මා ජනාධිපතිව නහවා නෑ.. -ඥාණක්කා මාධ්‍ය අමතයි….

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    diXkSsD.jpg


    දේශපාලන කාරණා සඳහා මෙන්ම රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දෙන බවට පළවන වාර්තා අසත්‍ය බව අනුරාධපුර ඉසුරුපු ප්‍රදේශයේ පදිංචි ඥාණවතී ජයසුරිය හෙවත් ‘ඥානක්කා’ ලෙස ප්‍රසිද්ධ කාන්තාව සඳහන් කරයි.

    සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඇය පෙන්වා දී ඇත්තේ තමනට දේශපාලන හෝ හමුදා අනුග්‍රහය මත ප්‍රතිලාභ ලැබී ඇති බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි.

    තමන් ගොඩනගා ගත් ඕනෑම දෙයක් තමන්ගේ ම දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයක් බවත් දැන් අද වන විට එය කොල්ලකෑමට ලක්ව ගිනිබත් කර ඇතැයිද ඇය කියා සිටී.

    ජනාධිපතිවරයා ගේ පවුලේ උදවිය ඇයගේ දේවාල භූමිය අතුගාන බවටත් ඇය අතින් ජනාධිපතිවරයා නාවන බවටත් පලවන ප්‍රකාශයන් ඇය ප්‍රතික්ෂේප කරයි.

    කිසි දිනෙක ජනාධිපතිතුමන් තමන් නාවා නැති බවත් තමන්ගේ පුදබිමේ එවන් ස්ථානයක් නැති බවත් ඇය කියා සිටියි.

    තමන් වෙන කෙනෙක් බවත් මෑණියන් වෙන කෙනෙක් බවත් මානසික බලය එන්නේ මෑණියන්ට මිස තමන්ට නොවන බවද පවසන ඇය මෑණියන්ගේ කුටියේ දී ලබාදෙන උපදෙස් තමන්ට පසුව මතක නැතැයි ද පවසා ඇත.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කාටවත් අලුතෙන් නාවන්න දෙයක් නෑ එතුමා පත්වෙච්ච දවසේ ඉදන් හොදට නානවා 😁😁😁 ඒ අතින් අපිට ඉන්නේ පිරිසිදු ජනාධිපති කෙනෙක් 😁
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කුණු එකතු වෙන්නේ කුණු ගොඩවල් වලට.
    මානසික ලෙඩ්ඩුත් එකතු වෙන්නේත් මානසික ලෙඩ්ඩු එක්කම තමයි!
     

    Sen-lu

    Well-known member
  • තමන් වෙන කෙනෙක් බවත් මෑණියන් වෙන කෙනෙක් බවත් මානසික බලය එන්නේ මෑණියන්ට මිස තමන්ට නොවන බවද පවසන ඇය මෑණියන්ගේ කුටියේ දී ලබාදෙන උපදෙස් තමන්ට පසුව මතක නැතැයි ද පවසා ඇත
    කාලි මෑණියෝ ගැන වෙන්න ඇති ඔය කියන්නෙ. උන්දැත් දැන් වයසට ගිහින්ද කොහෙද පිස්සු කෙලින්නෙ. එකෙක් ලවා පැණි හින්දලා නෑව. දැං මේ නැන්දවත් රවට්ටලා. පව්
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හරිනේ බන්! හරිනේ! දැන්නේ තේරුනේ!

    මෑණියෝ වෙනයි මෙයා වෙනයි වගේ ජනාධිපති වෙනයි නන්දසේන වෙනයි!

    නන්දේව නාවල තියෙන්නේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කාලි මෑණියෝ ගැන වෙන්න ඇති ඔය කියන්නෙ. උන්දැත් දැන් වයසට ගිහින්ද කොහෙද පිස්සු කෙලින්නෙ. එකෙක් ලවා පැණි හින්දලා නෑව. දැං මේ නැන්දවත් රවට්ටලා. පව්

    Split personality disorder?

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඔය හඩා වැලපෙන ඥනක්කාව දැක්කොත් රතු නුල් නඩයට මොනවා හිතෙනවා ඇද්ද
     
    • Haha
    Reactions: Cypress

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    ප්‍රේත ආත්මයක් ආරුඩ වෙන කෙනෙක් වගේ. මේ අයට අතීතය ගැන කියන්න පුළුවන්. නමුත් අනාගතේ වරදිනවා.