මේ වගේ ප්‍රශ්න වලට හෑලි ලියන එක අපරාදේ කියලත් හිතෙනවා. .
තමන්ට ඇස් පේනවනම් කියවන්න පුලුවන්නම් කරන්න ඕනේ අදාල ආගමික ග්‍රන්තය කියවලා එහි කරුනු තමන්ම වටහාගන්න ට්‍රයි කරන එක. .
මේ ප්‍රශ්න 4ට උත්තරයක් දෙන්නම් සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වෙන නිසා. .
1) බුද්දාගමේ කියනව කිසිම දෙයක් සදාතනික නැහැ කියල. ආත්ම කියල දෙයක් නැහැ කියල. එතකොට අපි මැරුණම ඊලඟට ඉපදෙන්නෙ වෙන කෙනෙක් නේද? එතකොට අපි පවු කලොත්, ඊලග ආත්මෙ දුක් විඳින්නෙ වෙන කෙනෙක්නෙ.
A. අනිත්යයි, දුකයි, අනාත්මයි කියන එකේ අනාත්මයි කියන්නේ සදාකාලික හෝ අමරනීය ආත්මයක් නැ කියන එක. . විශ්වයේ කොහේ ඉපදුනත් ඒ ආත්මය සදාකාලික නැ. . අනාත්ම කියන්නේ ඒකට. . බවයේ ගමන් කරන්නේ එකම කෙනා ආත්මයෙන් ආත්මයට ලැබෙන ශරීර පමනයි වෙනස් වෙන්නේ. . ශරීර ලැබෙන්නේ උත්පත්ති සිදුවෙන්නේ තමන් කර කර්ම විපාක වලට අනුව. .
2) මස් කන එක පවක්ද, නැද්ද? පවක් නෙමෙයි නම්, සත්තු මරණ එක පවක් නේද? එතකොට මස් කන මිනිස්සු, හාමුදුරුවො, වෙනුවෙන් අනිත් මිනිස්සු පවු කර ගන්න එකනෙ වෙන්නෙ.
චේතනාවං භික්කවේ කිව්වම, මස් කන කොට වැඩිය හිතන්නෙ නැතුව මස් කන එකාට පවක් සිද්ද වෙන්නෙ නැද්ද? මම මස් කන එකෙන් සතෙක් මැරිල ඇති කියල හිත හිත මස් කන එකෙක්ට පවු සිද්ද වෙනවද?
සමහර දහම් පාසල් වල, පොඩි ලමයින්ට වීඩියෝ දාල පෙන්නනව කුකුල්ලු, හරක් මරන විදිහ. ඕව බැලුවහම අනිවාරෙන්ම ඒ ලමයි මස් කනවනම් උන්ට පවු සිද්ද වෙනව නෙද?
මම ලමයෙක් හැදුවොත්, ඌව පොඩි කාලෙ ඉඳල, හිර කරල, රැවැට්ටුවොත් මස් කියන්නෙ ගස් වල හැදෙන දෙයක්, සුරාමේරය කියන්නෙ හොඳ දෙයක් වගේ දේවල්, ඌ ඒව කරද්දි ඌට පවු සිද්ද වෙන්නෙ නැද්ද?
A. විඥ්ඥානයක් නැති තැනක ඇත්තේ සතරමහා දාතුන් පමනයි. . එනිසයි මස් කන එක පවක් නොවෙන්නේ. . සත්ව ගාතනය පවක් වෙන්නේ විඥ්ඥානය ගතනයකදි ඉවත්වෙන නිසා. .
3) බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?
මට අනුවනම්, අන්ද භක්තිය ඕනෙ කරන කිසිම දර්ශනයක්, දර්ශනයක් නෙමෙයි. ඒක ආගමක්. ඒකයි, තිස්තුන්කෝටියක් අනිත් ආගමුයි අතර වෙනසක් නැහැ. මගේ ආගම විතරයි හරි, අනිත් ආගම් වල එවුන් මැරුනම අපායෙ යනව, කියන එකනෙ හැම ආගමක්ම කියන්නෙ
A. දර්ශනයේ ආගමික කොටස් තියෙනවා. . ආගමික කොටස් මොනවද දර්ශනය මොකක්ද කියලා වැටහෙන්න නම් ත්‍රිපිටකය කියවන්න වෙනවා. . බුදුදහමේ වුනා කියලා අපායේ නොයන්නේ වත් නොවුනා කියලා අපායේ යන්නෙවත් නැ තමන් කරන ක්‍රියාවලට අනුව කර්මය සැකසිලා මතු බවය තීරනය වෙන්නේ. .
ඔයාට ඔනනම් බුදුදහම පිලිගන්න පුලුවන්, ඕනනම් පිලි නොගෙන ඉන්න පුලුවන්. . ඔයා මුලින්ම බුදුදහම ඉගෙනගන්න. . අනිත් ආගම්වල මිනිස්සු මැරුනම අපායේ යන කතා කොහෙවත් නෑ. .
