--හැඳින්වීම---
1986 වර්ශයේදී රුසියානු ජාතික ශිෂ්‍යයෙකු වූ දිමිත්‍රි ඩේවිඩෝෆ් විසින් මාෆියා නමින් ප්‍රිය සාදයන්හිදී කල හැකි නව ක්‍රීඩාවක් නිර්මාණය කරන ලදී. ඒ ඔහු මොස්කව්හි රුසියානු ජාතික විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ උපාධිය හදාරන අතරතුර එහි ක්‍රියාකාරකමක් වශයෙනි. මෙහි මූලික මනෝ විද්‍යාත්මක සිද්ධාන්තය වනුයේ එකිනෙකා දන්නා සුළුතරය සහ එකිනෙකා නොදන්නා බහුතරය අතර සිදුවන මත ගැටුම සහ එහි ප්‍රතිපලයයි. පසු කාලීනව මෙම ක්‍රීඩාව ලොව පුරා පැතිරී ගිය අතර 1987, 1992 සහ 1998 කතෘ හිමිකම් සම්මුති යටතේ දිමිත්‍රි ඩේවිඩෝෆ් විසින් ලියාපදිංචි කරන ලදී.
මාෆියා යනු ලොව පුරා අතිවිශාල ජනප්‍රියත්වක් හිමි කරගත් සරල එමෙන්ම ඉතා විනෝදජනක ක්‍රීඩාවකි.
--මාෆියා--
නම : මාෆියා / වෙයාවුල්ෆ්
නිර්මාතෘ : දිමිත්‍රි ඩේවිඩෝෆ්
ක්‍රීඩකයන් ගණන : අවම 6 කි. උපරිමයක් නැත.
මූලික සැකසුම් : නැත.
අවශ්‍ය ද්‍රව්‍ය : චරිත බෙදා දීම සඳහා කාඩ්
අවශ්‍ය කුසලතා : උපාය මාර්ගික චින්තනය / කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව / අන්තර්පුද්ගල සබඳතා / රංගනය
--නීති--
1. රාත්‍රියේදී ඇස් පියා ගත් විට අවංක විය යුතුය.
2. තමාගේ චරිතය පිලිබඳව ඇත්ත හෝ බොරු හෝ ඕනෑම මොහොතක පැවසිය හැකිය. නමුත් තමාට ලැබුණු කාඩ් පත කුමක්ද යන්න පැවසිය නොහැක.
3. ඕනෑම ආකාරයකින් මරණයට පත්වූ ක්‍රීඩකයෙකුට නැවත ක්‍රීඩාව අවසන් වනතුරු කතා කිරීම හෝ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින්ට ඉඟි කිරීම තහනම් වේ.
4.ඉහත 1, 2 හා 3 හැරුණු කොට වෙනත් කිසිම නීතියක් නැත. ඕනෑම අයුරකින් ඔබට ක්‍රීඩාව තුල හැසිරිය හැකිය.
--කණ්ඩායම බෙදීම--
ක්‍රීඩාවේ හොරු හෙවත් මාෆියා කල්ලි සාමාජිකයින් ගණන මුළු ක්‍රීඩකයින් ගණනින් 1/3 ක් වනසේ තබා ගැනීම වඩාත් උචිත වේ.
උදා:
ක්‍රීඩකයින් 6 - 8 --> හොරු 2 , ඉතිරි ගම්වැසියන්
ක්‍රීඩකයින් 9 - 11 --> හොරු 3 , ඉතිරි ගම්වැසියන්
--චරිත--
අත්‍යාවශ්‍ය:
ගොඩ්ෆාදර්
දොස්තර
රහස් පරීක්ශක
සෙසු ( විකල්ප ) චරිත:
දන්ත වෛද්‍යවරයා
ගණිකාව
පාවාදෙන්නා
ඔරකල්
බොඩි ගාර්ඩ්
පූජකයා
පිස්සා
සාක්ෂිකාරයා
ඒන්ජල්
නීතීඥයා
නඩුකාරයා
මායාකාරිය
සහ තවත් චරිත රාශියකි.
