බොහෝ දෙනා අතර ජනප්‍රිය පලතුරක් වන මැංගුස් කෑමට පි‍්‍රය නොකරනා කෙනෙකු සොයා ගැනීමට නොමැති තරම්ය. විටමින් ඒ බහුල ලෙස අඩංගු මැංගුස් වැවෙන්නේ අපේ රටේ පමණක් නොවේ. අපේ අසල්වාසී රට වුණු ඉන්දියාවේ මෙන්ම තායිලන්තය, මියන්මාරය වැනි රටවල ද මැංගුස් හොඳින් වැවේ. තද දම් පැහැති ඝනකම පොත්ත ඉවත් කළ පසු ලැබෙන මදය දිව පිනවන රසවත් කෑමකි.
බටහිර රටවල පලතුරු බීමක් ලෙස පානයට ගැනීමට එහි වෙසෙන්නෝ අමතක නොකරති.
මැංගුස්වල හිතකර ගුණ
* දිලීර නසනා ගුණයක් මැංගුස් පලතුරෙහි ඇති බැවින් ඉද හිට හෝ මැංගුස් පලතුර ආහාරයට ගැනීමෙන් ශරීරයේ දිලීර නසා දැමිය හැකිය.
* ශරීරයේ ඇතිවන දැවිල්ල වැනි ප්‍රදාහ තත්ත්වයන් නැසීමට මැංගුස් පලතුරට ඇත්තේ අපූරු හැකියාවකි.
* ඔබත් කුරුලෑ නිසා වද විඳින යුවතියක්ද? එසේ නම් කුරුලෑ නැසීමේ ගුණයක් මැංගුස්වල ඇත.
* මුඛයෙහි ඇතිවන විවිධ රෝග සඳහා මැංගුස් කදිම පිළිතුරකි.
* ශරීරයෙහි තුවාල ඇතිවී තිබේ නම් ඒවා ඉක්මනින් සුව කිරීමේ ගුනයක් මැංගුස්වල තිබේ.
* ශරීරයෙහි මේද තැන්පත් වීම වැළැක්වීමට මැංගුස් පලතුරට පුළුවන.
* ඔබත් ආහාර ගැනීමේ අරුචියකින් පෙළෙන කෙනෙක්ද? එසේ නම් මැංගුස් ආහාර අරුචිය මග හරවා රුචිය වඩවයි.
* ශරීරයෙහි ප්‍රතිශක්තිය දියුණු කිරීමට මැංගුස් පලතුරෙන් ලැබෙන්නේ පිටිවහලකි.
* ඔබත් ඉක්මනින් වයසට යෑමට අකමැති අයෙක්ද? එසේ නම් මැංගුස් පලතුර ආහාරයට ගැනීමෙන් වයසට යෑම ප්‍රමාද කරනු ඇත.
* සමෙහි පැහැපත් බව වර්ධනය කර ගැනීමට මැංගුස් පලතුරෙන් ලැබෙන සහයෝගය අපමණය.
* ශරීරයෙහි ඇතිවිය හැකි අසාත්මිකතා නැති කර දැමීමට මෙම පලතුරට හැකිය.
* පිළිකා නැති කිරීමට උදව් වන නිසා මැංගුස් පලතුරක් ලෙස ආහාරයට ගැනීම උචිතය.
* ශරීරයෙහි බලය වඩවන නිසා මැංගුස් කෑම සුදුසුය.
* ශරීරයෙහි වේදනාවට අතපය වේදනාවට මැංගුස් කදිම ඖෂධයකි.
* ආතරයිටීස් රෝගයෙන් පෙළෙන්නන්ට මැංගුස් පලතුර ආහාරයට ගැනීමට බිය විය යුතු නොවේ.
* ස්ත්රීන්ගේ ඔසප් ගැටලුවලදී ගුණදායක බවක් මැංගුස් පලතුරෙන් ලැබේ.
* මානසික ආතතිය නිසා පීඩනයට පත්වූ අයට ඉන් මිදීමට නම් මැංගුස් පලතුර ආහාරයට ගන්න.
* විජලනය ඇතිවූ අවස්ථාවලදී එම තත්ත්වය මග හැරීමට විජලනය ඇතිවූ රෝගීන්ට දීමට වඩාත් සුදුසු පලතුරකි.
* නෙත්වල පෙනීම වැඩි දියුණු කරනා අතරම රාත්‍රියට නෙත්වලපෙනීම මද අයට මෙම පලතුර නිතර නිතර කෑමට ගැනීමෙන් හොඳ පෙනීමක් ලබා ගත හැකිය.
* විදුරුමස් වලින් ලේ ගලනා රෝගයෙන් පෙළෙන අයට එම ලේ ගැලීම නවත්වා ගැනීම සඳහා මැංගුස් කෑමට එකතු කර ගන්න.
* දත් වැඩීමට මෙන්ම අස්ථි ශක්තිමත් කිරීම සිදු කරයි.
* වෛරස් නැසීමේ ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
* මුත්‍රාශයේ ඇතිවිය හැකි රෝගවලට ගුණදායකය.
* අධික රුධිර පීඩනයට වඩාත් ගුණදායකය.
* හෘද රෝගවලට ගුණදායක බැවින් මැංගුස් පලතුර කෑමට ගෑනීමට ඔබ බිය නොවන්න.
මැංගුස්වල අහිතකර ගුණ
* මැංගුස් පලතුර නිතර නිතර ආහාරයට ගැනීමෙන් නිදිමත ගතිය වැඩිවිය හැක.
* නිතරම නින්ද යන තත්ත්වයක් ඔබට තිබේ නම් මැංගුස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටින්න.
* පිළිකා රෝගයට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අයට නුසුදුසුය.
* ගර්භණියන්ට ගර්භනී කාලයේදී කෑමට උචිත නොවේ.
* කිරි දෙන මව්වරුන්ට අහිතකර පලතුරකි.
තිලානි ශානිකා විතානාච්චි
මාත් ආසම පලතුරක්..... 