4) බුදුහාමුදුරුවො සියල්ල දත්, සියල්ල කල හැකි කෙනෙක්ද, නැද්ද? තමන්ට තව කල්ප ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කම තියෙනව, ඒත් දැන් අපවත් වෙන්න තීරණේ කරනව, කියල කිව්ව නේද? ඒක selfish ක්‍රියාවක් නෙමෙයිද?
පුලුවන් කෙනෙක් මට මේවට උත්තර දෙන්න. මම ආයෙ බවුද්දයෙක් නොවුනත්, මට බුදු දහම ගැන තියෙන අප්‍රසාදය ගොඩක් අඩු වෙයි මේවට පිලිතුරු ලැබුනොත්.
මීට අමතරව මට තියෙන general criticism කීපයක් -
ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.
ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?
අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ.
මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි. හාමුදුරුවො ආගම විද්වාශ නොකර සල්ලි සහ වෙනත් දේවල් පස්සෙ යාම පුදුමයක් නෙමෙයි
A. බුදුකෙනෙක් පහලවෙන්නේ තමන් සියල්ල දත් කියලා ලෝකෙට කියන්න නෙවේ. . බුදුවරයෙක්ට සියල්ල කලහැක්කෙත් නෑ. . බුදුවරයෙක් පහලවෙලා කියන්නේ මේ බව ගමනෙන් ඉවත්වෙන මාර්ගය. . ඒ සදහා කලයුතු දෙය. . තමන් කැමතිනම් ඒ මාර්ගයේ ගිහින් මේ බව ගමනෙන් ඉවත්විය හැකියි. .
බුදුවරයෙක් ජීවත්වන්නේ එම කාලයේ ඇති පරම ආයුශ. .ඒ කාලයේදිනම් වසර 120ක්. . බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ නිවනට අවශ්යය සියලුම කරුනු දේශනා කර අවසන් නිසා. . ඒ මාර්ගය ගමන්ගන්නා ඌනම කෙනෙකුට නිවන්දැකිය හැකියි. .
අනිත් අහපු කරුනු වලට කියන්න තියෙන්නේ
*ඔයා බුදුදහම ඉගෙනගන්න කොහෙවත් යන්න එපා තමන්ම ත්‍රිපිටකය කියවලා ඉගෙනගන්න. . එහෙම අමාරුනම් ධර්මය දන්න හික්ශුන්ගේ බන අහන්න.
*ඒක කාලෙන් කාලෙට සාපේක්ශයි ඊයේ දුප්පත් රට අද පෝසත්. . ලෝකේ ගැන හොයලා බැලුවොත් ලOකාවට වඩා දුක්විදින මිනිස්සු ඉන්න රටවල් ඌනතරම් තියෙනවා. .
*බුදුදහම ගැන ඔබගේ දැනුම 0යි. . නැත්නම් ඔබ හිතාමතා දර්මය විකුර්ති කරන්න උත්සහ කරනවා. . ඉස්සරත් එහෙම අය මේකේ හිටියා. . බුද්දහමේ කොතනකවත් පරස්පරවිරෝදි කරුනු නැහැ. . මම බුදුදහම ගැබුරෙන් හදාරලා තියෙන නිසා කියන්නේ. .
මට අන්තිමට කියන්න තියෙන්නේත් කලින් කියපුදේමයි. . කාගෙන්වත් අහන්න එපා ත්‍රිපිටකය තමන්ම කියවලා වටහාගන්න උත්සහකරන්න. . ත්‍රිපිටකය කියවන්න කියවන්න තමන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබෙනවා. . මමත් කියවපු නිසයි බුදුදහම කියලා කරන ආගමික කොටස්, සOස්කෘතික කොටස් වලින් බුද්ද දර්ශනය වෙන්වෙලා හරියටම පෙනෙන්නේ. . එතකොට ඔයාට බුද්ද දර්ශනය ගැන පැහැදීම ඇතිවෙනවා. .
ඔයා අනිත් ආගම්වල පොතුත් කියවලා බලන්න. . එතකොට ඔයාට ඒ ආගම්වල ආගමික කොටස් පේන්න ගන්නවා. . ග්‍රන්තයේ ඇති බොරු කියන කොටස් පේන්න ගන්නවා. . එතකොට අපැහැදීමක් ඇතිවෙනවා. . ඒ නිසයි ගොඩක් ආගම් තමන්ගේ මූලික ග්‍රන්ත බාවිතා නොකර, ග්‍රන්තයෙන් කොටසක් බාවිතා නොකර ආගමික කොටස් කරගෙන යන්නේ. .
අනිත් ආගම්වල ග්‍රන්තයි බුදුදහමේ ග්‍රන්තයයි අතර මූලික වෙනස ඕක. . ඇත්තම කතාව මම බුදුදහම බොරු කල යුතුය කියන අරමුනෙන් ත්‍රිපිටකයත් අනිත් ආගමික ග්‍රන්තත් කියවපු කෙනෙක්. . මට වැටහුනේ අනිත්යය, දික්ක, අනාත්ම බවම පමනයි. .