මාසික වැටුප 40000ට අඩුනම් ගෙදර ඉන්න එක ලාභයි?

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    අද ඉදන් පෙට්‍ර්‍රල් 92 ලීටරයක් 420 යි. අනිත් ඉන්ධන වර්ග ගැන මම කතා කරන්න යන්නෙ නෑ. සාමාන්‍ය සහ පොඩි මනුස්සයගෙ ඉන්ධන වර්ගෙ මේකනේ. මේකෙන් මං පැහැදිලි කිරීම කරන්නම්. එතකොට අනිත් ඉන්ධන භාවිත කරන අය ගනන් හදා ගන්න ඒ අනුව ...
    😅
    💔


    සාමාන්‍යයෙන් job එකක් කරන කෙනෙක් දවසට අඩුම 50 KM පදිනවා. Business එකක් field JOB එකක් කරන කෙනෙක් 80 KM අඩුම පදිනවා. මම ඒ නිසා average එක 60 KM වගේ ගන්නම්. අනිත් වාහන ගැන කතා කරන්නෙත් නෑ. සාමාන්‍ය motor bike එකක දැන් එන මේ ජරා තෙල් එකෙන් 1L ට 40 KM කරනවා කියලා හිතුවොත් දවසට 1.5 L ඕනා. ඒ කියන්නෙ පෙට්‍රල් වලට දවසට යනවා
    🔵
    610
    🔵
    ක්. (420 × 1.5) මාසෙට යනවා
    🔵
    18 300
    🔵
    ක්.
    (610 × 30)

    එතකොට දැන් පොල් ගෙඩියක් අද තෙල් මිල වැඩිවීමත් එක්ක කොහොමත් 100 ක් වෙයි. පාන් රාත්තලත් ගොඩක් දුරට 200 ක් වෙයි. එක පොල් ගෙඩියකින් පාන් රාත්තල් 3 කට සාමාන්‍යයෙන් සම්බෝල හදන්න පුලුවන් කියලා හිතමු. සහ සම්බෝල හදන්න ඕනා අනිත් පොඩි පොඩි දේවල් වලටත් 100 ක් කියලා හිතමු.

    එහෙම හිතලා තේ කිරි කෝපි මොකුත් බොන්නෙ නැතුව මාසෙම වේල් තුනටම පානුයි සම්බෝලයි කෑවොත් එක්කෙනෙක්ට මාසෙට යනවා මෙච්චරක් ...
    🔰
    පොල් වලට = 1500 (100 × 15)
    ( පොල් ගෙඩියකින් එක්කෙනෙක්ට පාන් බාගයක් වේලකට කෑවොත් වේල් 6 ක් කන්න පුලුවන්. මාසෙට වේල් 90 ට යනවා
    පොල් (90/6) 15 ක් )
    🔰
    පාන් වලට = 9000 (200 × 45)
    ( එක වේලකට පාන් බාගෙ ගානෙ වේල් 90 ට පාන් රාත්තල් 45 යි )
    🔰
    සම්බෝලේ අනිත් දේවල් වලට = 1500 (100 × 15)
    ( එක පොල් ගෙඩියකට 100 ක් තිබ්බොත් පොල් ගෙඩි 15 ට )

    එතකොට අවම ආහාර හා පෝෂණ මට්ටමකට යනවා මාසෙට එකෙක්ට
    🔵
    12 000
    🔵
    ක්.

    එතකොට දැනට එකෙක්ට අවම පෝෂණ මට්ටමකටයි, අවම ඉන්ධන මට්ටමකටයි විතරක් යනවා
    🔵
    30 300
    🔵
    ක්.

    වතුර වලටයි විදුලියටයි අඩුම එකෙක්ට මාසෙට තව
    🔵
    1000
    🔵
    ක් කොහොමත් යනවා.

    tooth paste , සබන්, shampoo, රැවුල් කොණ්ඩා කපන වියදම් කෙල්ලෙක්නම් සනීපාරක්ෂක වියදම් බේබි ක්‍රීම් එකක්වත් ගානවනම් ඒකෙ වියදම් එක්ක බලද්දි,
    🔰
    කොල්ලෙක්ට
    🔵
    1000
    🔵

    🔰
    කෙල්ලෙක්ට
    🔵
    2000
    🔵


    යටටවත් උඩටවත් ඇදුමක් ගන්නෙ නෑ කියලා හිතුවත් බෙහෙතක් ගන්නම වෙනවා මේ දවස් වල අඩුම මාසෙට එක පාරක්වත්. ඒකටත්
    🔵
    1000
    🔵
    අරිමු. ගන්නත් බෙහෙත් නෑ හැබැයි දැන්නම් ෆාමසි වලත් ..
    😅


    ඊට පස්සෙ data and call charges. ඒකටත් අඩුම දවසට 50 ගානෙ දැම්මොත් මාසෙට යනවා
    🔵
    1500
    🔵
    ක්.

