ගැමා කිරණ පිපිරීම් සිදුවන්නේ කලු කුහර නිසා ද?
ගැමා කිරණ පිපිරුමක් යනු අධිශක්ති කිරණ විහිදෙන පිපිරීමක් වන අතර මෙය න්‍යෂ්ටික පිපිරුමකට සමාන කල හැකි වුවත් ඊට වඩා දහස්ගුණයකින් ප්‍රබල ය. අධිස්කන්ධ තරුවක අවසානයේදී ගැමා කිරණ පිපිරුමක් සිදුවිය හැකි අතර එහිදී අධි ශක්ති ප්ලාස්මා ජෙට් පිටවේ.
මෙම සිදුවීමට හේතුව ලෙස විශ්වාස කරන්නේ කලු කුහරයක මධ්‍යයේ පදාර්ථ තැටියක ඇති ප්ලාස්මා, නියුට්‍රිනෝ නිසා රත් වීමෙන් ඇති වන ප්ලාස්මා ජෙට් ය.
ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ ගණිතඥයින් විසින් කරන ලද පරීක්ෂණයකින් හෙලි වන්නේ නවතම න්‍යායකි. ඔවුන් පවසන අන්දමට මෙම ජෙට් ඇතිවන්නේ සෘජුවම කලුකුහරය තුලිනි. ඔවුන්ගේ මෙම නව කල්පිතය ගොඩනගා ඇත්තේ ස්විෆ්ට් දුරේක්ෂය විසින් කරන ලද නවතම සොයාගැනීම් අනුව ය. ඒ අනුව මෙම ජෙට් තප්පර 10,00ක් පමණ වේලාවක් එනම් නියුට්‍රිනෝ කල්පිතයේ කියවෙනවටෙ වඩා වැඩි වේලාවක් ක්‍රියාත්මක වේ. මෙම කල්පිතයට අනුව එහිදී පුපුරා යන තරුව ඉතා වේගයෙන් භ්‍රමණය විය යුතුය. මෙහිදී තවත් ආකාරයක් වන්නේ ද්විත්ව තරු පද්ධතියකදී එක් තරුවක් කලුකුහරයක්ව පවතින අවස්ථාවකි. කලුකුහරය විසින් තරුව ගිලගනිමින් සිටින විට මෙම ගැමාකිරණ පිටවන බව මෙහිදී කියැවෙයි. තවද නියුට්‍රිනෝ ආකෘතියට විසඳීමට නොහැකි වූ දීර්ඝ ගැමාකිරණ පිපිරුම් මෙම නව චුම්බක ආකෘතියට විසඳිය හැකි බව ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කොමිසරොව් ප්‍රකාශ කරයි.
අඟහරුගේ වායුගෝලය ක්‍රමයෙන් ක්ෂය වේ
සූර්ය සුළඟ නිසා අඟහරුගේ වායුගෝලය ක්‍රමයෙන් ක්ෂය වන බව විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇත. මෙම නිගමනය සඳහා පිවිසීමට සූර්ය සුළං දත්ත සහ චන්ද්‍රිකා නිරීක්ෂණ යොදාගත් බව පර්යේෂණ කණ්ඩායම තව දුරටත් පවසයි.
මෙහිදී ඔවුන් සෙයාගත් අනෙක් කරුණ වන්නේ අඟහරු වායුගෝලය ඒකාකාරී වේගයකින් ක්ෂය නොවන වගයි. සැබැවින්ම එය සිදුවන්නේ කඩින් කඩ ඇති වන ක්ෂණික පිපිරුම් (burst) වලිණි.
සූර්යයාගෙන් නිකුත් වන අධි වේගී සූර්යසුළං වේගයෙන් අඩු සුළං හා ගැටුණු විට පීඩනය අධික ස්පන්ධනයක් ඇති වේ. මෙම ස්පන්ධන අඟහරු හරහා ගමන් කරන විට අඟහරුගේ වායුගෝලයෙන් කොටසක් අභ්‍යවකාශයට මුදා හැරේ. මෙම අවස්ථා corotating interaction regions (CIRs) ලෙස හඳුන්වයි.