ගොඩ්ෆාදර්--> හොර කල්ලියේ නායකයා වන ගොඩ්ෆාදර් හොරුන් විසින්ද විශේෂයින් නොදනී. හොරු අතරදී සාමාන්‍ය හොරෙකු ලෙස හැසිරෙන ගොඩ්ෆාදර් අනෙකුත් සෑම තැනකදීම හැඳින්වෙන්නේ සාමාන්‍ය වැසියෙකු ලෙසය. රහස් පරීක්ශක මෙහෙයවන්නාගෙන් ඇසූ විට පමණක් නොව මියගිය විටකදීද සාමාන්‍ය වැසියෙකු ලෙස ප්‍රකාශ කරනු ලබයි. එබැවින් ගොඩ්ෆාදර් හඳුනා ගැනීම අසීරු වේ.
දොස්තර--> දොස්තර හට රාත්‍රියේදී තමන් කැමති ඕනෑම අයෙකුට හෝ තමන්ටම බෙහෙත් කිරීමට හැකිය. මෙලෙස බෙහෙත් ලබාගත් පුද්ගලයා එම රාත්‍රියට පමණක් එක් මරු පහරකින් ආරක්ෂා වේ. කෙසේ වෙතත් ක්‍රම දෙකකින් හෝ වැඩි ගණනකින් මරණයට පත් වූයේ නම් එය වැලැක්වීමට බෙහෙත් වලට නොහැකි වනු ඇත. තමන්ටම බෙහෙත් කර ගත හැකි වාර ගණන ක්‍රීඩාව පටන් ගන්නා මොහොතේ තීරණය කළ යුතුය. බොහෝ විට මෙය එක් වරක් හෝ දෙවරක් වේ.
රහස් පරීක්ශක--> රහස් පරීක්ශක හට රාත්‍රියේ එක් පුද්ගලයෙකු පෙන්වා ඔහු හොරෙකුද යන වග මෙහෙයවන්නගෙන් විමසා සිටිය හැකිය. කෙසේ වෙතත් ගොඩ්ෆාදර් පෙන්වූ විට මෙහෙයවන්නා පෙන්වනුයේ ඔහු හොරෙකු නොවේ යන සංඥාව වේ.
දන්ත වෛද්‍යවරයා--> දත් දොස්තර විසින් බෙහෙත් කරනු ලැබූ පුද්ගලයාට ඊළඟ දහවල් කාලයේ කතා කළ නොහැකිය. කෙසේ වෙතත් ඔහුට ඡන්දය දීමට හැකිය.
ගණිකාව--> ගණිකාව සමග රාත්‍රි දෙකක් ගත කරන පුද්ගලයා මරණයට පත්වේ.
ඔරකල්--> ඔරකල් හට මියගිය පසු රාත්‍රී කාලයේ ඉඟි කිරීමේ බලයක් ඇත.
බොඩි ගාර්ඩ්--> බොඩි ගාර්ඩ් හට රාත්‍රි කාලයේ තමන් කැමති ඕනෑම අයෙකු ආරක්ශා කළ හැකිය. අදාල පුද්ගලයාට ප්‍රහාරයක් සිදු වූ විටක හානි වන්නේ බොඩි ගාර්ඩ් ට වේ. ඔහුට දරගත හැක්කේ එක ප්‍රහාරයක් පමණි. දෙවැනි ප්‍රහාරයේදී බොඩි ගාර්ඩ් මිය යයි.
සාක්ෂිකාරයා--> සාක්ෂිකරුට හොරුන් කවුරුන්ද යන්න මෙහෙයවන්නා විසින් දැනුම් දෙනු ලබයි.
