ආයෙත් ඇවිත් මේකට ටිකක් වැඩි විස්තරයක් එකතු කරන්න හිතුනා.
මචං. මෙහෙමයි. අපි හිතමු උඹේ පඩිය 35000/- කියලා. මං මේ කතා කරන්නේ අවම මට්ටමේ office job එකක් කරන කොල්ලෙක්ගේ සාමාන්‍ය ගාන.
ඉස්සෙල්ලම උඹේ වියදම් (මාසෙයට යන recurring) ටික ලියපං මචං. Google sheet වගේ එකක් මේ වැඩේට මරු.
කෑම + මාසික බිල්පත් + අධ්‍යාපනික වියදම් + loan installments + ගමන් වියදම් + etc... = X
දැන් මේ X වලට පොඩි buffer එකක් එකතු කරන්න. මොකද සමහර මාස වල හිටපු ගමන් හිතන්නේ නැති වියදම් එන්න පුලුවන්. අවම X වලින් 5%ත
X * 5% = Y
හැම වෙලේම (X + Y) < 35000 වෙන්න ඕනේ. එහෙම නෙවේනම් උඹේ ආදායම මදි වියදමට වඩා. එක්කෝ පරිභෝජන රටාව වෙනස් කරගන්න. නැත්තම් වෙන job එකක් හෝ side business එකක් පටන් ගන්න වෙනවා. මේ ගැන මම කතා කරන්න යන්නේ නෑ.
දැන් 35000 - (X + Y) = Z කිවුවොත්, මේ Z කියන්නේ උඹේ comfortably ඉතුරු කරන්න පුලුවන් ගණන. හැම මාසෙම පඩි හම්බවුන ගමන් මේ Z ගණන වෙනම account එකකට transfer කරන්න. Salary වැටෙන හෝ ATM card එක direct link වෙලා තියෙන account එකේ තියන්න එපා.
ඊට පස්සේ ලියලා තියාගත්ත වියදම් අනුව මාසේ වියදම කරගෙන යන්න. ඊළඟ මාසේ පඩි හම්බුන ගමන ආයේ calculation එකක් කරන්න. අපි හිතමු දැන් පඩිය වැටුන ගමන් account එකේ balance එක A කියලා.
A-35000 = B
මේ B කියන්නේ මාසේ වියදම කරලා උඹ ඉතුරු කරගත්ත අමතර ගාණක්. සමහර විට උඹේ අර වෙන් කරල buffer amount එක වියදම් වෙන්න නැතුව ඇති. සමහර විට office යන්නේ නැතුව ගෙදර ඉඳන් වැඩකරපු නිසා ගමන් වියදම ඉතුරු වෙන්න ඇති. මේ B එකත් ඉතින් මාරු කරන්න අර ඉතුරු කරන ගිණුමට. හැබැයි ඒක ගැන වෙනම note එකක් දාගෙන ඉන්න. මේකෙන් අපි build කරන්නේ emergency fund එකක්. ඒ කිය්නේන යම් මාසෙක හදිස්‍සියේ වත් buffer එක ඉක්මවා වියදමක් set උනොත් අපි savings වලින් ගන්නේ නැතුව මේ emergency fund එකෙන් තමා වියදම් කරන්නේ.
මේ දේවල් කියපු පළියට දවසින් කරන්න බෑ. ටික කාලයක් practice කරන්න ඕනේ. අනිත් එක මේ දේවල් දිගටම කරගෙන යන්න විනයක් ඕනේ. ඒකට අපි මූල්‍ය විනය (financial discipline) කියලා කියනවා.
තව දෙයක්... ඉතුරු කරනවා කියලා කන්නේ බොන්නේ නැතුව, life එක enjoy කරන්නේ නැතුව කූණු කමට ඉතුරු කරන්න එපා. ජීවිතේ විඳින්න ඕනේ. විඳවන්නේ නැතුව. ඒ වගේම ඉතුරු කරනවා වගේම invest කරන්නත් ඕනේ.