මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේවා!!!

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේවා!!!

:confused:

සඳක් මෙන් මෝදු වී එළිය දෙන්නට බැරි
ග්‍රහ තාරුකාවකට ඉරණමත් බාර දී
ළං වෙන්න සිටි අපේ පැතුම් මියැදෙද්දී
නුඹ ඔහොම ගිය හැටි මට තාම හීනෙකි

මට මාද අමතකව හිටි කලෙක පැමිණී
සුවඳ මුසු කොපුලින් එන වදන් මිහිරියි
සුමුදු පොඩි අත් පොඩි මා සමග පටැලී
අප එදා ගිය මගේ ලකුණු දුක පබඳී

ඕනැවටත් වැඩි ඇඳුම් ආයිත්තම්
ඕනැවටත් අඩු ඇඳුම් ආයිත්තම්
ඕනෑවටත් වැඩි සුවඳ මුසු ඔසු පැන්
සොඳුරු පිය සබඳ මට තිබුණාද පවසන්

හිඳින්නට නුඹ කැමැති කැදැලි හෙට මැවේවා
හිඳින්නට නුඹ කැමැති රජුන් හෙට තැනේවා
ලබන්නට නුඹ කැමැති සුවය හෙට ලැබේවා
මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේවා !!!!!

මාලන් විදානපතිරණ
 
Last edited:
  • Like
Reactions: Vidane

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුනනවා....
    මා දුන් ලියුමේ රටකජු ඔතලා ඇ මට විකුනනවා....
    රටකජු කන්නද ලියුම බලන්නද මගෙ හිත විමසනවා....
    මා දුන් ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුනනවා....
    මා දුන් ලියුමේ රටකජු ඔතලා ඇ මට විකුනනවා....
    රටකජු කන්නද ලියුම බලන්නද මගෙ හිත විමසනවා....
    මා දුන් ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා..

    හොඳ හැකියාවක් :yes::yes::yes::yes:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    graha trakawa athak unoth bandala kalayak giyama kawiyath thitha wendath puluwan nethi wendath puluwang
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුනනවා....
    මා දුන් ලියුමේ රටකජු ඔතලා ඇ මට විකුනනවා....
    රටකජු කන්නද ලියුම බලන්නද මගෙ හිත විමසනවා....
    මා දුන් ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා..

    මේ්ක නම් මම දන්න තරමින් පරණ විශ්වවිද්‍යාල කවියක්.මට මතකයි වරක් අමරදේවයන් විදෙස් රටක පැවැති ප්‍රසංගයකදි තමන්ගේ ගිතයට ලබා දුන් මේ අලුත් අර්ථකථනය ගැන කියමින් ප්‍රේක්ෂකයන් සතුටු කළා.:yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හිඳින්නට නුඹ කැමැති කැදැලි හෙට මැවේවා
    හිඳින්නට නුඹ කැමැති රජුන් හෙට තැනේවා
    ලබන්නට නුඹ කැමැති සුවය හෙට ලැබේවා
    මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේ

    :(:yes::yes::love: