මාළඹේ වෙද සිසුන් විරෝධතාවක

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් මම හිතන්නෙ ඔය ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකේ දැනට තියෙන Standards අවුල්. මම දන්න විදිහට ඕකට යන්න ඕන සුදුසුකම උසස් පෙළ කිරීම විතරයි. පොඩ්ඩක් හිතල බලපල්ලකො ඒක පිලිගන්න පුලුවන් සුදුසුකමක්ද කියල.

    අඩු ගානේ C 3ක් වත් තියෙන එවුන් ගන්නවනම් පොඩ්ඩක් හරි පිලිගන්න පුලුවන්. අනික මචන් මේ ඔක්කොටම මුල ලංකාවෙ කිසිම දේකට හරි ප්‍රතිපත්තියක් නැති කම. කාලෙන් කාලෙට වැනෙන ප්‍රතිපත්ති තමයි අපිට තියෙන්නෙ. අධ්‍යාපනේට හරි ක්‍රම වේදයක් තිබුනනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. මේ වගේ ප්‍රශ්නයක් උනහම ඔක්කොම එවුන් කරන්නේ දෙපැත්තකට බෙදිල ගහ බැන ගන්න එක විතරයි.

    අනික මචන් මම දැක්ක ඔය ප්‍රයිවට් මෙඩිකල් එවුන්ගෙ කෙල්ලෙක් එක දවසක් TV එකට කතා කරනව. ඒකි කිව්ව ආන්ඩුවෙ කැම්පස් වල එවුන්ට වියදම් කරන්නෙ උන්ගෙ අම්මල තාත්තල ගෙවන බදු සල්ලි කියල. ඒ කෙල්ල කිව්ව කතා පොඩ්ඩක් හිතල බලපල්ල. මම දකින විදිහට ලංකාවෙ ඕනෙම එකෙකුට ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගෙන ආන්ඩුවෙ කැම්පස් එකකට යන්න හැමෝටම සමාන අයිතිවාසිකමක් තියෙනව. අනික අධ්‍යාපනේට ඒකිගෙ අම්මගෙ තාත්තගෙ බදු සල්ලි විතරක් නෙමෙයි මේ රටේ හිගන්නගෙ ඉඳල රටේ ඉහලම මිනිහ ගෙවන බදු සල්ලිත් යනව. ඒ හින්ද කැම්පස් යන්න බැරි උන එකෙක් කැම්පස් ගියපු එකෙක්ට කවදාවත් ඉරිසිය කරල වැඩකුත් නෑ කැම්පස් ගියපු එකෙක් යන්න බැරි උන එකෙක්ට හිනා වෙලා වැඩකුත් නෑ.

    කොහොමත් රට ගිහින් මෙඩිසින් කරල එන එවුන් ඉන්න හින්ද මගෙ නම් අදහස මේ ප්‍රයිවට් මෙඩිසින් කොලේජ් එක මොකක් හරි සුදුසු Standards වලට ආණ්ඩුවෙ ඩොකාලගෙත් අධීක්ශණයක් එක්ක පටන් ගන්න එක.

    :yes::yes::yes::yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මාලබේ කියන්නේ කිසිම ගුණාත්ම භාවයකින් තොර වෛද්‍ය විද්‍යාලයක්. නිකන් හරියට අර බංගලාදේශේ ඒවා වගේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.

    මට යන්න බැරි නිසා ඒක නරකයි :lol: හැබැයි අපි කුහක නෑ හොඳේ :rofl:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මාලබේ කියන්නේ කිසිම ගුණාත්ම භාවයකින් තොර වෛද්‍ය විද්‍යාලයක්. නිකන් හරියට අර බංගලාදේශේ ඒවා වගේ.

    uba inspection yanwada hamadama?

    ane nikan hitapan bng., okata kiyanne kuhaka kama kiyala
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාලබේ කියන්නේ කිසිම ගුණාත්ම භාවයකින් තොර වෛද්‍ය විද්‍යාලයක්. නිකන් හරියට අර බංගලාදේශේ ඒවා වගේ.

