ජිවිතේ නැගිටින්න බලපන් ඉන්න ටික කාලෙත් මැරෙන්න ට්‍රය් කරන්නේ නැතුව කොහොමත් මැරෙනවානේ
එක හිතේ තියාගෙන ඉන්න කාලේ පිනක් දහමක් කරලා ඊලග ආත්මෙවත් ගොඩ යන්න විදිහට වැඩක් කරපන්
හිතට අවුලක් එනකොට මැරෙන්න හිතෙනකොට පලයන් පන්සලට ගිහින් හාමුදුරුවෝ එක්ක ටිකක් කතා කරපන්
මලක් පුජා කරපන් පහනක් පත්තු කරපන්
බොඩිය දිහා බලන් ඉදපන් ටිකක් වෙලාහිත නිකන්ම සන්සුන් වෙලා යනවා
උබට උදව් ඕනේ නම් උබේ විස්තර දාපන් මෙතන පින්ටුර්යක් එක්ක
කොල්ලෝ ඉන්නවා ගොඩක් උදව් කරන්න පුළුවන්
සෝමේ ගේ වකුගඩු කෙස් එකට සැහෙන්න දෙනෙක් මේකේ උදව් කළා
සෝමෙට මාසෙට ගානක් දීපු කොල්ලෝ පවා හිටිය
සෝමේ දැන් ඔප්ර්සෙන් කරලා හොදින් ඉන්නවා එක ගොඩක් උදව් කළා මේ එළකිරි කොල්ලෝ
මමත් ඔය ටිකම මේකට කිවුවා මචං. ඒත් මේකා කිසිම දේකට ඉදිරිපත් වෙන්නේ නෑ. මේක මහලොකු ලෙඩක් වෙන්න බැහැ. එහෙමනම් මෙතන පෝස්ට් දදා ඉන්න විදිහක් නැහැ. මට පේන විදිහට සමාජ සංස්කෘතික භීතිකාවක් වගේ දෙයක් තියෙනවා අපේක්ෂා භංගත්වයත් එක්ක. මොන දේ උනත් මූ අවංකව ඉදිරියට ඇවිත් කතා කරනවනම් අපිට උදව් කරන්න පුලුවන්.
මේ වැඩෙන් වෙන්නේ මෙයාගේ එලොවත් මෙලොවත් දෙකම පිරිහෙන එකයි. උදව් කරන්න සෙට් එක ඉන්දිත් උදව් ගන්නේ නැතුව වලට යනවා කියන්නේ කරැමේ තමයි ඉතිං.