    කොල්ලො කෙල්ලො බොනවා කරන වියදමුත් දැනට අමතක කරමු. බෝඩිම් වල ඉන්න උන්ගෙ කුලී වියදමත් අමතක කරමු. කොහෙවත් ඇවිදින්න කරන්න යන්නෙත් නැතුව මේ කියන්නෙ.

    එතකොට මචං උඹ අවිවාහක පුද්ගලයෙක් වෙලා ගෙදර අම්මා තාත්තගෙ වියදමට උඹ කීයක්වත් දෙන්නෙවත් නැතුව සාමාන්‍ය බයික් එකක වැඩට ගිහින් ගෙදර එන කොල්ලෙක් කෙල්ලෙක් නම් අවම ජීවන මට්ටමක් වෙනුවෙන් උඹට තනියම දරන්න වෙනවා මාසෙට
    🔵
    34 800
    🔵
    ක් ( කෙල්ලෙක් නම් 35 800 ක් වගේ ). ඉතිං ගලපලා බලපන් උඹේ මාසෙ පඩියත් එක්ක මේ වියදම්. කෙලින්ම කිව්වොත් බං උඹේ මාසෙ පඩිය 40 000 ට වඩා අඩු නම් උඹ වැඩට යන එකට වඩා ගෙදර ඉන්න එක ලාභයි බං.

    ඔය ගනන් හදලා තියෙන්නෙ 92 පෙට්‍රල් ගහගෙන සාමාන්‍ය බයික් එකක වැඩට යන ගෙදරට බරක් නොවී තමන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන උඹට යන අඩුම මාසික වියදම බං.

    උඹ වේල් 2 ක් හරි ගෙදරින්ම කන එකෙක් නම් උඹේ වියදම තව 8000 ක් විතර ඔතනින් අඩු වෙනවා.

    උඹ බස් එකේ train එකේ යන එකෙක් නම් උඹේ වියදම තව 8000 ක් විතර අඩු වෙනවා

    උඹ වාහනේක වැඩට යන එකෙක් නම් උඹට තව 18 300 ක් එකතු වෙනවා.

    උඹ බෝඩිමක නම් කුලියට නම් ඉන්නෙ උඹේ බෝඩිම් ගාස්තුව ගෙදර කුලිය ඕකට එකතු වෙනවා.

    උඹ විවාහක තාම ළමයි නැත්තම් නම් ඕක ඩබල් වෙනවා.

    උඹට ළමයිනුත් ඉන්නවනම් හිතා ගන්න බෑ බං වැඩිවෙන තරම ළමයින්ගෙ අධ්‍යාපනය පෝෂණය සෞඛ්‍යයට යන වියදම ගැන නම් ...

    උඹ බිස්නස් එකක් කරන එකෙක් නම් ඔයිට වඩා වියදම වැඩි වෙනවා .. හැබැයි ඒක බිස්නස් එකේ වියදම් නිසයි මම ජීවන වියදමට ඒක ගළපන්න ගියෙ නැත්තෙ.

    මේක තමා දැන් තත්වෙ මචං .. ඇත්තටම අපි වේල් 3 ටම පානුයි සම්බෝලා කන්නෙ නෑනෙ මචං .. තේ කෝපි කිරි මොනාහරි කොහොමත් බොනවනෙ .. සැර ජාති බොන උන් නොබී ඉන්නෙත් නෑනෙ .. ගෙදරට උදව් කරන උන් ඒක නොකර ඉන්නෙත් නෑනේ .. ඒ නිසා ඔය වියදම practically තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ
    💔


    කොටින්ම කිව්වොත් උඹේ වැටුප 40 000 ට අඩු නම්, උඹ මාර හිරවීමක ඉන්නෙ මචං ! මේ ඉරණම අපිට අත් කරපු උන්ට හෙනම ගහලත් මදි බං.

