අනේ මිනිසුනේ ...උබලට මොලයක් නැද්ද ...මේක පුද්ගලික නිසා විරුද්ධ වෙනවා කියන එක නෙවෙයි මෙතන ප්රශ්නය තියෙන්නේ
ලෝකයේ වැදගත්ම ,අමාරුම වෘත්තියක් තමයි වෛද්‍ය විද්‍යාව ...මේ ක්ෂේත්රය තුල ලබා ගන්නා දැනුම , අත්දැකීම ,පුහුණුව ඉතාමත්ම වැදගත් ...ගුවන් නියමුවෙක්ට යානයක් පදින්න කලින් demo එකක පුරුදු වෙන්න දෙන්නේ ඇයි .කෙලින්ම යානයක්ම දෙන්න තිබ්බනේ ..? ..ඒ වගේ තමයි වෛද්‍යවරයෙක් උනත් හොදට පුහුණුව ,දැනුම ,අත්දැකීම තියෙන්න ඕනි ...
- SAITM එකේ ඉගෙන ගෙන එලියට එන වෛද්‍යවරයා ගැන තියෙන සහතිකය මොකද්ද ..?
- මේ වෛද්‍යවරයෙක් සමාජය තුල කටයුතු කරන්න තරම් සුදුසුද ..?
- පුද්ගලික විශ්ව විද්‍යාලයක් කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් කරන එකක් ..එතකොට මේවගේ විෂය කරුණු වල ගුණත්වය පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා.
- BIO කරලා A 3 ගන්න ළමයෙක්ට වඩා S 3 ගන්න කෙනෙක් වෛද්‍යවරයෙක් විමේ අවදානම තියෙන්නේ කාටවත් නෙවෙයි අපිට ..බෙහෙත් ගන්න යන අපිට
-- උබලා මෙතන කෑ ගැහුවට උබල එකෙක්වත් යයිද ඔය SAITM වෛද්‍යවරයෙක් ගාවට ...උණක් ,කැස්සක් වගේ නම් කමක් නෑ කියමුකෝ ...ශෛල්‍යකර්මයක් කරගන්න යනවද එයාලා ගාවට ..උඹට පුලුවන්ද විස්වාසයක් තියාගෙන යන්න ..?
අන්න එක තේරුම් ගනින් ..IT ,Business Admin ,Engineering degree වගේ නෙවෙයි මේවා ....මේ එන දොස්තරවරු අතින් වැරද්දක් වෙලා ලෙඩ්ඩු මැරුනොත් කවුද වග කියන්නේ ...මේවගේ උගන්වන දේවල් ,ප්‍රයෝගික දැනුම මට්ටම් කොහොමද ...අන්න එවයි ප්‍රශ්නේ .... මේ එන දොස්තරවරු ගනුදෙනු කරන්නේ මිනිස් ජීවිත එක්ක ...එක මතක තියාගන්න .....
SAITM එක නවත්වන්න ඕනි නෑ ...එත්
- අනිවාර්යෙන් රජයේ සහ වෛද්‍ය සභාවේ පිළිගත් සම්මතයන් සපුරාලිය යුතුමයි
- අනිවාර්යෙන් රජයේ අධික්ෂනයකට , පාලනයකට යටත් වෙන්න ඕනි
නැත්තන් ඕනි එකෙක්ට building එකක් ගහලා දොස්තරවරු ටිකක් උගන්වන්න අරගෙන තව අවශ්‍ය උපකරණ අරගෙන විශ්ව විද්‍යාලයක් දන්නා පුළුවන්නේ ...