    ඉතින් ඒකට ඕක වහලා හරියන්නේ නෑනෙ.ප්‍රමිති ගතකරපල්ලා.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මිනිසුනේ ...උබලට මොලයක් නැද්ද ...මේක පුද්ගලික නිසා විරුද්ධ වෙනවා කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නය තියෙන්නේ

    ලෝකයේ වැදගත්ම ,අමාරුම වෘත්තියක් තමයි වෛද්‍ය විද්‍යාව ...මේ ක්ෂේත්‍රය තුල ලබා ගන්නා දැනුම , අත්දැකීම ,පුහුණුව ඉතාමත්ම වැදගත් ...ගුවන් නියමුවෙක්ට යානයක් පදින්න කලින් demo එකක පුරුදු වෙන්න දෙන්නේ ඇයි .කෙලින්ම යානයක්ම දෙන්න තිබ්බනේ ..? ..ඒ වගේ තමයි වෛද්‍යවරයෙක් උනත් හොදට පුහුණුව ,දැනුම ,අත්දැකීම තියෙන්න ඕනි ...

    - SAITM එකේ ඉගෙන ගෙන එලියට එන වෛද්‍යවරයා ගැන තියෙන සහතිකය මොකද්ද ..?
    - මේ වෛද්‍යවරයෙක් සමාජය තුල කටයුතු කරන්න තරම් සුදුසුද ..?
    - පුද්ගලික විශ්ව විද්‍යාලයක් කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් කරන එකක් ..එතකොට මේවගේ විෂය කරුණු වල ගුණත්වය පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා.
    - BIO කරලා A 3 ගන්න ළමයෙක්ට වඩා S 3 ගන්න කෙනෙක් වෛද්‍යවරයෙක් විමේ අවදානම තියෙන්නේ කාටවත් නෙවෙයි අපිට ..බෙහෙත් ගන්න යන අපිට

    -- උබලා මෙතන කෑ ගැහුවට උබල එකෙක්වත් යයිද ඔය SAITM වෛද්‍යවරයෙක් ගාවට ...උණක් ,කැස්සක් වගේ නම් කමක් නෑ කියමුකෝ ...ශෛල්‍යකර්මයක් කරගන්න යනවද එයාලා ගාවට ..උඹට පුලුවන්ද විස්වාසයක් තියාගෙන යන්න ..?

    අන්න එක තේරුම් ගනින් ..IT ,Business Admin ,Engineering degree වගේ නෙවෙයි මේවා ....මේ එන දොස්තරවරු අතින් වැරද්දක් වෙලා ලෙඩ්ඩු මැරුනොත් කවුද වග කියන්නේ ...මේවගේ උගන්වන දේවල් ,ප්‍රයෝගික දැනුම මට්ටම් කොහොමද ...අන්න එවයි ප්‍රශ්නේ .... මේ එන දොස්තරවරු ගනුදෙනු කරන්නේ මිනිස් ජීවිත එක්ක ...එක මතක තියාගන්න .....

    SAITM එක නවත්වන්න ඕනි නෑ ...එත්

    - අනිවාර්යෙන් රජයේ සහ වෛද්‍ය සභාවේ පිළිගත් සම්මතයන් සපුරාලිය යුතුමයි
    - අනිවාර්යෙන් රජයේ අධික්ෂනයකට , පාලනයකට යටත් වෙන්න ඕනි

    නැත්තන් ඕනි එකෙක්ට building එකක් ගහලා දොස්තරවරු ටිකක් උගන්වන්න අරගෙන තව අවශ්‍ය උපකරණ අරගෙන විශ්ව විද්‍යාලයක් දන්නා පුළුවන්නේ ...
     
    • Like
    Reactions: 66000V

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මොරටුව යුනිවසිට්යි එකට වඩා ගනන් ගන්නවද බන්? පිස්සෝ නැත්නම් යකෝ ලක්ශ 120 ක් වියදම් කරලා සයිටම් යනවද?

    ඒක නං දන්නෙ නෑ බං, ලංකාවෙ යුනි රෑන්කිං අරං බලපං, sliit එක ආණ්ඩුවේ යුනි 5කට වඩා උඩින් ඉන්නෙ :yes:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පව් බන්.. මගේ ඉස්කෝලේ යන කාලේ crush එකකුත් ඉන්නවා මාලබේ.. පට්ට කෑල්ල.. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මිනිසුනේ ...උබලට මොලයක් නැද්ද ...මේක පුද්ගලික නිසා විරුද්ධ වෙනවා කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නය තියෙන්නේ

    ලෝකයේ වැදගත්ම ,අමාරුම වෘත්තියක් තමයි වෛද්‍ය විද්‍යාව ...මේ ක්ෂේත්‍රය තුල ලබා ගන්නා දැනුම , අත්දැකීම ,පුහුණුව ඉතාමත්ම වැදගත් ...ගුවන් නියමුවෙක්ට යානයක් පදින්න කලින් demo එකක පුරුදු වෙන්න දෙන්නේ ඇයි .කෙලින්ම යානයක්ම දෙන්න තිබ්බනේ ..? ..ඒ වගේ තමයි වෛද්‍යවරයෙක් උනත් හොදට පුහුණුව ,දැනුම ,අත්දැකීම තියෙන්න ඕනි ...

    - SAITM එකේ ඉගෙන ගෙන එලියට එන වෛද්‍යවරයා ගැන තියෙන සහතිකය මොකද්ද ..?
    - මේ වෛද්‍යවරයෙක් සමාජය තුල කටයුතු කරන්න තරම් සුදුසුද ..?
    - පුද්ගලික විශ්ව විද්‍යාලයක් කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් කරන එකක් ..එතකොට මේවගේ විෂය කරුණු වල ගුණත්වය පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා.
    - BIO කරලා A 3 ගන්න ළමයෙක්ට වඩා S 3 ගන්න කෙනෙක් වෛද්‍යවරයෙක් විමේ අවදානම තියෙන්නේ කාටවත් නෙවෙයි අපිට ..බෙහෙත් ගන්න යන අපිට

    -- උබලා මෙතන කෑ ගැහුවට උබල එකෙක්වත් යයිද ඔය SAITM වෛද්‍යවරයෙක් ගාවට ...උණක් ,කැස්සක් වගේ නම් කමක් නෑ කියමුකෝ ...ශෛල්‍යකර්මයක් කරගන්න යනවද එයාලා ගාවට ..උඹට පුලුවන්ද විස්වාසයක් තියාගෙන යන්න ..?

    අන්න එක තේරුම් ගනින් ..IT ,Business Admin ,Engineering degree වගේ නෙවෙයි මේවා ....මේ එන දොස්තරවරු අතින් වැරද්දක් වෙලා ලෙඩ්ඩු මැරුනොත් කවුද වග කියන්නේ ...මේවගේ උගන්වන දේවල් ,ප්‍රයෝගික දැනුම මට්ටම් කොහොමද ...අන්න එවයි ප්‍රශ්නේ .... මේ එන දොස්තරවරු ගනුදෙනු කරන්නේ මිනිස් ජීවිත එක්ක ...එක මතක තියාගන්න .....

    SAITM එක නවත්වන්න ඕනි නෑ ...එත්

    - අනිවාර්යෙන් රජයේ සහ වෛද්‍ය සභාවේ පිළිගත් සම්මතයන් සපුරාලිය යුතුමයි
    - අනිවාර්යෙන් රජයේ අධික්ෂනයකට , පාලනයකට යටත් වෙන්න ඕනි

    නැත්තන් ඕනි එකෙක්ට building එකක් ගහලා දොස්තරවරු ටිකක් උගන්වන්න අරගෙන තව අවශ්‍ය උපකරණ අරගෙන විශ්ව විද්‍යාලයක් දන්නා පුළුවන්නේ ...

    ඇයි බං උඹ හිතාගෙන ඉන්නේ ඔය වෘත්තීකයන් අතින් වරදක් උනොත් ජීවිත අහිමිවෙන්නේ නෑ කියලද?;)
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මම නම් කියන්නේ AL වෙනකන් නිදහස් අධ්‍යාපනය දීලා.... uni යන්න ආණ්ඩුවෙන් ණයක් ගන්න ඕනේ....එක ඕනෙම uni එකට දීලා ඉගෙන ගන්න පුළුවන්.... ඉගෙන ගෙන ඉවර වෙලා අවුරුදු දෙකක් ඇතුලත ණය පියවන්න ඕනේ..... මේකෙන් වෙන්නේ ඉගෙන ගන්න එකට වගකීමක් වගේම බරක් පතලක් තේරෙනවා..... මොකද ඌ ඉගෙන ගන්නේ උගේ සල්ලි වලින් .....
    මේකෙන් හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා .... තමන් ඉගෙන ගත්තා තමන් ගෙව්වා..... ගෙව්වේ නැත්තම් නීති ටිකකුත් ගෙන්න ඕනේ :) මෙහෙම වුනාම සෙල්ලම් කරන්නේ නෑ..... ඉගෙන ගත්තා රටට වැඩ කරා.....