    කොහොමහරි ගේමක් ගහලා ජීවත් වෙන්න නෙමේ survive වෙන්න බලපං .. දැන්නම් අරගල කරන්නත් හරිම මහන්සියි !
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    සාමාන්‍යයෙන් job එකක් කරන කෙනෙක් දවසට අඩුම 50 KM පදිනවා.
    යකෝ උඹ ගෙවල් ගාවින් ජොබ් එකක් හොයා ගනින්
    නැත්තම් කොළබින් බෝඩ් වෙයන්
    මමත් කොළඹ බෝඩිමක ඉන්නෙ හෙට ඉදලා, දවසට කිලෝමීටර් 11ක් යන්න එන්න බැරි නිසා
    උඹ 50ක් යනවා කියන්නේ... අම්මෝ මචන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලoකාවෙ ප්‍රසිද්දම IT කියාගන්න ආයතනවල ඉගෙන ගත්ත කොල්ලො කෙල්ලන්ව මාස 6 ට ගන්නෙ, 15000-25000 අතර මාසික පඩියකට...🤫🤫🤫
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,064
    8,366
    113
    සාමාන්‍යයෙන් job එකක් කරන කෙනෙක් දවසට අඩුම 50 KM පදිනවා. Business එකක් field JOB එකක් කරන කෙනෙක් 80 KM අඩුම පදිනවා. මම ඒ නිසා average එක 60 KM වගේ ගන්නම්.
    මේක උඹ කොහෙන්හරි උස්සපු එකක්ද? එහෙනම් වැඩට නොගියපු එකෙක් ලියල තියෙන්නෙ. දවසට කිලෝ මීටර් 50ක් දුර තියෙන ජොබ්? බෝඩ් වෙන එක ලාබයි නේ.
     
    • Haha
    Reactions: caltonhp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    ලoකාවෙ ප්‍රසිද්දම IT කියාගන්න ආයතනවල ඉගෙන ගත්ත කොල්ලො කෙල්ලන්ව මාස 6 ට ගන්නෙ, 15000-25000 අතර මාසික පඩියකට...🤫🤫🤫
    කොහෙත් එහෙම තමා. ෆැක්ටරි වල එහෙම 10,000ට ගන්නේ. පට්ටම ශ්‍රමය හූරාකෑමක්.

    මේක උඹ කොහෙන්හරි උස්සපු එකක්ද? එහෙනම් වැඩට නොගියපු එකෙක් ලියල තියෙන්නෙ. දවසට කිලෝ මීටර් 50ක් දුර තියෙන ජොබ්? බෝඩ් වෙන එක ලාබයි නේ.
    මාළබේ ඉඳන් කොළඹ යන එකෙක්‍ට දවසට කිලෝමීටර් 35 40ක් සෙට් වෙනවා.
    ------ Post added on May 28, 2022 at 1:10 PM
     
    • Like
    Reactions: caltonhp

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    40k wage labenawanam itin public transport yana eka tamai ekama option eka
    nattam board wena eka

    dan godak families lamai inna schools gawata rent ekata yanawa, ehema giyat labailu transport cost eka nisa
     
    • Like
    Reactions: caltonhp

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ලoකාවෙ ප්‍රසිද්දම IT කියාගන්න ආයතනවල ඉගෙන ගත්ත කොල්ලො කෙල්ලන්ව මාස 6 ට ගන්නෙ, 15000-25000 අතර මාසික පඩියකට...🤫🤫🤫
    name the company pls//
     
    • Like
    Reactions: caltonhp

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ගෙදර හිටියම කොහොමද ලාභ වෙන්නෙ...???

    පොර වැඩට ගිය නිසානෙ, පොල් කඩෙන් අරන්, පාන් කාලා, දත් මැදලා නාලා , ඩේටා යූස් කරල, විදුලිය & ජලය යූස් කරල , ලෙඩක් හැදුනොත් ඒකත් කොහොම හරි ශේප් කරගන්නෙ, ජීවත් වුනෙ නොමැරී මාසයම

    ලැබුන පඩිය මාසෙ ඉවරවෙද්දි ඉතුරු වෙන් නෑ කියල හැමෝම ගෙදර හිටියම හරිද, මාසයක් ජීවත් වුන එකම මදිද?

    මේ වෙලාවෙ මේ ගොන් කතා අහල ජොබ් එක එහෙම නැතිකරගන්න එපා ඔන්න හොදේ....
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ලoකාවෙ ප්‍රසිද්දම IT කියාගන්න ආයතනවල ඉගෙන ගත්ත කොල්ලො කෙල්ලන්ව මාස 6 ට ගන්නෙ, 15000-25000 අතර මාසික පඩියකට...🤫🤫🤫
    mokadda company eka? man danna tharamaata dan fresh out wena untath aduma 120k wath denawa
     
    • Like
    Reactions: caltonhp