මැක්ලරන් ශී‍්‍ර ලංකා ඉනිම වනසයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මැක්ලරන් ශී‍්‍ර ලංකා ඉනිම වනසයි

අවසන් මොහොතේ මැක්ලරන් ශී‍්‍ර ලංකා ඉනිම වනසයි

ඩේල් ස්ටෙයින් තුවාල ලබා පිටියෙන් ඉවතට ගියද අවසන් මොහොතේදී ශී‍්‍ර ලංකා ඉනිම විනාශ කර දැමූ රයාන් මැක්ලරන්ගේ පන්දු යැවීම හේතුවෙන් දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද :9 වැනිදා- පැවැති දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 267 කට සීමා වියග


ඉනිම නිමා වීමට පන්දු 24 ක් ඉතිරිව තිබියදී කඩුලූ 5 කට ලකුණු 256 ක් ලබාසිටි ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තුව වූයේ 280 සීමාව පැනගැනීමයග ඒ සඳහා අවශ්‍ය තරම් කඩුලූ මෙන්ම පන්දුද ඉතිරිවී තිබුණත් 47 වැනි ඕවරයේදී එකම ලකුණක් පමණක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස්ල නුවන් කුලසේකර සහ අශාන් පි‍්‍රයන්ජන් යන තිදෙනාම දවාගත් මැක්ලරන් දකුණු අපි‍්‍රකානු පිල නැවතත් තරගයට කැඳවාගෙන ආවේයග


ශී‍්‍ර ලංකා ඉනිමේ අවසන් කඩුලූ 5 ම ලකුණු 11 කට බිඳවැටුණු අතර ඕවර 8 කදී ලකුණු 44 ක් පූජා කර තිබුණු මැක්ලරන් ඉනිම අවසන් කළේ ඕවර 10 කදී ලකුණු 48 කට කඩුලූ 4 ක් ලෙසිනිග මැක්ලරන් විසින් 47 සහ 49 වැනි ඕවර වලදී ලකුණු 4 කට කඩුලූ 4 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දැමීයග


පන්දු 90 කින් ලකුණු 86 ක් ලබා ගත් ඩිල්ෂාන් දැවී ගිය නමුත් මහේල ජයවර්ධන සහ නායක ඇන්ජලෝ මැතිව්ස් එක්ව මුලූ ලකුණු සංඛ්‍යාව 207 දක්වා ඉහළ දැමූහග පිතිකරුවන්ගේ ප‍්‍රහාරක ඕවර 5 දී තම කඩුලූ රැුකගනිමින් ලකුණු 33 ක් ලබාගැනීමට මෙම පිතිකරුවෝ දෙදෙනා සමත් වූ බැවින් 40 වැනි ඕවරය වන විටත් කඩුලූ 6 ක් අතැතිව තිබිණග


මහේල ජයවර්ධන ලකුණු 5 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත්තේ යයි ඉම්රාන් තහීර් කළ ඉල්ලීමක් විනිසුරු රුචිර පල්ලියගුරු මහතා විසින් අනුමත කරන ලදිග එහෙත් ලකුණ සම්පූර්ණ නොකරම විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදයේ සහාය ඉල්ලා සිටි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා තවදුරටත් පිටියේ රැුඳී සිටීමට තමන්ට අවසර තිබෙන බව සනාථ කරගත්තේයග


මෙම අවස්ථාවේදී මහේලගේ පිත්තේ පන්දුව වැදුණ හෙයින් ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදින් මිදුණ නමුත් හතරේ සීමාවට ගිය පන්දුව වෙනුවෙන් මහේලට ලකුණු 4 ක් නොලැබිණග විනිසුරුවරයා විසින් දැවීයාම ප‍්‍රකාශයට පත්කිරීම නිසා දකුණු අපි‍්‍රකානුවෝ පන්දුව පසුපස යාම අතහැර දැමූහග


කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් අතර සම්බන්ධතා ගොඩනැෙ`ගද්දී දකුණු අපි‍්‍රකානුවන් තරමක් කලබලයට පත්ව සිටි බවක් දක්නා ලදිග තරගයේ 10 වැනි ඕවරය නිමා වීමටත් මත්තෙන් දකුණු අපි‍්‍රකානු නායකයා පන්දු යවන්නන් පස්දෙනකුගේ සේවය ලබාගත් නමුත් ඕවර 40 කදී ඔහුට දවාගත හැකිවූයේ කඩුලූ 4 ක් පමණිග කුසල් ජනිත් සහ සංගක්කාර දෙදෙනාම දැවී ගියේ දෙගිඩියාවෙන් යුතුව තමන්ගේ පහර ගැසීමට යාම හේතුවෙනිග


ඩිල්ෂාන් මෙම කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ එක්දින තරග 11 කදී ලකුණු 768 ක් රැුස්කරගෙන ඇති අතර මෙම කී‍්‍රඩාංගණයේදී ඔහුගේ එක්දින ඉනිමක සාමාන්‍යය ලකුණු 96ග00 කිග එම ඉනිම 11 දී ශතක 5 ක් සහ අර්ධ ශතකයක් :86ෆ ලබාගැනීමටද ඩිල්ෂාන් සමත් වී තිබේග


වර්නන් ෆිලැන්ඩර් සහ ඬේල් ස්ටෙයින් දෙදෙනා විසින් යවන ලද මුල් ඕවර දෙකේදී ලකුණු 18 ක් උදුරාගත් ඩිල්ෂාන් සහ කුසල් ජනිත් දෙදෙනාගෙන් කුසල් ජනිත්ගේ ඉනිම ලකුණු 7 කට සීමා කිරීමට ෆිලැන්ඩර් සමත් වියග සංගක්කාරද පන්දු 9 කට මුහුණ දීමෙන් පසුව ලකුණු 7 කට දැවී ගියත් දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් ගල ග‍්‍රහයෙන් ගත් ඩිල්ෂාන් පන්දු 40 කදී සිය 37 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේ විදුලි වේගයෙන් හතරේ සීමාව පසුකර ගිය පහර 8 කින් නරඹන්නන් කුල්මත් කරමිනිග


ඬේල් ස්ටෙයින් හමුවේ ඩිල්ෂාන් ගැසූ වේගවත් ස්ටේ‍්‍රට් ඩ‍්‍රයිව් පහරකින් මුහුණ බේරා ගැනීමට ගත් උත්සාහයේදී අත තුවාල කරගැනීම නිසා ස්ටෙයින් පන්දු යැවීම නවතා ආපසු කී‍්‍රඩාගාරයට ගියේයග ස්ටෙයින්ගේ ඕවරයේ ඉතිරි පන්දු 4 යැවීමට පැමිණි ජේග පීග ඩුමිනිගෙන් ලකුණු 10 ක් උදුරා ගැනීමට ඩිල්ෂාන් පසුබට නොවීයග


ඩේල් ස්ටෙයින්ගේ අතේ එක්ස් කිරණ වාර්තාවක් ලබාගැනීම සඳහා ඔහු රෝහලට යවන ලද අතර එහි අස්ථි පිපිරීමක් නැතැයි වෛද්‍ය වාර්තා වලින් කියැවිණග
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර දෙපිලම පළමු එක්දින තරගයේදී කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන්ම මෙම තරගය සඳහාත් කැඳවා තිබිණ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එළ එළ අපේ කොල්ලන්ට ජය වේවා!

Flag_Sri_Lanka.gif
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අම්මට උඩු. අපේ ස්පිනර්ස් ලා උන්ව අඹරලා දාල නේද?

රමපෝශා ගෙන් සමපෝශ ඉල්ලන් අඹරලා කාලා වරෙලා උඹලා ලoකාවට එනවා නම්. :rofl: