකම නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ" කියා ලියා තිබේ.
යේසුස් මේ පොලොවේ සිටිනවිට දේව රාජ්‍යය ගැන දේශනා කළා සහ දේව රාජ්‍යයෙදී සිද්ද කිරීමට නියමිත දේවලට උදාහරණ හැටියට ලෙඩුන් සුවකළා, මැරුණු අය නැවත නැගිටෙව්වා වැනි දෑ කළා තමයි. නමුත් ඔහු මේ පොළොවට පැමිනි ප්‍රධානම කාර්යය නම්, පාපය උරුම කරගත් මේ ලොකයේ සියළුම ජනයා සඳහා ඔහුගෙ මරණය තුළින් වන්දි ගෙවීමටයි.
යේසුස් මැරිල දැන් අවුරුදු 2000කටත් වැඩියිනෙ. එයා අපි වෙනුවෙන් මිදීමේ මිලය ගෙවුවනම් ඇයි අදටත් මිනිසුන් ලෙඩවෙල වයසට ගිහින් මැරෙන්නේ?
මුලු විශ්වයේම නිර්මාතෘ යෙහෝවා දෙවි කියා බයිබලයේ එළිදරව් පොතේ 4:11 සඳහන් වුනත් මේ පොළොව පාලනය කරන්නේ දෙවියන් හෝ යේසුස් ක්‍රිස්තුස් කියා කිසිම තැනක නැහැ. ඒ වෙනුවට යේසුස්, මේ පොළොවේ පාලකයා ලෙස සාතන් කියන බලවත් භූතයාව හැඳින්වූ බව බයිබලයේ සඳහන් වේ.(යොහන් 12:31; 14:30; 16:11)
සාතන් නම් මේ පොළොව පාලනය කරන්නෙ, දෙවියන්ගෙ මුල් අරමුණ වුන මේ පොලොව පාරාදීසයක් බවට පත්කිරීම, මිනිසුන්ව නැවත පරිපූර්ණ තත්ත්වයට පත්කිරීම සිද්ද වෙයිද?
සාතන්ගේ පාලනය නුසුදුසු පාලනයක් කියා තේරෙන්න හැරීම සඳහා තවම කිසිවක් නොකලත් අපි මතක තියාගතයුතු එක් කරුණක් තිබෙනවා. එය නම්, තමන්ගේ වැරදි ආශාවන් දිගින් දිගටම වර්ධනය වන්න ඉඩදීම නිසා පසු කලෙක නපුරු භූතයෙක් වුනත් සාතන්ව මුලින් දේව දූතයෙක් ලෙස නිර්මාණය කළේ යෙහෝවා දෙවි විසිනුයි. එම නිසා බයිබලයේ යෙසායා පොතේ 65:17 හි "මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකට නෙඟෙන්නේ නැත" කියා සඳහන් වේ.*සංකේතාත්මක ලෙස මෙහි අලුත් පොළොවක් කියා හඳුන්වා දී ඇත්තේ දෙවියන් කැමති ආකාරයට ජීවත් වන මිනිස් සමාජයකටයි.
මෙහි සඳහන් ආකාරයට අපගේ මුල් දෙමව්පිය යුවල නැතිකරගත්, දෙවියන කැමති ආකාරයට ජීවත්වන මිනිස් සමාජයක සදාකල් ජීවනය ලැබීමට්ටත් පරිපූර්ණත්වය ලබාගැනීමටත් මාර්ගය විවර වුනෙ යේසුස්ගේ ජීවිත පූජාව තුළිනුයි. ඒ ගැන බයිබලයේ යොහන් (ජොහන්) පොතේ 17:3 හි "සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම් සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි" කියා සඳහන් කර ඇත.
මුලු මිනිස් වර්ගයාගේම යහපත උදෙසා ජීවිත දානය කළ පුද්ගලයා, ඔහු සිහිකිරීම පිණිස මේ දෙය නොකඩවා කරන්න යයි කී ඔහුගේ සන්ධ්‍යා භෝජනය සිහිකිරීම අප සිදුකරන කෘතගුණ සැලකීමක් සහ ඔහු කී දෙයට කීකරු වීමක් නෝවේද?
එමෙන්ම අප එම දිනයටම එනම් මෙම වර්ෂයේ මාර්තු 23 වන දින එය සැමරීමයි වැදගත් වන්නෙ..
ඔබ සිටින ස්ථානයට ආසන්නයේම මෙම සැමරීම මාර්තු 23 වන දින සැමරීමට එක් රැස්වන සිථානයක් සොයා ගැනීමට පහත link එක open කර බලන්න.
https://www.jw.org/apps/SN_FsPnZGTZNCF?txtAction=SEARCH_MEMORIAL

Last edited: