මා හද සනහාලන ඔබේ ආදරේ
ඇයිද පමා වූයේ
මා ඉක්මන් වී ඔබද පමා වී
කෙලෙසද ගලපන්නේ
අපේ ආදරේ
සුමුදු සඳ කැළුම් පොපියන මොහොතේ
ඔබ ගැන සිතමින් මා තනි වී ඇත
එපා එපා මා තනි කර යන්නට
පාළුව තනිකම මා පෙලා දමාවී
අතීතයේ මල් පරවී යද්දෙන්
අනාගතේ මට අහිමිව යද්දෙන්
පිපෙන මලක් අද පිපුනාදෙන්
වර්ථමානයෙම ජීවත් වෙනු මැනවී
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රෝහණ මහීලියනආරච්චි
සංගීතය : කරුණාරත්න විජේවර්ධන
