මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේවා!!!

සඳක් මෙන් මෝදු වී එළිය දෙන්නට බැරි
ග්රහ තාරුකාවකට ඉරණමත් බාර දී
ළං වෙන්න සිටි අපේ පැතුම් මියැදෙද්දී
නුඹ ඔහොම ගිය හැටි මට තාම හීනෙකි
මට මාද අමතකව හිටි කලෙක පැමිණී
සුවඳ මුසු කොපුලින් එන වදන් මිහිරියි
සුමුදු පොඩි අත් පොඩි මා සමග පටැලී
අප එදා ගිය මගේ ලකුණු දුක පබඳී
ඕනැවටත් වැඩි ඇඳුම් ආයිත්තම්
ඕනැවටත් අඩු ඇඳුම් ආයිත්තම්
ඕනෑවටත් වැඩි සුවඳ මුසු ඔසු පැන්
සොඳුරු පිය සබඳ මට තිබුණාද පවසන්
හිඳින්නට නුඹ කැමැති කැදැලි හෙට මැවේවා
හිඳින්නට නුඹ කැමැති රජුන් හෙට තැනේවා
ලබන්නට නුඹ කැමැති සුවය හෙට ලැබේවා
මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේවා !!!!!
මාලන් විදානපතිරණ

සඳක් මෙන් මෝදු වී එළිය දෙන්නට බැරි
ග්රහ තාරුකාවකට ඉරණමත් බාර දී
ළං වෙන්න සිටි අපේ පැතුම් මියැදෙද්දී
නුඹ ඔහොම ගිය හැටි මට තාම හීනෙකි
මට මාද අමතකව හිටි කලෙක පැමිණී
සුවඳ මුසු කොපුලින් එන වදන් මිහිරියි
සුමුදු පොඩි අත් පොඩි මා සමග පටැලී
අප එදා ගිය මගේ ලකුණු දුක පබඳී
ඕනැවටත් වැඩි ඇඳුම් ආයිත්තම්
ඕනැවටත් අඩු ඇඳුම් ආයිත්තම්
ඕනෑවටත් වැඩි සුවඳ මුසු ඔසු පැන්
සොඳුරු පිය සබඳ මට තිබුණාද පවසන්
හිඳින්නට නුඹ කැමැති කැදැලි හෙට මැවේවා
හිඳින්නට නුඹ කැමැති රජුන් හෙට තැනේවා
ලබන්නට නුඹ කැමැති සුවය හෙට ලැබේවා
මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේවා !!!!!
මාලන් විදානපතිරණ
Last edited:



