මාළු_ටැංකි _තාප්පයක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාළු_ටැංකි _තාප්පයක්

    තුර්කියේ ඉස්මිර්හි මෙහ්මෙට් අලි ගොකෙග්ලුගේ නිවස වටා තාප්පයක් වෙනුවට මාළු ටැංකියක් හදා ඇත. දිගින් මිටර 50 ක් පමණ වන මේ සුවිසල් මාළු ටැංකියේ මත්ස්‍යය වර්ග 1000 ක් පමණ වාසය කරයි.එහි ජලය ස්වයංකි‍්‍රීයවම මාරු කෙරෙන පද්ධතියක්ද ඇත.

    මෙහ්මෙට් පවසන ආකාරයට මෙම නිර්මාණය සම්පූර්ණ කිරීමට ඔහුට ඩොලර් 21,000 (රුපියල් 279300 ) ක පමණ මුදලක් වැය වී ඇත.නමුත් මෙය දකින විටදී වැයවූ මුදල ගැන කිසිදු පසුතැවීමක් තමන්ට ඇති නොවන බව ඔහු කියයි.

    ටැංකියේ සිටිනා මසුන් සොරකම් කර ගෙන යෑමේ අවදානමක්ද ඇති හෙයින් ටැංකිය දිවා රෑ මුළුල්ලේ ආරක්ෂක කැමරා 17 කින් නිරීක්ෂණය කැරෙයි.ටැංකියට අනවශ්‍ය පරිදි කිට්ටු විීමද කළ නොහැක.ඒ අධි සංවේදී අනතුරු හැගවීමේ පද්ධතියක්ද සවි කර ඇති බැවිනි.

    මේ මාළු ටැංකි තාප්පය තුර්කියට පැමිණෙන සංචාරකයින් අතර ඉතා ජනපි‍්‍රය වී ඇත.





    Cesme-aquarium-fence2-550x412.jpg


    Cesme-aquarium-fence3-550x412.jpg


    Cesme-aquarium-fence4-550x412.jpg


    Cesme-aquarium-fence5-550x412.jpg


    Cesme-aquarium-fence6-550x412.jpg


    Cesme-aquarium-fence-550x412.jpg




     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    සිරා වැඩක් !! :yes: හැබැයි ලංකාවේ කලොත් නං එක රැයින් සුන් :lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රුපියල් 279300 ට ඔය දිගට ලංකාවේ නිකන් තාප්පයක් ගහගන්නත් අමාරුයි. මේක හොඳ විසඳුමක් වගේ.:lol:

    මම හිතන්නේ 27,93,000 ක් වෙන්න ඕන ඕක.
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    රුපියල් 279300 ට ඔය දිගට ලංකාවේ නිකන් තාප්පයක් ගහගන්නත් අමාරුයි. මේක හොඳ විසඳුමක් වගේ.:lol:

    මම හිතන්නේ 27,93,000 ක් වෙන්න ඕන ඕක.

    hmmm..

    21,000 x 131.5170 = 27,61,857/= :cool: