මා දෑසේ වේදනා" ශිහාන් හොරකම් කලාද?

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මා දෑසේ වේදනා" ශිහාන් හොරකම් කලාද?

    නිර්මාණ මංකොල්ලය විවිධ කාල වලදී විවිධ අයුරින් සිදුවන්නක්. මෙහි අලුත්ම ගොදුර බවට පත්වී ඇත්තේ රෝයි පිරිස් මහතායි.

    ඒ ඔහු වසර 25 ක් පුරාවට ගැයූ "මා දෑසේ වේදනා" නම් ගීතය ශිහාන් මිහිරංග විසින් නව සංගීතය මුසුකොට ගායනා කිරීම හේතුවෙනි.


    මෙම සංගීත නිර්මාණය පිලිබඳ විවිධ පාර්ශව ශිහාන්ට මෙන්ම රෝයි පිරිස් ටද චෝදනා නගනවා. ඒ හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය පිලිබඳ අප සොයා බැලුවා.

    පසුබිම් කතාව
    "මා දෑසේ වේදනා" නම් ගීතය රචනා කිරීම හා සංගීතය සපයා ඇත්තේ නිහාල් ගම්ලත් විසිනි.මෙම ගීතය රින්ගින්ටෝන් වලට දීම සඳහා EVOKE නම් සමාගම වාණිජ පරමාර්ථයෙන් ශිහාන් හා තිලින රුහුණගේ සමගින් නව සංගීතය මුසුකිරීමට තීරණයකොට ඇත.


    ඒ අනුව EVOKE සමාගම විසින් මෙම ගීතය වෙනත් ගායකයකු ලවා ගායනා කල හැකි පරිදි පොරොන්දුපත්‍රයක් සකස්කොට නිහාල් ගම්ලත් හට මුදල් දී එයට එකඟ කරවාගෙන ඇත.

    නීතිමය පසුබිම
    ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනතට අනුව ගීතයක සම්පුර්ණ අයිතිය තිබෙන්නේ පද රචකයාට හා සංගීතඥයට වන අතර ඒ හේතුවෙන් මුල් ගායකයාට කිසිදු පියවරක් ගැනීමට නොහැකිය.

    මේ පිලිබඳ විස්තර දැනගැනීම සඳහා ගොසිප්9 රෝයි පිරිස් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා. පහත දැක්වෙන්නේ එම සංවාදයයි.


    මා දෑසේ වේදනා ගීතය පිලිබඳ ඇතිවී තිබෙන තත්වය පැහැදිලි කලොත්?
    මේක සාමාන්‍යයෙන්(සාමාන්‍ය දේකුත් නෙවෙයි) මේක ලංකාවේ සංගීත ඉතිහාසයේ ප්‍රථම වතාවට සංගීත අධ්‍යක්ෂකවරයෙක් කරපු කැත වැඩක්. මෙහෙමයි, මම මිට මාස දෙකකට විතර කලින් මගේ "මා දෑසේ වේදනා" සිංදුව රීමික්ස් එකක් කරලා ඒ කියන්නේ නව ආරකට කරලා ඒක ගුවන්විදුලි නාලිකා වලට දුන්නා.


    ගොඩාක් වෙලාවට ඒක ගුවන්විදුලි නාලිකා වලින් ප්‍රසිද්ධියට පත් කළා. ඒ අතරේ ඒකේ ප්‍රසිද්ධිය දැන දැන වානිජ පරමාර්ථයෙන් කම්පැනියක් තමයි මේක කරලා තියෙනේ. ඒ කම්පැනි එකේ නම කිව්වට කමක් නැද්ද? .ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?මට කිසිම ප්‍රශ්නයක් නෑ මම කියන්නේ ඇත්ත. මට වුන අසාධාරණය නිසා මම කියන්නේ. ඒක කළේ ඉවෝක් (EVOKE) කියන කම්පැනි එක.

    මගේ අර "මා දෑසේ වේදනා" සිංදුව රීමික්ස් එක චැනල් වලට දීලා ප්‍රචාරය වන අවස්ථාවේ ඒ කම්පැනි එක වානිජ පරමාර්ථයෙන් (ඒ කියන්නේ රිඟින් ටෝන් කතාවක් තියනවනේ, ඒ රිඟින් ටෝන් වලින් ලොකු කොමිස් එකක් එනවනේ ඒ පරමාර්ථයෙන්) මේ මා දෑසේ වේදනා සිංදුව ලියල තියන නිහාල් ගම්හේවා (පද රචනය හා සංගීතය දෙකම එයාගේ) එයාට මුදලක් දීලා ඇග්‍රිමන්ට් එකක් ගස්සගන තියනවා මෙහෙම වෙනත් ගායකයෙක් ලවා කට හඬ කවන්න පුළුවන් විදිහට. ඒකයි වෙලා තියෙන්නේ

    නීතිය පැත්තෙන් ඔබට මේකට පියවරක් ගන්න බැරිද?
    නීතිය පැත්තෙන් ලංකාවේ තියන නීතියේ හැටියට ගායකයාට ගීතයේ අයිතියක් නෑ. අයිතිය තියෙන්නේ පද රචකයාට හා සංගීතඥයට. එතකොට ඒ නිසා තමයි නීතිය පැත්තෙන් මට මොකුත් කරන්න බැරි. ඒ නිසා ඕනැම කෙනෙක් දාලා කියවන්න පුළුවන් විදිහට ඒ ගීතය පවරගන තියනවා ඒ කම්පැනි එක. එහෙම තමයි ශිහාන් ලවා මේ ගීතය අලුතෙන් කරවලා තියෙන්නේ.

    නිහාල් ගම්හේවා මහතා ඔබට මේ ගැන දැනුවත් කිරීමක් කලේ නැද්ද?
    මම පොඩ්ඩක්වත් දැනුවත් කරවලා නෑ. මොකද නිහාල් ගම්හේවා මහත්තයට මම කතා කළා මාස දෙකකට විතර කලිනුත් මගේ කලින් කළා කිව්ව "මා දෑසේ වේදනා" ගීතය රිමික්ස් කරන්න අවසරය එක ගන්න.
     
    Last edited:

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේක යට ඉඳන් කියවන්නකො.. :yes::yes:

    Code:
    http://hirufm.lk/musicdownloads/audio-102

    ඔක්කොම තියනව අපේ එවුන්ගෙ අදහස්..
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    shihan keyana song eka patter royge ekata wada, roy tath thanak awe shihan oka keyapu hinda
    අනෙ පලයන් බන් යන්න. උඹ කියන්නෙ හරියට නිකන් මීට කලින් රෝයි කියල කෙනෙක් හිටියෙ නෑ වගෙ.
    උඹ : රෝයි ආවෙ ශිහාන් නිසා..