පාවාදෙන්නා--> සාමාන්‍ය වැසියෙක් නමුදු හොරු වෙනුවෙන් වැඩ කරයි. හොරු ඔහුවත් , ඔහු හොරුවත් නොදනී.
පූජකයා--> පූජකයා හට හොරෙකු නැවත සාමාන්‍ය වැසියෙකු කිරීමේ බලය ඇත.
නීතීඥයා--> වෙනත් අයෙකු වෙනුවෙන් කතා කළ හැකිය.
නඩුකාරයා--> ඡන්දය දැමීමේදී ඡන්ද දෙකක් හිමිය. එමෙන්ම එල්ලා මැරීමට ගත් තීරණයක් නිශේධ කිරීමේ බලය හිමිය.
මායාකාරිය--> මායා කාරිය සතුව රාතියේ මරණයට ලක්වූ අය බේර ගැනීමේ එක් වරක් පමණක් භාවිතා කල හැකි මංතරයක් ඇත. රාත්‍රියේ මියයෑමට නියමිත අය ඇයට පෙන්වන අතර ඇයට කැමති නම් බේරා ගත හැකිය.
--ක්‍රීඩා කරන ආකාරය--
පළමුව මෙහෙයවන්නා විසින් ක්‍රීඩාවට සම්බන්ද වන පිරිස ගණන් කර හොරු ප්‍රමාණය සහ චරිත තීරණය කර කාඩ් කුට්ටමෙන් ගම්වැසියන් සඳහා කළු පැහැති ඉලක්කම් කොළද, දොස්තර ඇතුළු ගම්වැසි චරිත සඳහා කළු පැහැති රූප කොළද, හොරු සඳහා රතු පැහැති ඉලක්කම් කොළද, ගොඩ්ෆාදර් ඇතුළු හොරු චරිත සඳහා රතු පැහැති රූප කොළද වෙන් කර ගෙන ඒවා ක්‍රීඩකයන්ට පෙන්වා දැනුම් දිය යුතුය. ඉන් පසු කාඩ් ටික හොඳින් කලවල් කර ක්‍රීඩකයින් අතර බෙදා දෙනු ලබයි. එක් එක් ක්‍රීඩකයාට ලැබෙන කාඩ් පත අන් අයට නොපෙනෙන සේ බලා තම චරිතය කුමක්දැයි අදාල ක්‍රීඩකයින් විසින් වෙන්කරගනු ලැබේ. ක්‍රීඩාව ඇරඹෙන්නේ ඉන් අනතුරුව වන අතර එම මොහොත වන විටත් කිසිවෙකුත් එකිනෙකාගේ චරිත දන්නේ නැත. ක්‍රීඩාව ඇරඹීමට ක්‍රම 2ක් තිබේ. එනම් දහවල ඇරඹීම හා රාත්‍රී ඇරඹීමයි. මෙය සම්බන්ධ වන්නන්ගේ අභිමතය පරිදි තීරණය වේ.
--දහවල ඇරඹීම.
මෙහෙයවන්නා විසින් ගම් වැසියන් අතර මාෆියා කල්ලි සාමාජිකයින් සිටින බවට දූසමාන ආරංචියක් ලැබී ඇති බව දැනුම් දීමෙන් ක්‍රීඩාව ආරම්භ වේ.
මේ මොහොත වන විට හොරු එකිනෙකා නාඳුනන බැවින් හොරෙක් එල්ලා මැරීමට හොරෙක්ම ඡන්දය දීමේ සම්භාවිතාවය මේ මොහොතේ වැඩි බැවින් මෙය ගම්වැසියන්ට වාසිදායක ආරම්භයක් වේ.
රාත්‍රී ඇරඹීමෙන් ක්‍රීඩාව පටන් ගැන්මේදීම එක් ක්‍රීඩකයකු මිය යාම (බේරා ගැනීමක් සිදු නොවුවහොත්) හේතුවෙන් දහවල් කාලයේ ඇරඹීම සියළුම දෙනාට තරගයට සහභාගී වීමේ අවස්ථාව උදා කර දෙයි.
