මැංගුස්_කමු

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ දවස්වල හැමතැනම තියෙන මැංගුස් කෑවොත් ඔයාට ලැබෙන දේවල් මෙන්න...

    manggis.jpg


    මේ දවස්වල තමයි මැංගුස් ගස්වලින් හොඳ ඵලදාවක් ගන්න කාලෙ. වෙළඳපොලට ගියත් පළතුරු වෙළඳ සැල්වල මැංගුස් ඕනෙ තරම්. ඒ නිසාම අද අපි මැංගුස් වල තියෙන පෝෂණ ගුණය වගේම තවත් ඔබ නොදන්නා කරුණු රැසක් ඔබට කියන්නට හිතුවා.

    ගාසිනියා මැංගුස්ටානා යන විද්‍යාත්මක නමින් හදුන්වන මැංගුස් නැගෙනහිර ඉන්දියානු දූපත්වල මලයාසියාව මව්බිම කර ගනිමින් වැඩුණු මෙම පලතුර අප රටට 1900 දී පමණ ගෙන එන්න ඇතැයි තොරතුරු වාර්තාවල සඳහන්ව ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් දක්වා වූ ප‍්‍රදේශවල සාරවත්ව වැඩෙයි. දොඩම් සඳහා බිබිලේ ප‍්‍රසිද්ධ මෙන් මැංගුස් කී පමණින් කළුතර දිස්ති‍්‍රක්කය ප‍්‍රසිද්ධත්වයට පත්ව ඇති අතර පාසල්වල කි‍්‍රකට් තරග පවා මැංගුස්ටින් සටන ලෙසින් නම් කර ඇත.මේ අයුරින් මලයාව, ජාවා, සුමාත‍්‍රා, ඉන්දියාව යනාදී රටවල ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත. තවද මිශ‍්‍ර වගාවක් වශයෙන් වගාකිරිමට විශේෂ හැකියාවක් මෙම ශාකයට ඇත. මහනුවර වට්ටාරන්තැන්න විශාල වශයෙන් මෙම ශාකය වගා කරනු ලබයි.

    මාලයාසියාව මැන්ගුස්ටා යනුවෙන්ද දෙමළ භාෂාවෙන් මැන්ගුස් කාබි යනුවෙන්ද හඳුන්වනු ලබයි. අප රට මැංගුස් ලෙසින් උච්චාරණය කරයි.මැංගුස් ගසේ ව්‍යාප්තිය බීජ මගින් සිදුවන අතර එක ගෙඩියක මදුළු පහක් හයක් හටගන්නා අතර ඒ හා සමානව බීජ ද වර්ධනය වේ. බීජයක් පැළවීමේ කාලය කෙටි බැවින් ඉක්මනින් තවාන් කිරීම කළ යුතු වේ. මෙහිදී පැළවීමේදී ප‍්‍රථමයෙන් මතුවන රතුපාට පත‍්‍ර දෙක ආරක්‍ෂා කළ යුතු වේ.මීටර් 10 යක් පමණ උසට වැඩෙන මෙම ශාකය කේතු ආකාර හැඩයෙන් යුක්ත ඉතා සවි ශක්තියෙන් යුතු ලීයකින් යුක්ත ශාකයකි. මෙම ලීය නිවාස සෑදීමට ගනු ලබයි. මෙහි ඵල දැරීමට වර්ෂ 10 – 12 ක් පමණ කාලයක් ගතවේ. මෙම ශාකයේ මල් හටගන්නා කාලයේ මල් සල්මලක් සේ ඈතට දිස්වේ. මෙහි විශේෂත්වය නම් මෙම මල් මැන්ගුස් ගෙඩිය කඩා ගැනීමට සුදුසු තත්ත්වයට පත්වන තුරු තිබීමයි. තවද කුඩා කල මැංගුස් ගෙඩිය කොළ පාට වන අතර මැංගුස් ගෙඩිය මෝරා කෑමට සුදුසු වන විට රතු පාට වී හොඳට ඉදුණු පසු කළුපාටට හුරු වේ.මෙහි මැංගුස් ගෙඩි කඩා ගැනීමට අතු පතර ගමන් කිරීමට පහසුවන අතර අතු ඉතා සවි ශක්තියෙන් යුක්ත වේ. ඉදෙන කාලයේදී කුරුල්ලන්ගෙන් හා ලේනුන්ගෙන් බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ. සුළු ව්‍යාපාරිකයන් හට ආදායම් ලබාදෙන දේශීය ආර්ථික භෝගයකි.

    මැංගුස්වලින් නීරෝගිමත් ජීවිතයකට ලැබෙන ප්‍රයෝජන

    01.ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය

    මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් හෘද වස්තුවේ රෝගවලට ගුණදායකය. එමෙන්ම පිලිකා නාශක ගුණයක් ද පවතී. එසේම වයස්ගත වීම අඩු කරන අතර කායික හා මානසික රෝග සදහා වඩාත් ගුණදායකය.

    02.අඩු කැලරි ප්‍රමාණය

    මැංගුස්වල අඩු කැලරි ප්‍රමාණයක් හා අඩු සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු නිසා ස්ථුල පුද්ගලයන්ට සුදුසු ය. එසේම එහි අඩංගු තන්තු නිසා සිරුරේ බර අඩු කර ගැනීමට ද දායක වේ.

    03.විටමින් සී

    මැංගුස්වල අඩංගු විටමින් සී වලින් පොහොසත් නිසා විෂ බීජ ආශ්‍රිත රෝග වැලදීම අඩු කරයි. එසේ ම එහි ඇති ප්‍රොලේට් නිසා ගර්භණි කාන්තාවන්ට සුදුසුය.

    04.රුධිර සංසරණයට

    මැංගුස්වල අඩංගු සංඝටක රතු රුධිරාණු වර්ධනය වැඩි කරන අතර රක්තහීනතාවය වලක්වයි. එසේම ලේ ගමනාගමනය වැඩි කරන අතර එමගින් අධිකොලෙස්ටරෝල්,හෘදයාබාධ ඇති රෝගීන්ට වඩාත් සුදුසු ය. එසේ ම ඇස්වල ලේ ගමනාගමනය වැඩි දියුණු කර පෙනීම පෙනීම වැඩි කිරීමටද උදවු වේ.

    05.කොලෙස්ටරෝල් අඩු කිරීම

    කොලෙස්ටරෝල් අඩු කිරීමට ඇති හැකියාව නිසා මනුෂ්‍ය හෘදයේ ක්‍රියාශීලිත්වය වැඩි කරයි.

    06.ටියුබකියුලෝසිස්

    මැංගුස්වල ඉහල ප්‍රතිබැක්ටීරියා නාශක හා ප්‍රතිදිලීර නාශක ගුණාංගයන් පවතින බැවින් ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. එබැවින් ටියුබකියුලෝසිස් රෝගීන්ට වඩාත් ගුණදායකය.

    07.පිලිකා මර්දනයට

    මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් පිලිකා හා හෘද වස්තුවේ රෝග සදහා වඩාත් ගුණදායක ය. එහි ඇති ඇන්ටි ඔක්සිඩන්ට් නිසා ශරීරයේ ඇති වන නිදහස් මුක්ත ඛණ්ඩ ප්‍රමාණය අඩු කර පිලිකා හා හෘද වස්තුවේ රෝග අඩු කර නිරෝගීභාවයට උදවු වේ.

    08.රුධිර පීඩනය අඩු කිරීම

    මැංගුස්වල බහුලව අඩංගු ඛණිජමය අයන වන කොපර්, මැග්නීසියම්, මැංගනස් හා පොටෑසියම් මගින් ආඝාතය හා හෘද කිරීට ආශ්‍රිත රෝගවලට එරෙහි ව ආරක්ෂාව සපයා රුධිරය ගලා යාමට පහසු කරවයි.

    09.ඇල්ෂයිමිර් රෝගය

    මැංගුස්වලින් ලැබෙන ප්‍රධානතම සෞඛ්‍යමය යහපතක් වනුයේ ඇල්ෂයිමිර් රෝගය සදහා ප්‍රතිකාරයක් වීමයි. මේ රෝගය සංකූලතාවය හා මතක තබා ගැනීමේ අපහසුතාවය හා අනුබද්ධ රෝග ලක්ෂණයකි.

    10.සමේ නිරෝගී පැවැත්මට

    මැංගුස්වල අඩංගු ප්‍රතිබැක්ටීරියාකාරක ගුණය නිසා මැංගුස් මගින් සමේ පෝෂණයට බෙහෙවින් දායක වේ. මුහුණේ කැලැල්, සමේ තෙල් ගතිය හා වියලි සමට මනා ප්‍රතිකාරයක් ලබා දෙයි. එමෙන් ම සෛල නිපදවීම උත්තේජනය කරයි.

    මැංගුස්වල ජලය ග්රෑම් 80.94ක්, ප්‍රෝටීන් ග්රෑම් 41ක්, මේදය ග්රෑම් 0.58ක්, කාබෝහයිඩ්‍රේට් ග්රෑම් 17.91ක් සහ තන්තුමය කොටස් ග්රෑම් 1.8ක් අඩංගු වෙනවා. ඒවාගේම මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන කැල්සියම් මිලි ග්රෑම් 12ක්, යකඩ මිලි ග්රෑම් 0.30ක්, මැග්නීසියම් මිලි ග්රෑම් 13ක්, පොස්පරස් මිලි ග්රෑම් 8ක්, පොටෑසියම් මිලි ග්රෑම් 48ක්, සෝඩියම් මිලි ග්රෑම් 7ක් සහ සින්ක් මිලි ග්රෑම් 0.21 ක් අන්තර්ගතයි.

    - අන්තර්ජාලය ඇසුරින් -

    (නෙත් නිව්ස්)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    ඕවගේ ඇතුල නරක් වෙලානේ ගොඩක් ගෙඩි වල .මේ ලඟදි 5 ගත්ත 2 ය් හොඳ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕවගේ ඇතුල නරක් වෙලානේ ගොඩක් ගෙඩි වල .මේ ලඟදි 5 ගත්ත 2 ය් හොඳ

    පොත්තයි උඩ කොළ පාට එහෙම බලලා ගනින්.අළුත් ඒවා තැලිලා නැහැ.උඩ ටික ලස්සන කොළ පාටට තියෙනවා.:yes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පොත්තයි උඩ කොළ පාට එහෙම බලලා ගනින්.අළුත් ඒවා තැලිලා නැහැ.උඩ ටික ලස්සන කොළ පාටට තියෙනවා.:yes:

    කොළ පාට අමු ඒවා නේ බන්...හොඳට ඉදුනු ඒවා දම් පාටට හුරු කළු පාටක් තියෙන්නේ..:D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    KOTA NIHAL:21905366 said:
    ඕවගේ ඇතුල නරක් වෙලානේ ගොඩක් ගෙඩි වල .මේ ලඟදි 5 ගත්ත 2 ය් හොඳ

    සමහර එවුන් කහට අල්ලපු ඒවටත් නරක් වෙලා කියනවා, ගෙඩි බිමට වැටුණාම පොත්තේ කහට අල්ලනවා