මා බේරගන්න ආවේ 4දෙනයි අනෙක් අය ඇඟ බේරාගත්ත#
මා බේරගන්න ආවේ 4දෙනයි අනෙක් අය ඇඟ බේරාගත්තා -ජනාධිපති
(ලංකා ඊ නිව්ස් -2010 පෙබ.15, ප.ව.5.20)
පසුගිය ජනාධිපතිවරණයේදී තමාටත්, තම පවුලේ අයටත් පහර ගසමින් ගෙන ගිය ව්‍යාපාරයේදී තමා ආරක්ෂා කරන්නට ඉදිරිපත්ව කථා කළේ සිව් දෙනකු පමණක් බවත් අනෙක් අය ඇඟ බේරා ගෙන සිටි බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, විමල් වීරවංශ සහ චම්පික රණවක මහත්වරුන් ඒ සිව් දෙනා ලෙස ජනාධිපතිවරයා නම් කර තිබේ.
මේ සිව් දෙනාම ජනපති නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නොවීම ද විශේෂත්වයකි. තමා ආරක්ෂා කරන්නට ඉදිරිපත් වූ අයගේ නම් ජනාධිපතිවරයා විසින් මෙසේ සඳහන් කිරීමෙන්ම පෙන්නා දෙන්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන අය නැති බවක්ද?
ජනාධිපතිවරයා ජනමාධ්‍ය අමාත්‍යංශය තමන් යටතට පවරා ගැනීමෙන් පසු, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් පසුගිය සෙනසුරාදා (13) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ ප්‍රකාශය කර තිබේ. අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ද හිටපු ජනමාධ්‍ය ඇමැති ලෙස මේ හමුවට සහභාගී වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ද ගමින් ගමට සම්මන්ත්රණ පවත්වන්නට යද්දී, ඔහුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඒවාට නොයන්නැයි තමා කී බවත් ‘අපි වෙනුවෙන් කථා කරන්න කවුරුවත් නෑ අපිම ගිහින් අපිව රැකගන්නයි වෙලා තියෙන්නේ’ යි කියමින් ඔහු සම්මන්ත්‍රණවලට සහභාගී වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.
මුද්‍රිත මාධ්‍ය ගැන සඳහන් කරමින් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ පත්තර පිටු ගණන් මිනිස්සු කියවන්නේ නැති ලිපි දාලා වැඩක් නෑ. දැන් ඉතින් මඩ ගැහිලි වලිනුත් වැඩක් වන්නේ නෑ. මීඩියා එක මීට වඩා හොඳට හදාගන්න ඕනෑ කියායි. හැමදාමත් මීඩියා එක බදාගෙන ඉන්නා කට්ටියට පමණක් නොවෙයි හැම දිස්ත්‍රික්කයකින්ම අලූත් කණ්ඩායමක් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරනවා. ඒ අයටත් හොඳ ප්‍රචාරයක් ලබා දෙන්න ඕනෑයි ද ජනාධිපතිවරයා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට පවසා තිබේ.
‘ගුරුදා විග්‍රහය’ විශේෂ ලිපිය ලියන උපුල් ජෝශප් මහතා ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, ඔහු ලියන්නේ නොර්වේ සල්ලිවලට බවද, ඔහුට එතෙර යන්නට උදව්කර තිබෙන්නේ නොර්වේ බවද කියා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජ්‍යෙෂ්ඨත්වය, ශ්‍රී ලනිපයේ පරණම සාමාජිකයා ආදී වශයෙන් සලකා මෙවර ඇමැතිකම් නොදෙන බව දැඩි ලෙස පවසා ඇති ජනාධිපතිවරයා ඇමැතිකම් දෙන්නේ දක්ෂ හා ආණ්ඩුව රකින අයට බවද කියා තිබේ.
හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ආරිය රූපසිංහ මහතා දෙසට හැරී, ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ඔහු තමා සමඟ දිගටම සිටියත් මගදී දමා ගිය බවයි. දැන් ඉතින් ආයෙත් මේ පැත්තට ඇවිත් තියෙනවායි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් පළ කරන ‘දෙසතිය’ සඟරාවේ කර්තෘ වසන්ත පි‍්‍රය රාමනායක මහතාට මෙහිදී ජනාධිපතිවරයා අනාගත සහතිකයක් දී තිබේ. ඔහු දෙසට හැරුණු ජනාධිපතිවරයා ‘මට මොකවත් නැති කාලයේත් මාත් එක්ක රාමනායක හිටියා. මාත් එක්ක හිටපු නිසාද දන්නේ නෑ පසුගිය කාලයේ ඔයාට ප්‍රමෝෂන් එකක්වත් දුන්නේ නෑ නේදැයි අසා ඇති ජනාධිපතිවරයා දැන් ඉතින් මමනේ මාධ්‍ය ඇමැතිත්, ඉදිරියේදී බලමුයි කියද්දී හිටපු ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා හා ප්රවෘත්ති අධ්යක්ෂ අනූෂ පැල්පිට මහත්වරුන්ගේ මුහුණු ඇඹුල්වී ගිය බව මාධ්‍ය හමුවට සහභාගී වූ රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් ‘ලංකා ඊ නිව්ස්’ වෙත පැවැසීය.

Last edited:

Maha rajaata danwath therunaa nam athi..... Kawuruwath nathi bawa ayaata...........!!