මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න.

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න.

    ඉන්පසු යේසුස් රොටියක් ගෙන දෙවිට ස්තූති කර, එය කඩා ඔවුන්ට දෙමින් මෙසේ කීවේය."මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන්න යන මාගේ ශරීරයයි. මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න." ඊළඟට භෝජනය ගත අවස්ථාවේදී කළ ආකාරයටම ඔහු කුසලානයක් ගෙන ඔවුන් අතට දෙමින් මෙසේ කීවේය."මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරවනුලබන මාගේ රුධිරයයි. අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි. (ලූක් 22:19,20 - ශුද්ධ බයිබලය නව ලොව පරිවර්ථනය)(මතෙව් 26:26-28)

    මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න. (ලූක් 22:19)
    මෙම ප්‍රකාශය කලේ - යේසුස් ක්‍රිස්තුස්
    දිනය - ක්‍රි.ව. 33 පාස්කු දින රාත්‍රියේ.

    යුදෙව් ජාතිකයන්ගේ උත්සවයක් වන පාස්කු උත්සවය අතරතුර යේසුස් ක්‍රිස්තුස් විසින් හඳුන්වාදුන් මෙම අලුත් සැමරීම කුමක්ද?
    බයිබලයේ මෙය "ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය" ලෙස හඳුන්වා ඇත. (1 කොරින්ති 11:20)

    මෙම සැමරීම කරන්න කීමේ අරමුණ -
    යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහිකිරීම සිහිකිරීම සඳහා.
    (යේසුස් විසින් තමාව සිහිකිරීමක් ලෙස කරන්න කී එකම සැමරීම මෙය පමණයි.)
    * ඔහු මරණයෙන් නැවත නැගිටීම හෝ ඔහුගේ උපන්දිනය හෝ එවැනි කිසිවක් සමරන්න කියා බයිබලයේ කිසිම තැනක සඳහකර නැත. එමෙන්ම ඔහුගේ මුල් අනුගාමිකයන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හැර යේසුස් සම්බන්ධ විශ්වාසවන්ත කිසිම වාර්තාවක සඳහන්ව නැත.

    මෙම උත්සවය සැමරිය යුත්තේ යුදෙව් කැලැන්ඩරයට අනුව කවදාද?
    යුදෙව්වන් පාස්කු උත්සවය සෑම වසරකම නීසාන් (අබීබ්) මස 14 වෙනිදා පැවැත්වුවා. (නික්මයාම 12:1-27, එස් රා 6:19)
    වසන්ත සමයේ එක් දිනක දවාල පවතින කාලයත් රාත්‍රිය පවතින කාලයත් එක හා සමාන වෙනවා. ඒ දිනය "විෂුවය" ලෙස හඳුන්වනවා. එම දවසට පසු මුලින්ම නව සඳ පායන දවස ඔවුන් සැලකුවේ නීසාන් (අබීබ්) මස 01 වෙනිදා ලෙසයි.(නව සඳ පායන දවස යනු අමාවක දවසින් පසු මුලින්ම සඳ දකින දිනයයි. පාස්කු උත්සවය පැවැත්වූයේ එතැන් සිට දින 13ක් ගණන් කිරීමෙන් පසුවයි.

    නීසාන් 14, නවීන දින කැලැන්ඩරයට අනුව 2016 වසරේ කවදාද?
    මෙම වසරේ එනම් 2016 වසරේ - මාර්තු 23 වන දින ඉර බැස යාමෙන් පසු

    මාර්තු 23 කියන්නෙ සිකුරාදා දවසක් නෙවෙයිනෙ බදාද නෙ?
    ඔබගේ Anniversary එක හෝ එවන් දිනක ආරම්භක වර්ෂයේ සිකුරාදා දිනක යෙදුනා යයි උපකල්පනය කරමු. එය එසේ යයි කියා ඊළඟ වසරේත් එම දිනය සිකුරාදා දිනකටම යෙදෙයිද? ආරම්භය ඇති වුනේ සිකුරාදා දිනක කියා අනෙක් වසර වල සැමරීම කළ යුත්තේත් එම සතියට අදාල සිකුරාදා දිනයේද?

    ඕක ඉතින් ක්‍රිස්තියානි අයගෙ උත්සවයක්නෙ, ඕක කවදා කොහොම තිබුනම අපිට මොකද කියල ක්‍රිස්තියානි නොවන කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් ඒක එහෙමද..??
    ඒක ගැන දැනගන්න කලින් යේසුස්ගේ ජීවිත පූජාව අවශ්ය වුනේ ඇයි කියා සොයාබැලීම වැදගත්.
    බයිබලයේ ඇති ලෙසට, දෙවියන් මුල්ම මිනිස් යුවලව මැව්වේ පරිපූර්ණ යුවලක් ලෙසයි. එනම් කිසිම ලෙඩක් දුකක් නැති මරණයක් නැති සදහටම ජීවත් වන පිරිසක්. දෙවියන් ඒ ආකාරයෙන් මුල් මිනිස් යුවලව මැවීමෙන් අරමුණු කළේ - මිනිසුන්ව පසුකලෙක ස්වර්ගයට හෝ වෙනින් තැනකට ගෙනගොස් පදින්චි කරවීමට නොව, මේ පොළොවම පරිපූර්ණ මිනිස් සමාජයකින් පුරවන්න වගේම මේ පොළොව මිනිසුන් මාර්ගයෙන් පාරාදීසයක් බවට පත් කරවීමටත් සියලූම සතුන් කෙරෙහි අධිපතිකම් කරවීමටත්ය.(උත්පත්ති 1:28)
    දෙවියන් අපගෙ මුල්ම දෙමව්පියන් යුවලව පරිපූර්ණ යුවලක් හැටියට මැව්වනම් ඇයි අපි ලෙඩ වෙන්නෙ, මැරෙන්නෙ. ඒකට හේතුව තමයි, දෙවි මිනිසුන්ව මැව්වෙ නිකම්ම පරිපූර්ණ මිනිස් රොබෝල හැටියට නෙවෙ. තනිව තීරණ ගැනීමේ හැකියාවත් ඇතුවයි. ආදම් සහ ඒව ලෙස හඳුන්වන මේ යුවලව එක් අවස්ථාවක ස්වර්ගයේ බලවත් දේවදූතයෙක්ව සිටි පසු කලෙක සාතන් කියා හඳුන්වන භූතයා විසින් පාපයට පොළඹවනවා. (උත්පත්ති 3:1-6) ඉතින් එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා පාපය කිරීමට පෙළබීම නිසා එහි දඬුවම ලෙස මරණය උරුම කරගත්තා. එම නිසා ඔවුන්ගෙන් පැවතෙන අපි හැමෝමත් පරිපූර්ණ කමක් නැති පාපය ලෙස මරණය උරුම කරගත් අය ලෙසයි උපදින්නේත් ලෙඩවී වයසට ගොස් මැරෙන්නෙත්. ජීවත්වීමේ අශාව නැතිකරගත් අය suicide කරගත්තත් සමස්තයක් හැටියට අපි හැමෝම කැමති මැරෙන්න නෙවෙයි තව එක දවසක් හරි පුලුවන්නම් සදහටම හරි ජීවත් වන්නයි. ඒ ගැන බයිබලයේ දේශනාකාරයා (ධර්මදේශකයා) පොතේ 3:11 හි සඳහන් කර තිබෙන්නේ "සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත" කියාත්, "එක් මිනිසෙක පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලු දෙනාටම උරුම විය" කියා රෝම පොතේ 5:12 ත් සඳහන් වෙනවා.
    අද දින අප අතින් වන වැරදි වලට අපි අදාල පාර්ශවයට හෝ රජයට වන්දි ගෙවීම තුළින් වැරදි වලින් නිදහස් වෙනවා වගේ දෙවියන් ඉදිරියේ පරිපූර්ණ මිනිසා විසි කළ වරදටත් වන්දි ගෙවීමක් කිරීමට තිබේනම් සාධාරණයි නේද. නමුත් ගැටළුව තිබෙන්නේ පරිපූර්ණ යුවලකගේ වරදක් සඳහා ලේ උරුමයෙන් පාපය සහ මරණය උරුම කරගත් අසම්පූර්ණ මනුෂ්යයෝ වන අපට අපේ ජීවිතය තුළින් වන්දි ගෙවීමට නොහැකි වීමයි. ඒ ගැන බයිබලයේ ගීතාවලිය පොතේ 49:7,8 හි සඳහන් වන්නේ "නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට තම සහෝදරයෙකුව මුදාගැනීමටවත් ඒ වෙනුවෙන් දෙවිට යම් වන්දියක් ගෙවීමටවත් හැකියාවක් නැත. මන්ද මනුෂ්‍ය ජීවිතයක් සඳහා දිය යුතු වන්දිය කිසිදා ගෙවා නිම කළ නොහැකි තරම් ඉතා ඉහළය." කියාය. දෙවියන්ගේ නීතිය නම් "ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක්, යන ප්‍රතිපත්තියට අනුව..."_ද්වීතීය කතාව (ද්වීතීය නීති සංග්‍රහය) 19:21.

    වන්දි ගෙවීම මගින් වරදින් නිදහස් වෙන්න අවස්ථාව සැලසිලා තියෙනව ඒත් ගෙවන්න තරම් සුදුසු වන්දියක් මෙ පොළෙවේ නෑ. ඒකට මොකද කරන්නේ...??
    බයිබලයේ රෝම කියන පොතේ 6:23 සඳහන් වන්නෙ "පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි." කියාය. මේ පොළොවේ පරිපූර්ණ කවුරුත් නෑ පරිපූර්ණ ජීවිතයක් වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න. කෙනෙක් හිතන්න පුලුවන් දෙවියන් කොච්චරනම් කෲර ද කියල. නමුත් බයිබලයේ යොහන් (ජොහන්) පොතේ 3:16 "දෙවි මුලු ලෝකයට කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත්වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි." කියාය.

    ඉතින් මේකට යේසුස් මැරෙන්නම ඕනෙද?
    දෙවියන්ට ඕනෙනම් අපි මේ පාපය උරුමකරන් ඉද්දිම වුනත් සදාකල් ජීවත් වීමෙ ප්‍රස්ථාව ලබල දීල අපිව පරිපූර්ණ පුද්ගලයන් බවට පත්කරන්න තිබුණා. එහෙම කලානම් 'පාපයේ කුලිය මරණයයි' කියල දෙවියන්ම දීපු නීතිය දෙවියන්ටම නොසලකාහරින්න සිද්ධ වෙනවා. නමුත් එම නීතිය නොසලකා හරින්න පුලුවන් සුලුපටු නීතියක් නෙවෙයි. යුක්තිය ඉටුවෙන්න නම් එම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. මන්දයත් බයිබලයෙ ගීතාවලිය පොතේ 37:28 කියන්නෙ "යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කරන්නෙක්" කියායි.
    මේ සිද්ධියේදි දෙවියන් යුක්තිය ඉටු නොකලානම් අනික් කාරණාවලදිත් ඔහු එසේ කරයිද කියා මිනිසුන් හිතන්න පුලුවන්. අපට ගැලවීම ලබාදෙන්න දෙවියන් යුක්තිය ක්‍රියාත්මක කරපු එකෙන් ඔහු හැම වෙලාවෙම හරි දේ කරනවා කියන සහතිකය දුන්නා.
    ඉතින් මේ කරුණු නිසා ආදම් සහ ඒවගෙන් පැවත එන්නෙ නැති පාපය උරුමකර නොගත් පරිපූර්ණ කෙනෙක් මේ පොළොවේ ඉපදෙන්න සැලසෙව්වා. එය කළේ පාපය උරුම කරගත් යුවලයකගේ එකතු වීමකින් තොරව කන්‍යාවියකගේ ගර්භාශයේ මිනිස් කළලයක් වැඩීමට සැලැස්වීමෙන්. හරියට නිකන්, නළදරු උපතක් කරනව වගේ. ඒ ගැන බයිබලයේ ලූක් පොතේ 1: 27,31,35 හි සඳහන් වන්නේ "27-ඔහු ගියේ මරියා නම් කන්‍යාව හමු වීමටය... 31-දැන් මා කියන දේට සවන් දෙන්න. ඔබේ කුසේ දරුවෙක් පිළිසිඳගනියි.ඔබට බිහිවන්නේ පුතෙක්.ඔහුට යේසුස් යන නම තබන්න. 35-දේවදූතයා ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. 'ඔබට ම්හෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි." කියාය. දෙවියන්ට කීකරු වීම නිසා මේ ආකාරයෙන් යේසුස්, ඔහු කලින් සිටි උසස් තත්වයේ සිට මනුෂ්‍යයෙක් ලෙස මේ පොළොවට පැමිණීම නිසා බයිබලයේ රෝම 5:19 හි "එක මිනිසෙකු අකීකරු වූ නිසා බොහෝදෙනෙකුව වරදකරුවන් ලෙස ගණන්ගනු ලැබීය. එලෙසම එක් කෙනෙකුගේ කීකරුකම නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ" කියා ලියා තිබේ.

    යේසුස් මේ පොලොවේ සිටිනවිට දේව රාජ්‍යය ගැන දේශනා කළා සහ දේව රාජ්‍යයෙදී සිද්ද කිරීමට නියමිත දේවලට උදාහරණ හැටියට ලෙඩුන් සුවකළා, මැරුණු අය නැවත නැගිටෙව්වා වැනි දෑ කළා තමයි. නමුත් ඔහු මේ පොළොවට පැමිනි ප්‍රධානම කාර්යය නම්, පාපය උරුම කරගත් මේ ලොකයේ සියළුම ජනයා සඳහා ඔහුගෙ මරණය තුළින් වන්දි ගෙවීමටයි.

    යේසුස් මැරිල දැන් අවුරුදු 2000කටත් වැඩියිනෙ. එයා අපි වෙනුවෙන් මිදීමේ මිලය ගෙවුවනම් ඇයි අදටත් මිනිසුන් ලෙඩවෙල වයසට ගිහින් මැරෙන්නේ?
    මුලු විශ්වයේම නිර්මාතෘ යෙහෝවා දෙවි කියා බයිබලයේ එළිදරව් පොතේ 4:11 සඳහන් වුනත් මේ පොළොව පාලනය කරන්නේ දෙවියන් හෝ යේසුස් ක්‍රිස්තුස් කියා කිසිම තැනක නැහැ. ඒ වෙනුවට යේසුස්, මේ පොළොවේ පාලකයා ලෙස සාතන් කියන බලවත් භූතයාව හැඳින්වූ බව බයිබලයේ සඳහන් වේ.(යොහන් 12:31; 14:30; 16:11)

    සාතන් නම් මේ පොළොව පාලනය කරන්නෙ, දෙවියන්ගෙ මුල් අරමුණ වුන මේ පොලොව පාරාදීසයක් බවට පත්කිරීම, මිනිසුන්ව නැවත පරිපූර්ණ තත්ත්වයට පත්කිරීම සිද්ද වෙයිද?
    සාතන්ගේ පාලනය නුසුදුසු පාලනයක් කියා තේරෙන්න හැරීම සඳහා තවම කිසිවක් නොකලත් අපි මතක තියාගතයුතු එක් කරුණක් තිබෙනවා. එය නම්, තමන්ගේ වැරදි ආශාවන් දිගින් දිගටම වර්ධනය වන්න ඉඩදීම නිසා පසු කලෙක නපුරු භූතයෙක් වුනත් සාතන්ව මුලින් දේව දූතයෙක් ලෙස නිර්මාණය කළේ යෙහෝවා දෙවි විසිනුයි. එම නිසා බයිබලයේ යෙසායා පොතේ 65:17 හි "මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකට නෙඟෙන්නේ නැත" කියා සඳහන් වේ.*සංකේතාත්මක ලෙස මෙහි අලුත් පොළොවක් කියා හඳුන්වා දී ඇත්තේ දෙවියන් කැමති ආකාරයට ජීවත් වන මිනිස් සමාජයකටයි.

    මෙහි සඳහන් ආකාරයට අපගේ මුල් දෙමව්පිය යුවල නැතිකරගත්, දෙවියන කැමති ආකාරයට ජීවත්වන මිනිස් සමාජයක සදාකල් ජීවනය ලැබීමට්ටත් පරිපූර්ණත්වය ලබාගැනීමටත් මාර්ගය විවර වුනෙ යේසුස්ගේ ජීවිත පූජාව තුළිනුයි. ඒ ගැන බයිබලයේ යොහන් (ජොහන්) පොතේ 17:3 හි "සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම් සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි" කියා සඳහන් කර ඇත.

    මුලු මිනිස් වර්ගයාගේම යහපත උදෙසා ජීවිත දානය කළ පුද්ගලයා, ඔහු සිහිකිරීම පිණිස මේ දෙය නොකඩවා කරන්න යයි කී ඔහුගේ සන්ධ්‍යා භෝජනය සිහිකිරීම අප සිදුකරන කෘතගුණ සැලකීමක් සහ ඔහු කී දෙයට කීකරු වීමක් නෝවේද?

    එමෙන්ම අප එම දිනයටම එනම් මෙම වර්ෂයේ මාර්තු 23 වන දින එය සැමරීමයි වැදගත් වන්නෙ..
    ඔබ සිටින ස්ථානයට ආසන්නයේම මෙම සැමරීම මාර්තු 23 වන දින සැමරීමට එක් රැස්වන සිථානයක් සොයා ගැනීමට පහත link එක open කර බලන්න.

    https://www.jw.org/apps/SN_FsPnZGTZNCF?txtAction=SEARCH_MEMORIAL


     
    Last edited:
    • Like
    Reactions: V for Vendetta

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මුලු මිනිස් වර්ගයාගේම යහපත උදෙසා ජීවිත දානය කළ පුද්ගලයා, ඔහු සිහිකිරීම පිණිස මේ දෙය නොකඩවා කරන්න යයි කී ඔහුගේ සන්ධ්‍යා භෝජනය සිහිකිරීම අප සිදුකරන කෘතගුණ සැලකීමක් සහ ඔහු කී දෙයට කීකරු වීමක් නෝවේද?


    කොහෙත්ම සුදුසු නැහැ. නුසුදුසු වන්නේ එසේ කිරීම සාතන්වම පිළිගැනීමක් වන නිසා. සාතන්ගෙ බන්ධනයෙන් මිදීම බෙහෙවින්ම දුෂ්කරයි. කොච්චර දුෂ්කරයිද කියුවොත් යෙහෝවා දෙවිගේ පුතාත් සාතන්ගෙන් මිදෙන්නේ මෙන්ම මෙහෙමයි කියලා සාතන්වම පිළිගැනෙන ප්‍රතිපත්තියක් අන් අයට දේශනා කලා. එහෙම දේශනා කරපු යෙහෝවා දෙවිගේ පුතා තමන් සාතන්ගේ බන්ධනයට අහුවෙලා කියලා තමන්වත් දැනගෙන හිටියේ නැහැ. සාතන්ගේ සූක්ෂම ගැටේට අහුවෙච්ච යෙහෝවා දෙවිගේ පුතා මෙන්න මෙහෙමයි සාතන්ගෙන් බේරෙන්නේ කියලා ධර්මයක් දේශනා කලා ඒ ධර්මය පිළිගන්නා හැමෝම නොදැනුවත්ව සාතන්වම පිළිගන්නා ආකාරයට. ඉතින් ඒ ධර්මය පිළිගන්නා අය සාතන්ගෙන් කොහොම බේරෙන්නද? ඔවුනුත් සාතන්ගේ සූක්ෂම උගුලට අසුවෙනවා.

    මෙලොව සමහර පුද්ගලයින් මතු කලෙක කිසිම ලෙඩක් දුකක් නැති මරණයක් නැති සදාකාලික බවක් ගැන හිතා එය ප්‍රිය කරනවා, අගය කරනවා, එයට ආසා කරනවා, දුක් නොමැති එම සදාකාලික බව ලබා ගැනීම පිණිස උත්සාහ කරනවා. එසේ උත්සාහ කිරීම සාතන්ගෙන් මිදීමේ පිළිවෙත යැයි ඔවුන් හිතනවා. ඔන්න ඔතන තමයි සාතන්ගේ සූක්ෂම උගුලට දන්නෙම නැතිව ඒ දෘෂ්ටියේ ඉන්නා පිරිස අහුවෙන තැන.

    ඇසේ ඇතිවන දැනීමෙන් දැනගත හැකි ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ රූප පවතිනවා. කනේ ඇතිවන දැනීමෙන් දැනගත හැකි ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ ශබ්ද පවතිනවා. නාසයේ ඇතිවන දැනීමෙන් දැනගත හැකි ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ ගන්‍ධයන් පවතිනවා. දිවේ ඇතිවන දැනීමෙන් දැනගත හැකි ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ රසයන් පවතිනවා. කයේ ඇතිවන දැනීමෙන් දැනගත හැකි ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ ස්පර්ශයන් පවතිනවා. මේ තමා පඤ්ච කාමගුණ. මේ පඤ්ච කාමගුණ නිසා යම් සැපයක්, සොම්නසක් උපදිනවානම් ඒ තමයි කාමයන්ගේ ආස්වාදය.

    කාමයන්ගේ ආස්වාදයට වහල්වූ මිනිසුන් කාමයන් හේතු කොට ගෙන, කාමයන් මූලකාරණය කොට ගෙන, කාමයන් කරුණු කොට ගෙන, කාමයන්ගේ ම හේතුවෙන් කයින්, වචනයෙන්, මනසින් නොයෙක් පාප ක්‍රියාවන් කරනවා. ගොඩනැගිලි බිදිනවා, ගම් විනාස කරනවා, නිවැසියන් මරා ධනය ගන්නවා, පාරවල් වල යන එන අයට කරදර කර ඔවුන්ට අයිති දේ උදුරා ගන්නවා, පර අඹුවන් කරා යනවා, සතුන් මරනවා, බොරු කියනවා, නොයෙක් කපටිකම් කරනවා, නොයෙක් වැරදි මත වාද වල එල්ඹ සිටිනවා වැනි නොයෙක් පාප ක්‍රියාවන් කරනවා. දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කලත් මේ සත්‍යය වෙනස් වන්නේ නැහැ. දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය නොකලත් මේ සත්‍යය වෙනස් වන්නේ නැහැ. මිනිසා ඉබේ හටගත්තත් මේ සත්‍යය වෙනස් වන්නේ නැහැ. මිනිසා ඉබේ හට නොගත්තත් මේ සත්‍යය වෙනස් වන්නේ නැහැ.

    ඇස නිසා පාප ක්‍රියාවන් කරනවා. රූප නිසා පාප ක්‍රියාවන් කරනවා. ඇසේ ඇතිවන දැනීම නිසා පාප ක්‍රියාවන් කරනවා. ඒ දැනීම හේතුවෙන් ඇසේ ඇතිවන වේදනාව නිසා පාප ක්‍රියාවන් කරනවා.

    කන නිසා පාප ක්‍රියාවන් කරනවා. ශබ්ද නිසා පාප ක්‍රියාවන් කරනවා. කනේ ඇතිවන දැනීම නිසා පාප ක්‍රියාවන් කරනවා. ඒ දැනීම හේතුවෙන් කනේ ඇතිවන වේදනාව නිසා පාප ක්‍රියාවන් කරනවා.

    නාසය නිසා පාප ක්‍රියාවන් කරනවා. ගන්ධයන් නිසා නිසා පාප ක්‍රියාවන් කරනවා. නාසයේ ඇතිවන දැනීම නිසා පාප ක්‍රියාවන් කරනවා. ඒ දැනීම හේතුවෙන් නාසයේ ඇතිවන වේදනාව නිසා පාප ක්‍රියාවන් කරනවා.

    දිව නිසා පාප ක්‍රියාවන් කරනවා. රසයන් නිසා පාප ක්‍රියාවන් කරනවා. දිවේ ඇතිවන දැනීම නිසා පාප ක්‍රියාවන් කරනවා. ඒ දැනීම හේතුවෙන් දිවේ ඇතිවන වේදනාව නිසා පාප ක්‍රියාවන් කරනවා.

    කය නිසා පාප ක්‍රියාවන් කරනවා. කාය ස්පර්ශයන් නිසා පාප ක්‍රියාවන් කරනවා. කයේ ඇතිවන දැනීම නිසා පාප ක්‍රියාවන් කරනවා. ඒ දැනීම හේතුවෙන් කයේ ඇතිවන වේදනාව නිසා පාප ක්‍රියාවන් කරනවා.

    දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කලත් මෙසේමයි. දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය නොකලත් මෙසේමයි. මිනිසා ඉබේ හටගත්තත් මෙසේමයි. මිනිසා ඉබේ හට නොගත්තත් මෙසේමයි. මෙසේ වන්නේ ඇයි? ඊට හේතුව නම් දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කලත්, දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය නොකලත්, මිනිසා ඉබේ හටගත්තත්, මිනිසා ඉබේ හට නොගත්තත් මේ පැවසූ ආකාරයට තමයි මිනිසා නිර්මානය වී ඇත්තේ, මේ ආකාරයට තමයි මිනිසා ක්‍රියා කරන්නේ. මේ තමයි මිනිසුන් පාපයන්ට යොමු වන ආකාරය. මේ තමයි මිනිසුන් පාප ක්‍රියාවන් කිරීමට හේතුව. මේ තමයි සාතන් තමන්ගේ ආධිපත්‍ය පවත්වන ආකාරය. මේ තමයි සාතන් තමන්ගේ පාලනය පවත්වන ආකාරය. දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කලත් මෙසේමයි. දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය නොකලත් මෙසේමයි. මිනිසා ඉබේ හටගත්තත් මෙසේමයි. මිනිසා ඉබේ හට නොගත්තත් මෙසේමයි.

    දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කර තිබුනත්, දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කර නොතිබුනත්, මිනිසා ඉබේ හටගෙන තිබුනත්, මිනිසා ඉබේ හට ගෙන නොතිබුනත් මිනිසා පාප ක්‍රියාවන්ට යොමුවන ප්‍රඥාවෙන් දත යුතු මෙම හේතුව, මෙම මූලකාරණය මෙසේ පැවතියදී යම් අයෙක් හෝ පිරිසක් මතු කලෙක කිසිම ලෙඩක් දුකක් නැති මරණයක් නැති සදාකාලික බවක් ගැන හිතා එය ප්‍රිය කරනවානම්, අගය කරනවානම්, එයට ආසා කරනවානම්, දුක් නොමැති එම සදාකාලික බව ලබා ගැනීම පිණිස උත්සාහ කරනවානම් කවර දෙයක්ද ඒ පුද්ගලයා හෝ ඒ පිරිස ප්‍රිය කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, සොයන්නේ?

    ඔවුන් ඇසත්, රූපත්, ඇසේ ඇතිවන දැනීමත්, ඒ දැනීම හේතුවෙන් ඇසේ ඇතිවන සුව වේදනාවත් ප්‍රිය කරනවා, ප්‍රාර්ථනා කරනවා, සොයනවා.

    ඔවුන් කනත්, ශබ්දත්, කනේ ඇතිවන දැනීමත්, ඒ දැනීම හේතුවෙන් කනේ ඇතිවන සුව වේදනාවත් ප්‍රිය කරනවා, ප්‍රාර්ථනා කරනවා, සොයනවා.

    ඔවුන් නාසයත්, ගන්ධයනුත්, නාසයේ ඇතිවන දැනීමත්, ඒ දැනීම හේතුවෙන් නාසයේ ඇතිවන සුව වේදනාවත් ප්‍රිය කරනවා, ප්‍රාර්ථනා කරනවා, සොයනවා.

    ඔවුන් දිවත්, රසයනුත්, දිවේ ඇතිවන දැනීමත්, ඒ දැනීම හේතුවෙන් දිවේ ඇතිවන සුව වේදනාවත් ප්‍රිය කරනවා, ප්‍රාර්ථනා කරනවා, සොයනවා.

    ඔවුන් කයත්, කාය ස්පර්ශයනුත්, කයේ ඇතිවන දැනීමත්, ඒ දැනීම හේතුවෙන් කයේ ඇතිවන සුව වේදනාවත් ප්‍රිය කරනවා, ප්‍රාර්ථනා කරනවා, සොයනවා.

    කුමක්ද මේ ප්‍රිය කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, සොයන්නේ? මේ ප්‍රිය කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, සොයන්නේ කාමයන්ගේ ආස්වාදය. කාමයන්ගේ ආස්වාදයට වහල්වූ මිනිසුන් කාමයන් හේතු කොට ගෙන, කාමයන් මූලකාරණය කොට ගෙන, කාමයන් කරුණු කොට ගෙන, කාමයන්ගේ ම හේතුවෙන් කයින්, වචනයෙන්, මනසින් නොයෙක් පාප ක්‍රියාවන් කරනවා යැයි පැවසූ කාමයන්ගේ ආස්වාදය තමයි මේ ප්‍රිය කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, සොයන්නේ. "මේ තමයි සාතන් තමන්ගේ ආධිපත්‍ය පවත්වන ආකාරය. මේ තමයි සාතන් තමන්ගේ පාලනය පවත්වන ආකාරය." යැයි පැවසූ ආකාරයම තමයි මේ ප්‍රිය කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, සොයන්නේ. දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කර තිබුනත්, දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කර නොතිබුනත්, මිනිසා ඉබේ හටගෙන තිබුනත්, මිනිසා ඉබේ හට ගෙන නොතිබුනත් මිනිසා පාප ක්‍රියාවන්ට යොමුවන හේතුව, මිනිසා පාප ක්‍රියාවන්ට යොමුවන මූලකාරණය තමයි මේ ප්‍රිය කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, සොයන්නේ. මිනිසා පාප ක්‍රියාවන්ට යොමුවන හේතුව, මිනිසා පාප ක්‍රියාවන්ට යොමුවන මූලකාරණය ප්‍රිය කරන්න, ප්‍රාර්ථනා කරන්න, සොයන්න අයට මොනවාද ලැබෙන්නේ? පාප ක්‍රියාවන්මයි. ඉතින් පාප ක්‍රියාවන් නොමැති ලොවක් ඔවුන් කොහොම ලබන්නද? එවන් අය තමන්ම පිළිගන්නා පාප ක්‍රියාවන් කොහොම ඉක්මවන්නද? මිනිසා පාප ක්‍රියාවන්ට යොමුවන හේතුව, මිනිසා පාප ක්‍රියාවන්ට යොමුවන මූලකාරණය ප්‍රිය කරන්න, ප්‍රාර්ථනා කරන්න, සොයන්න යැයි අන් අයටත් කීවාම අන් අය පාප ක්‍රියාවෙන් කොහොම මිදෙන්නද? සාතන් පරදන්නෙමැයි සාතන් තමන්ගේ ආධිපත්‍ය පවත්වන ආකාරය, සාතන් තමන්ගේ පාලනය පවත්වන ආකාරය ප්‍රිය කරන, ප්‍රාර්ථනා කරන, සොයන අය කොහොම සාතන්ව පරදන්නද? මේ නිසා තමයි "සාතන්ගේ සූක්ෂම ගැටේට අහුවෙච්ච යෙහෝවා දෙවිගේ පුතා මෙන්න මෙහෙමයි සාතන්ගෙන් බේරෙන්නේ කියලා ධර්මයක් දේශනා කලා ඒ ධර්මය පිළිගන්නා හැමෝම නොදැනුවත්ව සාතන්වම පිළිගන්නා ආකාරයට. ඉතින් ඒ ධර්මය පිළිගන්නා අය සාතන්ගෙන් කොහොම බේරෙන්නද? ඔවුනුත් සාතන්ගේ සූක්ෂම උගුලට අසුවෙනවා." යැයි පැවසුවේ. මේ නිසා තමයි සාතන්ගෙ බන්ධනයෙන් මිදීම බෙහෙවින්ම දුෂ්කරයි යන්න පැවසුවේ.

    ඉතින් යෙහෝවා දෙවිගේ එකම පුත්‍රයා සාතන්ගෙන් මිදීම නම් වූ මුළු මිනිස් වර්ගයාගේම යහපත උදෙසා යමක් කලාද නැත්නම් සාතන්ගෙන් නොමිදීම නම් වූ මිනිස් වර්ගයාගේ අයහපත උදෙසා යමක් කලාද යන්න ප්‍රඥාවෙන්ම විමසා බලන්න වටිනවා.

    කවරෙක්ද සාතන්ව පරදවන්නේ? කාමයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත්, කාමයන්ගේ ආදීනවය ආදිනවය වශයෙනුත්, කාමයන් කෙරෙහි පවත්නා ආසාවේ විනයත් ප්‍රහාණයත් (නිස්සරණය) නිස්සරණය වශයෙනුත් දන්නා අය විසින් සාතන්ව පරදවනවා. කාමයන්ගේ නිස්සරණයෙන් තමන්වත් පාප ක්‍රියාවෙන් මුදවනවා, එබඳු බව පිණිස අන් අයත් සමාදන් කරවනවා. කාමයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත්, ආදීනවය ආදිනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් නොදන්නා අය මිනිස් උවත්, දෙවි උවත්, දෙවියන්ගේ පුත්‍රයා උවත්, අන් කවරෙක් උවත් සාතන්ව පරදවන්නේ නම් නැහැ. ඒ ඔවුන්ගේ නොදන්නා බව නිසාමයි. එසේ නොදන්නා අය අන් අයව සාතන්ව පැරදවීම පිණිස සමාදන් කරවනවා යන්න විද්‍යාමාන වන කරුණක් නොවෙයි.

    යෙහෝවා දෙවිගේ එකම පුත්‍රයා කාමයන්ගේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය යන කරුණු තුනෙන් අඩු තරමින් කාමයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත් දැක්කා නම් අඩු තරමින් තමන් පවසන දේ ගැටළුවක් ඇති බවක් හෝ වටහා ගන්නවා. නොදන්නා කම නිසා එසේ ආස්වාදය හා ආදීනවය ගැන පමණක්වත් නොපවසා අන් අයට පාපයෙන් මිදෙන්නේ මෙහෙමයි කියලා නොදැනුවත්වම පාපයේ ඇලෙන ක්‍රමයක් ගෙන හැර දැක්වූවාම එසේ පිළිපන් අය පාපයෙන් මිදෙනවා, සාතන්ව පරදවනවා යන්න විද්‍යාමාන වන කරුණු නොවෙයි.

    දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කලත් ප්‍රඥාවෙන් දත යුතු මේ සත්‍යය වෙනස් වන්නේ නැහැ. දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය නොකලත් මේ සත්‍යය වෙනස් වන්නේ නැහැ. මිනිසා ඉබේ හටගත්තත් මේ සත්‍යය වෙනස් වන්නේ නැහැ. මිනිසා ඉබේ හට නොගත්තත් මේ සත්‍යය වෙනස් වන්නේ නැහැ. ඊට හේතුව නම් දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කලත්, දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය නොකලත්, මිනිසා ඉබේ හටගත්තත්, මිනිසා ඉබේ හට නොගත්තත් මේ පැවසූ ආකාරයට තමයි මිනිසා නිර්මානය වී ඇත්තේ, මේ ආකාරයට තමයි මිනිසා ක්‍රියා කරන්නේ.

    මෙලොව යම් පුද්ගලයෙක් කාමයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත්, ආදීනවය ආදිනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් තමන්ගේ ස්ව උත්සාහයෙන් අවබෝධ කර තමනුත් පූර්ණ ලෙස කාමයන්ගේ නිස්සරණය ලබා අන් අයටත් ඒ ගැන පැවසුවානම්, අන් අයත් එම නිස්සරණ ප්‍රතිපදාවේ යෙදෙව්වානම් අන්න ඒ පුද්ගලයා මුළු මිනිස් වර්ගයාගේම යහපත උදෙසා යමක් කලා වෙනවා. එවන් අසම සම පුද්ගලයින් දුර්ලභයි. එවන් අසම සම පුද්ගලයින් පවසන දෑ අසන්න ලැබීමත් දුර්ලභයි. එවන් අසම සම පුද්ගලයින් පවසන දෑ අසා අවබෝධ කරන අයත් දුර්ලභයි.

    සියුම් ප්‍රඥාවෙන් විමසා බලන අයටමයි අවබෝධ වන්නේ කාමයන්ගේ නිස්සරණයෙන් මිස වෙන යම් කිසිම ක්‍රමයකින් තමන්ගේ හෝ අන් අයගේ ගැලවීම ලබන්න බැරි බව.

    යම් අසම සම පුද්ගලයෙක් ස්ව උත්සාහයෙන් කාමයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත්, ආදීනවය ආදිනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් අවබෝධ කර තමනුත් පූර්ණ ලෙස කාමයන්ගේ නිස්සරණය ලබා අන් අයටත් ඒ ගැන පැවසුවානම්, අන් අයත් එම නිස්සරණ ප්‍රතිපදාවේ යෙදෙව්වානම් එම අසම සම පුද්ගලයාට මාගේ නමස්කාරය වේවා!

    Skylark
     
    Last edited:

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    mpamadu

    මම ඔය ගැන අහල තියෙනවා ඒ උනාට මගේ ප්‍රශ්න වලට ඒගොල්ලෝ හරි උත්තරයක් දෙන්නේ නැහැ ...

    පුලුවන්නම් මේ ප්‍රශ්න වලට සාධාරණ උත්ටර දෙන්න..

    1. යෙහෝවා දේවිට අනාගතය පේනවද
     

    mpamadu

    Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    Reply to Skylark

    Skylark
    :)

    මුලින්ම මම Skylark ව අගය කරන්න කැමතියි, දීර්ග විස්තරයක් එක්ක reply කරල තිබුන එකට. ලියල තියෙන දෙය කියවන්න ලේසියි නමුත් ගලප ගලප අඟිලි කඩාගෙන type කරන එක ඒ තරම් ලේසි නෑ. එම නිසා reply කරන්න ඔයාගෙ යොදපු කාලය සහ වෙහෙස සම්බන්දව මම ගොඩක් ස්තූති කරනව ඔයාට.
    කොහොම වෙතත් මට මේ දෙය නම් කියන්න සිද්ද වෙනවා.-
    ඔයා බයිබලයේදී හමුවන චරිත කීපයක්ම ඔයාගෙ විස්තරයට ඇතුලත් කරල තිබුන වුනත් ශුද්ධ බයිබලය ගැන හරි වැටහීමක් නෑ කියන එක පැහැදිලිවම පෙනෙනව. බයිබලය ගැන වැටහීමක් ඇත්තෙම නැති තරම්.
    එම නිසා මම ඔයාට යෝජනා කරන්න කැමතියි, මුලින්ම බයිබලය ගැන හරි අවභොදයක් ලබගනිමින් එය හොඳින් අධ්‍යයනය කරල සිටීම වඩාත් සුදුසුයි කියල. ඒ වගේම තෝරගත් එක් මාතෘකාවක් පමණක් හෝ බයිබලයේ කොටසක් හෝ කොටස් කීපයක් නොව මුලු ශුද්ධ ලියවිල්ලම අධ්‍යයනය කරන්න කියාත් විශේෂයෙන්ම බයිබලය ගැන නිවැරදි දැනුමක් තිබෙන කෙනෙක්ගේ මග පෙන්වීම යටතේ අධ්‍යයනය කරන්න කියාත් කියන්න කැමතියි.
    *මේක යෝජනාවක් පමණයි. ඔයාව ගැරහීමක් නොවෙයි. යෝජනාව පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔයා සතුයි.

    ;)
     

    mpamadu

    Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    Reply to tom2pd

    mpamadu

    මම ඔය ගැන අහල තියෙනවා ඒ උනාට මගේ ප්‍රශ්න වලට ඒගොල්ලෝ හරි උත්තරයක් දෙන්නේ නැහැ ...

    පුලුවන්නම් මේ ප්‍රශ්න වලට සාධාරණ උත්ටර දෙන්න..

    1. යෙහෝවා දේවිට අනාගතය පේනවද


    ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කල්පනාකරල බලන්න කියල ඒ ප්‍රශ්නෙම ඔයාගෙන් අහන්න කැමතියි. ඒ හැකියාව ඔයාට තිබුනනම් ඔයා කොහොම ක්‍රියා කරයිද කියල. හිතට එකඟව හිතල බලන්න මුලින් කීප සැරයක් අත්හදාබැලුවත් දිගටම හැමතිසෙම අනාගතය බල බල වැඩ කරයිද ඔයා. කිසිම සැකයක් නෑ ඔයාට කිසිම වැඩක් කරන්න ලැබෙන්නෙ නෑ. මොකද සිද්ද වෙන දෙය කලින්ම දකින නිසා ඔයාගෙ ඔලුවෙ දිගින් දිගටම අදහස් පහලවෙනව ඇරුනම ක්‍රියාත්මක කරන්න හිතෙන්නෙ නෑ. ක්‍රියාත්මක කරන්න හිතුවත් ප්‍රතිඵලය මුලින් දකින නිසා හැමතිස්සෙම ඊට වඩා හොඳ අදහසක්/ක්‍රමයක් ගැන හිත හිත ඉන්න එක තමයි අන්තිමට සිද්ධ වෙන්නෙ.
    කොහොම නමුත් බොහොම පැහැදිලිවම කියන්න කැමතිය, හැමතිස්සෙම යොදා නොගත්තත් යෙහෝවා දෙවිට අනාගතය දැකීමේ හැකියාව තියෙනව. නමුත් එයා ඒ හැකියාව හැමතිස්සෙම යොදා නොගන්නත් හොඳ හේතු තිබෙනව.
    උදාහරණයකට -
    දෙවි මිනිසුන්ව නිර්මාණය කරද්දි ඔහුට ඕනෙකලේ ස්වකැමැත්තෙන්ම (මිනිසුන්ගේ කැමැත්තෙන්ම) දෙවිට කීකරුව සිටින ප්‍රේමණීය පරිපූර්ණ සෙනගක් මේ පොළොව පුරා ව්‍යප්ත වෙනවා දකින්නයි. එම නිසා අනාගතයේදී මිනිසුන් මොන විදියට ක්‍රියා කරයිද කියල බැලුවෙ නෑ ඒ වෙනුවට මිනිසුන්ට ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය ලබල දුන්න. ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය අනාගතයේදී වැරදි ලෙස භාවිතා කරනවද කියල බල බල හිටියනම් මිනිසාව මේ විදියට නෙවෙයි නිර්මාණය කරන්නෙ. දෙවිට වැඳගෙන ඉන්න කිසි හැඟීමක් නැති නිකම්ම රොබෝල විදියටයි. මිනිසා විසින තමුන්ගේ මුල වරද්දගත්ත වුනත් මේ විදියට අපිව නිර්මාණය කරල තිබීම කොච්චර ප්‍රේමනීයද?

    ;)
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කල්පනාකරල බලන්න කියල ඒ ප්‍රශ්නෙම ඔයාගෙන් අහන්න කැමතියි. ඒ හැකියාව ඔයාට තිබුනනම් ඔයා කොහොම ක්‍රියා කරයිද කියල. හිතට එකඟව හිතල බලන්න මුලින් කීප සැරයක් අත්හදාබැලුවත් දිගටම හැමතිසෙම අනාගතය බල බල වැඩ කරයිද ඔයා. කිසිම සැකයක් නෑ ඔයාට කිසිම වැඩක් කරන්න ලැබෙන්නෙ නෑ. මොකද සිද්ද වෙන දෙය කලින්ම දකින නිසා ඔයාගෙ ඔලුවෙ දිගින් දිගටම අදහස් පහලවෙනව ඇරුනම ක්‍රියාත්මක කරන්න හිතෙන්නෙ නෑ. ක්‍රියාත්මක කරන්න හිතුවත් ප්‍රතිඵලය මුලින් දකින නිසා හැමතිස්සෙම ඊට වඩා හොඳ අදහසක්/ක්‍රමයක් ගැන හිත හිත ඉන්න එක තමයි අන්තිමට සිද්ධ වෙන්නෙ.
    කොහොම නමුත් බොහොම පැහැදිලිවම කියන්න කැමතිය, හැමතිස්සෙම යොදා නොගත්තත් යෙහෝවා දෙවිට අනාගතය දැකීමේ හැකියාව තියෙනව. නමුත් එයා ඒ හැකියාව හැමතිස්සෙම යොදා නොගන්නත් හොඳ හේතු තිබෙනව.
    උදාහරණයකට -
    දෙවි මිනිසුන්ව නිර්මාණය කරද්දි ඔහුට ඕනෙකලේ ස්වකැමැත්තෙන්ම (මිනිසුන්ගේ කැමැත්තෙන්ම) දෙවිට කීකරුව සිටින ප්‍රේමණීය පරිපූර්ණ සෙනගක් මේ පොළොව පුරා ව්‍යප්ත වෙනවා දකින්නයි. එම නිසා අනාගතයේදී මිනිසුන් මොන විදියට ක්‍රියා කරයිද කියල බැලුවෙ නෑ ඒ වෙනුවට මිනිසුන්ට ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය ලබල දුන්න. ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය අනාගතයේදී වැරදි ලෙස භාවිතා කරනවද කියල බල බල හිටියනම් මිනිසාව මේ විදියට නෙවෙයි නිර්මාණය කරන්නෙ. දෙවිට වැඳගෙන ඉන්න කිසි හැඟීමක් නැති නිකම්ම රොබෝල විදියටයි. මිනිසා විසින තමුන්ගේ මුල වරද්දගත්ත වුනත් මේ විදියට අපිව නිර්මාණය කරල තිබීම කොච්චර ප්‍රේමනීයද?

    ;)

    ඒක ඇත්ත.. සමහර විට මම එහෙම කරයි.
    එතකොට යෙහෝවා දෙවි හිතන්නෙත් අසම්පුර්ණ මිනිස්සු හිතන විදිහටමද...
    අනික දුෂ්ට මිනිස්සුන්ගේ විනාශයෙන් පස්සෙත් ඒ වැරැද්ද අපහු නොවෙයි කියලා කොහොමද විස්වාස කරන්නේ..
     

    mpamadu

    Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    Reply to tom2pd

    ඒක ඇත්ත.. සමහර විට මම එහෙම කරයි.
    එතකොට යෙහෝවා දෙවි හිතන්නෙත් අසම්පුර්ණ මිනිස්සු හිතන විදිහටමද...
    අනික දුෂ්ට මිනිස්සුන්ගේ විනාශයෙන් පස්සෙත් ඒ වැරැද්ද අපහු නොවෙයි කියලා කොහොමද විස්වාස කරන්නේ..


    ඔයා අහල තියෙන පලවෙනි ප්‍රශ්නෙ කියවල බැලුවම මටනම් තේරෙන්නෙ ඔයාට මම කලින reply කරල තිබුන එක ඔක්කොම කියවල නෑ වගේ.
    මම මුලින් පැහැදිලි කලේ ඔයා හෝ මම අනාගතය දැකීමේ හැකියාව ලැබුනොත් කරන දෙය. නමුත් මම පසුව විස්තර කලා මිනිසාව නිර්මාණය කරද්දී දෙවි, අනාගතය නොබැලීමට හේතුව. එම නිසා මම ඔයාගෙන් අහන්න කැමතියි, අපිව නිර්මාණය කරද්දි ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව අපිට දීල නිර්මාණය කරපු එක නරකයි කියන්නද ඔයා උත්සාහ කරන්නෙ කියල. ස්වාධීනව තීරණ ගැනීමේ නිදහස දෙන්නෙ නැතුව මිනිසාව රොබෝල වගේ නිර්මාණය කලානම් එහෙමත් නැත්නම් දෙවියන්ගේ පැත්තට පුදාගෙන ඉන්න සිතුවිලි පමණක් ඇතිව මිනිසාව නිර්මාණය කලානම් දෙවි මොන වගේ කෙනෙක් කියලා හැඟෙයිද? තීරණ ගැනීමේ නිදහස මිනිසාට දීපු නිසා ඒක වැරදි විදියට මිනිසා විසින්ම යොදාගත්තු බව ඇත්තයි. නමුත් ස්වාධීනව තීරණ ගන්න ඉඩ දීම කියන්නෙ අසම්පූර්ණ කමද? නැත්නම් ප්‍රේමණීය කමද? ඒ වරද දෙවියන් පිට පටවන එකද හරි.
    ඔයා අහපු දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තර දෙන්නම්කො.
    ඔයා අහපු විදියට දුෂ්ට මනුෂ්‍යයන්ගේ විනාශයෙන් පස්සෙත් මුල් වැරැද්ද ආපසු වෙයිද කියල බලන්න කලින් අපි බලමු ඇයි දෙවියන් දැන් දුෂ්ඨකම් වලට සමාජ අසාධාරනකම් වලට ස්වාභාවික විපත් වලට වගේ දේවල් වලට ඉඩ ඇරල තියෙන්නෙ කියල. මොකද දෙවියන් ඔය කියන තරම්ම බලවත්නම් මේ ලෝකෙ සිද්ධවෙන දුෂ්ඨකම් සාහසික කම් සිද්දවෙන්න ඉඩදීල ඉන්න එකටත් හොඳ හේතු තියෙන්න එපායෑ.
    මුල් මිනිස් යුවලය වන ආදම් සහ ඒව පරිපූර්ණ යුවලක්ව ඉන්නැද්දි යෙහෝවා දෙවියන්ට දක්වපු වන්දනාමානය සහ ගෳරවය ස්වර්ගයේ හිටිය ප්‍රබල දේවදූතයෙක්ට ලබාගන්න ඕනෙ වුනා. ඒ නිසා එම දේව දූතය සර්පයෙක්ව muppet කෙනෙක් ලෙස යොදාගෙන 'ඒව'ට කතකර කැරැල්ලක් ඇතිකලා (උත්පත්ති 3:1-6) මේ කැරැල්ල මගින් දෙවියන්ට කරපු චෝදනාව තමයි - යෙහෝවා දෙවි පාලනය කරන ආකරය වැරදි බව. එමෙන්ම දෙවි නපුරු පාලකයෙක් බවත්, බොරු කියන්නෙක් බවත්, හැකියාව තිබුනත් ඔහු යටතේ සිටින අයට හොඳ දේවල් නොදෙන බවත් ඇඟෙව්වා. ඒ වගෙම සාතන් කියා හඳුන්වන කලින් දේවදූතයෙක්ව සිටි කෙනා කියා සිටියේ මිනිසුන්ට දෙවිගේ පාලනයක් අවශ්‍ය නැති බවයි. හරි වැරැද්ද තීරණහ කිරීමට මිනිසුන්ට හැකි බවයි. සාතන් පැවසූ දේ කළොත් මීට වඩා හොඳ ජීවිතයක් ගතකළ හැකි බවයි. යෙහෝවා දෙවි යුක්තිසහගතව ක්‍රියා කරන කෙනෙක්. ඒ නිසා එයා ඒ මොහොතෙම කැරලි කරුවන්ව විනාශ කළේ නෑ. ඒ වෙනුවට දෙවි තීරණය කළා සාතන් කරපු චෝදනාවට පිළිතුරක් ප්‍රායෝගිකවම ලබාදීමෙන් සාතන් බොරු කාරයෙක් කියා ඔප්පු කිරීමට. එම නිසා යෙහෝවා දෙවි යම් කාලයකට මිනිසුන්ට මිනිසුන්ව පාලනය කිරීමට ඉඩහැරියා.
    එම නිසා මෙම මිනිස් සමාජය දැන් පාලනය කරන්නෙ යෙහෝවා දෙවි නෙවෙයි, සාතන්. එම නිසයි යේසුස් මේ පොලොවෙ ඉද්දි එක් අවස්තාවක ලෝකයේ සියලු රාජ්‍යයන් සහ ඒවයේ තෙජස පෙන්නල කිව්වෙ "ඔබ් වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් ම්ම් මේ සියල්ල ඔබට දෙනවා" කියා. මේ පොළොවේ පාලකයා සාතන් නෙවෙයි නම්, සාතන් කොහොමද එහෙම යෝජනාවක් යේසුස්ට කරන්නෙ. ඒ විතරක් නෙවෙයි යේසුස්ම පොළොවේ ඉන්නැද්දි කීපසැරයක්ම මේ පොළොව සාතන්ගෙ යටතෙ තියෙන්නෙ කියන එක කියල තියෙනව.(යොහන් 12:31; 14:30, 16:11; 2 කොරින්ති 4:3,4; 1යෙහන් 5:19)
    මම මුල් ලිපියේ කියල තියෙන විදියට යේසුස්ගෙ ජීවිත පූජාව නිසා නැවතත්, දෙවිගෙ මුල් අරමුණ වුන පරිපූර්ණ මිනිස් සමාජයකින් පිරුණු පාරාදීස පොළොවක් මේ පොළොවේම (ස්වර්ගයේ නෙවෙයි) ඇතිකිරීමට මග විවර වුනා.
    යෙහෝවා දෙවි ප්‍රේමණීය දෙවි කෙනෙක් නිසා අනිවාර්යයෙන්ම නැවත ඇති කරන මිනිස් සමාජයේදීත් මිනිසුන්ට ස්වාධීනව තීරණ ගැනීමේ හැකිකම ලබාදෙයි. නමුත් ඒ අළුත් මිනිස් සමාජයේ ඉන්න යන්නෙ සාතන්ගේ පාලනයට විරුද්ධව දෙවිගේ මාර්ගයේ ගමන් කරපු අය පමණයි. ඒ වුනත් ඔවුන්ටත් ස්වාධීනව තීරණ ගැනීමෙ හැකිකම තිබෙන නිසා දෙවිට විරුද්ධව පව් කිරීමටත් ඔවුන්ට හැකි කම තිබෙනව. නැතුව නෙවෙයි. නමුත් ඒ වනවිට අමුතුවෙන් දෙවිගේ පාලනය හරි නෑ කියා හෝ සාතන් මුලින් කලා වගේ චෝදනාවල් වලට ප්‍රායෝගික පිළිතුරු වලින් උත්තර දෙන්න අවශ්‍ය නෑ. මොකද දැනටම ඔප්පු වෙලා තියෙන්නෙ මිනිසාට මිනිසාව පාලනය කරන්න බෑ, මිනිසුන්ගේ සියලූම ගැටලු වලට මිනිස් පාලන ක්‍රම මගින් විසඳුම් ලබාදෙන්න බෑ වැනි කාරණා.
    උදාහරණයකට මෙහෙම හිතමු. එක් ගුරුවරයෙක් ගණිත ගැටලුවක් එය විසඳන්න තිබෙන එකම ක්‍රමයට විසඳමින් පැහැදිලි කරමින් ඉන්නවා කියා. එක් දඩබ්බර සිසුවෙක් කියනව Sir උගන්වනව වැරදියි කියල. ගුරුවරයට ඕනෙනම් අර සිසුවට කනට එකක් ගහල පන්තියෙන් එළියට දාන්න පුලුවන්.ඒත් ඒ ගුරුවරය කියනව හරී එහෙනම් හදල පෙන්නන්න කියල. නමුත් අර දඩබ්බර සිසුවාට නොහැකි වෙනව එය විසඳන්න.මොකද ගුරුවරයා විසඳන ආකාරය ඇරුනම වෙන ක්‍රමයක් නැති නිසා. දැන් ගුරුවරයාට අවස්ථාව තිබෙනව එම දඩබ්බර සිසුවාට දඬුවම් කිරීමට. ඒ වගේම ඉන් පසුව තවත් ළමුන් දඩබ්බර කමට ගුරුවරයා උගන්වන්න දන්නෙ නෑ ඔයිට වඩා වෙන ක්‍රම තියෙනව වැනි චෝදනා කළොත් එම ළමුන්ටත් කිසිම පැකිලීමකින් තොරවම දඬුවම් කිරීමට හැකියි. ඉගෙනගන්න ළමයෙක්ටවත් ඉගෙනගන්න නොදී පන්තියෙ කැරලි ගසන අයට එසේ දඬුවම් කිරීම සාධාරණයි නේද. අන්න ඒ වගේ පාරාදීස පොළොවෙදිති දෙවිට දුෂ්ඨකම් කළොත් අනිවාර්යයෙන්ම එම අවස්තාවේම පාපය සිදුකරන තැනැත්තාව විනාශ කරල දානව. දෙවි නිර්මාණය කරපු නිර්මාණයක් ඕනෙනම් දෙවිටම විනාශ කරන්නත් අයිතිය තියෙනවනෙ.
     

    mpamadu

    Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    Reply to erozan

    prasna tiak thiyenava dannam

    erozan ගෙ යෝජනාවට මම කැමතියි.
    නමුත් මේ මම යේසුස් ක්‍රිස්තුස්ගෙ මරණය සිහිකිරීමෙ ඇති අවශ්‍යතාවය සහ එය කිරීමෙ ඇති වැදගත්කම ගැන ලියපු ලිපියක්නෙ.
    ඒ නිසා අලුත් thead එකක් හදාගමු බයිබලය පිළිබඳ ප්‍රශ්න කියල. එතකොට ඒකට ඕනෙ තරම් බයිබලය පිළිබඳව ඇතිවන ගැටලු ඕනෙම කෙනෙක්ට දාන්න පුලුවන්නෙ.
    තව දෙයක්, මම බයිබල් විශාරදයෙක් නම් නෙවෙයි.ඒ වගේම මම බයිබලය පිළිබඳ Library App එකකුත් නෙවෙයිනෙ topic එකක් enter කරපු ගමන් කරුණු ගලාගෙන එන්න. එම නිසා බයිබලය පිළිබඳ මම නොදන්න කාරනාවල් ඕනෙතරම් තිබෙනව. නමුත් මම දන්න තරමින් කරුණු වටහල දෙන්න උත්සහ කරන්නම්. මමත් නොදන්න කරුණක් නම් අහන්නෙ, කරුණු ගවේශනය කරල වටහල දෙන්න උත්සහ කරන්නම්. එතකොට මටත් දැනුම වැඩිදියුණු කරගන්න පුළුවන්නෙ. හැබැයි තව දෙයක්. මම මේව ලිව්ව කියල කවුරුවත් මට කන්න අඳින්න දෙන්නෙ නැහැනෙ. ඒ නිසා මම මගෙ Job එක කරන්නත් එපායෑ. ඉතින් ඒ නිසා අහන පරක්කුවෙන් reply කරන්න මට බැරි වෙන්න පුළුවන්. නමුත් මට ඉඩ ලැබෙන අවස්තාවලදි reply කරන්නම්.

    :)
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් mpamadu,

    ඒ වුනත් ඔවුන්ටත් ස්වාධීනව තීරණ ගැනීමෙ හැකිකම තිබෙන නිසා දෙවිට විරුද්ධව පව් කිරීමටත් ඔවුන්ට හැකි කම තිබෙනව. නැතුව නෙවෙයි.
    ...
    අන්න ඒ වගේ පාරාදීස පොළොවෙදිති දෙවිට දුෂ්ඨකම් කළොත් අනිවාර්යයෙන්ම එම අවස්තාවේම පාපය සිදුකරන තැනැත්තාව විනාශ කරල දානව. දෙවි නිර්මාණය කරපු නිර්මාණයක් ඕනෙනම් දෙවිටම විනාශ කරන්නත් අයිතිය තියෙනවනෙ.


    ඉතින් මෙහෙම උනාම පාරාදීස පොළොවෙත් දුෂ්ටකම් පවතිනවානේ? එනිසා ඔබ පවසන ආකාරයට අනුව tom2pd අහපු "අනික දුෂ්ට මිනිස්සුන්ගේ විනාශයෙන් පස්සෙත් ඒ වැරැද්ද අපහු නොවෙයි කියලා කොහොමද විස්වාස කරන්නේ.." යන ප්‍රශ්නයට උත්තරය වන්නේ එහෙම දුෂ්ට මිනිසුන්ගෙන් නිදහස් වීමක් කවදාවත් වෙන්නේ නැත යන්න සහ දුෂ්ටකම් නැති බවක් පාරාදීස පොලොවෙවත් නැති බව නේ? එහෙම උනාම දේව රාජ්‍යය ගැන කතාව වැඩකට නැති වෙනවානේ?

    කොහොම නමුත් බයිබලයේ Revelation 21:3, 4
    (NEW WORLD TRANSLATION OF THE HOLY SCRIPTURES (2013 REVISION)) අනුව ඔබ පවසන දේ බයිබලයේ ඇති දේ සමඟ ගැලපීමක් නැහැ වාගෙ. සමහරක් විට ඔබට වැරදෙන්න ඇති. එහෙම නැත්නම් මම බයිබලයේ ඇති දේ සහ/හෝ ඔබ පවසන දේ හරියට තේරුම් ගෙන නැහැ වෙන්න පුළුවන්.

    ඒ නිසා tom2pd අහපු "එතකොට යෙහෝවා දෙවි හිතන්නෙත් අසම්පුර්ණ මිනිස්සු හිතන විදිහටමද... අනික දුෂ්ට මිනිස්සුන්ගේ විනාශයෙන් පස්සෙත් ඒ වැරැද්ද අපහු නොවෙයි කියලා කොහොමද විස්වාස කරන්නේ.." යන්නට උත්තරය තව ටිකක් පැහැදිලි කරන්න. ඔබේම පෙර පිළිතුරට අනුව දේව රාජ්‍යය ගැන කතාව සුන්දර හීනයක් දැකීමකට පමණක් සීමා වූ කතාවක් බඳු වූ, සත්‍ය ලෙසම සිදු නොවන සහ නිෂ්ඵල දෙයක් බවටයි අර්ථ ගැන්වෙන්නේ.

    යම් ලෙසකින් ඔබේ පෙර පිළිතුරේ අඩුපාඩුවක් නිවැරදි කිරීමට ඔබ කැමති නම් එය නිවැරදි කරන්න. නැත්නම් බයිබලයේ දැක්වූ කරුණට ගැළපෙන් ලෙසත්, අවශ්‍ය නම් අන් කරුණුත් ඇසුරෙන්
    පාරාදීස පොළොව ගැන කතාව බොරු සහ නිෂ්ඵල දෙයක් නොවන ලෙසට ඔබ දුන් පිළිතුර වටහා ගන්නේ කෙසේදැයි දක්වන්න.

    Skylark