CIR පවතින අවස්ථාවලදී අඟහරුගේ වායුගෝලය ක්ෂය වන වේගය අන් අවස්ථා වලට වඩා 2.5ගුණයකින් ඉහල ය. මෙම පර්යේෂණය හරහා අඟහරුගේ වායුගෝලය වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට හැකිවී ඇත. මෙවන් සිදුවීමක් පෘථිවියෙහි දක්නට නැත්තේ අඟහරුට වඩා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් පෘථිවිය සතුව පැවතීම ය. මෙම පර්යේෂණය සිදුකරන ලද්දේ සූර්ය සුළං අවම කාලයක් තුලදී වන අතර සූර්ය සුළං වැඩි වන කාලයේදී වායුගෝලය ක්ෂය වීම තවත් ප්‍රබල ලෙස දක්නට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
අඟහරුගේ උතුරු ධ්‍රැවයේ ප්‍රධාන රහසක් හෙළි වේ.
පසුගිය සතියේ *** වෙබ් අඩවියේ පසුබිම් ඡායාරූපය ලෙස අඟහරුගේ කස්මා බොරියෙල් ප්‍රදේශයේ ඡායාරූපයක් පළවූ බව ඔබට මතක ඇති.

අඟහරුගේ උතුරු ධ්‍රැවයේ ඇති අයිස් තට්ටුවෙහි විශාල පැළිමක් දක්නට ඇති අතර එම අගාධය ඇමරිකාවේ ග්‍රෑන්ඩ් කැනියන් ප්‍රදේශයටත් වඩා විශාල ය. මෙහි ඇති තවත් විශේෂතාවක් වන්නේ සුළි ආකාරයට පිහිටන රටාවන් ය.
පෘථිවියේදී විශාල අයිස් තට්ටුවල හැඩ ඇතිවන්නේ අයිස් ගමනාගමනය අනුව ය. එහෙත් අඟහරු මතදී වෙනත් හේතු අයිස් තට්ටු වල හැඩ ඇති කිරීමට බලපා ඇති බව විද්‍යාඥයින් පවසයි. අඟහරුගේ උතුරු අයිස් තට්ටුව වසර ගණනාවක් පුරා ධූවිලි සහ අයිස් තැන්පත් වීමෙන් සෑදුනු කි.මී 3ක් පමණ ගැඹුරැති ප්‍රදේශයකි. රේඩාර් තරංග භාවිතා කරමින් අයිස් තට්ටුව කාලයක් සමඟ වර්ධනය වූ ආකාරය පිළිබඳව තොරතුරු ලබාගත හැකි ය.

උතුරු අයිස් තට්ටුවේ ඇති එක් විශේෂතාවක් වන්නේ කස්මා බොරියෙල් ආගාධය යි. මෙය ඇති වූ බවට කලින් තිබූ මතය වන්නේ ගිණි කඳු ක්‍රියාකාරීත්වයේදී ලාවා ගලායාම් බවයි. අනෙක් ලක්ෂණය වන සර්පිලාකාර සූලි ආකාර රටාවට හේතුව ලෙස විවිධ මත පලවිය. ඉන් එකක් නම් ධ්‍රැවයට සමීප අයිස් වලට වඩා වේගයෙන් ධ්‍රැවයෙන් දුර ඇති අයිස් භ්‍රමණය වීම නිසා සම්පූර්ණයෙන්ම ඝන නොවූ අයිස් පුපුරා යන බවයි. තවත් විද්‍යාඥයින් මෙම සිදුවීම පැහැදිලි කිරීමට විවිධ ගණිත සමීකරණ පවා ඉදිරිපත් කලෝ ය.
නව මතය අනුව මෙම සියල්ලටම හේතුව වන්නේ සුළං ය. අයිස් තට්ටු රේඩාර් භාවිතයෙන් නිරීක්ෂණය කිරීමෙන් අඟහරු මත අතීතයේ පැවති කාලගුණ විපර්යාසයන් පිළිබඳව අවබෝධ කර ගත හැකි වූ අතර මේ හරහා මෙවන් නිගමනයන්ට එලඹීමට හැකිවූ බව පර්යේෂකයින් පවසයි.
අඟහරුගේ උතුරු ධ්‍රැවයේ ඇතිවන කාටා සුළං (katabatic winds) ධ්‍රැව ප්‍රදේශවල සිට සමක ප්‍රදේශවලට පැමිණෙන අතර අඟහරුගේ භ්‍රමණය නිසා ඇතිවන කොරියෝලිස් බලය (Coriolis force) නිසා මෙම සුළං පසකට හැරවීමක් සිදුවේ. පෘථිවිය මතදී සුළි සුළං විරුද්ධ අර්ධගෝල වලදී විරුද්ධ දිශාවන්ට භ්‍රමණය වීමට බලපාන්නේද මෙම බලය යි. මෙම ක්‍රමයට අඟහරුගේ සර්පිලාකාර අයිස් ධ්‍රැව ඇති වන බව නව මතය අනුව පැහැදිළි වේ.