මා සනසා - Mervin Perera - ගීයක තේරුම දන්නවාද ?

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මා සනසා - Mervin Perera - ගීයක තේරුම දන්නවාද ?

    මා සනසා

    “මා සනසා...” ගහමු. මේ වදන් පෙළ නොඇසූ කෙනෙකු නැති තරම්ය. ඒ තරමටම මේ ගීතය ලාංකික රසික හදවත් තුළ තැන්පත් වී ඇත. උත්සව අවස්ථාවලදී විශේෂයෙන් මංගල අවස්ථාවලදී, විනොද චාරිකාවලදී සහ විශේෂයෙන්ම තරුණයන් විනෝද වන විටදී. එනම් අපේ භාෂාවෙන් නම් සෙට් වුන වෙලාවට අනිවාර්යයෙන් මේ ගීතය අසන්නට ලැබේ. ඔහේ කියන්නංවාලේ කියනවා ඇරෙන්න ඒකෙන් කියවෙන්නෙ මොකක් ගැනද කියලා ඔබ කවුරුවත් නිකමටවත් සිතා තිබේද?
    මේ ගීතය අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ප්‍රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා විසින් ගයන ලද්දකි. මෙහි ඉතා හොඳින් විඳිය හැකි තනුවක් ඇති නිසා රසික හදවත් තුළට පහසුවෙන් ඇතුළු විය. ඇත්තටම මෙහි කියන්නේ කුමක් ගැනද?

    මා සනසා මා නළවා//
    සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
    හදේ ලැගුම් අයදී

    මා සනසමින් නළවමින් පැමිණි සුරංගනාවිය ඇත්තෙන්ම කවුරුන්ද? ගීතයේ ඉදිරිය පිළිබඳ සොයා බලන කල වැටහී යන්නේ මේ කත අන් කිසිවෙකුත් නොව රාත්‍රී සමාජ ශාලාවක සිටින රෑ මනමාලියක් බවයි. රචකයා සතුට සොයා සමාජ ශාලාවක් වෙත ගිය මොහොතක එවන් කතක් පැමිණ ඔහුට යෝජනාවක් කරයි.

    විතක් මධු පෙරා ගෙනල්ලා
    සුරන් රවටලා
    ඇසක් ඉඟි මරා රැඟුම් පා
    මුවට යා කලා
    හැඟුම් තෙරපිලාදෝ
    හසුන් මුස වෙලා
    සිහින ලොවක පා...වේ...
    සඳුන් සිහිල යාමේ


    මධුවිතින් මත් වූ කල ඔවුන්ව පෙනෙනුයේ සුර අඟනන් ලෙසටය. මත්වී රංගනයේ යෙදෙන අතරතුර කතුන් පැමිණ වරෙක ඔහුට මුව ලං කර සිප ගැනීමට සැරසෙයි. එවිට ඔහු වෙත පැමිණෙන හැඟීම්වලින් මත් වී ඇගේ මුසාවට හසු වෙයි. මතින් හා රාගයෙන් අතරමං වූ ඔහු සිතන්නේ ඔහු සිහන ලොවක සිටින බවය.

    රැයක් නිදි වරා සරාගී
    ලවන් වෙහෙසිලා
    යලිත් එන තුරා සුරංගී
    හිඳිමි මඟ බලා
    හෙටත් සඳ උදා වේ
    රැයක් පැමිණිලා
    සිහින ලොවට යා...වී...

    සුරඟ මා සොයා එයි

    රැය පුරාම ඇගේ සිහින ලොවේ අතරමං වන ඔහු ඇගේ බන්ධනයට හසු වෙයි. ඇත්තෙන්ම කිවතොත් ඇබ්බැහි වෙයි. නැවතත් සමාජ ශාලාව වෙත ඔහු පැමිණෙයි. ඔහු බලා සිටින්නේ ඇය එන තුරුය. නමුත් ඇය තවම නැත. ඔහු ඇය එන තුරු රැය පුරාම බලා සිටී. අවසානයේ ඔහු යන්නට පිටත් වන්නේ හෙටත් එන සිතිවිල්ලෙනි. හෙටවත් සඳ උදා වීමත් සමඟ ඇය මා සොයා ඒවී යන බලාපොරොත්තුව ඇතිව ඔහු නික්මෙයි. ඇත්තටම ඇය හෙට පැමිණෙයිද?

    මේවගෙ ලස්සන තේරුම් තියෙන තව සින්දු හැදුනෙ කොහොමද කියල ආයෙ දවසක බලමු.

    එතකන් බලලා උස්සලා යන්න. :cool::cool:
    ස්තුතියි!

     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    oita wada kochchara arthawath da iraj mahaththayage songs :D
    anyways 7+ for great post

    ඇයි මං චින්ති කොලුවා....

    මටත් කතා හැදුනා... හදලා කඩප්පුලී කිවා... :baffled:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ඔහු ඇය එන තුරු රැය පුරාම බලා සිටී. අවසානයේ ඔහු යන්නට පිටත් වන්නේ හෙටත් එන සිතිවිල්ලෙනි.

    poddak weradida manda... :confused:
     
    • Like
    Reactions: adflavion

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඇයි මං චින්ති කොලුවා....

    මටත් කතා හැදුනා... හදලා කඩප්පුලී කිවා... :baffled:

    මචන් මම චින්ති ටත් ආසයි. හැබයි උගෙ ඔක්කොම සින්දු වලට නෙමෙ. සමහර සින්දු වලට විතරයි. සන්ගීතය කියන්නෙ මචන් Global Language එකක්නෙ. ඉතින් අපිට "අරූගෙ එව චාටර් මූගෙ ඒවා ගින්දර" කියලා වැටවල් ගහන්න බැහැ. මොකද එක එකාගෙ Taste එක වෙනස් නෙ. ඉතින් අපි කැමති නැත්තන් අහන්නෙ නැතුව ඉන්න වෙනවා.
    + Added back

    niyamai...rep++++

    Thanks Buddy!


    Mata therenawa oya hithin kiyana de. ha ha !

    oita wada kochchara arthawath da iraj mahaththayage songs :D
    anyways 7+ for great post
    Thanks Buddy
    ඉරාජ් ගෙ සින්දු වල පදරචන සරලයි. එත් ඉතින් අපෙ රටේ අයට ඕනේ ප්‍රබුද්ධ වචනනෙ.
    මම ඉරාජ් ගෙ කැමති 2004 දි එයාගෙ Music වලට. මදුමතියේ, හන්සියේ, ආලෝකේ, Vaarayo Vennilavey", Roots, "Pushpe (Mal Sinduwa)", මේ හැම ට්‍රැක් එකක්ම අපිට තේරෙන්නේ නැති උනාට Hip-Pop පැත්තෙන් ගත්තම ඉදිරියෙන් ඉන්නව. ඒකයි උට ඔය Indian, American Awards හම්බ උනෙ. මොකද අපෙ රටෙ හිප්-පොප් විචාරකයො නෑනෙ Brother ඔය සින්දු Study කරන්න. අපි Classic මනසකින් ඕවා අහල විවෙචනය කරන්න් බෑ
    .:yes::yes::yes: + Added back

    poddak weradida manda... :confused:

    ලොල් :P + Added back