මාසෙ පඩියට අමතරව

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    උඹලා මාසෙ පඩියට අමතරව මොනවද කරන්නේ අමතර ආදායමක් එන්න​. අදහස් බෙදා ගමුකෝ.:)
    ela rep add
     

    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    මන් නම් මචං mark-wo කියල company එකක අමතරව වැඩ කරනවා..තමන්ගේම කියල වත්කමක් ගොඩනගාගන්ඩ තියෙන හොදම අවස්තාවක් බන්...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් නම් මචං mark-wo කියල company එකක අමතරව වැඩ කරනවා..තමන්ගේම කියල වත්කමක් ගොඩනගාගන්ඩ තියෙන හොදම අවස්තාවක් බන්...

    ඕක කරන එකා ඉස්සර ටියුශන් ක්ලාස් කරපු එකෙක්ද?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මං නං සෙනසුරාද ඉරිද විතරයි කරන්නෙ හත් අටසීයකට වඩා හොයන්න ලැබිල නෑ :no: :no:
    ගොඩක්ම හවස් වෙනකං කරන්නෑ :no: :no:

    oya hoda wedak ne karanne, minisekuge pipasayata beema ekak dena eka.

    koi hariyeda meka karanne.. mamath oyagen awith gannam. mona wage ewada tiyenne.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මන් නම් මචං mark-wo කියල company එකක අමතරව වැඩ කරනවා..තමන්ගේම කියල වත්කමක් ගොඩනගාගන්ඩ තියෙන හොදම අවස්තාවක් බන්...

    අහුවෙන්න එපෝ මේවා පිරමිඩ්,
    අතේ තියන සල්ලිත් නැති වෙන වැඩ
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ඔව් බං මාත් හොයල බලන්න ඕන.. මේක වැඩිය මහන්සි වෙන්නත් ඕන නෑනේ.. මාස හයෙන් හයට නේහ් කුරුඳු කපන්නෙත්..

    kurudu labailu..mkda satha 5k wth amatara wiyadm nane...bt kurudu talana ewwo talanne bagayk gnna widiyta..awlk na itn ..nikn tyena idamak tyei nm kurudu dapan...:yes:
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    අවුරුද්දට දෙපාරක් විතර කුබුරු අක්කරයක් කරනවා, තරමක් ගොඩ යතහැකි
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මාසේ පඩියට අමතරව හීනියට මල් ඩිංගක් වැව්වානං ගොඩ! :D නැතෙයි මං කියන්නේ... :D

    images
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    මචං
    මම කුරුඳු වවනවා. අක්කර 6ක් දාල තියෙන්නෙ දැන්. කියන තරං ලේසි නෑ වැඩේ. මට ඔක්කොම දාල ඉවර කරන්න ලක්ෂ 25ක් විතර ගියා.
    අවුරුදු 3ක් යනව කපන්න පටන් ගන්න.
    සාමාන්‍යයෙන් එන අදායම (මාස 6කට සැරයක්)

    අක්කර 1 කින් කිලෝ 400-600
    කිලෝ 1ක් රුපියල් 1250-1500
    අඩුම ගත්තොත් 1250*400 = 500 000 (බාගයක් දුන්නොත් 250 000)

    අක්කරේකට පැල 3600ක් වැටෙනව. රජයෙන් අධාර විදිහට පැල සහ උපදෙස් දෙනව. පිටින් ගන්නවනන් පැලයක් 13ක් වෙනව. කොහොමත් පිටින් ගන්න වෙනව පාලු හිටවන්ඩ.

    මම වත්ත වටේට පුවක් පැල 1300ක් දාල තියෙනව නිකමට වගේ අමතර කීයක් හරි එන්නෙ නැතෑ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචං
    මම කුරුඳු වවනවා. අක්කර 6ක් දාල තියෙන්නෙ දැන්. කියන තරං ලේසි නෑ වැඩේ. මට ඔක්කොම දාල ඉවර කරන්න ලක්ෂ 25ක් විතර ගියා.
    අවුරුදු 3ක් යනව කපන්න පටන් ගන්න.
    සාමාන්‍යයෙන් එන අදායම (මාස 6කට සැරයක්)

    අක්කර 1 කින් කිලෝ 400-600
    කිලෝ 1ක් රුපියල් 1250-1500
    අඩුම ගත්තොත් 1250*400 = 500 000 (බාගයක් දුන්නොත් 250 000)

    අක්කරේකට පැල 3600ක් වැටෙනව. රජයෙන් අධාර විදිහට පැල සහ උපදෙස් දෙනව. පිටින් ගන්නවනන් පැලයක් 13ක් වෙනව. කොහොමත් පිටින් ගන්න වෙනව පාලු හිටවන්ඩ.

    මම වත්ත වටේට පුවක් පැල 1300ක් දාල තියෙනව නිකමට වගේ අමතර කීයක් හරි එන්නෙ නැතෑ.


    maxxa machan

    tawa wistara dapanko

    umba koheda wawanne
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වෙන ත්‍රෙඩ් එකකට කෙටුව එකක්:yes:....

    ගෙදර ගාව හෝ කිට්ටුව පාවිචියට ගන්නැති පර්චස් විස්සක විතරවත් ඉඩම් කැල්ලක්(ලොරියක් යාහැකි තැනක) තියනවා නම්, වැලි ලොඩ් ටිකක් අඩුවට ගෙනල්ලා බාල දාගන්න(මහියන්ගන පොලොන්නරු පැතිවලින්:dull:), හාඩ්වෙයර් වලට වඩා අඩුවට දෙන්න පුලුවන් එතකොට, ගමේම ලොරියක් ට්‍රන්ස්පෝට් එකට සෙට් කරගන්න පුලුවන්, ලොඩ් කරන්නත් බැකෝ එකක් හරි සෙට් කර ගන්න පුලුවන්නම් ගමෙම්ම එක කොල් එක කින්, උබ ජොබ් එක කරන ගමන් පෝන් එකෙන්ම ගේම දෙන්න පුලුවන් වෑඩ් මහන්සියක් නැතිව:yes::yes:..

    තාත්ත පෙන්ෂන් වගේ හරි සොහෝදරයෙක්ට හරි පොඩ්ඩක් බලන්ඩ කියපන් උබ නැති වෙලාවට, උබ ගාව බඩු අනිවාර්යෙන් තියනවානම් කස්ටමස්ලා සෙට් වෙනවා, අනික මාකටින් පාර දෙන්න ඕන බාස්ල හරමයි:P:P, බාස්ල බඩු හොදයි එතන බඩු වලින් තමා අර ගෙදර කපරාදුව කලේ මඩ නැහැ රොඩු නැහැ කියුවහම, ගෙවල් හදන පොරත් උබෙන් තමා බඩු ගන්නේ(බාසට පොඩි කමිසන් පාරක් හරි සිගරට් අරක්කු ටිකක් හරි ලෙවලින් බට හරි දිලා ෂේප් එකේ තියා ගන්න ඕන);), අනික බඩු බාන වෙලාවටයි පට වන වෙලා වටයි විතරයිනේ කවුරුහරි ඕන බලන්න, එක ඉතින් අම්ම ගිහින් එතන හිට ගෙන හිටියත් ඇතිනේ, එතන කවුරු හරි ඉන්න එක විතරනේ වැදගත්, බඩු ටික වත්තේම තියන නිසා වෙනම ආරක්ෂාවක් ඔනත් නැහැනේ....සල්ලි ගනු දෙනුත් සෙප් එකේ කර ගත්තැහැකිනේ....

    පස්සේ ඉතින් උබටම ලොරියක් එහෙම ඈරගෙන උබේම හාඩ්වයර් එකක් පටන් ගත්තැහැකි, නැද්ද මන් අහන්නේ....
     
    • Like
    Reactions: sika2

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මං පොඩි ලී බිස්නස් එකකට අත ගැහුවා අඩුවට ලී කොටන් අරන් කට්ටිය දාලා ඉරවල මඩුවලට දානවා.. ඒක එකට දෙකක් ලාභයි.. තවපොඩි හාල් පොල් කෙසෙල් ටිකක් පිටින් ගෙන්නල බදුලු බණ්ඩාරවෙල පැත්තට දානව එහෙන් එළවලු ගෙනියනව ඒකත් හොද ලාභ හම්බෙන වැඩක්