--දහවල් කාලය
දහවල් කාලයේදී ගම්වැසියන් විසින් එකිනෙකාව සැක කරමින් තර්ක කරති. අවසානයේ දවස අවසාන වීමට ප්‍රථම ඡන්දයක් ගෙන හොරෙකු ලෙස වඩාත්ම සැක යැයි අනුමාන කළ ගම්වැසියා එල්ලා මරනු ලබයි. බහුතර මතයකට පැමිණීමට නොහැකි වූ අවස්ථාවකදී එල්ලා මැරීමකින් තොරවම රාත්‍රියට යා හැකිය. නමුත් එය හොරුන්ට වාසිදායක ගම්වැසියන්ට අවාසිදායක තීරණයක් වනු ඇත.
--රාත්‍රී ඇරඹීම
රාත්‍රීය ඇරඹෙන්නේ සියළුම ගම්වැසියන්ට නින්දට යන ලෙස මෙහෙයවන්නා දැනුම් දීමෙනි. සියළුම ගම්වැසියන් මෙහිදී දෑස් පියාගත යුතුය. පළමුව ගොඩ්ෆාදර් ඇහැරවා ඔහු හඳුනාගන්නා මෙහෙයවන්නා ඉන්පසු හොරුන්ට ඇහැරෙන ලෙස පවසයි. හොරුන් එකිනෙකා පළමු රාත්‍රියේදීම දැනගන්නා නමුත් ගොඩ්ෆාදර් කවුරුන්ද යන්න හොරුන් වත් දැනගන්නේ නැත.
--රාත්‍රිය
පළමුව හොරුන් ඇහැරවන අතර මෙහිදී හොරුන් විසින් ඝාතනය කරනු ලබන ගම්වැසියා පෙන්වා නැවත නින්දට යති. මේ අයුරින් එක එක චරිත වෙන වෙනම ඇහැරවන මෙහෙයවන්නා ඔවුන් විසින් පෙන්වන අය සටහන් කර ගනී. මෙහෙයවන්නා විසින් සියළුම චරිත ඇහැරවීමට කතා කිරීම සෑමවිටම සිදු කල යුතුය. කලින් චරිතයක් මිය ගියද ඒ බවක් නොදැනෙන සේ මෙහෙයවන්නා එම චරිතයේද නම කතා කිරීම සිදුවේ. අවසානයේ උදෑසන වී ඇති බව මෙහෙයවන්නා විසින් දැනුම් දීමෙන් සියළු දෙනාම ඇස් විවර කරති.
--ප්‍රවෘත්ති
උදෑසන මෙහෙයවන්නා විසින් ගතවූ දිනයේ ප්‍රවෘත්ති ප්‍රකාශ කරනු ලබයි. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට කලින් දින දහවල හා රාත්‍රියේ සිදුවූ සිදුවීම් අඩංගු වේ. සාමාන්‍ය වැසියෙකු හෝ සාමාන්‍ය වැසියන්ගේ චරිතයක් මිය ගිය විට අහිංසක සාමාන්‍ය වැසියෙකු වූ අහවලා මිය ගියේ යැයි ප්‍රකාශ කරන අතර හොරෙකු මිය ගිය විට පල් හොරෙකු වූ අහවලා මිය ගියේ යැයි ප්‍රකාශ කරනු ලබයි.
--ජයග්‍රහණය
මෙලෙස දහවල හා රාත්‍රිය මාරුවෙන් මාරුවට යන අතර හොරුන් සම්පූර්ණයෙන් අවසන් වූ විට සාමාන්‍ය වැසියන් ජයගන්නා අතර, හොරු බහුතරය වූ විට හොරුන් ජයගනී.
අමාරුවෙන් කෙටුවේ... හොඳයි නම් සලකගෙන යන්න.